Mother SriLanka

  • Home
  • Mother SriLanka

Mother SriLanka .

ප්‍රවීන රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතා දිවි සැරිය නිමා කරයි...උතුම් නිවන් සුව ලැබේවා, ආදරණීය මිත්‍රයා... 😥💔
23/09/2025

ප්‍රවීන රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතා දිවි සැරිය නිමා කරයි...

උතුම් නිවන් සුව ලැබේවා, ආදරණීය මිත්‍රයා... 😥💔

Sri Lankan Police Recruitment Written Exam - 2025.10.04According to Government Gazette Notification No. 2442 - 2025.06.2...
23/09/2025

Sri Lankan Police Recruitment Written Exam - 2025.10.04
According to Government Gazette Notification No. 2442 - 2025.06.20, 7036 citizens who applied for sub-police inspector and police constable posts have been submitted to written test. The written test is scheduled to be held at 07 exam centers nationwide on 2025.10.04 as follows.

• Written Test of Recruitment for the post of Sub Police Inspector
1300 hours to 1500 hours on 2025.10.04

• Recruitment written test for the post of Police Constable from 1000 hours to 1215 hours on 2025.10.04

Exam centers are as follows.

1. Vivekananda College, Colombo 13
2. Hamid Al Hussaini College, Colombo 12,
3. Gurukula College, Kelaniya
4. Sri Sumangala College, Kandy
5. Silvestara College, Kandy
6. Walisinghe Harischandra College, Anuradhapura
7. St Aloysius College, Galle.

Candidates who have qualified for the examination and did not have the exam ticket by 2025.09.30 can enquire about the exam ticket by calling 011- 2687339 or 011 – 2687329
----------------------
Written Examination for Deputy Police Inspector and Police Constable posts in Sri Lanka Police - 2025.10.04
7036 candidates have applied for recruitment for Sri Lankan Deputy Police Inspector and Police Constable, based on Royal Gazet Notification No. 2442 - 2025.06.20.
Permission papers have been sent to eligible candidates for these exams.
The written exam is scheduled to be held on October 4, 2025 at exam centers in 7 parts of the country.
🕐 exam times :
🔹 Trainer for the post of Deputy Police Inspector
📆 Date: 2025.10.04
🕐 Time: 1.00 pm to 3.00 pm
🔹 Trainer for Police Constable post
📆 Date: 2025.10.04
🕐 Time: 10.00 am to 12.15 pm
🏫 Exam Central Stations:
1. Vivekananda College, Colombo - 13
2. Hameed Al Hussaini College, Colombo - 12
3. Gurugala Vidyalayam, Kalani
4. Sri Sumangala Vidyalayam, Kandi
5. Silvestra Vidyalaya, Kandy
6. Valisingha Harissandra Maha Vidyalaya, Anuradhapuram
7. Santa Eloysius School, Cali
📞 Those who didn't get permission:
If you have not received the permission form before 2025.09.30, you can contact the following numbers:
📞 011 – 2687339
📞 011 – 2687329
🛡️ Sri Lankan Police
🔖 Official Announcement
-----------------------------------------------

As per Government Gazette Notification No. 2442 - 2025.06.20, 7036 citizens who applied for the posts of Sub-Inspector of Police and Police Constable of the Sri Lanka Police have been invited for the written examination and their admission forms have been sent.

The written examination is scheduled to be held on 04.10.2025 at 07 examination centres across the island as follows.

• Written examination for recruitment for the post of Sub-Inspector of Police will be held on 04.10.2025 from 1300 hrs to 1500 hrs

• Written examination for recruitment for the post of Police Constable will be held on 04.10.2025 from 1000 hrs to 1215 hrs

The examination centres are as follows.

1. Vivekananda College, Colombo 13
2. Hamid Al Husseini College, Colombo 12,
3. Gurukula College, Kelaniya
4. Sri Sumangala College, Kandy
5. St. Sylvester's College, Kandy
6. Walisinghe Harischandra College, Anuradhapura
7. St. Aloysius College, Galle.

Candidates who are eligible for the examination and have not received their examination admit card by 30.09.2025 can inquire about their examination admit card by calling the telephone number 011- 2687339 or 011 – 2687329.

#මේ_ඔබේ_පොලිසියයි

Prompt එක ඔනි කෙනෙකුට 👉 Create a retro vintage grainy but bright image of the reference picture but draped in a perfect ...
22/09/2025

Prompt එක ඔනි කෙනෙකුට 👉 Create a retro vintage grainy but bright image of the reference picture but draped in a perfect red wine color Pinteresty aesthetic retro shirt with white pant and holding a rose flower in hands. It must feel like a 90s movie and romanticising windy environment. The girl is standing against a solid wall deep shadows and contrast drama, creating a mysterious and artistic atmosphere where the lighting is warm with a golden tones of evoking a sunset or golden hour glow. The background is minimalist and slightly textured the expression on her face is moody, calm yet happy and introspective.

මොනවද මේ අයිස් කියන්නෙ?ඉස්සර මත්ද්‍රව්‍ය කිව්වම හෙරොයින් කොකේන් ගැන තමයි කතා කරේ. දැන් ඒවා ඇහෙන්නෙ ඉතාම කලාතුරකින්.. ලෝක...
21/09/2025

මොනවද මේ අයිස් කියන්නෙ?
ඉස්සර මත්ද්‍රව්‍ය කිව්වම හෙරොයින් කොකේන් ගැන තමයි කතා කරේ. දැන් ඒවා ඇහෙන්නෙ ඉතාම කලාතුරකින්.. ලෝකේ හැම තැනින්ම අහෙන්න අයිස්... ඇත්තටම මොනවද මේ අයිස්...

අයිස් කියන්නෙ මිනිස්සු කටවචනෙට දාගත්ත එකක්. මේක ඇවිල්ලා මෙතෆෙටමින් නැත්තන් ක්‍රිස්ටල් මෙත් කියල කෙමිකල් එක... මේක කැට හැටියට කුඩු හැටියට පෙති හැටියට එනව. මේ කැට හැටියට එන එක ඇත්තටම අයිස් කෑලි වගේ.. ඔය ෆ්‍රිජ් එකේ තියෙන අයිස් කැට කෑලි කෑලි වලට කැඩුවොත් අන්න ඒ පෙනුමට මේක ගොඩ සමානයි.. ඒ නිසා තමයි මේකට අයිස් කියන නම ආවේ..

❄️ #අයිස්_ගහනවා කියන්නෙ මොකද්ද..

කට කඩපු වීදුරු බල්බයක් හෝ බීකරයක් ඇතුලට අයිස් දාල යටින් රත් කරාම උඩට එන දුම බටයක් ආධාරයෙන් උරන එක තමයි ලංකාවේ ප්‍රකට ක්‍රමය..

( මේක කිවේ අයිස් ගහන්න පුරුදු කරන්න නෙමෙයි, පුතාගෙ කාමරේ ඇඳයට තිබුන බිඳුන බල්බ් එක මොකද්ද කියලා හොයපු නැති අම්මලා හිටියා, පුතාගෙ පොත්මේසෙ උඩ තිබ්බ පිච්චුන බීකරය විද්‍යාව පාඩමට ඕන එකක් වෙන්නැති කියලා හිතන් හිටිය තාත්තලා හිටියා.. එයාලට දැනගන්නයි ඒක ලිව්වෙ)

වෙන රට වල මේක රත් කරලා දිය කරලා සිලින්ජර්ස් වලට දාලා ඉන්ජෙක්ට් කරගන්න එක එකත් ක්‍රමයක්..

අයිස් කියන මත්‍ද්‍රවය මොන විදියට පාවිච්චි කරත්.. ඒකියන්නෙ නාහෙන් දුම ඇද්දත්, බිව්වත්, ඉන්ජෙක්ට් කරගත්තත් ,ගිල්ලත්... කෙලින්ම බලපෑම ඇතිවෙන්නෙ අපේ මොලේට..

අපේ මොලේ තියෙනව එක කොටසක්.. එතනින් තමයි සතුටේ හෝමෝනය ශ්‍රාවය කරන්නෙ.. ඒ කොටසේ සෛල වලින් තමයි මේ සතුටේ හෝමෝනය හෙවත් dopamine (ඩොපමීන්) කියන හෝමෝනය නිශ්පාදනය වෙන්නෙ.. කොටින්ම අපිට සතුට,පරිපූර්ණත්වය,වගේ හැඟීම් දැනෙන්නෙ ඒ හෝමෝනය ශ්‍රාවය වීමෙන්.. අපිට සතුට දැනෙන දේවල් ආයෙ ආයෙ කරන්න පොලඹවන්නෙ මෙන්න මේ හෝමෝනය.. අපි කැමතිම සින්දුවක් ඇහුවම, කරගන්න බැරි වැඩක් ඉවරකරාම, රස ආහාර වේලක් කෑවම දැනෙනවා වගේ සතුට මිශ්‍ර උන හෙනම ෆිට් බවක් ඇතිවෙන්නත් මෙන්න මේ හෝමෝනය නිසා...

අයිස් ශරීර ගත උන ගමන් යන්නෙ මොලේ මෙන්න මේ කොටසට.. ගිහිල්ලා ඩොපමින් හදන ඒරියා එක උත්තේජනය කරනවා.. ඒ සමඟම අපේ මොලය ඩොපමින් විශාල ප්‍රමාණයෙන් නිශ්පාදනය කරන්න ගන්නවා.. ඒක සමහරවිට ජිවිත කාලෙම හදපු නැති තරන් ඩොපමින් ප්‍රමාණයක් එක මොහොතෙම හදන්න ගන්නවා..

සාමන්‍යෙ අපේ මොලයේ ඩොපමින් 100%ජ් තියෙනවා කියල.. අපි රස කෑමක් කෑවම ඒක ත්ව 50%කින් විතර ඉහල ගිහින් අපිට ආශ්වාදයක් ලැබෙනවා. කෙල්ලත් එක්ක ආදරේ කරනවා හෝ වෙනත් ආශ්වාදය දැනෙන දෙයක් කරා කියමු, අපේ ඩොපමින් තවත් 100%කින් වැඩිවෙනවා..ඒ සතුට දැනෙන දේවල් ආයෙ ආයෙ කරන්න හිතෙන්නෙ අපි ඔන්න ඔය ඩොපමින් ශ්‍රාවයට කැමති නිසා...

හැබයි අයිස් ගැහුවම මේ තියෙන 100% සතුට තාවකාලිකව 1000% ඒ කියන්නෙ දස ගුණයකින් වැඩි වෙනවාලු... ඉතින් ඔන්න අපිට පුදුම තරමේ ප්‍රීතියක්, උදයෝගයක්, පුදුම ආතල් එකක් දැනෙන්න ගන්නවාලු.

මතක තියාගන්න අයිස්ගහන උන් මත් වෙන්නෙ නෑ.. ඇස් රතුවෙන්නෙ නෑ... වදිනවා කියලා දේකුත් වෙන්නෙ නෑ.., වැනෙන්නෙ නෑ, කල්පනා කරන්නෙ නෑ.. ගල්බමුණ වෙන්නෙ නෑ.. කොටින්ම කුඩු ගැහුවා වගේ වෙන්නෙත් නෑ..

❄️ #ඇබ්බැහිවෙන්නෙ_ඇයි...

මාරම කික් එකකින් ආතල් එකකින් සතුටකින් පිරිලා ඉතිරිලා යනවා.. ඕන දෙයක් පැය ගනන් දවස් ගනන් කරන්න පුලුවන්, නින්ද අහලකවත් නෑ.. මාරම ත්‍රිල් එකේ දවස් ගෙවෙනවා.. බඩගින්නක්වත් එන්නෑ.. මොකද හොද කෑමක් කෑවම එන ත්‍රිල් එක, කෑමක් නොකාම දැනෙන නිසා... කෙලින්ම සුපර්මැන් පවර් එකක් එනවා වගේලු.. නිදිමරන් නොකා නොබී ඕන ගේමක් ගහන්න පූලුවන් කියළා තාවකාලික හැගීමකුත් එනවා.. ඒ නිසා ඕකට පටස් ගාල ඇබ්බැහිවෙනවා... දුර දුවන බස් ඩ්‍රයිවර්ලා ගොඩක් ඕක ගහනව කියන්නෙ ඒකයි.. මහන්සිය තෙහෙට්ටුව නිදිම්ත බඩගින්න මේ මුකුත් දැනෙන්නෑ...

රහ කෑමක් කන එක, සුන්දර දසුනක් බලන එක, ආස හිතෙන දෙයක් කරන එක, ආදරේ කරන එක, ක්‍රීඩාවක් කරන එක, මේ වගේ අපිට සතුට දනවන දේවල් ආයෙ ආයෙ කරන්න හිතෙන හැඟීම දෙන ඩොපමීන් ඉතා විශාල ප්‍රමාණයකින් නිපදවෙන නිසා අයිස් වලට මුල් කාලේ ඉතාම ඉක්මනින් ඇබ්බැහි වෙනවා..

❄️ ටික දවසකින් මොකද වෙන්නේ..

මේක ටික දවසක් දිගට වෙනවා... අයිස් එනවා.. මොලේ සෛල අවුස්සනවා. අතිවිශාල ප්‍රමාණයෙන් ඩොපමින් හදනවා.. අයිස් ගහන එකා සතුටින් ඉපිල යනවා.. ඔන්න ටික දවසක් ගියාම මොලේ සෛල වලට මහන්සීයි... මොකද ඩොපමින් නිශ්පාදනය ඉතාම වැඩී... සෛල වලට තව දුරටත් ස්වභාවිකව ඩොපමීන් නිශ්පාදනය කරගන්න බැරිවෙනවා.. ඒ කියන්නෙ මොලය අයිස් එනකන් බලන් ඉන්න ගන්නවා. ආවොත් විතරක් ඩොපමින් හදනවා.

කොටින්ම අයිස් නැතුව ඩොපමීන් හැදෙන්නෙ නැතුව යනවා.. සතුට නැති වෙනවා.. දැන් තමයි භයානකම කොටස... මිනිස්සු හොල්මන් වගේ වෙන්න ගන්නවා.. අනවශ්‍යය භීතියක් ඒ මිනිහට දැනෙන්න ගන්නවා, අපේක්ශාභංගත්වයට පත් වෙනවා.. දැන් ඒ මිනිහට තේරෙන්න ගන්නවා මේක උනේ අයිස් ගහලා කියලා.. එයාට අයිස් ඕන්නෑ...හැබැයි එයාට ඩොපමින් ඕන.. ඩොපමින් ඕන නිසා එයා බැගෑපත් වෙනවා.. අනේ මට අයිස් ඕනා.. පොර දන්නවා මේක විනාසයක් කියලා.. හැබැයි ආයෙ හැරෙන්න බෑ. හැරුනත් ඩොපමින් නැතුව ජීවත් වෙන්න බෑ.. ඇඟ රිදෙනවා.. භය දැනෙනවා..
ඒකට උත්තරේ තව අයිස් හොයනවා... ආයෙම වලෙන් වලටම යනවා...

මේ තමයි ක්‍රිස්ටල් මෙත් වල හැටි... ගැලවෙන්න ඕන උනත්... කවදාවත් ගැලවෙන්න බෑ... භාවනා මෙඩිටේශන් මොනවා කරත් ගැලවෙන්න බෑ.. මිනිහටම තේරෙනවා මිනිහ අයිස් වලින් විනාස වෙන බව.. ඒත් ගැලවෙන්න බෑ...

ඒ නිසා කවූරු හරි අයිස් ගහන පලවෙනි දවස තමයි ඒ මිනිහා ජීවත් වෙන එක නවත්තන දවස වෙන්නෙ..

❄️ අයිස් හදන්න පාවිච්චි කරන්නෙ මොනවද...

පුදුමයට පත්වෙන්නෙපා.. අයිස් හදන්න පාවිච්චි කරනකිස්ම දෙයක් ස්වාභාවික දේවල් නෙමෙයි.. ගහකොලකින් ගන්න දේවල් නෙමෙයි.. සියලුම දේ ලැබ් වල හැදෙන රසායන ද්‍රවය..

❄️ Pseudoephedrine - සූඩෝඇපිඩ්‍රින්

ස්වසන මාර්ගයේ අපහසුතා තියෙන අයට ඒක ක්‍ර්ලියර් කරන්න දෙන බෙහෙතක්.. අතුරු ආබාධ අධික නිසා මේක ඉතාම සුළු ප්‍රමාණයන් ගන්න ඕනා ඖශධයක් කියලා තමයි කියන්නෙ. අයිස් හදනකොට ඕවා ගෝනි ගණන් දාන්නෙ. ඉතින් සොරි.කොම් තමයි.

❄️Acetone - ඇසිටෝන්

Nail polish removers දන්නවනේ. ඒ තමයි ඔය ඇසිටෝන්. තින්ත වල ඝණත්වය අඩු කරන්න දාන කෙමිකල් එකක්.. හරියට තිනර් වගේ..

❄️Ammonia - ඇමෝනියා

මේක පෝර හදන්න පාවිච්චි කරන කෙමිකල් එකක්.

❄️ Hydrochloric acid - හයිඩ්‍රොකෝරික් ඇසිඩ්

මේක පිරිසිදුකාරකයක්.. ටොයිල්ට් සුද්ද කරන්න ගන්නෙ මේවා තමයි. යවන්න බැරි පැල්ලම් යවන්මෙත් මේවා දාලා.. ඔය ලයිසෝල් වල හාපික් වල තියෙන්නෙ මෙව්වා..

❄️ Lythium - ලිතියම්

බැට්‍රි හදන්න පාවිච්චි කරන අමුද්‍රවයක්...

❄️ Red phosphorus රෙඩ් පොස්පරස්

ගිනිකූරු ඔලු ෆයර් වර්ක්ස් හදන්නෙ මේවයින්.. මේවා පුපුරණ ද්‍රවය... ඒකයි සමහර වෙලාවට වාර්තාවෙන්නෙ අයිස් හදන කර්මාන්තශාලා ගිනි අරගෙන පුපුරලා ගියා කියලා..

❄️ Toluene ටොලුයින්

මේකත් තීන්ත වල දෘශ්‍යාවීතාවය අඩු කරන්න පාවික්චි කරන එකක්.. ගම් හදන්නත් පාවිච්චි කරනවා..

❄️ Sulfuric acid - බැටරි ඇසිඩ්

ඔන්න ඕවා තමයි ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් වල තියෙන්නෙ..

මේක යක්ශයාගෙ නිර්මාණයක් කියලා කියන්නෙ ඒකයි. ක්‍රිස්ටල් කියලා නම දැම්මහම හරි නිර්මල පැහදිලියි වගේ පෙනුනට.. ඇත්තටම මේක ක්‍රිස්ටල් මෙත් නෙමෙයි crystal death (පැහැදිලි මරණය)

අයිස්වලින් අපේ මනස විකෘති වෙන තව විදියක් තියෙනවා..

අපිට දුක දැනෙන්න ඕන වෙලාවට සතුටක් දැනෙනවා, සතුට දැනෙන්න ඕන වෙලාවට දුක, බය දැනෙන්නෙ ඕන වෙලාවට නිර්භීතකමක්, ඒ වගේ අපේ මනස මඤ්ඤං කරන හැකියාවකුත් මේ අයිස් වලට තියෙනවා..

අයිස් ගහන මිනිහෙක්ගේ ඉදිරි ආයුකාලය උපරිම අවුරුදු 10යි.. දත් දිරන්න ගන්නවා. අස්ථි දිරන්න ගන්නවා. අවුරුදු 20/25 මනුස්සයාට අවුරුදු 50/55 ක පෙනුමක් එනවා. ලෝකෙම තමන්ට එරෙහිවෙලා වගේ දැනෙනවා... කීසිම හේතුවක් නැතුව දුකක් දැඩෙන්න ගන්නවා. තමාව සමාජෙන් කොන් උනා කියලා හිතෙනවා... සමාජෙන් පලිගන්ඩ හිතෙනවා.. අනික් මිනිස්සුන්ගෙ ජිවිතේට හානි කරන්න හිතෙනවා... අවසානයේ තමන්ගෙ ජිවිතේට හානි කරගන්න හිතෙනවා.. මේ තමයි මේ අයිස් වල ඛේදාන්තය...

තව දුරටත් මොලේ ඩොපමින් හැදෙන්නෑ.. හැදෙන්නෙ අයිස් ගැහුවොත් විතරයි
දුක නැති කරගන්න වෙන කිසිම ක්‍රමයක් නෑ.. ඒ නිසා අවසාන හුස්ම වෙනකන්ම අයිස් ඉල්ලනවා..

අයිස්වල කතාව ඔන්නෝකයි.. භයානකම දේ තමයි හෙරෙයින් වලටත් වඩා බහුලව අයිස් හොයාගන්න මේ සමාජෙන් පුලුවන්.. ඔව් ඔබේ දරුවාට, සහෝදරයට, සහෝදරියට, පෙම්වතාට, පෙම්වතියට, ගැහැනු පිරිමි බේදයකින් තොරවමේ ඕනම කෙනෙක්ට ලඟාවිය හැකි සීමාවටම අයිස් මාරයා ඇවිල්ලා.....

ඉස්සර පකිස්තානය පැත්තෙන් ඕමාන් බෝඩර් එකෙන් අමාරුවෙන් ලංකාවට ආපු අයිස්... දැන් ලංකාවෙම නිශ්පාදනය කරන තැනට එමින් සිටිනවා..

පිලමන්ට් එක අයින් කරපු බල්බ් එකක්.. පතුල පිලිස්සුන හැන්දක්... පිලිස්සුම් ලකුණු සහිත බීකරයක් කොතනක හරි දැක්කොත් ඔබේ සීමාවේ අයිස් ඛේදාන්තයේ ගොදුරක් ඉන්නවා....

සැලකිලිමත් වෙන්න... දැනුම්වත් වෙන්න....



ලිපියේ මුල් හිමිකරුට ස්තූතිය සහ ගෞරවය පුද කර සිටිමු..

21/09/2025

🛑සුපිරී... දුම්රිය තුල දුම්පානය කරමින් ගිය බාලවයස්කාර දරුවෙකු මගීන් හා ගාඩ් මහතා මැදිහත්ව බස්සවා නීතිය ක්‍රියාත්මක කරයි..

🤥 Fake Friends (ව්යාජ මිතුරන්)​බොරුවට මිත්‍රත්වය පෙන්වන අයව ජීවිතයෙන් අයින් කරන්න. 🙅 පිටුපා සිටින විට පිටට පිහියෙන් අනින...
17/09/2025

🤥 Fake Friends (ව්යාජ මිතුරන්)

​බොරුවට මිත්‍රත්වය පෙන්වන අයව
ජීවිතයෙන් අයින් කරන්න. 🙅

පිටුපා සිටින විට පිටට පිහියෙන් අනින අය එක්ක
මිත්‍රකම් පවත්වන්න හිතන්නවත් එපා. 🔪

පෙනුමට මිත්‍රයෙක් වුණාට
ඊර්ෂ්‍යා කරන අයව අඳුරගන්න. ⚠️

එයාලගෙ බොරු හිනාව පිටිපස්සෙ හැංගුන කුහකකම තේරුම් ගන්න. 🤫

ජීවිතේ සාමය නැති කරන
අයගෙන් ඈත් වෙන්න. 😌

ඔයා ගැන ඇත්තටම සතුටු වෙන, හයියක් වෙන, ආදරය කරන අයව විතරක් ජීවිතයට එකතු කරගන්න. ❤️

වටේ ඉන්න අය බොරු කරනවා කියලා හදවතට
දැනෙනවා නම්, තනියම ඉස්සරහට යන්න. 🚶

Copied From : lakma

ඉරීනා සරුට්ස්කාට රියදුරු බලපත්‍රයක් නොතිබූ අතර රැකියාවට යාමට සහ ඒමට පොදු ප්‍රවාහනය මත විශ්වාසය තැබුවාය. 🥹ඇගේ පවුලේ නීතිඥ...
15/09/2025

ඉරීනා සරුට්ස්කාට රියදුරු බලපත්‍රයක් නොතිබූ අතර රැකියාවට යාමට සහ ඒමට පොදු ප්‍රවාහනය මත විශ්වාසය තැබුවාය. 🥹

ඇගේ පවුලේ නීතිඥවරයා මෙසේ පැවසීය.
“ඇය ඇගේ රිය.දුරු බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කරමින් සිටි අතර පරීක්ෂ.ණය සඳහා ඔක්.තෝබර් මාසයේදී පෙනීසිටීමට සැලසුම් කර තිබුණි. ඇය ඒ ගැන බොහෝ ආඩම්බර විය - ඇය මෝටර් රථ.යක් පවා මිලදී ගෙන තිබුණි.”

“ඇය හරිම විනෝදජනක, ආදරණීය, අපූරු පුද්ගලයෙක්. ඇය බැසීමට නියමිතව සිටි 36 වන වීදියේ දුම්රිය ස්ථානයේ සිට මිනිත්තු 10 ක් පමණ දුරින් ජීවත්ව සිටියාය. ඇය ඉක්මනින් ගෙදර එන බවට ඇගේ පෙ.ම්වතාට කෙටි පණිවිඩයක් යවමින් සිටියාය. නමුත් ඇය කිසි විටෙකත් නැවත ආපසු එහි ගියේ නැත.”

නමුට්ග් ඇයට අත්වූයේ ඉතා ඛේදජනක ඉරණමකි.
පිටුපසින් ආ මා.රයා ඇයව බි.ලි ගත්තාය.

ඔබට නිවන්සුව!

Copied.

නේපාලයේ හිල්ටන් හෝටලය ගිනි ගන්නවා. අපි හැමෝම ජාත්‍යන්තර මාධ්‍ය වලින් දැක්ක දෙයක්.මොලේ වැඩි කමට නොතේරෙන නිසා ඔය කරපු එක ද...
14/09/2025

නේපාලයේ හිල්ටන් හෝටලය ගිනි ගන්නවා.
අපි හැමෝම ජාත්‍යන්තර මාධ්‍ය වලින් දැක්ක දෙයක්.

මොලේ වැඩි කමට නොතේරෙන නිසා ඔය කරපු එක දේ නේපාලයේ ආර්ථිකයට මොන තරම් බලපෑමක් කරාවිද කියලා ඔය දරුවො හීනෙන්වත් හිතන්න නැතුව ඇති.

ඔය හොටලයේ අද දළ වටින කම ඇමරිකන් ඩොලර් මිලියන 90ක්. රුපියල් නම් මිලියන 27,000. කෝටි 2700ක්.

ඔය හෝටලය තමයි එහේ තියෙන උසම හෝටලය, නේපලයේ අයිකන් එක විදියට සැලකෙන තැන. ඒ වගේම සියලුම ස්වාභාවික විපත් වලට ඔරොත්තු දෙන්න පුලුවන් විදියට හදපු එකක්.

නේපාලයේ සාමාන්‍ය ලක්ශ 15ක වගේ සංචාරකයින් එන රටක්. කොව්ඩ් වලට පස්සේ ඒක යතා තත්වයට ඒවි කියලා බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේ.

හැබැයි මේ වෙද්දීම ඒ රටට දාලා තිබ්බ බුකිං වලින් 90%කට ආසන්න ගානක් කැන්සල් වෙලා තියෙනවා. ඒ කියන්නේ සංචාරක කර්මාන්තය ෆ්ලැට් නේ.

ඔය හෝටල් වල ඉහල කලමණාකාරිත්වයේ ඉදලා අතුගාන කෙනා වෙනකම් මේ වෙද්දී රස්සා නෑ. මේ වෙද්දී නෙවෙයි තව සෑහෙන්න කාලෙකට රස්සා නෑ.

ඒ වගේම ඔය ගිනි ගන්න හොටල් හිමියන් ආපහු නේපාලයේ ආයෝජනය කරන සම්භාවිතාවය බොහොම අඩුයි. ඉන්ශුරන්ස් ලැබුනත් ඒ මුදල වෙන රටකට දානවා මිසක ආපහු නේපාලයේ දාන්නේ නෑ.

ඒ වගේම තව කාලෙකට ආයෝජකයින් එන්නේ නෑ. මොකද ආයෝජකයින්ට ගණුදෙනු කරන්න ආණ්ඩුවක් නෑ. පත්වෙන නීත්‍යානුකූල නොවන ආණ්ඩුව කොයිවෙලේ මිනිස්සු එලවාවිද දන්නේ නෑ.

ඔන්න ඔය අස්ථාවරත්වය එක්ක නේපාලයේ හැම ඉන්ශුරන්ස් කම්පැනි එකකටම ප්‍රිමියම් වැඩි කරන්න වෙනවා. මොකද නැතුව ප්‍රතිරක්ෂන ගන්න බෑ.

ඒ වගේම ආණ්ඩුවට ලැබෙන සෑහෙන්න බදු ආදායමක් නැති වෙනවා වගේම ජනතා බදු මුදලින් වන්දි ගෙවන්න වෙනවා.

මොකද ඔය ගිනි තැබීම් වෙන්නේ රාජ්‍යය ඒවා ආරක්ෂා කරන්න අසමත් උන නිසා, මිනිස්සු ආයෝජන කරන්නේ ගෙවල් ඉඩම් වාහන ගන්නේ රාජ්‍යය විස්වාස කරලා.

රාජ්‍යය ඒ විස්වාසය ආරක්ෂා කරන්න අපොහොසත් නම් රාජ්‍යය විසින් ඒකට වන්දි ගෙවන්න ඕන....

අපි ඒ මගේ ආසන්නයට ගියත් මොකක්දෝ වාසනාවකට අවසාන මොහොතේදී නැවතුනා..

(ඉන්දික ජයලත් මුහුණ පොතෙන් උපුටා ගත් අතර එහි මුල් අයිතිකරුට සටහන පිළිබඳ ස්තුතියි...)

උපාධි ප්‍රදානෝස්වයට කොටි ගනනක් වටින කාර් එක ගෙනත් Photo ගහපු සිසුවාගේ කාතාව..A/L  වලින් ලංකාවෙන්ම හතර වෙනියා වෙලා, කොළඹ...
30/08/2025

උපාධි ප්‍රදානෝස්වයට කොටි ගනනක් වටින කාර් එක ගෙනත් Photo ගහපු සිසුවාගේ කාතාව..

A/L වලින් ලංකාවෙන්ම හතර වෙනියා වෙලා, කොළඹ මෙඩිකල් ෆැකල්ටි ගිහින්, Doctor කෙනෙක් වෙන්න ලංකාවේ කරන්න පුළුවන් අමාරුම ඩිග්‍රි එක කරන ගමන්,

ඒ ලෙවල් රසායන විද්‍යාව විභාගයට ළමයිට Class කරනවා. අද වෙද්දි ලංකාවේ ප්‍රධාන පෙළේ ගුරුවරයෙක් වෙලා.❤

S/F ගන්න හිතන් ඉන්න උන්ට A/B ගන්න රෑ එළි වෙනකන් Theory, Revision, Rapid Revision, Paper කියලා එක එක විදියට ළමයින්ව ගොඩ දාන්න මහන්සි වෙන්න,

අවුරුදු 27 වෙනකොට තමන්ගෙම මහන්සියෙන් ගත්තු BMW i7 එකකුයි, Nissan GT-R Nismo එකකුයි අරන් MBBS එක ගන්න උපාධි ප්‍රදානෝත්සවයට එන්න නිකන්ම නිකන් මනුස්සයෙක්ට බෑ.

වචනෙන්ම චරිතයක්.❤
ඉතින් මේක වත්මන් අනාගත පරපුරටත් වටිනම දෙයක්. වගේම ආදර්ශයක්.
උත්සහය තියනවානම් අපිට බැරි දෙයක් නෑ 😌

හොදට ඉගෙන ගිනින් අධ්‍යාපනය කියන්නේ අත්තටු.

නිදහස් අධ්‍යාපනය දිගු කල් දිනේවා.

විශේෂයෙන් ම කාලය කළමනාකරණය කරගන්න එක. 🙂
ඒත්.. ඔහු එය සිදු කළා.

ඔහු අමිල දසනායක.💖


Copied

🛑මේක පොඩ්ඩක් බෙදාහරින්න..🛑ඔබයි මායි ඉගෙනගන්නවා.. ඔබයි මායි වැටුපක් ගන්නවා.. ඔබයි මායි දන්නවා ඒ වැටුප ගන්න විදින දුක.. බස...
14/07/2025

🛑මේක පොඩ්ඩක් බෙදාහරින්න..🛑
ඔබයි මායි ඉගෙනගන්නවා.. ඔබයි මායි වැටුපක් ගන්නවා.. ඔබයි මායි දන්නවා ඒ වැටුප ගන්න විදින දුක.. බස් එකේ යන්න.. Train එකේ යන්න.. පුද්ගලික වහනේට තෙල් ගහන්න කන කට්ට..
මාස කීයක් ඉදලද ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරන්නේ... නේද..
ඉතිම් ඔබයි මමයි දෙනනම බදු ගෙවනවා.. පොඩ්ඩක් නෙමෙයි මහන්සියෙන් පංගුවක්..
හැබැයි ඔබේ ඒ සල්ලි වලින් පිරිසක් නිකන් කනවා.. එයාල නිදාගන්නකොටත් ඔබේ සල්ලි ටික එයාලගේ Account වලට වැටෙනවා.. බහුතරකට සල්ලි වැටුන දාට පාටි.. ඔබ??

කබදා හරි ආණ්ඩුව රිදෙන්න පාඩමක් ඉගෙන ගන්නවා ඒ උගත් මිනිස්සුන්ගෙන්....💔 චන්දෙ දුන්නා හෝ නුදුන්නා මේ කරන වැඩේ වැරදියි..
Copied!

🛑මේක පොඩ්ඩක් බෙදාහරින්න..🛑
ඔබයි මායි ඉගෙනගන්නවා.. ඔබයි මායි වැටුපක් ගන්නවා.. ඔබයි මායි දන්නවා ඒ වැටුප ගන්න විදින දුක.. බස් එකේ යන්න.. Train එකේ යන්න.. පුද්ගලික වහනේට තෙල් ගහන්න කන කට්ට..
මාස කීයක් ඉදලද ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරන්නේ... නේද..
ඉතිම් ඔබයි මමයි දෙනනම බදු ගෙවනවා.. පොඩ්ඩක් නෙමෙයි මහන්සියෙන් පංගුවක්..
හැබැයි ඔබේ ඒ සල්ලි වලින් පිරිසක් නිකන් කනවා.. එයාල නිදාගන්නකොටත් ඔබේ සල්ලි ටික එයාලගේ Account වලට වැටෙනවා.. බහුතරකට සල්ලි වැටුන දාට පාටි.. ඔබ??

කබදා හරි ආණ්ඩුව රිදෙන්න පාඩමක් ඉගෙන ගන්නවා ඒ උගත් මිනිස්සුන්ගෙන්....💔 චන්දෙ දුන්නා හෝ නුදුන්නා මේ කරන වැඩේ වැරදියි..

29/08/2024

💰ඔබ මීට පෙර මුදල් සකස් කරන ආකාරය දැක තිබේද?💲🪙

💵මුදල් සඳහා, කපු සහ ලිනන් වලින් සාදන ලද විශේෂ කඩදාසි භාවිතා වේ. 🪙කාසි සඳහා, ලෝහ හිස් සකස් කරනු ලැබේ, සාමාන්යයෙන් තඹ, නිකල් සහ සින්ක් වැනි මිශ්ර ලෝහ වලින් සමන්විත වේ.

කඩදාසි මුදල් ඒකකය: කැටයම් සහ මුද්‍රණ කාර්යාංශය විසින් ඕෆ්සෙට් මුද්‍රණ යන්ත්‍ර භාවිතයෙන් විශාල කඩදාසි පත්‍ර මත මෝස්තර මුද්‍රණය කරයි. මෙම ක්‍රියාවලියේදී ආරක්‍ෂක අංගයන් ද ඇතුළත් කර ඇත.

කැපීම සහ පරීක්ෂා කිරීම (කඩදාසි මුදල් සඳහා) මුද්‍රණය කිරීමෙන් පසු විශාල කඩදාසි තනි බිල්පත් වලට කපා ඇත. සෑම බිල්පතක්ම ගුණාත්මකභාවය සහ නිරවද්‍යතාවය සඳහා පරීක්ෂා කරනු ලැබේ, එය සංසරණය සඳහා ප්‍රමිතීන් සපුරාලන බව සහතික කරයි.

තත්ත්ව පාලනය: කල්පැවැත්ම, ආරක්ෂාව සහ සත්‍යතාව සඳහා අවශ්‍ය ප්‍රමිතීන් සපුරාලීම සහතික කිරීම සඳහා කඩදාසි මුදල් සහ කාසි යන දෙකම දැඩි තත්ත්ව පාලන පරීක්ෂාවන්ට භාජනය වේ.

ඇසුරුම් කිරීම සහ බෙදා හැරීම: නිමි මුදල් හෝ කාසි සුරක්ෂිතව ඇසුරුම් කර ආර්ථිකය පුරා සංසරණය සඳහා බැංකු සහ මූල්‍ය ආයතන වෙත බෙදා හරිනු ලැබේ.

මෙම ක්‍රියාවලිය පුරාම, ව්‍යාජ මුදල් නෝට්ටු වැළැක්වීමට සහ මුදල්වල අඛණ්ඩතාව සහතික කිරීමට දැඩි @ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක වේ.

තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට මෙම පිටුවට Like කර Follow කරන්න.👍✅

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Mother SriLanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share