
07/08/2023
Jaffna Kings කණ්ඩායමට ලකුණු 135ක ඉලක්කයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11වන තරගයේ පළමුව පන්දුවට පහර දුන් Dambulla Aura කණ්ඩායම ලකුණු 134ක් රැස් කළා.
ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී සිටියදීයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ Jaffna Kings කණ්ඩායම වන අතර ඔවුන් පළමුව පන්දු යැවීම තෝරාගත්තා.
ඒ අනුව Jaffna Kings කණ්ඩායමට ලකුණු 135ක ඉලක්කයක් හිමි වනු ඇති.
තරගය පැවැත්වෙන්නේ, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීයි.
එමෙන්ම මෙම සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.