Onama Deyak - ඕනම දෙයක් - Anything

  • Home
  • Onama Deyak - ඕනම දෙයක් - Anything

Onama Deyak - ඕනම දෙයක් - Anything ඔබට අවශ්‍ය ඕනම දෙයක්...

18/02/2021

❤️

16/02/2021
04/01/2021

Richard Branson දවසක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් එක්ක තිබ්බ interview එකකදි ඒ ශිෂ්‍යයා විමසනවා ඔබ කොහොමද හරියට Business වලදි Risk ගන්නේ කියලා. එතකොට branson, check පොතක් අරගෙන $50,000 ක check එකක් ලියලා ශිෂ්‍යයාට ඒක දෙනවා. දීලා ඒ ශිෂ්‍යයාට මෙහෙම කියනවා, මම දැන් කාසියක් උඩ දානවා. ඔයා ඒ ගැන නිවැරදි පිලිතුර දුන්නොත් මම මේ මුදල වගේ දෙගුනයක check එකක් ඔයාට ලියලා දෙනවා. හැබැයි ඔයා පැරදුනොත් මම මේ check එක ආයේ ගන්නවා කියලා. එහෙමත් නැත්නම් ඔයාට මේ සල්ලි ටික අරගෙන අයින් වෙන්න පුලුවන් කියලා. ඔයා මොකක්ද ගන්න decision එක කියලා richard branson අහන්වා. ඒ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියනවා කමක් නෑ අපි toss එක උඩ දාල බලමු කියලා. Toss එක දානවා හැබයි ඒ ශිෂ්‍යයා toss එකෙන් පරදිනවා, Richard Branson දීපු check එක ආයෙ අරගන්නවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයට ඒ මුදල අහිමි වෙන්වා. ඊට පස්සේ branson, නිවැරදිව risk ගන්න එක ගැන පැහැදිලි කරලා දෙනවා.

ජිවීතේ නැත්නම් Business වලදී ගන්න හැම risk එකක්ම කලින් calculate කරලා බලන්න ඕනේ. ඔයාට ලැබුන $50000 ඔයා risk කරේ toss එකක් දාන එකකට, ඒ කියන්නේ දිනන්න 50% ක් chance තියෙන එකකට. ඒක වැරදී. Business එකකදි risk ගනිද්දී gut feelings වලට decision ගන්න එක වැරදී. Investment එකක් කරද්දී නැතනම් risk එකක් ගනිද්දී ඒක සාර්ථක වීමේ සම්භාවිතාව කීයද කියලා බලන්න වෙනවා. ඒක 100% ආසන්න වෙන තරමට තමා තමා ඒ risk එක ගන්න හොද. අනිත් එක ඔබ තවත් $50000 ක් හොයන්න $50000 ක මුදලක්ම risk කරනවා. ඒකත් වැරදි දෙයක් කියන එක richard branson ඒ ශිෂ්‍යයාට පැහැදිලි කරලා දෙනවා.

Business කියන්නේ නම් gut feelings එක්ක කරලා සාර්ථක වෙන්න පුලුවන් දෙයක් නෙමේ. Business වලදී ගන්න හැම Decision එකක්ම Logical වෙන්න ඕනේ. තමන් වැඩ්ඩෙක් කියලා හිතලා තමන් ගන්න හැම තීරණයක්ම හරි කියලා හිතන්න එපා. Companies ලක්ශ ගනන් වියදම් කරලා Business , Marketing Resarch කරන්නේ මේ නිවැරදිව Risk කලමණාකරනය කරගන්නයි.

By; Yasas Kariyawasam

14/09/2020

ඔයා ඔයාගේ සිහින ටිකත් එක්ක ඔයාගේ ඉලක්ක ඉටු කරගන්න යන ගමනේදී,

මේ දේවල් වලට මුහුණදෙන්න සිදුවේවි ඉලක්ක ඉටු කරගන්න අවශ්‍ය නම් මේ කිසිම දෙයක් නිසා ඔයාගේ ගමන අත් හරින්න එපා..

• නොදන්නාකම නිසා නොකරපු දෙයක් නිසා ඔයා තුලින්ම එන බය,
• ඔයා ඉන්න ඕනේ මෙහෙමයි මේක කරන්න එපා අරක කරන්න එපා කියන ඔයාගේ නෑදෑයෝ,
• තනියම ගමන යද්දී විශ්වාසය අඩු වෙන නිසා එන සැකය ,
• ඔයා කරන දේ කරන්න ඔයාට බෑ කියන ඔයාගේම යාළුවෝ,
• ඔයාට මුහුණදෙන්න වෙන ප්‍රතික්ෂේපවීම්,
• ඔයාව වහලෙක් කරගෙනම තියන් එයාගේ සිහින වෙනුවෙන් ඔයාව පාවිච්චි කරන්න හදන ඔයාගේ ආයතන ප්‍රධානියා,
• නොගිය ගමනක් යන නිසා ඔයා අතින් වෙන වැරදි ,
• 97%ක්ම සාර්ථක වෙලා නැති මිනිසුන් පිරි බහුතර සමාජය,
• ඔයාට වෛරකරන අය ,
• හැමදේ ගැනම අශුභවාදී මත දරන්නන් ( ඍණාත්මක පුද්ගලයින් )

වැනි විවිධ අභොයෝගයන්ට ඔයාට යන ගමනේදී මුහුණදීමට වේවි..

දිනන්න ඕනේ නම් මේ කිසිම දෙයක් ඔයාගේ ගමනට බාධා කර නොගෙන ඔයාගේ අරමුණට ඉලක්කයට යොමුවෙලා ඒ වෙනුවෙන්ම මහන්සි වෙලා වැඩ කරන්න..

ඔබට ජය..

𝐍𝐄𝐌𝐏𝐑𝐎
𝑾𝒆 𝒈𝒖𝒊𝒅𝒆 𝒚𝒐𝒖 𝒕𝒐 𝒍𝒆𝒂𝒑 𝒐𝒇 𝒔𝒖𝒄𝒄𝒆𝒔𝒔

23/08/2020

"Do what most won't so you may live A life like most can't"
සම්පූර්ණ ලිපිය කියවන්න...

හැම කෙනෙක්ම ආසයි සතුටින් ජීවත්වෙන්න ගොඩක් අයට තමන් සිහින මවන තමන් ආස කරන ජීවන රටාවක් තියෙනවා...
ගොඩක් අය ආස උනත් ගොඩක් අය සිහින මැවුවත් ඒ තැනට යන්නේ අතලොස්සක් දෙනා පමණයි.

ඒ ඇයි කියලා අපි බැලුවොත් ඒකට ප්‍රභලම හේතුව තමා ආසාව තිබුනත් ඒ වෙනුවෙන් අවශ්‍ය මිල ගෙවන්න මිනිස්සු කැමති නෑ...

මොකක්ද ඔබ සාර්ථකත්වය වෙනුවෙන් ගෙවිය යුතු මිල ?

සාර්ථක වෙන්න විශාල මිලක් ගෙවන්න වෙනවා..

වරදවා හිතන්න එපා මේ කියන්නේ මුදල් ගැන නම් නෙවෙයි..

සාර්ථකත්වය වෙනුවෙන් හැමෝම මිලක් ගෙවිය යුතුයි..

අභියෝග වලට මුහුණදීම් , ප්‍රතික්ෂේප වීම්, නින්ද නොමැති රාත්‍රීන්, බඩගින්න, ආර්ථික අපහසුකම්, ප්‍රියයන්ගේ හැරයාම්, බිඳ වැටීම්, විවේචන , නින්දා අපහාස , අලාභ, වැනි බොහෝ දේ වලට සාර්ථක වෙන ගමනේදී මුහුණ දෙන්න වෙනවා

ඒ තමා ඔයා සාර්ථකත්වය වෙනුවෙන් ගෙවිය යුතු මිල

97%ක්ම සාර්ථක නොවූ මිනිසුන්ගෙන් පිරි ලෝකෙක 3%ක් වූ සාර්ථක පිරිස අතරට යනවා කියන එක යුද්ධයක්...
හැමෝම වගේ ඉඳලා ආතල් එකේ ෆන් එකේ එතෙන්ට යන්න බෑ..
ඔයාට කැපවෙන්න, මහන්සිවෙන්න, වේදනාව දරාගෙන ඉන්න, ඉවසන්න වෙනවා..

මේ දේවල් ඔයාට වෙද්දිත් එක දිගටම ඔයා කරන දේ අත් නොහැර කරන්නත් වෙනවා ..

ඒ නිසයි කියන්නේ අනික් අයට බැරි විදියකට ඔයාට ජීවත් වෙන්න ඕනේ නම් හැමෝම නොකරපු දේවල් ඔයාට කරන්න වෙනවා..

ඒ නිසා ඔයාට මේ වෙලාවේ මේ දේවල් වෙනවනම් මේ මිල ඔයාට ගෙවන්න වෙලා නම් සතුටින් ඒක ගෙවන්න.. ඒ දේවල් නිසා යන ගමන අත් හරින්න එපා..
ඒ දේවල් වලට සතුටින් මුහුණ දෙන්න..

ඔය මිල ගෙවන ගෙවන වාරයක් පාසා සාර්ථකත්වය වෙනුවෙන් ඔයාව සූදානම් වෙනවා ඒක තමා ඇත්ත..

පෙන්දොන්ට පඟර නැට්ටොන්ට සාර්ථක වෙන්න බෑ..
ප්‍රභල මානසික හයියක් තියෙන කෙනෙක් විතරයි දිනන්නේ...

ඔයා සාර්ථකත්වය වෙනුවෙන් කරන මේ යුද්ධයේදී මිල ගෙවන හැම තප්පරේම ඔයාගේ මනස ශක්තිමත් වෙනවා...

දිනන්න අවශ්‍ය ඒ මානසිකත්වය ඔයා තුල නිර්මාණය වෙනවා...

කවුරුත් නොකරපු දේ කරන්න බය වෙන්න එපා..
වරදියි යම් යම් දැන් වලදී අසාර්ථකවීම් වලට මුහුණ දෙන්න වෙයි..
ඔයා නොදන්න කලින් නොකරපු දෙයක් කරද්දී ඒක සාමාන්‍ය දෙයක්..

හැමෝගෙන්ම උපදෙස් ගන්න එක නවත්වන්න..
සාර්ථක මිනිස්සු ඇසුරු කරන්න...

සාර්ථක වෙන එක පහසු නම් හැමෝම සාර්ථක වෙලා තියෙන්න ඕනේ..

"කාගෙහරි ලඟ රැකියාවක් කරන කෙනෙක් වෙන්න හැමෝටම පුළුවන් නමුත් ලොකු පිරිසකට රැකියා උත්පාදනය කරන කෙනෙක් වෙන්න හැම කෙනෙක්ටම බෑ.."...

හැමෝම කරන දේ කරන්න ලේසි වෙන්න පුළුවන් නමුත් ඒ දේ විතරක් කරොත් ඔයාට වෙන්නේත් ඒ හැමෝම වගේ ජීවත්වෙන්න..
එතනින් එහා තැනකට යන්න නම් ඔයා අනිවාරියෙන්ම ඒ අය කරපු දේට වඩා දෙයක් කරන්න වෙනවා.. ඒ අය නොකරපු ගොඩක් දේවල් ඔයා කරන්නම වෙනවා..

ජොබ් එකකට ගිහින් උදේ 8 ඉඳලා 5 වෙනකන් වැඩ කරලා සෙනසුරාදා ඉරිදා දවස් දෙක ගෙදරට වෙලා ෆුල් චූන් එකේ ඉඳලා කසාද බැඳලා ළමයි හදන් පුළුවන් විදියට ගෙයක් හදාගෙන පොඩි වාහන කට්ටක් අරගෙන ජීව්ත කාලෙම තව කෙනෙක් යටතේ හැමදම වැඩ කරන්න විතරක් නම් ඔයාට ඕනේ..
ප්‍රශ්නයක් ඔයාටත් හැමෝම වගේ ඉන්න පුළුවන්..

ඒත් මන් මේ කථා කරන්නේ එතනින් එහාට යන්න හිතන කෙනාට,
සමාවෙන්න ඔයාට ජීව්තේ යම් කාලයක් කැපවෙන්න වෙයි ලොකු මිලක් ගෙවන්න වෙයි..
ඒ වෙනුවෙන් සූදානම් වෙන්න..
අනික් අය ආතල් ගද්දීත් ඔයා වැඩ කරන්න..
අමතර කාලයේ ඔයාගේ දෙයක් ශක්තිමත්ව ගොඩනගන්න..
නිදි මරන් හරි වැඩ කරන්න..
නොකා නොබී හරි තමන්ගේ වැඩේ කරන්න..
අභියෝග එයි මුහුණදෙන්න,
මිනිස්සු ඔයාව සමහර තැන් වලදී ප්‍රතික්ෂේප කරයි ඔයාට විවේචනය කරයි ඔයාව පහළට දාලා කඨා කරයි ඔයාට ඔයා කරන දේ කරන්න බෑ කියයි..

ඒත් මතක තියාගන්න ඔයා යන්නේ දිනන්න..
ඔයා වැඩ කරන්නේ ලොකු අරමුණකට
දවසක ඒ හැමෝම ඔයා ගැන කථා කරයි..සමහරු ඔයා ලඟම රැකියා හොයාගෙන එයි .
යන තැන දැකලා වැඩ කරන්න..
අද ඉන්න තැන ගැන ඊයේ හිටපු තැන ගැන හිතලා වැඩක් නෑ...

සාර්ථක වෙන්න තීරණයක් ගන්න...
දවසක ඔයාගේ සිහින වලට යන්න ඔයාට පුළුවන්

තනියම ඔයාම මේ මිල ගෙවන්න වෙනවා..
මේ ලිපිය ඒ ඔයාට හයියක් වේවි..
ඔයා මනසින් වැටෙන හැම වෙලාවකම මේ දේ ඔයාට මතක් වෙයි.
ඒ වැටෙන හැම වෙලාවකම නැගිටින්න මොකද සාර්ථක වෙන්න යන ගමනෙදී ඔයාව නැගිට්ට්වන්න් කවුරුත් නෑ ඔයා විතරමයි ඉන්නේ..
එදාට ඔයාට මේ වචන නිසැකවම ඔයා යන ගමනට හයියක් ශක්තියක් වේවි...

✍️ Shehan Sachith Udhara
𝐍𝐄𝐌𝐏𝐑𝐎
𝑾𝒆 𝒈𝒖𝒊𝒅𝒆 𝒚𝒐𝒖 𝒕𝒐 𝒍𝒆𝒂𝒑 𝒐𝒇 𝒔𝒖𝒄𝒄𝒆𝒔𝒔

𝙒𝙚 𝙖𝙧𝙚 𝙚𝙢𝙥𝙤𝙬𝙚𝙧𝙞𝙣𝙜 𝙚𝙣𝙩𝙧𝙚𝙥𝙧𝙚𝙣𝙚𝙪𝙧𝙨𝙝𝙞𝙥
Message NEMPRO on WhatsApp. https://wa.me/message/6BKSLCZR47URI1

𝗝𝗼𝗶𝗻 𝘄𝗶𝘁𝗵 𝗼𝘂𝗿 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗚𝗿𝗼𝘂𝗽
https://www.facebook.com/groups/2151323208237860/?ref=share

𝙒𝙚 𝙖𝙧𝙚 𝙤𝙣 𝙄𝙣𝙨𝙩𝙖𝙜𝙧𝙖𝙢
https://instagram.com/nempro_in?igshid=1q5gnw7n8jd7z

20/08/2020

සාර්ථකත්වයට ඔබේ ක්‍රියාකාරකම් වලටත් වඩා ප්‍රභලවම බලපානුයේ ඔබේ මානසිකත්වයයි.

සාර්ථකත්වයට හඹා යන පුද්ගලයාට සමාවට කාරණා නැත !

08/08/2020

𝕀𝕗 𝕪𝕠𝕦 𝕙𝕒𝕧𝕖 𝕥𝕙𝕒𝕥 𝔻𝕣𝕖𝕒𝕞 , 𝕎𝕖 𝕙𝕒𝕧𝕖 𝕒 𝕨𝕒𝕪
𝐍𝐄𝐌𝐏𝐑𝐎 𝑾𝒆 𝒈𝒖𝒊𝒅𝒆 𝒚𝒐𝒖 𝒕𝒐 𝒍𝒆𝒂𝒑 𝒐𝒇 𝒔𝒖𝒄𝒄𝒆𝒔𝒔

04/08/2020

ධනවත් වෙන්න අවශ්‍ය නම්, මාසික වියදමට වැඩි මුදලක් උපයන්න නම් ඔබට වෙනවා රැකියාවට අමතරව තව දෙයක් කරන්න...

මුදල් ඉතිරි කරා කියලා පමණක්ම ධනවත් වෙන්න බෑ. ඒ ඔයා රවට්ටන්න කියන කථාවක්.. එහෙම කියන්න හේතුව ඔය ඉතිරි කරපු මුදල් හදිස්සියක් උනොත් ඔයා අතින් වියදම් වෙනවා.. මුදල් ඉතිරි කරන්න එපා නෙවෙයි මේ කියන්නේ ඒක ප්‍රමාණවත් මදි...
උපයන මුදල් ප්‍රමාණය වැඩි කරන එක තමා ධනවත් වීමේ රහස..

ඔබට සාර්ථක වෙන්න අවශ්‍ය නම් "එක් ආදායමක් මත පමණක් රැඳෙන්න එපා" කියලා ලෝකයේ දක්ෂම ආයෝජකයෙක් ව්‍යවසායකයෙක් වන වොරන් බෆට් එක වෙලාවක කියනවා..

“Never depend on single income. Make investment to create a second source”. - Warren Buffet

ඔබ උපයන මුදල් අනවශ්‍ය දේ වලට අනවශ්‍ය මිලදී ගන්න වියදම් කරලා නාස්ති කරන්නත් එපා..එහෙම උනොත් ඔයාට පසුතැවෙන්න වෙනවා.. ඒ ගැනත් වොරන් බෆට් කියලා තියෙනවා,

“If you buy things you do not need, soon you will have to sell things you need”. - Warren Buffet ...

ඔබට අනවශ්‍ය දේ ඔබ මිලදී ගන්න පෙලඹුනොත් ඉක්මනින්ම අවශ්‍ය දේවල් ඔබට විකුනන්න සිදුවේවි...
ඒ වගේම මුදල් ගොඩක් ඔයා උපයනවා කියලත් ධනවත් වෙන්න බෑ...

ඔයා ඒ මුදල් හරි විදියට ආයෝජනය කරන්න ඕනේ... මුදල් ආයෝජනය කරනවා කියලා සියළුම මුදල් එක දේකට විතරක් ආයෝජනය කරලා ඔයාට සාර්ථක වෙන්නත් බෑ.. එකිනෙකට වෙනස් ක්ශේත්‍ර වලට මුදල් අයෝජනය කරන්න තරම් ඔයා බුද්ධිමත් දක්ශ කෙනෙක් විය යුතුයි..

"Don't Put All Egg In one basket" - Warren Buffet

වොරන් බෆට් තව වෙලාවක කියනවා ඔක්කොම බිත්තර එක භාජනයක දාන්න එපා කියලා, ඒ කියන්නේ එක බිත්තරයක් නරක් උනොත් සේරම බිත්තර නරක් වෙනවා වගේ ඔයා සියළුම මුදල් එක දේකට විතරක් ආයෝජනය කරනවා කියන්නෙත් අවධානමක්.. මොනවහරි බිඳ වැටීමක් ඔයා අයෝජනය කරන දේ තුල උනොත් ඔයා ප්‍රභලව අසාර්ථක වෙනවා...

බුද්ධිමත්ව මුදල් වල හැසිරීම ගැන අවබෝධයෙන් ඔයා වැඩ කරනවනම් සාර්ථක වීම ධනවත් වීම කියන්නේ ගොඩක් අපහසු දෙයක් නම් නෙවෙයි..

ඔබ සාර්ථක වීමට හිතන කෙනෙක් නම් රැකියාවෙන් ,ස්වං රැකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් එන අදායම් ආයෝජනය කරන්න ප්‍රමාණවත් නොවන බව අවබෝධ කරගත් Open Minded කෙනෙක් නම් රැකියාව කරන ගමන් අර්ධ කාලීනව කල හැකි ව්‍යාපාර ක්ශේත්‍ර ගැන ඔබ සත්‍ය වශයෙන්ම උනන්දුවක් දක්වන දියුණුවෙන්න ප්‍රබල උනන්දුවක් දක්වන කෙනෙක් නම් Nempro අපි, ඔබට මාර්ගය පෙන්වන්න සූදානම්..
අපි සමඟ සම්බන්ධ වෙන්න...

𝙒𝙚 𝙖𝙧𝙚 𝙚𝙢𝙥𝙤𝙬𝙚𝙧𝙞𝙣𝙜 𝙚𝙣𝙩𝙧𝙚𝙥𝙧𝙚𝙣𝙚𝙪𝙧𝙨𝙝𝙞𝙥

Message NEMPRO on WhatsApp. https://wa.me/message/6BKSLCZR47URI1

𝗝𝗼𝗶𝗻 𝘄𝗶𝘁𝗵 𝗼𝘂𝗿 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗚𝗿𝗼𝘂𝗽 https://www.facebook.com/groups/2151323208237860/?ref=share

𝙒𝙚 𝙖𝙧𝙚 𝙤𝙣 𝙄𝙣𝙨𝙩𝙖𝙜𝙧𝙖𝙢 https://instagram.com/nempro_in?igshid=1q5gnw7n8jd7z

𝐍𝐄𝐌𝐏𝐑𝐎 𝑾𝒆 𝒈𝒖𝒊𝒅𝒆 𝒚𝒐𝒖 𝒕𝒐 𝒍𝒆𝒂𝒑 𝒐𝒇 𝒔𝒖𝒄𝒄𝒆𝒔𝒔

ebusiness -commerce

01/08/2020

අඩුම කාලයකින් සිහින ඉලක්ක ලඟා කරගන්න නම් වැඩි කාලයක් වැඩ කරන්න...

01/08/2020

සාර්ථකත්වයත් ලඟා කරගන්න අවශ්‍ය කෙනා කෙසේ හෝ එයට ක්‍රමයක් හොයාගන්නවා..

30/07/2020

බහුතරය සමාජය සාර්ථක සමාජයක් නොවේ,

ප්‍රතිශතයක් ලෙස බලන විට 97%ක්ම සාර්ථක මිනිසුන් ඔයා මම ජීවත්වෙන සමාජය තුල නැත...

ඔයා සාර්ථක වෙන්න 3%ක පිරිස අතර යන්න නම්,

බුද්ධිමත් ලෙස ඔයාට හිතන්න වෙනවා..

හැමෝම කියන දේ අහන්න ගියොත් ඔයාට එහෙනම් සාර්ථක වෙන්න පුළුවන් වෙයිද ?
හැමෝගෙන්ම උපදෙස් අරන් ඔයාට සාර්ථක වෙන්න පුළුවන්ද ?
හැමෝම සතුටු කරන්න ගියොත් ඔයාට සාර්ථක වෙන්න පුළුවන්ද ?

ඒ නිසා සාර්ථක වෙන්න නම් අද ඔයා මම දකින සමාජයෙන් අපිට පිටට එන්න වෙනවා..
පේන්න තියෙන රාමුවෙන් එලියට ඇවිත් හිතන්න වෙනවා..
අපිට සමාජයෙන් දාලා තියෙන කණ්නාඩි ගලවලා බලන්න වෙනවා..

ඔයා සාර්ථක වෙලා ඉන්න මිනිස්සු දිහා බැලුවොත් ඔයා දකීවි එහෙම අය විතරයි සාර්ථක වෙලා ඉන්නේ...

අවධානම් අරගෙන, වෙනස් විදියට හිතලා වැඩ කරන්න වෙනවා..

බහුතර සමාජය නොකරපු දෙයක් අලුත් දෙයක් වෙනස් දෙයක් කරන්න යද්දි සමහර විට එක පාරම සාර්ථක වෙන එකක් නෑ..
ඒ දේ ඔයා අවබෝධ කරගන්න වෙනවා..
අසාර්ථකත්වයන් තුලින් ඉගෙනගන්න බැරි නම් ඔබට සාර්ථක වීමට සුදුසු නෑ..

අවධානම් ගන්න ගොඩක් අය බයයි නමුත් සාර්ථක මිනිස්සු කරන්නෙම අවධානම් ගන්න එකමයි..

ඔය වගේ සාර්ථක මිනිස්සු ලඟ විතරක් තියෙන පුරුදු ආකල්ප ගොඩක් තියෙනවා ඒවා අනික් අය ලඟ නෑ..

සාර්ථක වෙන්න ඕනේ නම් සාර්ථක අය වගේ හිතන්න ඒ අයගේ මානසිකත්වය ඔය තුල හදාගන්න වෙනවා...

ඒ වගේම සාර්ථක අය සාර්ථකත්වයටය වැදගත් වන පොත් පත් කියවන එක ඒ දැනුම ලබාගන්න එක වෙනුවෙන් කාලය කැප කරනවා..

ඒ අය රූපවාහිණී බලන්න පත්තර කියවන්න නිකරුණේ කාලය නාස්ති කරන්නේ නෑ..
හරවත් දේවල් වෙනුවෙන් ඒ අය එයාලගේ කාලය යොදවනවා..

ඔයත් එහෙම කෙනෙක් වෙන්න..

ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා ඒ දේවල් අපි ඉදිරියට කථා කරමු...

✍️ Shehan Sachith Udhara

𝙒𝙚 𝙖𝙧𝙚 𝙤𝙣 𝙄𝙣𝙨𝙩𝙖𝙜𝙧𝙖𝙢
https://instagram.com/nempro_in?igshid=1q5gnw7n8jd7z

𝐍𝐄𝐌𝐏𝐑𝐎
𝑾𝒆 𝒈𝒖𝒊𝒅𝒆 𝒚𝒐𝒖 𝒕𝒐 𝒍𝒆𝒂𝒑 𝒐𝒇 𝒔𝒖𝒄𝒄𝒆𝒔𝒔

30/07/2020

උන්,

මුලින්ම කරන්නේ උඹ පට්ට දක්ෂයෙක් උනත්, උඹේ දක්ෂතා දන්නෙම නෑ, දැනුනෙම නෑ වගේ ඉන්න එක..

ඊළඟට කරන්නේ උන්ගෙ ළඟම හිතවත්තු, උඹට වඩා වැඩ්ඩො කියලා අඟවන එක..

ඊට පස්සෙ කරන්නෙ උඹ අඩිය තියන තියන එක වැඩක් නෑ කියලා උඹට බෑ කියලා අඟවන එක..

ඉන් පස්සෙ කරන්නෙ උඹගෙ ජීවිතේ උඹ විඳපු, කරපු, උඹේ පෙර වැරදි ලෝකෙට කිය කියා උඹව නෝන්ඩි කරන්න හදන එක..

ඒ ගේම් එක ගොඩදාගන්න බැරි උනාම, ඒකට පස්සෙ කරන්නෙ උඹ ගැන පට්ටපල් පච, කෙබර, මඩ කිය කිය උඹව වට්ටන්න හදන එක..

ඉන් පස්සෙ කරන්නෙ මේ මොනවා කරත් උඹ ඉස්සරහට යන බව දැන ගෙන නිහඬව ඉන්න එක..

ඊට පස්සෙ කරන්නෙ එහෙන් මෙහෙන් උඹට ඇඟෙන්න උඹට පොඩ්ඩ පොඩ්ඩ සුබ පතන එක..

අන්තිමට කරන්නෙ මෙතෙක් උඹත් එක්ක හිටපු එවුන්ටත් වඩා උන් උඹ ගැන ආදරෙන් උන්නෙ කියලා ඇඟවෙන්න, උඹේ ජයග්‍රහණ වෙනුවෙන් උඹට ඇහෙන්න අත්පුඩි ගහන එක..

දියුණු වෙන්න විතරක් නෙමෙයි, දියුණු වෙලා ඒ විදියටම ඒ දියුණුව රැකගෙන ඉන්න කැමතිනම්, උන් ගැන විමසිල්ලෙන් හිටපන්..

උන් තමයි "උන්"..! 🤭
✍️ Dinesh Muthugala

*උපුටා ගැනීමකි...
Adhya Gunasekara -Science

𝙒𝙚 𝙖𝙧𝙚 𝙤𝙣 𝙄𝙣𝙨𝙩𝙖𝙜𝙧𝙖𝙢
https://instagram.com/nempro_in?igshid=1q5gnw7n8jd7z

𝐍𝐄𝐌𝐏𝐑𝐎
𝑾𝒆 𝒈𝒖𝒊𝒅𝒆 𝒚𝒐𝒖 𝒕𝒐 𝒍𝒆𝒂𝒑 𝒐𝒇 𝒔𝒖𝒄𝒄𝒆𝒔𝒔

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Onama Deyak - ඕනම දෙයක් - Anything posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share