𝐌𝐚𝐠𝐞 𝐑𝐚𝐭𝐚 - මගේ රට

  • Home
  • 𝐌𝐚𝐠𝐞 𝐑𝐚𝐭𝐚 - මගේ රට

𝐌𝐚𝐠𝐞 𝐑𝐚𝐭𝐚 - මගේ රට සයිබර් අවකාශයේ මගේ රට

22/04/2025

ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සබඳතා ඉහළම තලයකට ඔසවා තැබීමේදී බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති, විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා පවසවා.

මෙරට සංචාරයක නිරත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා ප්‍රමුඛ දූත පිරිස ජනාධිපති කාර්යාලයේ දී අද (22) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර දිගු කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් සහ වැඩිදුයුණු කර දෙරටටම ආර්ථික ප්‍රතිලාභ අත් කර ගැනීමේ අරමුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැතිවරයා ඇතුළු දූත පිරිස මෙරට සංචාරයක නිරතව සිටිනවා.

මෙහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එහි ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නව පාලනයට සුබපැතුම් එක් කළ උප අගමැතිවරයා නව රජයේ වැඩපිළිවෙළ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පූර්ණ සහාය ලබාදෙන බවද ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උත්සාහය, කැපවීම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිළිබඳ පවතින ධනාත්මක ආකල්පය උප අගමැතිවරයාගේ පැසසුමට ලක්ව තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවයි.

අතීතයේ සිදු වූ අයුරින් ආයෝජන අධෛර්යට පත් කරන පරිසරය නැවත ඇතිවීමට ඉඩ නොදෙන බවත්, ආයෝජන ආරක්ෂා කිරීමට නීතිමය ප්‍රතිපාදන සලසන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හා ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමට අදාළව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී නියෝජිත කණ්ඩායම දැනුම්වත් කළ ජනාධිපතිවරයා වරාය පර්ය‍න්ත සංවර්ධනය, වරාය නගර සංවර්ධනය, සංචාරක කර්මාන්තය, බලශක්ති ක්ෂේත්‍රය හා ප්‍රවාහන ක්ෂේත්‍ර තුළ ඇති ආයෝජන අවස්ථා පිළිබඳවද කරුණු පැහැදිලි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

කලාපයේ හොඳම ආයෝජන කේන්ද්‍රය හා සංචාරක ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කිරීම නව රජයේ අරමුණ බවද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

05/02/2025

"අපරාධකරුවන් රකින නීතිපති ගෙදර යනු !"
"ලසන්තගෙ නඩුවේ සැකකරුවන් නිදහස් කළ ආකාරය හෙළිකරනු !"

මෙහෙම ගියොත් හෙට අනිද්දට Anura ටත් කියල තමයි කියන්න වෙන්නේ..

04/02/2025
14/01/2025

Region’s first ‘All Women Managed’ Amba Yaalu Resort opens in Kandalama, Srilanka 🇱🇰😍

A groundbreaking milestone in South Asia’s tourism industry was achieved the grand opening of “Amba Yaalu”, the island nation’s first 100% female-staffed tourist hotel.

දකුණු ආසියාවේ පළමු ‘කාන්තා සේවිකාවන්ගෙන් පමණක් කළමනාකරණය වන "Amba Yaalu Resort" කණ්ඩලමේදී විවෘත වූ වගයි..🇱🇰

දකුණු ආසියාවේ සංචාරක කර්මාන්තයේ පෙරළිකාර සන්ධිස්ථානයක් සටහන් කරමින් දිවයිනේ ප්‍රථම 100% කාන්තා කාර්ය මණ්ඩලය සහිත එකම සංචාරක හෝටලය මෙයයි 😍👌❤️

30/12/2024

Harin ට හොදටම නෙලල නේද? 😳 වීඩියෝ එක පලවෙනි කොමෙන්ටුවේ..!

16/12/2024

ඔබෙන් පරිභාහිර බහුතර මිනිසුන්ට'
ඔබේ සිනාව අවශ්‍යයි..,
ඔබෙන් මිහිරි වචන අවශ්‍යයි..,
ඔවුන්ට හොඳින් ප්‍රතිචාර දැක්වීම අවශ්‍යයි..,
ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම අවශ්‍යයි...,

එහෙත්,
ඔබේ වේදනාව අනවශ්‍යයි..,
ඔබට සවන්දීම අනවශ්‍යයි ..,
ඔබේ ගැටළු අනවශ්‍යයි..,
ඔබව තේරුම් ගැනීමට උත්සහ කිරීම හෝ
ඔබව දරාගැනීම අනවශ්‍යයි....

හුදෙක් , ඔබට යමෙක් අවශ්‍යම වූ මොහොතේ සියල්ලන්ටම ඔබව අනවශ්‍යයි....!

26/11/2024

සමහර මිනිස්සු ඉන්නවා,

බැඳීමක් නැතත්
අනිත් මිනිස්සු ගැන හොයලා බලන
අවශ්‍යම වෙලාවකදි අනිත් අයට
ඇහුම්කන් දෙන මිනිස්සු..

වාසියක් නැතත්
අනිත් අයට උදව් කරන
අසරණ අය වෙනුවෙන්
හැම මොහෙතම පෙනී සිටින මිනිස්සු..

දියුණුවක් නැතත්
අනුන්ගෙ දියුණුව දැකලා
හදවතින්ම සතුටු වෙන මිනිස්සු..

ජීවිතේ ප්‍රශ්න වලින් මිරිකිලා
සතුටක් නැතුව ඉන්න කෙනෙක්ගේ
අඬන මූණකට හිනාවක් ගේන මිනිස්සු..

තමන්ට ආදරයක් නැතත්
අනිත් අයගේ ආදරේ ලස්සනට දකින
බැඳීම් වලට වෛර නොකරන මිනිස්සු..

හිතවත්කමක් නැතත්
අවශ්‍යම මොහොතකදි අමාරුම කාල වලදි
තනි නොකර ළඟින් ඉන්න මිනිස්සු..

හරි හමන් රැකියාවක් නැතත්
දුක් මහන්සි වෙලා හම්බ කරන
දරු පවුල් බඩගින්නෙ තියන් නැති මිනිස්සු..

වැරැද්දක් නැතත්
නොකරපු වැරදිවලට බැනුම් අහන මිනිස්සු..

මිල මුදල් යාන වාහන නැතත්
පුංචිම දේවල් වලින්
ජීවිතේ හැමදාම සතුටින් විඳින මිනිස්සු..

අරමුණක් නැතත්
අනිත් අයගෙ අරමුණු වලට යන්න
උදව් කරන ඒ වෙනුවෙන් කැපවෙන මිනිස්සු..

ගෙයක් දොරක් නැතත්
මහපාරෙ ඉඳන් හරි ජීවිතේ ගොඩදාගන්න
කට්ට කන මිනිස්සු..

ලෝකේ තියෙන
හදවත් කෝටී මිලියන ලක්ශ ගානක් අස්සේ'
ඒ තමයි අංශු මාත්‍රයක ඉන්න

ලස්සනම හදවත් තියෙන මිනිස්සු..!

14/11/2024

- අවුරුදු 5කින් එන මේ ස්වර්ණමය අවස්ථාව මග හැර ගන්න එපා✋

- චන්දෙ දාන්න බැරි මානසික ලෙඩ්ඩුන්ට, අපරාධකාරයන්ට සහ ප්‍රජා අයිතිය අහෝසි වූ අයට පමණයි. ඒ නිසා ඔබත් එවන් අයෙකු නොවී, ඔබේ වටිනා ඡන්දය භාවිතා කරන්න.

- හෙට දවල් වැසි ඇති වෙන්න පුලුවන් කියල කාලගුණ අනාවැකිවල තියෙනවා. *ඒ නිසා පුළුවන් තරම් උදෙන් ඡන්ද පොළට ගිහින් ඡන්දය ප්‍රකාශ කරන්න*

- ඔබ දන්නා හඳුනන හැමෝටම උදෑසන ඡන්දය ප්‍රකාශ කරන්න කියල කියන්න*

ජනතාවට ජය🇱🇰

අවසාන මොහොත උන්ගේ....🥴 මගේ රටට ජය වේවා..!
13/11/2024

අවසාන මොහොත උන්ගේ....🥴 මගේ රටට ජය වේවා..!

07/11/2024
05/11/2024

Dubai Kolla - ඩුබායි කොල්ලා ❤️

27/10/2024

Anura Kumara Dissanayake , Vijitha Herath මේ ඔබේ අවදානයට..!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when 𝐌𝐚𝐠𝐞 𝐑𝐚𝐭𝐚 - මගේ රට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share