15/05/2023
🛑 ලෝකයේ මෙතෙක් හදපු හොඳම යතුරුපැදි හෙල්මට් එකක කතාව! 🪖
Schuberth GmbH කියලා කියන්නේ 1954 අවුරුද්දේ ඉඳන් හෙල්මට් හදන ජර්මානු සමාගමක්. මේ සමාගම ගොඩක්ම හොඳ අමුද්‍රව්‍ය වලින් සුපිරිම හෙල්මට් හදනවා කියලා ලෝකප්‍රසිද්ධයි. ඒ හින්දා ෆෝමියුලා රේසින් කාර් පදින තරඟ වලට සහභාගී වෙන ඒ කාලෙ හිටපු ලෝක ශූරයෙක් වෙන මයිකල් ෂූමාකර් මේ සමාගමත් එක්ක ගොඩක් සමීපව කටයුතු කරලා තියනවා සහ, ඔහුට රේසින් කාර් පදිනකොට ආරක්ෂාවට දාන හෙල්මට් එක හදලා දීලා තිබුනෙත් මේ සමාගමම තමයි. මෙහෙම කාලය ගතවෙනකොට 2004 අවුරුද්දේ The Schuberth RF 1.5 කියලා අලුත්ම යතුරුපැදි හෙල්මට් එකක් ගැන පරීක්ෂණ කරන්න මේ සමාගම පටන්ගත්තා. ඊට පස්සේ ඔවුන් මේක වෙළඳපොළට නිකුත් කරන්නත් කලින් මයිකල් ෂූමාකර්ට මේ හෙල්මට් එකක් පාවිච්චි කරන්නත් දීලා තිබුනා. කාබන් ෆයිබර් වලින් හදපු මේ හෙල්මට් එක කොච්චර ශක්තිමත්ද කියනවා නම් ඡායාරූපයේ ඔබ දකින විදියට මේ සමාගම යුද්ධ ටැංකියක් තමන්ගේ මේ අලුත් හෙල්මට් එකට උඩින් යැව්වත් කිසිම හානියක් මේ හෙල්මට් එකට වුනේ නෑ. ( සමහර සමාගම් තමන්ගේ නිෂ්පාදන පරීක්ෂණ වලට පාවිච්චි කරනකොට හොර බොරු කරන නිසා මේකත් එහෙම බොරුවක් කියලා හිතපු අයත් ඒ කාලෙ හිටියා.) වාර්තා වෙන විදියට ඒ කාලෙ මේ හෙල්මට් එකක වටිනාකම ඇමරිකානු ඩොලර් 20,000ක් වගේ වෙලා තියනවා. අද කාලෙ ඩොලරයේ උද්ධමනය එක්ක මේ හෙල්මට් එකක වටිනාකම ඇමරිකානු ඩොලර් 31,850ක් එහෙමත් නැත්තන් රුපියල් ලක්ෂ 108ක් වගේ වෙනවා.
හැබැයි ඔහොම ගිහින් 2009 අවුරුද්ද වෙනකොට තවත් ෆෝමියුලා රේසින් කාර් පදින කිහිපදෙනෙක්ට මේ හිස්වැසුම පාවිචිචි කරන්න මේ සමාගම අවසර ලබාදීලා තිබ්බ නිසා, 2009 අවුරුද්දේ ජූලි 25 හංගේරියානු Grand Prix තරගාවලියේ දෙවනි සුදුසුකම් ලබාගැනීමේ වටයට සහභාගී වුන Felipe Massa කියන තරඟකරුවත් මේ හිස්වැසුමක් පැළදගෙනයි හිටියේ. මෙහෙම ඔහු ධාවනපථයේ යන ගමන් ඉන්නකොට ඔහුට ඉදිරියෙන් ගියපු Rubens Barrichello කියන තරඟකරුවගේ ෆෝමියුලා රථයෙන් ගැලවිලා වැටුන සස්පෙන්ෂන් පද්ධතියේ ස්ප්‍රින්ග් එකක් ඇවිත් අධික වේගයෙන් හරියටම මේ Felipe Massa ගේ ඇසකට පොඩ්ඩක් උඩින් වැදිලා තිබුනා. එදා ඔහු මේ හෙල්මට් එක පැළඳගෙන හිටිය නිසා තමයි අර වගේ ප්‍රබල පහරක් වැදිලත් ජීවිතේ බේරගන්න ඔහුට පුළුවන් වුනේ. (ඡායාරූප බලන්න.)
මේ සිද්ධි වලින් පස්සේ මේ Schuberth GmbH සමාගමේ හෙල්මට් ගොඩක් ජනප්‍රිය වුනා වගේම, ඒ වෙනකොට වෘත්තියෙන් සමු ගත්තත් මේ මයිකල් ෂූමාකර් සාමාන්‍ය ක්‍රීඩා කරනකොටත් මේ සමාගමේ හිස්වැසුම් විතරයි පාවිච්චි කලේ. 2013 අවුරුද්දේ දෙසැම්බර් මාසේ මේ මයිකල් හිමේ Ski පදින ගමන් ඉන්නකොට මේ වතාවේ ඔහුට අනතුරක් සිදුවුනා. මේ අනතුර හින්දා ලොකු හානියක් මයිකල්ගේ ඔළුවට සිදුවෙලා මාස කිහිපයක් කෝමා තත්වයේ ඉන්නත් ඔහුට සිද්ධ වුනා. හැබැයි මේ අනතුර වෙන වෙලාවෙත් Schuberth GmbH සමාගමේ හෙල්මට් එකක්ම තමයි මයිකල් පැළඳගෙන හිටියේ. මේ වෙලා තිබුන අනතුරේ හැටියට මයිකල්ගේ ජීවිතය එදා එහෙමහරි බේරුනේ ඒ පැළඳගෙන හිටපු හෙල්මට් එක නිසා කියලා ඔහුගෙ වෛද්‍යවරු අදටත් ප්‍රකාශ කරනවා. ඒ නිසා තමයි මේක ලෝකයේ මෙතෙක් හදපු හොඳම යතුරුපැදි හෙල්මට් එකක කතාව බවට පත්වෙන්නේ!
අපේ රටේදි යතුරුපැදියක උනත් මිනිස්සු ගමන් කරන වෙලාවට හෙල්මට් එකක් අනිවාර්යෙන්ම හරියට පළඳින්න ඕන පොලිසියට බය හින්දා නෙවෙයි, මෙන්න මේ වගේ කරුණු නිසයි කියලා මේ උදාහරණ තේරුම් ගත්ත මනුස්සයෙක්ට ආයෙ අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ!
✍️ Sulochana Dissanayake ©️