Tea Life

Tea Life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tea Life, News & Media Website, .

පුරාණ චීන තේ කලාව ප්‍රගුණ කල මානවරූපී රොබෝවරයෙක් එම කලාව දෘශ්‍යමාන කිරීම චීන මාධ්‍ය වාර්තා කොට තිබුනේ මෙම අපූරු ඡායාරූප...
12/08/2026

පුරාණ චීන තේ කලාව ප්‍රගුණ කල මානවරූපී රොබෝවරයෙක් එම කලාව දෘශ්‍යමාන කිරීම චීන මාධ්‍ය වාර්තා කොට තිබුනේ මෙම අපූරු ඡායාරූප කිහිපයෙනි.

Bai Hao Yin Zhen White Tea( බයි හාඕ යින් ෂෙන් සුදු තේ )———————————————————-චීනයේ ෆුජියන් (Fujian) පළාතේ ෂෙන්ග්හේ (Zhengh...
01/08/2026

Bai Hao Yin Zhen White Tea
( බයි හාඕ යින් ෂෙන් සුදු තේ )
———————————————————-
චීනයේ ෆුජියන් (Fujian) පළාතේ ෂෙන්ග්හේ (Zhenghe) ප්‍රාන්තයේ Bai Hao Yin Zhen සුදු තේ නිෂ්පාදනය කරනු ලබයි.
තේ ශාකයේ ඉතා සියුම් හා ළපටි අංකුර පමණක් යොදාගෙන නිෂ්පාදනය කරන ලද විශිෂ්ටතම සුදු තේ වර්ගයක් ලෙස මෙය හැඳින්විය හැකිවෙයි. පැණි රස, මල් සුවඳ සහ බටර් වැනි මෘදු රසය මෙම සුවිශේෂී සුදු තේ වර්ගයේ ප්‍රධාන ලක්ෂණයන් වෙයි. ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
මෙම වියළි තේ කොළ මෘදු සහ සන්සුන් මල් සුවඳක් විහිදුවයි. එමෙන්ම මෙම තේ පානය ඉතා මෘදු හා සිනිඳු වන අතර, බටර් වැනි රසයක් මෙන්ම පැණි රස (සුදු මී පැණි, උක් දඬු) සහ ප්‍රබෝධමත් ශාකමය සුවඳ (ස්නෝ පී - snow pea, නැවුම් එඩමාමේ - edamame) සහ සුළු පළතුරු රසයක් (හනිඩියු - honeydew) ද එහි අඩංගු වේ. මල් වර්ගයක (හනිසකල් - honeysuckle) සියුම් සුවඳක් සමඟින් ප්‍රබෝධමත් පසු රසයක් මුව තුළ ඉතිරි කරයි. තේ වගා කරන ප්‍රදේශයේ පස හා දේශගුණය (terroir), තේ ප්‍රභේදය සහ නිෂ්පාදකයාගේ කුසලතාව මත මෙම අද්විතීය රසය නිර්මාණය වී තිබෙයි.

Sunshine Rose තේ —————————-සියුම් රෝස මල් පොහොට්ටුවක් වටා අතින්ම අමුණන ලද කල් ගත වූ සුදු තේ (white tea) දලු වලින් සමන්වි...
26/07/2026

Sunshine Rose තේ
—————————-
සියුම් රෝස මල් පොහොට්ටුවක් වටා අතින්ම අමුණන ලද කල් ගත වූ සුදු තේ (white tea) දලු වලින් සමන්විත මෙම තේ වර්ගය, මිහිරි දැවමය සුවඳ සහ රෝස, ජැස්මින් හා ප්ලම් (plum) මල්වල සියුම් සුවඳ මුසු වූ විශිෂ්ට රසයකින් යුත් තේ කෝප්පයක් ලබා දෙයි. එය Sunshine Rose තේ ලෙස ජනප්‍රිය වෙයි.

අඳුරු සහ ශීතල දිනෙක දිනක ඇතිවන ඒ අලස බව දුරු කරලීමට මෙම 'Sunshine Rose' තේ කෝප්පයේ රසය ඉවහල් වන බව තේ රස සොයා යන බොහෝ දෙනාගේ මතය වෙයි.

Huang Shan Mao Feng green teaහුවාං ෂාන් මාවෝ ෆෙන්ග් ග්‍රීන් ටී ——————————————————හුවාං ෂාන් මාඕ ෆෙන්ග් ලෙසින් හැදින්වෙන්...
25/07/2026

Huang Shan Mao Feng green tea
හුවාං ෂාන් මාවෝ ෆෙන්ග් ග්‍රීන් ටී
——————————————————
හුවාං ෂාන් මාඕ ෆෙන්ග් ලෙසින් හැදින්වෙන්නේ චීනයේ අන්හුයි පළාතේ හුවාංෂාන් කන්දේ මීදුම සහිත කඳු මුදුන්වල වැඩෙන ප්‍රසිද්ධ හරිත තේ වර්ගයකි. චීනයේ ක්විංමිං උත්සවයට පෙර වසන්තයේ මුල් භාගයේදී මෙහි අස්වනු නෙළා ගැනීම සිදු කරයි.

එක් අංකුරයක් සහ පත්‍ර දෙකක් බැගින් ඉතා ප්‍රවේශමෙන් නෙළා ගන්නා මෙම තේ වර්ගය, ලා ඔලිව් කොළ පැහැයෙන් යුත් අලංකාර පානයක් ලෙස පිළියෙළ වේ. ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
මෙහි ඇති ප්‍රබෝධමත් සුවඳ උණ වනාන්තරයක පවතින වාතයේ නැවුම් බව සිහිගන්වන අතර මෘදු හා සමබර රසයකින් යුතුවෙයි. එමෙන්ම ඕකිඩ් මල් සුවඳ, සුදු ලොම් සහිත අංකුර සහ මිහිරි ශාකමය රසය සඳහා ප්‍රසිද්ධ මෙම දිගු වේලාවක් දැනෙන ඇස්පරගස්, ශීත ඍතු උණ දළු, ස්නෝ පීස් සහ වින්ටර් මෙලන් වැනි හරිත ශාක සුවදයන්ද අඩංගු වෙයි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Tea Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share