Serendib

Serendib NATURE , ATR , HERITAGE

25/04/2026

හබරණ - මින්නේරිය ප්‍රධාන මාර්ගයේ දී
අලි පැටවෙකු වාහනයකට බිලි……..

22/04/2026

සාම පා ගමන මැද යන ආලෝකා සහ
අපේ විථි සුනඛයෝ……


#වෙනස්පුද්ගලයෙක්වෙනස්කතාවක්

වකුරට වස දමා මස් පිණීස සතුන් මරන ජාවාරමක් !
11/04/2026

වකුරට වස දමා මස් පිණීස සතුන් මරන ජාවාරමක් !

වතුරට වස එකතු කර
දඩමස් පිණිස
වන සතුන් මරන ජාවාරමක් !

මේ දිනවල යාල හා තදාසන්න ප්‍රදේශවල පවතින්නේ තරමක නියං කාලගුණයක්.ඒනිසාම වන සත්තු වතුර සොයා ගෙන ගම්මාන සමිපයටත් යනවා.මේ තත්ත්වය දැන ගත්ත ගමන් දඩයක්කරුවන් නිකන් ඉන්නෙත් නැහැ.එයාලා හිමිහිට හිමිහිට දඩයම් වැඩි කරනවා.වතුර තියෙන දිය කඩිති ගාව රැකලා ඉන්නවා.ඒ අසල කොටු අතු බඳිනවා.මද්දවල් සවි කරනවා.තවත් අය වතුරට වස කළවම් කරනවා.

පසුගිය දිනෙක යාල ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු රවීන්ද්‍ර කුමාර මහතාගේ උපදෙස් මත පනාගම්මන බීට්ටු කාර්‍යාලයේ නිලධාරින් විදුලි වැට ආසන්නයේම හදිස්සි වැටලීමක් සිදු කළා.එහිදි එක් පුද්ගලයෙක් අත්අඩංගුවට පත් වුණා.එම සැකකරු සතුව මෙරට නිෂ්පාදිත බෙහෙත් තුවක්කුවක්, ඊයං බරු 07ක් , අහස්කූරු 11ක්, ගිණිපෙට්ටි 12 පෙට්ටියක්, විදුලි පන්දමක්, කහපාට ඉටිකොල රෝලක්, චැලි වර්ගයේ යතුරු පැදියක් සහ එක්තරා කෘෂිකර්මාන්තයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය කිලෝ දෙකකුත් තිබුනා.එහි නිවැරදි නම මෙහි සඳහන් නොකරන්නේ මෙය ප්‍රසිද්ධ මාධ්‍යක් නිසයි.මොකද ඒ හරහා තවත් කෙනෙක්ට මේ අපරාධය කරන්න අවශ්‍ය දැනුමක් ලැබෙන නිසා.

වනාන්තරයට ඇතුල් වෙලා කෘත්‍රිමව දිය වළක් හදලා ඉහත රසායන ද්‍රව්‍ය ඒ වතුරට කළවම් කරලා,ඒ ජලය පානය කරලා මැරෙන සත්තුන්ගේ මස් වෙළෙඳ පොළට රැගෙන එන එක තමයි මේ මනුස්සයා කරන්නේ.ඒ මස් යමෙක් ආහාරයට ගැනීමත් සමහර විට මරණයට අත වැනිමක් වෙන්නත් පුළුවන්.

මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයා 2025 වර්ෂයේ අවස්ථා දෙකක දීත් දඩමස් සමග අත්අඩංගුවට පත්ව තිබෙනවා.ඒ කියන්නේ මොහු සැහෙන කාලයක සිට දඩමස් ජාවාරමේ යෙදෙන අයෙක් බවයි.

වැඩිදුර ප්‍රශ්න කිරිම්වල දී මොහු පිළිගෙන තිබෙනවා මෙවරත් යාල ජාතික උද්‍යානයේ සතුන් දඩයමේ යාමට පැමිණී බව.

මොහු ආදාළ රසායන ද්‍රව්‍ය යොදා මෙම ග්‍රීස්ම කාලයේ කෘත්‍රීම වතුර වළවල් සාදා, වතුර බොන්න එන සතුන්ව මරා ගන්නා බවත් පිළිගෙන තිබෙනවා.

සැකකරු තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම වැටලීම සඳහා වනසත්ව අඩවි සහකාර හසිත නිර්මාල්, වනසත්ව නියාමක කුමාර ජයරංග, මනෝජ් පබසර, අරුණ කුමාර, ක්ෂෙත්‍ර සහායක සාරංග චන්දිමාල්, එච්.සමන්ත සහ රියදුරු කුසුම් ප්‍රියන්ත යන අය සහභාගී වෙලා තිබෙනවා.

නැවත වතාවක් අපිට කියන්න තියෙන්නේ මෙවැනි විශ අන්තර්ගත දඩමස් ආහාරයට ගැනීම එම ආහාරයට ගන්නා පුද්ගලයාගේ ජීවිතයටත් අනතුරක් විය හැකි බවයි.

06/04/2026

අද යාල සෆාරි ජිප් රථයකින් ලුකස්ව හප්පගෙන ගිහින්…..
මේවා වෙන නිසා තමයි අපි මේ ගැන කලක ඉදන් කතා කරන්නේ.දැන්වත් වහාම මේ විසඳුම්වලට යා යුතුයි නේද?

02/04/2026

ලංකාව කවද්ද, සතුන් ගැනත් සංචාරකයන් ගැනත් රටේ ගෞරවය ගැනත් හිතන සංචාරක ගමනාන්තයක් සහිත රුදෙස් සංචාරක කර්මාන්තයක් ඇති කරන්නේ….
විනාඩි කිහිපයක් වැය කර මෙය බලන්න….
අන් අය සමග බෙදා ගන්න…
ඔබේ අදහස් ගොනු කරන්න….
අපි එක්ව හදමු ලස්සන ලංකාවක්……

විදෙස් හිමිනම අපවත් කළේ මිනී කන කොටියෙක් ද ?මෙන්න වීඩියෝව.වනාන්තරයක ගමන් ගන්න කෙනෙක්ට හිටගෙන ඉද්දී බෙල්ලට පැනලා පහර දෙනව...
31/03/2026

විදෙස් හිමිනම අපවත් කළේ මිනී කන කොටියෙක් ද ?
මෙන්න වීඩියෝව.
වනාන්තරයක ගමන් ගන්න කෙනෙක්ට හිටගෙන ඉද්දී බෙල්ලට පැනලා පහර දෙනවා කියන්නේ එයා මිනී කන කොටියෙක්……


#වෙනස්පුද්ගලයෙක්වෙනස්කතාවක්

නයනක රන්වැල්ල චමුදිත සමරවික්‍රම සමග Nayanaka Ranwella On Truth with Chamuditha(මෙම වැඩසටහන අවසරයකින් තොරව page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්....

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Serendib posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share