Niru

Niru Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Niru, Magazine, .

ජීවිතය තවම කියවමින් ඇති කතාවක් 📔
26/01/2026

ජීවිතය තවම කියවමින් ඇති කතාවක් 📔





14/11/2025

මගේ දුවට ආදරෙන් ❤️

ඔයාගේ හදවතේ ඇහෙන හුස්ම
ආරක්ෂා කරගන්න
මම මගේ හදවත කෑලි කෑලිවලට කඩනවා දුවේ❤️
ඔයා වෙනුවෙන්
ඕනෑම වේදනාවක් දරාගන්නවා,
මට ඕන ඔයා සතුටින් ඉන්නවා දකින්න විතරයි❤️

අම්මා හරි ආදරේයි දුවේ 🌸👧💐

දුලා with මධු සිරිවර්ධන

02/11/2025

ෆැන්ටම් බේබි ක්‍රයිස් (Phantom Baby Cries)

"ෂවර් එක දාගත් සැනින්... බබා හඬනවා වගේ ඇහෙනවාද? 🛀🚨"

ලෝකයේ මිලියන ගණනක් මව්වරුන් මුහුණ දෙන මේ අද්භූත අත්දැකීම පිටුපස විද්‍යාව සහ ආදරය සැඟවී තිබෙනවා.

'ෆැන්ටම් බේබි ක්‍රයිස්' (Phantom Baby Cries) කියන්නේ පිස්සුවක්ද? කොහෙත්ම නැ!

මවකගේ මොළය මේ විදිහට හැසිරෙන්නේ ඇයි? 🧠 මේ වැදගත් ලිපිය කියවා ඔබ කෙතරම් හොඳ මවක්දැයි වටහා ගන්න! 👇"

**ෆැන්ටම් බේබි ක්‍රයිස්: මායාවෙන් ඇසෙන බබාගේ හැඬීම් පිටුපස විද්‍යාව සහ ආදරය**

බබා නිදි. ඔබ ඉක්මනින් නාගෙන එන්න සූදානම්. ෂවර් එක දාගත් සැනින්, ඔබට හොඳින් ඇසෙන්නේ... ඔබේ බබාගේ හඬන හඬයි! ඔබ සබන් ගාගත් සිරුර පිටින් දුවලා බලද්දි බබා නිදි. කිසිම හඬක් නැහැ.

ඔබට පිස්සු හැදෙමින් තිබේද? නැත! ලෝකයේ සිටින මිලියන ගණනක් මව්වරුන් අත්විඳින, **"ෆැන්ටම් බේබි ක්‍රයිස්" (Phantom Baby Cries)** හෙවත් මායාවෙන් ඇසෙන බබාගේ හැඬීම් නම් මේ සංසිද්ධිය පිටුපස විද්‍යාව සහ මවකගේ නොසැලෙන ආදරය සැඟවී තිබෙනවා.

මෙම ලිපියෙන්, මව්වරුන්ට පමණක් මේ අත්දැකීම ලැබෙන්නේ ඇයිදැයි විමසා බලමු.

---

1. 🧠 මොළයේ සිදුවන විස්මිත වෙනස්කම්: 'මාතෘ මොළය'

දරුවෙකු පිළිසිඳගත් දා සිට, මවකගේ මොළය පුදුමාකාර ලෙස වෙනස් වීමට පටන් ගන්නවා. මෙය *"මාතෘ මොළය" (Maternal Brain)*ලෙස හඳුන්වන අතර, එහි ප්‍රධාන අරමුණ වන්නේ දරුවාගේ අවශ්‍යතා ක්ෂණිකව හඳුනා ගැනීමයි.

ඔක්සිටොසින් බලපෑම:
දරු ප්‍රසූතියේදී සහ මව්කිරි දීමේදී ශරීරයේ ශ්‍රාවය වන **ඔක්සිටොසින් (Oxytocin)** නම් "ආදරයේ හෝමෝනය" මවකගේ ශ්‍රවණ පද්ධතියේ (Auditory Cortex) සංවේදීතාව පුදුම සහගත ලෙස ඉහළ නංවනවා.

"හදිසි අනතුරු ඇඟවීම":
බබාගේ හැඬීම මවකගේ මොළය සලකන්නේ *"ජීවිත අවදානමක හදිසි අනතුරු ඇඟවීමක්" (An Emergency Beacon)*ලෙසයි. සාමාන්‍යයෙන් මොළය හඬකට ප්‍රතිචාර දක්වන වේගයට වඩා දෙගුණයකින් පමණ ඉක්මනින් මවකගේ මොළය බබාගේ හැඬීමට ප්‍රතිචාර දක්වන්නට සූදානම් වෙනවා.

ප්‍රතිචාර දැක්වීමේ සීමාව පහළ යාම:
මොළය නිරන්තරයෙන්ම හැඬීමකට සවන් දීමට සූදානම් වී සිටීම නිසා, ඉතා කුඩා ශබ්දයක් (Low-threshold sounds) වුවද හැඬීමක් ලෙස අර්ථකථනය කිරීමට ඉඩ තිබෙනවා.

---
2. 🚰 ශබ්දය වරදවා වටහා ගැනීම.

බොහෝ විට මව්වරුන්ට මායා හැඬීම් ඇසෙන්නේ අවට වෙනත් පසුබිම් ශබ්ද (Background Noise) ඇති විටයි.

💧 නාන කාමරයේ ෂවර් එකේ වැටෙන වතුර සද්දේ (White Noise):බබාගේ නාද රටාවට සමානකමක් දක්වයි.
🍜 මුළුතැන්ගෙය කුකර් එකෙන් නැගෙන වාෂ්ප ශබ්දය:
ඉහළ සංඛ්‍යාතයකින් (High-frequency) යුතු හැඬීමක් ලෙස මොළය අර්ථකථනය කරයි.
🛻 කාර් එකේ ටයර්වල ශබ්දය, එන්ජිමේ ඝෝෂාව:
හැඬීමක් ලෙස ශ්‍රවණ පද්ධතිය හඳුනා ගනී.

---

3. 🚨 කාංසාව සහ ආතතියේ බලපෑම

නව මවක් ලෙස ගත කරන මුල් කාලය ශාරීරිකව සහ මානසිකව ඉතා වෙහෙසකරයි. මෙය මායා හැඬීම් ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපානවා.

* නින්ද අඩුවීම:
අඛණ්ඩ නින්දක් නොලැබීම නිසා මොළය වෙහෙසට පත්වී වරින් වර වැරදි සංඥා නිකුත් කිරීමට පටන් ගන්නවා.
* නිරන්තර සෝදිසිය:
බබා නිදා සිටින විට පවා මවක් නොදැනුවත්වම නිරන්තර සෝදිසියක සිටින්නේ. "මම මොහොතකට ඈත් වුණොත් බබා ඇහැරෙයිද?" යන යටි සිතේ කාංසාව, මානසික පීඩනයක් බවට පත් කරනවා.
* පශ්චාත් ප්‍රසව කාංසාව:
සමහර අවස්ථාවලදී මෙම සංසිද්ධිය, පශ්චාත් ප්‍රසව කාංසාව හෝ විෂාද තත්ත්වයන් සමඟ සම්බන්ධ විය හැකියි.

---

# # # # 🌟 මෙම 'මායා හැඬීම්' තාවකාලිකයි

මෙම අත්දැකීම ඔබ කළබල විය යුතු හෝ ලැජ්ජා විය යුතු දෙයක් නොවේ. එය දරුවා රැකබලා ගැනීමට ඔබේ මොළය ස්වභාවිකවම සකස් වී ඇති ආකාරය පෙන්නුම් කරන, ආදරයේ සංකේතයකි.

දරුවාගේ දින චර්යාව ස්ථාවර වන විට සහ ඔබට වැඩිපුර නින්දක් ලැබෙන විට, මවකගේ මොළයේ මෙම අධි-සංවේදී තත්ත්වය ක්‍රමයෙන් අඩුවී යන අතර, මායා හැඬීම් ද පහව යනු ඇත.

30/10/2025

ඉස්සර කදු ගනන් හෝදන්න තිබුන ඔයාගේ රෙදි අඩු වෙන කොට අම්මිට ලේසී තමයි❤️

ඔයා තනියම බත් කනකොට අම්මිට සතුටුයි තමයි ❤️

ඔයා පෙරලෙන්න, නැගිටින්න ,ඇවිදින්න ,
හදන කොට අම්මිට සතුටුයි තමයි ❤️

ඔයා වැටෙන්නේ නැතුව දුවද්දී, වැටෙන්නෙ
නැතුව ඇවිදිනකොට අම්මිට සතුටුයි තමයි ❤️

වචන එක දෙක එකතු කරලා කතා
කරද්දී අම්මිට සතුටුයි තමයි ❤️

ඔයා අඳින ඇඳුම් ඔයාට මදි වෙනකොට අම්මට සතුටුයි , ඔයා ලොකු වෙලා නේද කියලා ❤️

ඒත් ඔයා දන්නවද මැණික ඒ සතුට අස්සේ අම්මිගෙ හිතේ නැගෙන වේදනාව... මගේ මැණික දැන් ලොකු වෙනව නේද... මේ හුරතල් වයස ඉක්මනින් ගෙවිල යයි නේද කියලා අම්මිට දුකයි මැණික...
අම්මිට හරි ලෝභයි පැටියෝ...😥

වෙලාවකට ඔයාව අතොරක් නැතිව සිප ගන්නෙත් ඒකමයි. ඔය හුරතලය අම්මි ආසයි ගොඩක් විදින්න පැටියෝ...

ආදරෙයි මගේ පණ..
මගෙ හුස්ම ටික..
මගෙ ජීවිතේ 😍
අම්මිගෙ මුලු ලෝකයම ඔයා තමයි... 🌏❤️

හදිස්සියක් නෑ අම්මිට...
ඔයා හෙමින් ලොකු වෙන්නකෝ...
අම්මිට පුලුවන් නම් කාලය නවත්වනවා
ඔය හුරතලය තව ගොඩක් විඳින්න... ❤️

උපුටා ගැනීමකී
මුල් අයිතිකරු සතුයි! ✍️🌸

දුවේ 🌸මගේ ජිවිතේ වෙනස් කරපුඔය ආදරණිය බැල්ම තියෙන්නෙ ඔයා ලගමට උදේ පාන්දර ඉදන්මහ රෑ වෙනකල්මහිතට හයිය දෙන්නෙඔය ආද⁣රණිය ඇස් ...
11/10/2025

දුවේ 🌸

මගේ ජිවිතේ වෙනස් කරපු
ඔය ආදරණිය බැල්ම තියෙන්නෙ ඔයා ලග

මට උදේ පාන්දර ඉදන්
මහ රෑ වෙනකල්ම
හිතට හයිය දෙන්නෙ
ඔය ආද⁣රණිය ඇස් දෙක

ඔයාව දැකපු මුල් දවසේ ඉදලා
ගෙවෙන හැම තත්පරයකම
මට මාව අමතක වෙන තරමට
ඔයාට ලං වෙලා මං

මම දැන් අම්මා කෙනෙක්
හරිම ලස්සන දුවෙකුගේ

මම දැක්ක ලස්සනම ඇස් දෙක තියෙන්නේ
මගේ දූ ට

අම්මි හරි ආදරේයි දුවේ 🌸💐🩷

උපුටාගැනීම්
දුලා with මධු සිරිවර්ධන

සංසාර සාගරේ ගැඹුරටම පිහිනන්න ආදරෙන් බදාගෙන නෙත කඳුළු පිසලන්නජීවිතේ හැමදාම සිනහවෙන් පුරවන්නදුවෙක් ඉන්නවානම් ඒ මදැයි සැනසෙ...
30/09/2025

සංසාර සාගරේ ගැඹුරටම පිහිනන්න
ආදරෙන් බදාගෙන නෙත කඳුළු පිසලන්න
ජීවිතේ හැමදාම සිනහවෙන් පුරවන්න
දුවෙක් ඉන්නවානම් ඒ මදැයි සැනසෙන්න

ආදරේ පුරෝගෙන තුරුල්ලෙම නැළවෙන්න
නෝක්කඩු කියෝගෙන හුරතලෙන් වදදෙන්න
දුක සතුට දෙකම ළඟ තනි නොකර ළඟ ඉන්න
දුවෙක් ඉන්නම ඕනෙ ජීවිතේ තේරෙන්න

දරාගනු බැරිම විට බදාගෙන වැලපෙන්න
ජීවිතේ හැමදේම නොසඟවා පවසන්න
වාරු නැති දවසකත් අල්ලගෙන ඇවිදින්න
දුවෙක් ඉන්නවානම් ඒ මදැයි හිනැහෙන්න

කූඩුවී ඉගිලිලා ගියත් වෙන්වී දිනක
හිතින් දුර යන්නෙනෑ දූවරුන් කිසිදාක
ජීවිතේ අරුත හරිහැටිම තේරුම්යන්න
දුවෙක් ඉන්නම ඕන පන යද්දි ළඟ ඉන්න...❤️🩷

ගැයුම : මංගල ඩෙනෙක්ස්
පබැඳුම : අනීෂ ජයකොඩි
සන්නාද : ශිවන්ත ඇශ්

28/09/2025

දුවෙක් ඉන්නකොට
වෙයි ගෙදරක් දිව්‍යලෝකයක්

අපි ඉතින් ඈගේ අණට යටයි
විච්චුරණ කොටියයි
හිනා හඩ හරි හැඩයි
ඇ අපේ වස්තුවයි

මෙකප් බඩු ඇගේ තමයි
අම්මා ඇගේ යෙහෙලියයි
නැති වුනොතින් තප්පරක්
ගලයි කදුළු මහ ගොඩක්

උපුටාගැනීම
දුලා with මධු සිරිවර්ධන

02/09/2025

දුවේ...

දවස් ගත වෙනවා
දවස් දිගු නොවෙයි
නුඹ ලොකු වෙනවා
වසර කෙටි වෙනවා

අපිට අපි ලං වුනා
බිදෙන්නට බැරි තරම්
අම්මා හරි ආදරේයි
කියන්නට බැරි තරම්..

උපුටාගැනීම
දුලා with මධු සිරිවර්ධන

දුවේ.. 😍🌸මං බලන් උන්නානුඹ එනකම් ම⁣ගේ උණුහුමට ඇස් කරක කරක නුඹ එක දිගටම බලන් උන්නා නුඹේ අම්මා මං වග දැන දැනමරෝස මල් උයනකින...
31/08/2025

දුවේ.. 😍🌸

මං බලන් උන්නා
නුඹ එනකම් ම⁣ගේ උණුහුමට

ඇස් කරක කරක
නුඹ එක දිගටම බලන් උන්නා
නුඹේ අම්මා මං වග දැන දැනම

රෝස මල් උයනකින් වැටුණාද
අපේ නිවහනට
ඒ තරමටම නුඹ හැඩයි
නුඹේ අම්මාට 🌸

සිනිදු අත් පා දකින්නට
බලන් උන්නා මං නුඹ එනතුරුම
අනේ මං අද ඉඹිනවා දවසෙම
නුඹේ කිරි සුවඳ

තත්පරයකට ඈත් වුනොතින්
මං නුඹේ උණුහුමට
අඩනවා සුවඳ දෙනකල්
නුඹේ නලලතට

ඉතින් අපි යන් දූර ඈත
ඉන්නවා ලගම හැමදාමත්
නුඹ ලගම
ආම්මාකම මේ තරමට සුන්දරද
කියාදුනනේ නුඹයි
මගේ හදගැබට

අම්මා හරි ආදරේයි දුවේ

උපුටාගැනීම
දුලා with මධු සිරිවර්ධන෴

25/06/2025

❤️ රැකියාවක් කරලා තමන්ගේ දරුවන් වෙනුවෙන් ආසාවෙන් ගිය රැකියාව අත් අරින්න පුලුවන් අම්මා කෙනෙක් කියන්නේ මං දකින විදියට හරිම ශක්තිමත් ගැහැණියක්...💪💪💪

මොකද වසර ගානක් අධ්‍යාපනය හාදාරා අමාරුවෙන් හොයා ගන්න රැකියාව නැති වෙනවා,
තමන් ආශ්‍රය කරපු හිතවතුන් සමකාලීන් නැති වෙනවා,
කලින් තිබුන මානව සම්බන්ධතා අඩු වෙනවා,
එක දිගට වැඩ කරපු ජිවිතේ වෙනස් වෙනවා, රාජකාරි වගකීම නැති වෙන්වා,
තමන්ට තිබුන පිලිගැනීම හා ගෞරවය අඩු වෙනවා,
ඉගෙන ගත්ත දේ අමතක වෙනවා,
මේ හැම දේම එක්ක ගෙදර බිත්ති වලට හිර වෙලා පුංචි පැටියා බලාගන්න සිද්ද වෙනව...

එකම එක ආදරණීය හේතුවක් නිසා ජිවිතේ සතුට, නිදහස, ආත්ම තෘප්තිය ලබපු දේ නැති වෙලා යනවා... 😔😔😔
ගෙදර ඉන්න නිසා, දහසකුත් දේ තනියෙන් කරගන්න සිද්ද වෙනවා දහසකුත් දුක්, වේදනාවෙන්, අපහසුතා දාරාගෙන සමාජ සම්බන්ධතා වලින් ඈත් වෙලා ජිවත් වෙන්න වෙන්වා..☹️

ඔෆිස් ගිහින් හිනා වෙලා කතා කරලා සතුටින් හිටිය කෙනා කතා කරන්න බැරි පුංචි පැටියෙක් එකක් දවසම ගෙදර තනි වෙලා ගෙදර වැඩ තනියෙන් කරගන්න වෙනවා...

එක ලොකු දෙයක් නෙවෙයිද?

ඉතින් මේ හැම පීඩනයක්ම දාරා ගෙන දරුවන් වෙනුවෙන් ගෙදර ඉන්න හිත හදා ගන්න එකම මදිද.. ඒ නිසයි මං මුලින්ම කිවේ දරුවන් නිසා රැකියාව අත් අරින අම්මා හරිම ශක්තිමත් කියලා.💪💪💪💪

ඔබත් එවැනි අම්මා කෙනෙක් නම් ඉතින් කිසි විටක හිතෙන් වැටෙන්න එපා. සතුටු වෙන්න ඔබ ඔබේ ශක්තිය ගැන... දරුවෝ හැමදාම පොඩියට ඉන්නෑ ඉක්මනින් ලොකු වෙන්වා අන්න ඒ දවසට ආයෙත් පියාඹන්න අත්තටු දෙක ශක්තිමත්ව පරිස්සමෙන් තියගන්න...💪

උපුටා ගැනීමකි

මුල් අයිතිය සහ ගෞරවය 🙏🌷
✍️තරින්දි රත්නායක
Psychological counsellor
Life coach

පණ වාගේ ලඟ ඉන්න  දඟකාර පැන්චියෙක්හිත පුරා පින්පාට තවරනා කුමරියෙක්දුක අහන දුක නිවන වාගේ හොඳ මිතුරියෙක්අම්මෙකුට ඉන්නටම ඕනෙ...
12/05/2025

පණ වාගේ ලඟ ඉන්න
දඟකාර පැන්චියෙක්
හිත පුරා පින්පාට
තවරනා කුමරියෙක්
දුක අහන දුක නිවන
වාගේ හොඳ මිතුරියෙක්
අම්මෙකුට ඉන්නටම
ඕනෙමයි දෝණියෙක්

කුරුළු කිචි බිචියකින්
හොරාගෙන කතාවක්
හැඩට මුව රස කරයි
දෙවා යස හිනාවක්
පාට සිතුවමක් සේ
සොඳුරු නිල් වළාවක්
දෝණියෙක් කියන්නෙම
හිත නිවන කළාවක්.

- මාලිකා මිස්කින් -
මා කවි අරණ

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Niru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share