Binuva gaming

  • Home
  • Binuva gaming

Binuva gaming එන්න දැනගන්න කියවන්න බෙදාගන්න - අපි ද?

🙏
29/05/2021

🙏

✌
29/05/2021

ටොම්බිලි..!ටොම්බිලි උපන් ස්ථානය සහ දිනය නොදන්නා අතර 2016 අගෝස්තු 1 වන දින ඉස්තාන්බුල්හිදී මිය ගියේය. ටොම්බලි යනුවීදි බළල...
29/05/2021

ටොම්බිලි..!

ටොම්බිලි උපන් ස්ථානය සහ දිනය නොදන්නා අතර 2016 අගෝස්තු 1 වන දින ඉස්තාන්බුල්හිදී මිය ගියේය. ටොම්බලි යනු
වීදි බළලෙකි.

ඇය ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්වූයේ ඇය පදික වේදිකාවේ වාඩි වී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් නිසාය. ටොම්බිලිගේ මරණයෙන් පසු ඉස්තාන්බුල් නගරය බලධාරීන් ඇගේ පිළිමයක් සාදා ඇය සිටි ස්ථානයේම තැන්පත් කලේය.

මෙම රථය ලංකාවට ගෙන ඒමට කටයුතුකළ සංජිව ගුණසේකර මහතාට ලාංකීය අපගේ හදපිරි ස්තුතිය..!- Online Deniyaya -
29/05/2021

මෙම රථය ලංකාවට ගෙන ඒමට කටයුතුකළ
සංජිව ගුණසේකර මහතාට ලාංකීය අපගේ හදපිරි ස්තුතිය..!
- Online Deniyaya -

♥🙏
29/05/2021

♥🙏

පළමු වතාවට ධවල මන්දිරයේත් වෙසක් සැමරුමක්..!අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රධාන එක්සත් ජනපද රජය විසින් අමෙරිකානු ඉතිහාසය...
28/05/2021

පළමු වතාවට ධවල මන්දිරයේත් වෙසක් සැමරුමක්..!

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රධාන එක්සත් ජනපද රජය විසින් අමෙරිකානු ඉතිහාසයේ පළමු වරට, බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පවත්වා තිබෙනවා.

මෙම වෙසක් උත්සවය පසුගිය වෙසක් දින (26) ධවල මන්දිරයේ දී පවත්වා තිබුණේ, ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය නියෝජනය කරමින් සහභාගී වූ ධවල මන්දිර දෙවැනි පෙළ ප්‍රධාන නිලධාරී ඩග්ලස් එම්හෝෆ් මහතා සහ තේරවාදී, මහායාන, සහ වජ්ද්‍රාසන යන බෞද්ධ නිකායේ හිමිවරුන්ගේ සහභාගිත්වයෙනි.

තේරවාදී බුදුදහම නියෝජනය කරමින් එම ඓතිහාසික අවස්ථාව ට සහභාගි වුයේ , උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක , මේරිලන්ඩ් බෞද්ධ විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේයි.

වෙසක් දින උත්සවය ආරම්භ කරමින්, ඩග්ලස් එම්හෝෆ් මහතා සහ එම අවස්ථාවට සහභාගි වූ භික්ෂූන් වහන්සේ පහන් දැල්වීම සිදුකර ඇත.

මෙහිදී ඩග්ලස් එම්හෝෆ් මහතා විසින් ඇමරිකානු ජනාධිපති ජෝ බයින්ඩ්ගේ වෙසක් දින පණිවුඩය ප්‍රකාශයට පත්කළ අතර ලෝකවාසී බෞද්ධ ජනතාවගේ, ප්‍රධාන බෞද්ධ උත්සවය ලෙස වසර 2500 ඉතිහාසය පුරා සමරනු ලබන වෙසක් දිනයේදී දයානුකම්පාව, නිහතමානී කම, පරාර්ථකාමීත්වය යන බුදුදහමේ හරය ලෝක ජනතාව ට සිහිපත් කර සිටියේය.

මානව වර්ගයාගේ සුබ සිද්ධිය සඳහා බෞද්ධාගම සිදුකරන කාර්‍යභාරය ද ඩග්ලස් එම්හෝෆ් මහතා අගය කර සිටියේය.

ධවල මන්දිරයේ පැවති වෙසක් දින උත්සවයට ඇමරිකානු රාජ්‍ය ලේකම් ටෝනි බ්ලින්කන් මහතා ද සුබපැතුම් එක්කර තිබුණි.

උත්සවයේ දී අදහස් දැක්වූ අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ අවධාරණය කර සිටියේ, ඇමරිකානු රජය මුළු මහත් ලෝකයටම පරමාදර්ශයක් සපයමින් වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පැවැත්වීම ඇමරිකානු ජනාධිපතිවරයා ඇතුළු රජය ලෝකවාසී බෞද්ධ ජනතාවට සිදුකළ ගෞරවයක් ලෙස සලකන බවයි.

ඉන්දියාවේ වෙසක් උත්සවය සමරන බෞද්ධ කම්කරුවෙක් ❤️
28/05/2021

ඉන්දියාවේ වෙසක් උත්සවය සමරන බෞද්ධ කම්කරුවෙක් ❤️

ගංවතුරට ඇයගේ ගෙයද යටවී ඇතකුසගින්නෙන් පෙලෙන බල්ලෙක් වතුරේපිීනාඇගේ ගෙදරට යන්නේ අහරක් බලාපොරොත්තුවෙනි.කාරුණික කාන්තාව බල්ලා...
28/05/2021

ගංවතුරට ඇයගේ ගෙයද යටවී ඇත
කුසගින්නෙන් පෙලෙන බල්ලෙක් වතුරේ
පිීනාඇගේ ගෙදරට යන්නේ අහරක් බලාපොරොත්තුවෙනි.
කාරුණික කාන්තාව බල්ලාගේ කුසගිනි
නිවීමට කෑම දෙයි.
තමාද දුස්කර තාවයක සිටියද තිරිසන් සතෙකුගේ කුසගිනි නිවන ඇය උතුම්
කෙනෙක් නේද.

මුළු බුකියම බනිනපිරිමි නතිං කියපු කෙල්ලට දෙකක් කියන්න හිතන් මේ පැත්තේ ආවා..හැබැයි බෙලි ගෙඩියෙ සද්දෙටත් රැවටිලාහෙවිල්ලක් ...
28/05/2021

මුළු බුකියම බනින
පිරිමි නතිං කියපු කෙල්ලට
දෙකක් කියන්න හිතන් මේ පැත්තේ ආවා..

හැබැයි
බෙලි ගෙඩියෙ සද්දෙටත් රැවටිලා
හෙවිල්ලක් බැලිල්ලක් නැතුව
"බුදු අම්මෝ ලෝකෙ පෙරෙලෙනෝ" කියාගෙන
දුවන ටයිප් එකේ..

බහුතරයක් වූ බුකී වැසියන්

බනින්න කලින්
කීයටවත්

විනාඩි 52ක ඉන්ටර්වීව් එකක්

සාවධානෙන් අහන්නේ නැති බව
දන්න නිසාම

විනාඩි 52ම අහන්න තීරණය කරා...

මුල් විනාඩි කිහිපය අහද්දිම තේරුණා

දෙයියනේ
මුන් මේ ලවක් දෙවක් නැතුව පට්ට පතුරු යවන්නේ

රට වෙනුවෙන් කැප කිරීම් කරපු
රට වෙනුවෙන් ජයග්‍රහණ ගෙනාපු
රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගියපු

අදහන්න වටින චරිතයකට නේද කියලා

ඒත් එක පාරට මතක් වුණා
අදහන්න වටින චරිතයක් වුණත්
පිරිමින්ව හෙළා දකිනවා නම්
ඒක වැරදියි කියලා

හැබැයි මේ විනාඩි 52 පුරාවටම කිසිදු විටක ඇය පිරිමින්ව හෑල්ලුවට ලක් කරේ නෑ..

ඇය පිරිමි ගැන මොනවද කිව්වේ?

-"මට මේ වගේ කරාතේ ක්‍රීඩිකාවක් වෙන්න හැකි වුණේ මගේ තාත්තා නිසා"

-"මගේ කෝච් පිරිමි කෙනෙක්..එයා මගේ පුහුණුවීම් වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා"

-"මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට හොඳ අවබෝධයක් තියනවා මගේ ගැන"

මෙන්න මේ වගේ දේවල්

ඇයගේ කතා විලාශයෙන් කිසිම විටක
පිරිමි සමඟ වෛරයක් තියෙන බවක් චුට්ටක්වත් පෙනුනේ නෑ

හැබැයි
ඇගේ කටින් පිරිමින්ට එරෙහිව වචනයක් ගන්න ඉස්සරහ පුටුවෙන් පට්ට ට්‍රයි එකක් දෙන බව නම් හොඳටම දැනුනා....

විනාඩි පනස්ගාණක් ඇය මොනවද කතා කරේ?

කරාතේ ක්‍රීඩාවට රාජ්‍ය අනුග්‍රහය නොලැබීම ගැන

කරාතේ ක්‍රීඩකයෙක්ගේ කැපකිරීම ගැන

ක්‍රීඩාව ඇතුලෙ ක්‍රියාත්මකවෙන ලිංගික අල්ලස්

කරාතේ ක්‍රීඩාව කාන්තාවකගේ ආත්ම ආරක්ෂාවට තියන වටිනකම ගැන

රට ජාත්‍යන්තරයට ගෙනියන්න ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන

වගේ වැදගත් මාතෘකා..

එතකොට ඇය පිරිමි නතිං කියලා කියන්නෙම නැද්ද?

කියනවා.

අන්තිම තත්පර ගානේදි

ඇය ඒ පිළිතුර දෙන්නෙ මෙන්න මේ ප්‍රශ්නෙට

"සටන් කලාවක් හදාරන එක දියණියකට කොච්චර වටිනවාද?"

ඒකට ඇය දෙන උත්තරේ ඇතුළෙ තියන අදහස තමයි

කාන්තාව තමන්ට කියල රෙකග්නිශන් එකක් හදාගත්තොත් පිරිමි නතිං කියලා..ඒ වගේම ඇය කියනවා සටන් කලාව හදාරන කෙනෙක්ට පවුල් ප්‍රශ්නයක් වුණත් කළමනාකරණය කරන්න හැකියාව තියන බව

එතකොට මේ
නිකරුණේ බැනුම් අහන ඇය කවුද?

ඇය දිනූ පෙරේරා

රජයෙන් කිසිදු අනුග්‍රහයක් නොලැබෙද්දි තමන්ගේ පුද්ගලික වාහනය විකුණලා රට වෙනුවෙන් පදක්කම් ගෙනාපු

රට වෙනුවෙන් අත පය කඩා ගෙන තමන්ගේ වියදමින්ම ඒවට ප්‍රතිකාර ගත්තු

රට වෙනුවෙන් තරග කරන්න අවශ්‍ය බර ප්‍රමානය හදාගන්න වතුර විතරක් බීලා මාස ගණන් වෙහෙසුණ

රටේ පිනට
සහ
ඇගේ කරුමෙට
ලංකාවේ ඉපදිලා

වසර 10ක් ලංකාවේ කරාතේ ශූරිය වුණ
ජාත්‍යන්තර පද්දක්කම් 12ක් ලංකාවට ගෙනල්ල දුන්න
අති දක්ශ කරාතේ ක්‍රීඩිකාවක්..

අවසාන වශයෙන්

ඉන්ටර්වීව් කරන අයියලාට
කියන්න තියෙන්නේ

බිස්නස් එකක් දුවන්න
මාකටිං ඕන තමයි

ඒත් තමන්ගේ පුද්ගලික වස්තුව පවා
රට වෙනුවෙන් විකුණලා
ස්තූතියක්වත් බලාපොරොත්තු
නොවන

ඒත්
රට වෙනුවෙන්ම නහින
මේ වගේ චරිත වලට
රට දාලා යන තැනට
වැඩ සිද්ද කරන්න එපා

-පමුදි අනුත්තරා වීරසූරිය-

🙏- Gishantha Sri ඔබට අනේකවාරයක් පිං -
27/05/2021

🙏
- Gishantha Sri ඔබට අනේකවාරයක් පිං -

..යොමා බුදු නෙත කුළුණිනේවඩිනු මැන නිදුකාණනේ....🙏කාලයයි නිදුකාණනේදීපයයි නිදුකාණනේදේශයයි නිදුකාණනේවඩිනු මැන නිදුකාණනේ🙏
27/05/2021

..යොමා බුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ....🙏

කාලයයි නිදුකාණනේ
දීපයයි නිදුකාණනේ
දේශයයි නිදුකාණනේ
වඩිනු මැන නිදුකාණනේ🙏

🙏❤️
27/05/2021

🙏❤️

තසලි බබායි සෙත් බබායි මේ දුන්න පුංචි දන්සැල නම් ලොකු ආදර්ශයක් ❤️🙏
27/05/2021

තසලි බබායි සෙත් බබායි මේ දුන්න පුංචි දන්සැල නම් ලොකු ආදර්ශයක් ❤️🙏

මහා ඛේදවාචකයක පෙරනිමිති දක්වමින් Xpress Pearl නෞකාවෙන් නිකුත් වූ රසායනික හා ප්ලාස්ටික් කැට නිසා මේ වන විටත් මත්ස්‍යයින් ...
27/05/2021

මහා ඛේදවාචකයක පෙරනිමිති දක්වමින් Xpress Pearl නෞකාවෙන් නිකුත් වූ රසායනික හා ප්ලාස්ටික් කැට නිසා මේ වන විටත් මත්ස්‍යයින් මිය යමින් වෙරළට ගොඩ ගසාගෙන එන බවට සාගර ජීවි පරීක්ෂණ වේදීන් වාර්තා කරයි...😓

තව දින 2ක් ගත වෙද්දි අපිට හිතා ගන්න වත් බැරි විනාසයක් අපේ වෙරළ තීරයන්ට,සාගට සම්පතට වෙන්න පුළුවන්.ඒක කොච්චරක්ද කියනවා නම් අවුරුදු 30,40ක් වත් යනකන් මේ විනාසයේ බලපෑම අපේ පරිසර පද්ධතියට බලපාන්න ඉඩ තියෙනවා

නෞකාවේ තියෙන ටොන් 300කට අධික ඉන්ධන නෞකාව මුහුදුබත් වීමත් සමග මුහුදට එකතු උනොත් බටහිර මුහුදු තීරයේ ඉදන් කිලෝමීටර් සියගාණක් මුහුදු තීරයේ වෙරළ කලාපයට දැඩි හානි සිදු වෙන්න පුළුවන්.ඇතැම් විට වැලි කැටෙන් කැටේ පවා පිරිසිදු කරන්න අපිට සිදු වෙන්න පුළුවන් .

මේක කොච්චර විනාසයක්ද කියලා විස්තර කරන්න තේරෙන් නෑ.ඒ තරම් භයානකයි..

රටවල් 2කම වරායවල් ප්‍රතික්ෂේප කරපු හානි උන නැවක් රටට ඇතුලු කරන්න කලින් සියපාරක් හිතන්න තිබුනා.අදාල බලධාරීන් සතු වගකීම එයයි.විනාසය සිදු වන විටත් එය අපේ මුහුදු තීරයෙන් නාවික සැතපුම් 50ක් වත් ඈතට ඇදන් යන්න ඉඩ තිබුනා.

සංජය ප්‍රදීප්
Green Project Api

කොවිඩ් මඩින්න යාපනය යුධ හමුදා කාන්තා බලකායෙන් යතුරුපැදි මෙහෙයුම් කණ්ඩායමක් මාධව කුලසූරිය - වවුනියාව කොවිඩ් අවධානම හේතුවෙ...
27/05/2021

කොවිඩ් මඩින්න යාපනය යුධ හමුදා කාන්තා බලකායෙන් යතුරුපැදි මෙහෙයුම් කණ්ඩායමක්

මාධව කුලසූරිය - වවුනියාව

කොවිඩ් අවධානම හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට හා සෞඛ්‍ය නීති කඩ කරන්නන් සොයා බැලීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කාන්තා යුධ හමුදා සෙබළියන්ගෙන් සමන්විත විශේෂ කාන්තා යතුරුපැදි කණ්ඩායමක් ස්ථාපිත කොට ඇති බව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පවසනවා.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ අධීක්ෂණය යටතේ අදාළ විශේෂිත කාන්තා නිළධාරී යතුරුපැදි බලඝනය ස්ථාපිත කොට තිබෙනවා.

ශ්‍රී ලංකා යුධ හමුදා හත්වන කාන්තා බලකායේ කාන්තා යුධ හමුදා නිළධාරියන්ගෙන් විශේෂිත කාන්තා යතුරුපැදි බළකාය ස්ථාපිත කොට ඇති බවද යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පැවසුවේ.

යුධ හමුදා හත්වන කාත්නා බලකායේ මේජර් රශ්මි ගල්හේන ගේ මෙහෙයවීම යටතේ කාන්තා යතුරුපැදි බලකාය ක්‍රියාත්මක වේ.

සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, හදිසි මාර්ග බාධක යොදා සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු නොකරන පිරිස් අත්අඩංගුවට ගැනීම නව යතුරුපැදි බලකාය ස්ථාපිත කිරීමේ අරමුණ වන බවද යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය සඳහන් කර සිටියේ.

විශේෂිත කාන්තා යතුරුපැදි බලකාය පසුගිය 25 වැනිදා සිට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කොට ඇති බවද යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

පල්ලියේ වෙසක් ❤
27/05/2021

පල්ලියේ වෙසක් ❤

කුඩා දරුවන්ට වෙසක් කූඩු නිර්මාණය කර දෙන්න. බල්බ් නොදමා ඉටිපන්දම් ඒ තුළ දල්වා ඒ අලංකාරය විදින්න දෙන්න. සුළඟට වෙසක් කූඩුව ...
26/05/2021

කුඩා දරුවන්ට වෙසක් කූඩු නිර්මාණය කර දෙන්න.

බල්බ් නොදමා ඉටිපන්දම් ඒ තුළ දල්වා ඒ අලංකාරය විදින්න දෙන්න.

සුළඟට වෙසක් කූඩුව ලෙලදෙන විට ඉටිපන්දම් දැල්ලට කූඩුව ගිනිගෙන දැවී අළු වී යන්න දෙන්න.

තමන් ආශාවෙන් ගොඬනගා ගන්නා සියල්ල ඕනෑම මොහොතක එලෙස විනාශ වන්නට හැකි බව කුඩාකල සිටම දරුවාට ඒ තුළින් වටහා දෙන්න .

එවිට සුළු කම්පනයක් හෝ දරාගත නොහැකිව සිය දිවි නසා ගන්නා මිනිසුන් මෙලොවට බිහි නොවනු ඇත!

තෙරුවන් සරණයි 🙏🏼🖤

ගෞතම සම්බුද්ධ චරිතයLife Story Of Lord Buddhaධර්ම දානය පිණිසයි..!
26/05/2021

ගෞතම සම්බුද්ධ චරිතය
Life Story Of Lord Buddha
ධර්ම දානය පිණිසයි..!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Binuva gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share