
29/11/2022
🇱🇰| Aragalaya makes it to TIME’s Top 100 photos of 2022
අරගලකරුවන් අල්ලා ගත් ගෝඨාභයගේ කාර්යාල කාමරය Time සඟරාවේ 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට ඇතුළත්ව තිබෙනවා. මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ අභිෂේක් චින්නප්පා කියන ඡායාරූප ශිල්පියා Getty Image වෙනුවෙන්.
Time සඟරාව විසින් සෑම වසරකම වගේ වසර අවසානය වෙද්දී ඒ කාල සීමාව තුළ ලෝකය තුළ යම් වෙනසක් නැත්නම්, මුළු ලෝකයාගේම අවධානය දිනා ගත්ත සිදුවීමක හෝ සිදුවීම් දාමයකට අයත් සිදුවීමක හොඳම ඡායාරූපයක් තෝරගෙන එය වසරේ හොඳම ඡායාරූප 100 අතරට එකතු කරනවා. මේ ඡායාරූප තෝරා ගනු පුද්ගලයින් අට දෙනෙකුගෙන් යුත් ඡායාරූප සංස්කාරක කණ්ඩායමක් විසින්. හැබැයි හොඳම එක මේක, ඊළඟට මේක කියලා නම් තෝරාගන්නේ නැහැ.
ඉස්සර මේ ඡායාරූප සඟරාවන්, පොත් විදිහටත් ප්‍රකාශයට පත් කළා. අපේ ගෙදරත් තියෙනවා ඒ විදිහේ පොතක්.
ඉතින් 2022 වසරේ ජූලි 09 වනදා මෙරට ඉතිහාසයේ කිසිම දිනක නොවූ විරු ජන නැගිටීමක් හමුවේ මේ රටේ පුද්ගලයෙකු දැරිය හැකි අසීමිතම බලය වෙන විධායක ජනාධිපති ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂට සිය ධූරය දමා රටින් පලා යාමට සිදුවනවා. මේ සිදුවීම දිහා සමස්ත ලෝකයාම බලාගෙන හිටියා. ඉතින් ඒ සිදුවීම මේ තනි ඡායාරූපය ඇතුළේ ලස්සනට ලියැවිලා තියෙනවා.
2022 වසරේ දී ලෝකයම හෙල්ලූ සිදුවීම් අතරට මේ ඡායාරූපය එක් වීම නම් ඇත්තටම පුදුමයට කරුණකුත් නෙමෙයි.
ඡායාරූපයේ අයිතිය
Abhishek Chinnappa / Getty Images