Niru's Easy Life

  • Home
  • Niru's Easy Life

Niru's Easy Life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Niru's Easy Life, Magazine, .

25/06/2025

❤️ රැකියාවක් කරලා තමන්ගේ දරුවන් වෙනුවෙන් ආසාවෙන් ගිය රැකියාව අත් අරින්න පුලුවන් අම්මා කෙනෙක් කියන්නේ මං දකින විදියට හරිම ශක්තිමත් ගැහැණියක්...💪💪💪

මොකද වසර ගානක් අධ්‍යාපනය හාදාරා අමාරුවෙන් හොයා ගන්න රැකියාව නැති වෙනවා,
තමන් ආශ්‍රය කරපු හිතවතුන් සමකාලීන් නැති වෙනවා,
කලින් තිබුන මානව සම්බන්ධතා අඩු වෙනවා,
එක දිගට වැඩ කරපු ජිවිතේ වෙනස් වෙනවා, රාජකාරි වගකීම නැති වෙන්වා,
තමන්ට තිබුන පිලිගැනීම හා ගෞරවය අඩු වෙනවා,
ඉගෙන ගත්ත දේ අමතක වෙනවා,
මේ හැම දේම එක්ක ගෙදර බිත්ති වලට හිර වෙලා පුංචි පැටියා බලාගන්න සිද්ද වෙනව...

එකම එක ආදරණීය හේතුවක් නිසා ජිවිතේ සතුට, නිදහස, ආත්ම තෘප්තිය ලබපු දේ නැති වෙලා යනවා... 😔😔😔
ගෙදර ඉන්න නිසා, දහසකුත් දේ තනියෙන් කරගන්න සිද්ද වෙනවා දහසකුත් දුක්, වේදනාවෙන්, අපහසුතා දාරාගෙන සමාජ සම්බන්ධතා වලින් ඈත් වෙලා ජිවත් වෙන්න වෙන්වා..☹️

ඔෆිස් ගිහින් හිනා වෙලා කතා කරලා සතුටින් හිටිය කෙනා කතා කරන්න බැරි පුංචි පැටියෙක් එකක් දවසම ගෙදර තනි වෙලා ගෙදර වැඩ තනියෙන් කරගන්න වෙනවා...

එක ලොකු දෙයක් නෙවෙයිද?

ඉතින් මේ හැම පීඩනයක්ම දාරා ගෙන දරුවන් වෙනුවෙන් ගෙදර ඉන්න හිත හදා ගන්න එකම මදිද.. ඒ නිසයි මං මුලින්ම කිවේ දරුවන් නිසා රැකියාව අත් අරින අම්මා හරිම ශක්තිමත් කියලා.💪💪💪💪

ඔබත් එවැනි අම්මා කෙනෙක් නම් ඉතින් කිසි විටක හිතෙන් වැටෙන්න එපා. සතුටු වෙන්න ඔබ ඔබේ ශක්තිය ගැන... දරුවෝ හැමදාම පොඩියට ඉන්නෑ ඉක්මනින් ලොකු වෙන්වා අන්න ඒ දවසට ආයෙත් පියාඹන්න අත්තටු දෙක ශක්තිමත්ව පරිස්සමෙන් තියගන්න...💪

උපුටා ගැනීමකි

මුල් අයිතිය සහ ගෞරවය 🙏🌷
✍️තරින්දි රත්නායක
Psychological counsellor
Life coach

පණ වාගේ ලඟ ඉන්න  දඟකාර පැන්චියෙක්හිත පුරා පින්පාට තවරනා කුමරියෙක්දුක අහන දුක නිවන වාගේ හොඳ මිතුරියෙක්අම්මෙකුට ඉන්නටම ඕනෙ...
12/05/2025

පණ වාගේ ලඟ ඉන්න
දඟකාර පැන්චියෙක්
හිත පුරා පින්පාට
තවරනා කුමරියෙක්
දුක අහන දුක නිවන
වාගේ හොඳ මිතුරියෙක්
අම්මෙකුට ඉන්නටම
ඕනෙමයි දෝණියෙක්

කුරුළු කිචි බිචියකින්
හොරාගෙන කතාවක්
හැඩට මුව රස කරයි
දෙවා යස හිනාවක්
පාට සිතුවමක් සේ
සොඳුරු නිල් වළාවක්
දෝණියෙක් කියන්නෙම
හිත නිවන කළාවක්.

- මාලිකා මිස්කින් -
මා කවි අරණ

25/04/2025

ඇය මා වෙනුවෙන් ජීවත් වූ බව මම අසා ඇත්තෙමි.

ඇයගේ හොදම කාලය මා වෙනුවෙන් කැප කල බවත්,
ඇය ඒ වෙනුවෙන් කිසිවක් බලාපොරොත්තු නොවූ බවත්,
මම අසා ඇත්තෙමි.

ඇය මා වෙනුවෙන් සිහින දැරු බවත්, ඒ වෙනුවෙන් ඈ
නොනිදා පහන් කල බවත් මම අසා ඇත්තෙමි.

ඇය මා වෙනුවෙන් අමතර කාලයක් වෙන් නොකල බව මම අසා ඇත්තෙමි. ඒ ඇය සම්පූර්ණ කාලය මා වෙනුවෙන් වෙන් කර තිබූ නිසා බව මම දැන ගත්තෙමි.

නමුත් කිසිදිනක මට ඒ බව වටහා ගත නොහැකි විය.

ඒ,
අංශුමාත්‍රයක වත් වෙහෙසක් , කලකිරීමක්
කිසිදින මා ඇගෙන් දැක නැති නිසාය.
ඒ එවැනි කිසිවක්, කිසි දිනකදීවත් මම ඇයගෙන් අසා නැති නිසාය.

අවසානයේ මම ඇයව හදුනාගතිමි. ඒ බොහෝ කලකට පසුවය. ඇය වෙනුවෙන් මගහැරුණු බොහෝ දේ ඇත. මගහැරුණු තැන් බොහෝ ඇත.

" ඔබට මොනවාද අවශ්‍ය?"

එවන් දිනක මා ඇයගෙන් ඇසුවෙමි.

" ඔබේ සතුට "

ඇය අදටත් මා මේ විශ්වයේ දුටු ප්‍රේමණීයම මිනිස් ආත්මයයි. " අම්මා " ඒ එදා මෙදා තුර මා ඇසූ උත්තරීතම වචනයයි.

- රුවා
(රුවාගේ පන්හිඳ )

💕ඔබට ආයෙමත් සුව පහසුවෙන් නිදාගන්න කාලයක් උදාවෙයි  💕ඔබට දවසක ආයෙමත් සල්ලි උපයන්න පුළුවන් වෙයි💕ඔබේ නිවස ආයෙමත් පිරිසිදුව ස...
06/04/2025

💕ඔබට ආයෙමත් සුව පහසුවෙන් නිදාගන්න කාලයක් උදාවෙයි

💕ඔබට දවසක ආයෙමත් සල්ලි උපයන්න පුළුවන් වෙයි

💕ඔබේ නිවස ආයෙමත් පිරිසිදුව සහ පිළිවෙලට තියෙයි

💕ඒත් ඔබේ පුංචි පැටියා ආයෙමත් කවදාවත් පුංචි පැටියෙක් වෙන්නේ නැහැ…

💕එයාට ආයෙමත් ඔබව මෙතරම් අවශ්‍යය වෙන්නේ නැහැ…

✨Happy Baby and Mom💫

මම මේ ටිකේම පොඩ්ඩක් හිතන්නේ ගෙදර ලස්සනට තියාගන්න මල් පැල කොහොමද පැල කර ගන්නේ කියලා..🌷💐🌻🌹මම පැල තවානකින් ගෙනත් තිබුනා ඔක්...
05/11/2022

මම මේ ටිකේම පොඩ්ඩක් හිතන්නේ ගෙදර ලස්සනට තියාගන්න මල් පැල කොහොමද පැල කර ගන්නේ කියලා..🌷💐🌻🌹

මම පැල තවානකින් ගෙනත් තිබුනා ඔක්සිජන් පැලයක් ..😊 අපි බලමු එක කොහොමද හිටව ගන්නේ කියලා ..🍃

මම ඔක්සිජන් පැලය කියන්නේ සෙන්සිවේරියා කුලියට අයත් snake plant එකට ... 😍 සෙන්සිවේරියා පැල රාත්‍රි කාලයටත් කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරන ශාකයක් ඒ නිසා දැන් ගොඩාක් අය ගේ ඇතුලෙ මේ පැලය තියන්න කැමැත්තක් දක්වනවා...

ස්වාභාවික පරිසරයට ඇල්මක් දකවන මමත් මේ පැලය තියන්න යන්නේ ගේ ඇතුලේ...🌿

අපි බලමු දඩිබිඩි ගාලා කොහොමද මේක හිටවන්න බදුන් මිශ්‍රණය හදා ගන්නේ කියලා..

මම මේ ටිකේම පොඩ්ඩක් හිතන්නේ ගෙදර ලස්සනට තියාගන්න මල් පැල කොහොමද පැල කර ගන්නේ කියලා..🌷💐🌻🌹මම පැල තවානකින් ගෙනත් තිබුනා ඔක්...
07/10/2022

මම මේ ටිකේම පොඩ්ඩක් හිතන්නේ ගෙදර ලස්සනට තියාගන්න මල් පැල කොහොමද පැල කර ගන්නේ කියලා..🌷💐🌻🌹
මම පැල තවානකින් ගෙනත් තිබුනා ඔක්සිජන් පැලයක් ..😊 අපි බලමු එක කොහොමද හිටව ගන්නේ කියලා ..🍃
මම ඔක්සිජන් පැලය කියන්නේ සෙන්සිවේරියා කුලියට අයත් snake plant එකට ... 😍 සෙන්සිවේරියා පැල රාත්‍රි කාලයටත් කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරන ශාකයක් ඒ නිසා දැන් ගොඩාක් අය ගේ ඇතුලෙ මේ පැලය තියන්න කැමැත්තක් දක්වනවා...
ස්වාභාවික පරිසරයට ඇල්මක් දකවන මමත් මේ පැලය තියන්න යන්නේ ගේ ඇතුලේ...🌿
අපි බලමු දඩිබිඩි ගාලා කොහොමද මේක හිටවන්න බදුන් මිශ්‍රණය හදා ගන්නේ කියලා..

04/10/2022

රැකියාවක් කරන කාර්‍ය බහුල ජීවිතයක් ගත කරන බිරිඳක් විදියට මගේ පොඩි පොඩි වැඩකටයුතු ලේසියෙන් ඉක්මනින් කර ගන්න විදිය පොඩ්යට ලියන්නට මුහුනුපොතේ Niru's easy life පිටුව යොදා ගන්නවා...

මගේ මේ පිටුවෙන් යමක් ඔබේ ජීවිතයට උකහා ගන්නට පුලුවන් නම් Niru's easy life හා එකතු වෙන්න ...❤️

17/09/2022

එදිනෙදා කරන වැඩ කටයුතු ඉතා ඉක්මනට හා පහසුවෙන් කර ගන්න විදිහ පිළිබඳව ඔබ හා බෙදා ගැනීමෙන් පලදායී මෙහවරක් සමාජය ඉටුකිරීමට සදහා Niru's Easy life පිටුව නිර්මාණය කිරීම මුලික අරමුණ වුනා.... ❤️❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Niru's Easy Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share