Ashan's Thinking

  • Home
  • Ashan's Thinking

Ashan's Thinking ආයුශ බොහෝ වේවා ! 🇱🇰☘️

ඇත්තටම ජීවිතේ සමහර තැන් වල අපි හැමෝටම තනිවුනා, තනිවෙනවා වගේ හැඟීමක් එනවා.  ඒ වෙලාවට හිතෙන්නෙ "ඇයි මටම මෙහෙම වෙන්නෙ?" කිය...
20/09/2025

ඇත්තටම ජීවිතේ සමහර තැන් වල අපි හැමෝටම තනිවුනා, තනිවෙනවා වගේ හැඟීමක් එනවා. ඒ වෙලාවට හිතෙන්නෙ "ඇයි මටම මෙහෙම වෙන්නෙ?" කියලා. යාළුවො, පවුලෙ අය වටේට හිටියත් සමහර වෙලාවට දැනෙන්නෙ පුදුම හිස්කමක්.

හැබැයි, අපි මේ තනිකම දිහා "අවාසියක්" විදියට බලනව වෙනුවට, ඒක "බලයක්" කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන කතා කරමුද? 💪 අන්න ඒකට තමයි "Alone Wolf" කියන theory එක අපිට උදව් වෙන්නෙ. 🐺

🤔 මොකක්ද මේ Alone Wolf Theory එක?

"Alone Wolf" කිව්වම සමහරු හිතන්නෙ කොන් වෙච්ච, සමාජයෙන් ඈත් වෙච්ච දුකින් ඉන්න කෙනෙක් කියලා. ඒත් ඇත්ත කතාව ඒක නෙවෙයි. නියම "Alone Wolf" කියන්නෙ තමන්ගෙ ගමන තනියම යන්න බය නැති, තමන්ව විශ්වාස කරන, තමන්ගෙ වටිනාකම දන්න ශක්තිමත් කෙනෙක්ට. 🧠✨

තනිකම කියන හැඟීමෙන් ගොඩ එන්න මේ Alone Wolf මානසිකත්වය ඔයාට උදව් වෙන්නෙ මෙහෙමයි:

1. තනිකම නෙවෙයි, ඒක "Solitude" (ඒකාන්ත බව) කියලා හිතන්න. 🚶‍♂️/🚶‍♀️

ලොකුම වෙනස තියෙන්නෙ මෙතන. තනිකම (Loneliness) කියන්නෙ ඔයාට තනිවුනා කියලා දුක් වෙන එක. ඒකාන්ත බව (Solitude) කියන්නෙ ඔයා තනියම ඉන්න එක "භුක්ති විඳින" එක. මේක ඔයාගෙ කැමැත්තෙන් තෝරාගන්න දෙයක්.

කරන්න ඕනි දේ: ඔයා තනියම ඉන්න වෙලාවට ඒකෙන් පැනලා දුවන්න හදන්නෙ නැතුව, ඒකත් එක්ක ඉන්න පුරුදු වෙන්න. තනියම කෝපි එකක් බොන්න, තනියම film එකක් බලන්න, තනියම පොඩි walk එකක් යන්න. මේකෙන් ඔයාට ඔයාවම තේරුම් ගන්න ලොකු ඉඩක් ලැබෙනවා.

2. තමාව සොයාගැනීමට (Self-Discovery) කාලයක් වෙන් කරගන්න. 🧭

වටේට සෙනඟ නැති වෙලාවට තමයි අපිට අපි ගැනම හරියට හිතන්න පුළුවන් වෙන්නෙ. ඔයා ඇත්තටම කවුද? ඔයා ආසම දේවල් මොනවද? ඔයාගෙ ජීවිතේ අරමුණු මොනවද?

කරන්න ඕනි දේ: පොතක් අරගෙන ඔයාගෙ හිතට එන දේවල් ලියන්න. ඔයාගෙ හීන, ඔයාගෙ බය, ඔයාට සතුටු හිතෙන දේවල්... මේ හැමදේම ලියද්දි ඔයාට ඔයා ගැනම පුදුම පැහැදිලිකමක් ඒවි. ඔයාට කරන්න පුළුවන් දේවල්, ඔයා දක්ෂ දේවල් ඔයාටම තේරෙන්න පටන් ගනීවි.

3. ඔයාගෙ කුසලතා (Skills) මුවහත් කරගන්න. 🛠️📚

Alone Wolf කෙනෙක් කියන්නෙ හරිම දක්ෂ, හැකියාවන්ගෙන් පිරුණු කෙනෙක්. තනියම ඉන්න වෙලාව නිකන් කම්මැලි කමට ගත කරනවට වඩා ඔයාගෙ දැනුම, හැකියාවන් වැඩි කරගන්න පාවිච්චි කරන්න.

කරන්න ඕනි දේ: අලුත් භාෂාවක් ඉගෙන ගන්න පටන් ගන්න, Online Course එකක් කරන්න, YouTube බලලා අලුත් දෙයක් (උයන, software එකක්, සංගීත භාණ්ඩයක්) ඉගෙන ගන්න. මෙහෙම කරද්දි ඔයාගෙ ආත්ම විශ්වාසය (Self-confidence) ඉබේම වැඩි වෙනවා. 💪

4. ශාරීරිකව සහ මානසිකව ශක්තිමත් වෙන්න. 🏋️‍♀️🧘

ශක්තිමත් ශරීරයක ශක්තිමත් මනසක් තියෙනවා. තනිකම නිසා එන මානසික පීඩනය අඩු කරගන්න හොඳම ක්‍රමයක් තමයි ව්‍යායාම කරන එක.

කරන්න ඕනි දේ: අඩුම තරමෙ දවසට විනාඩි 30ක් ව්‍යායාම කරන්න. දුවන්න, gym යන්න, ගෙදරට වෙලා exercise කරන්න, නැත්නම් අඩුම තරමෙ හයියෙන් ඇවිදින්න. භාවනා කරන එක (Meditation) ඔයාගෙ හිත එක තැනක තියාගන්න පුදුම විදියට උදව් වෙනවා.

5. සම්බන්ධතා වල ප්‍රමාණයට (Quantity) වඩා ගුණාත්මකභාවය (Quality) ගැන හිතන්න. ❤️

Lone Wolf කෙනෙක්ට යාළුවො නැත්තෙ නෑ. හැබැයි එයාට ඉන්නෙ "නමට" යාළුවො සිය ගාණක් නෙවෙයි. එයාගෙ ගමනට ශක්තියක් වෙන, එයාව තේරුම් ගන්න, අවංකවම එයා එක්ක ඉන්න කිහිප දෙනෙක් විතරයි.

කරන්න ඕනි දේ: ඔයාගෙ ජීවිතේට වටිනාකමක් එකතු නොකරන, ඔයාව පාවිච්චි කරන, ඔයාට නිතරම මානසිකව වට්ටන මිනිස්සුන්ව හඳුනගෙන එයාලගෙන් ටිකක් ඈත් වෙන්න. ඔයාට ඇත්තටම වටින, ඔයාගෙ හොඳම දේ එළියට ගන්න උදව් කරන මිනිස්සු දෙතුන් දෙනෙක් හිටියම ඇති.

සාධක (Factors):

මනෝවිද්‍යාවට අනුව, තමන් සමඟ තනිවම කාලය ගත කිරීම (Solitude) පුද්ගලයෙකුගේ නිර්මාණශීලීත්වය (Creativity), ගැටළු විසඳීමේ හැකියාව (Problem-solving skills) සහ මානසික ස්ථාවරත්වය (Emotional stability) වැඩි කරනවා. නිකොලා ටෙස්ලා, ඇල්බට් අයින්ස්ටයින් වගේ ලෝකයේ දැවැන්ත චරිත පවා තමන්ගේ ශ්‍රේෂ්ඨ සොයාගැනීම් බොහොමයක් කලේ තමන් සමඟ තනිවම ගැඹුරින් කල්පනා කරලා. 🧠

ඉතින්, ඊළඟ පාර ඔයාට තනිවුනා වගේ දැනුනොත්, ඒකෙන් වැටෙන්න එපා. ඒක ඔයාගෙ ජීවිතේ "Power-Up" කරගන්න ලැබුණු අවස්ථාවක් කියලා හිතන්න. ඔයාගෙ ඇතුළෙ ඉන්න "Lone Wolf"ව එළියට ගන්න. තනියම, ඒත් ශක්තිමත්ව, විශ්වාසයෙන් ඔයාගෙ ගමන යන්න. 💖

දවසක ඔයා හැරිලා බලද්දි ඔයාටම තේරේවි, ඒ තනිකම තමයි ඔයාව අද ඉන්න ශක්තිමත් මනුස්සයා කලේ කියලා.

Rusiru Galagoda
BA (Hons) Psychology
University of Sri Jayewardenepura
Diploma in Counseling Psychology
Licensed Member in APA

24/02/2025

එහෙම ගැහැණුත් මේ මහපොළොවේ ඉන්නවා ! ❤

26/09/2023

ආදරේ පැරදුනා කියලා,
ජීවිතය පැරදුනා කියලා හිතන්න එපා !

23/09/2023

හානම් හා.බෑනම් බෑ කියන්න පුරුදු වෙන්න 💚🙂✌️

මිත්‍රයා happiness කියන්නේ Mood එකක්possitivity කියන්නේ Mindset එකක්ඉතින් ඔයා තෝරගන්නේ මොකක්ද ?
23/09/2023

මිත්‍රයා happiness කියන්නේ Mood එකක්
possitivity කියන්නේ Mindset එකක්
ඉතින් ඔයා තෝරගන්නේ මොකක්ද ?

16/08/2023

පහුගිය දවසක මට කෝල් එකක් දීලා කෙනෙක් කතා කරා.
අෂාන් මල්ලි මමත් ඉන්නේ වෙරෝනා.
මම සුනිල් කියලා කෙනෙක්.
අපි වෙලාවක හම්බවෙමු.මම ඒ වෙලාවේ වැඩ කරන ගමන් හිටිය නිසා ආව කෝල් එක ලොකු ගානක් නැතුව කතා කරලා තිබ්බා.
වැඩ ඉවර උන ගමන්ම ආයෙම ඒ නම්බර් එකෙන් කෝල් එකක් ආවා.මල්ලි ඔයා වැඩ ඉවර වෙන්නේ 12ට නේද මම ඇවිත් ඉන්නේ ඒ කිට්ටුවට.
ඉතින් කිව්ව වගේම ඒ ආදරණීය මනුස්සය ඇවිත් හිටියා.
නිකන් නෙවෙයි මනුස්සකම් පොදි බැදගෙන.
ඉතුරු ටික වීඩියෝ එකේ තියෙනවා.
ඉතාලිය කියන්නේ මනුස්සකම් වලින් පිරුණු ලස්සන මිනිස්සු ඉන්න රටක්.

"මිනිස්සු මිය ගියත් මනුස්සකම් මිය යන්නේ නෑ සහෝදරයා "
💚🙂

lets share Smile 🍃💚

10/06/2023

අවුරුදු ගාණක ලස්සන පරිච්ඡේද ඉවර වෙන්න ගත වෙන්නේ
"එකම එක තප්පරයි"
හිනාවෙලා දරාගන්න 💚🖇

07/06/2023

ඔයා ඔයා වෙනුවෙන් ජීවත් උනාද ? 💚🖇

04/06/2023

ලෝකෙ මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න අපිට පුළුවන්ද ? 🥺
🖇️💚

03/06/2023

ලෝකය සනසන්න කලින් අපි සැනසෙමු.
අනිත් හිත් හදන්න ඔයාගේ හිත වනසගන්න එපා.
එහෙම බිදුණු හිත්,ඉක්මනින් සුවපත් වේවා 💚🖇

01/06/2023

මෙහෙම නතර වුන "ලස්සන" ආදර කතා කොච්චරනම් ඇතිද මේ ලෝකේ 🥺💚🖇

Mention කරන් යන්න ඒ ලස්සන ආදර කතාවේ අයිතිකාරයව 💚

31/05/2023

තනිකම තමයි මේ ලෝකේ තියෙන සුන්දරම හැගීම 💚🖇

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ashan's Thinking posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ashan's Thinking:

  • Want your business to be the top-listed Media Company?

Share