Neth News PLUS

  • Home
  • Neth News PLUS

Neth News PLUS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Neth News PLUS, News & Media Website, .

අබුඩාබි ක්‍රිකට් පිටියේ තණතීරු භාරකරු අභිරහස් ලෙස මියයයි..නවසීලන්ත – ඇෆ්ඝනිස්තාන තරගයට පෙර අබුඩාබි තණතීරු සකසන්නා මරුටඅබ...
07/11/2021

අබුඩාබි ක්‍රිකට් පිටියේ තණතීරු භාරකරු අභිරහස් ලෙස මියයයි..
නවසීලන්ත – ඇෆ්ඝනිස්තාන තරගයට පෙර අබුඩාබි තණතීරු සකසන්නා මරුට
අබුඩාබි Sheikh Zayed ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරු මොහාන් සිං අභිරහස් ලෙස මිය ගොස් තිබෙනවා.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය හා ඇෆ්ඝනිස්තානය අතර අද(7) පස්වරුවේ ආරම්භ වූ තරගයට පෙර ඔහු මෙලෙස මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නවාතැන් ගෙන සිටි කාමරයේ දී ම මොහාන් සිං මිය ගොස් සිටි අතර අද පැවතිබ්නවසීලන්ත – ඇෆ්ඝනිස්තාන තරගයේ තණතීරු භාරකරු වූයේ ද ඔහුයි.

මොහාන් සිං 2004 වසරේ දී අබුඩාබි වෙත පැමිණ තිබුණේ ඉන්දියාවේ පංජාබ් ක්‍රීඩාංගනයේ දී තණතීරු භාරකරුවෙකු වශයෙන් ලැබූ පුහුණුවෙන් පසුවයි.

ඔහු 1994 වසරේ සිට පංජාබ් ක්‍රීඩාංගනයේ සේවය කර තිබුණා.

https://youtu.be/sfmQmDvzOIQ
21/10/2021

https://youtu.be/sfmQmDvzOIQ

කැති පොලු අතටගත්, ග්‍රෑන්ඩ්පාස් සිගිති පාතාලය | Neth News---------------------------------------------------------------------------------------------නෙත් FM...

18/06/2021

පෑලියගොඩ මාලු වෙළෙදපොලට අද වෙලා තියෙන දේ... | PELIYAGODA FISH MARKET | NETH NEWS-----------------------------------------------------------------------------...

චන්දිමාල් නිරෝධායනයෙන් පනී.. තලවතුගොඩ රෝහලකින් මතුවේ..වැඩි විස්තර නිරෝධායන නීති කඩකරමින් උපන්දින සාදයක් පැවැත්වීම හේතුව...
03/06/2021

චන්දිමාල් නිරෝධායනයෙන් පනී.. තලවතුගොඩ රෝහලකින් මතුවේ..
වැඩි විස්තර
නිරෝධායන නීති කඩකරමින් උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කිරීමෙන් පසු නිරෝධායනය සදහා යොමු කරන ලද පිරිස අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ඇතුලත්ව නැතැයි වාර්තා වේ.

මේ වන විට ඔහු තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක නැවතී සිටින බවද සඳහන්ය.

ඊයේ දිනයේ බණ්ඩාරෙවල ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට පහළොස් දෙනකුගේ පමණ පිරිසක් යොමු කළ නමුත් චන්දිමාල් ජයසිංහ එහි සිටියේ නැත.

ඔහු සොයා ඔහුගේ කෝට්ටේ පිහිටි නිවසට ගිය ද එම නිවස නිවසේ ද ඔහු නො සිටි බව පොලිසිය සඳහන් කර තිබිණි.

OIC ගේ බිරිද ASP පැහැරගෙන යයි.. OIC පොලිසි යයි.වැඩි විස්තර සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් තම බිරිඳ පැහැරගෙන ගියේ ඇයි ප...
03/06/2021

OIC ගේ බිරිද ASP පැහැරගෙන යයි.. OIC පොලිසි යයි.
වැඩි විස්තර
සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් තම බිරිඳ පැහැරගෙන ගියේ ඇයි පොලිස් ස්ථානාධිපතිවරයෙකු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

කිරිබත්ගොඩ පොලිසියට මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයක පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙක් විසිනි.

චෝදනාව එල්ල වන සහකාර පොලිස් අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කරන්නෙකි.

අදාළ පැමිණිල්ලේ සඳහන් වන්නේ එම සහකාර පොලිස් අධිකාරිවරයා නිල රථයෙන් තම බිරිඳ නංවාගෙන කොළඹ නුවර මාර්ගයේ ගමන් කරමින් සිටියදී තමන් ඔවුන් පසුපස හඹා ගිය බවත් පසුව ඔවුන් එම මාර්ගය පිහිටි ව්‍යාපාරිකයකුලේ නිවසකට ඇතුළු වූ බවත්ය.

අනතුරුව දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් සිදුවීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ පොලිසියට පැමිණෙන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාල පැමිණිලි සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි

තත්ත්වය තවමත් අවදානම්
03/06/2021

තත්ත්වය තවමත් අවදානම්

එළවළු වර්ග 12කින් යුත් මල්ලක් රුපියල් 500යිවැඩි විස්තර ආර්ථික මධ්‍යස්ථානවල තොග මිල ගණන් යටතේ එළවළු වර්ග 12කින් යුත් එළවළ...
03/06/2021

එළවළු වර්ග 12කින් යුත් මල්ලක් රුපියල් 500යි
වැඩි විස්තර
ආර්ථික මධ්‍යස්ථානවල තොග මිල ගණන් යටතේ එළවළු වර්ග 12කින් යුත් එළවළු මල්ලක් රුපියල් 500ක සහන මිලට කොළඹ දිස්ත‍්‍රික්කයේ අලෙවි කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.

මීට අමතරව වේයන්ගොඩ, දඹුල්ල සහ තඹුත්තේගම යන ආර්ථික මධ්‍යස්ථානවලින් මිල දී ගන්නා ලද වියළි ආහාර ද්‍රව්‍ය හා එළවළු දෙපාර්තමේන්තුවේ භට පිරිසගේ ශ‍්‍රම දායකත්වයෙන් ඉතාමත් සහන මිලට මරදාන, බොරැුල්ල, දෙමටගොඩ, බම්බලපිටිය, ගල්කිස්ස, නුගේගොඩ, ජාඇල, ගම්පහ, කඩවත, වත්තල, කිරිබත්ගොඩ සහ මාබෝල යන ප‍්‍රදේශයන්හිදී ජංගම සහන රථ 10ක් යොදාගෙන අලෙවි කිරීම ද සිදු කරනු ලබනවා.

ඒ සමගම සුවඳැල්, බටපොල ඇල් හා බාස්මතී යන දේශීය සහල් වර්ගද රතු කැකුළු, සුදු කැකුළු, නාඩු, කීරි සම්බා සහ සම්බා සහල් වර්ග ද මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.

කොළඹ දිස්ත‍්‍රික්කයේ ඕනෑම ප‍්‍රදේශයකට මෙම ජංගම රථ ගෙන්වා ගත හැකි අතර එහිදී එම ප‍්‍රදේශයේ අවම වශයෙන් පවුල් 50ක් පමණ සිටිය යුතුයි.

ජංගම රථ ගෙන්වා ගැනීම සඳහා දුරකථන අංක 0740165006 මගින් ලූතිනන් කර්නල් රත්නායක හෝ 0740165042 මගින් කැප්ටන් අබේසිංහ ඇමැතිය හැකියි

තවත් ගැබිනි කාන්තාවක් කොවිඩ් මාරයා බිලි ගනියි
03/06/2021

තවත් ගැබිනි කාන්තාවක් කොවිඩ් මාරයා බිලි ගනියි

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Neth News PLUS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share