17/08/2025
🔥 කියවන්නම ඕන කතාවක්.
"සන්ලයිට් ගම" ✨
ඔයා කවදාහරි හිතලා තියෙනවද,
👉 තමන්ගේම කියලා හිතේ තියෙන සරල අදහසක්, පුංචි නිෂ්පාදනයක් විදියට පටන් අරගෙන, ඒක ටිකෙන් ටික ලොකු කරලා, මුළු ලෝකයම හඳුනන සන්නාමයක් බවට පත්කරන්න...?
👉 ඒ සාර්ථකත්වය ඔයාට විතරක්ම නෙවෙයි. ඒකෙන් ලැබෙන ආදායමෙන්, තමන්ගේ සමාගමේ වැඩ කරන සේවකයන්ට නිකම්ම පඩියක් දෙනවා වෙනුවට, ඔවුන්ගේ පවුල්වලට සතුටින් ජීවත් වෙන්න පුළුවන් සුන්දර ගම්මානයක්ම හදලා, දරුවන්ට හොඳ අනාගතයක් එක්ක සුරක්ෂිත ජීවන තත්ත්වයක් ලබා දෙන්න...?
👉 ඊටත් එහා ගිහින්, තමන් උපන් ගමට, ඉගෙන ගත්ත ඉස්කෝලෙට, දිළිඳුකමින් නැගිටින්න අත දෙන්න...?
👉 තමන්ගේ ප්‍රදේශයෙන් නොනැවතී රටේම වෘත්තිකයන්ට සෙත සලසන්න පාර්ලිමේන්තුවටම පත්වෙලා ගිහිං, ඉතිහාසය වෙනස් කරන ඉල්ලීම් ටිකක් දිනාගෙන, ඊට පස්සෙ පාර්ලිමේන්තුව පැත්ත වත් නොබලා ඉන්න...?
👉 එතනිනුත් නොනැවතී, ඔයා මේ ලෝකෙන් සමුගත්තට පස්සෙත්, ඔබ ජිවිත කාලයේ උපයපු ධනය මගින් ඔබේ දැක්ම ඉදිරියට ගෙනියන්න.. ඔබේ අවසන් කැමැත්ත, මුළු ලෝකය පුරාම අනාගත පරම්පරාවන්ගේ අධ්‍යාපනයට, අලුත් අදහස් වලට පාර කපන බලාපොරොත්තුවේ උල්පතක් වෙනවා නම්...?
මේ කෙටි ජිවිත කාලෙ ඇතුලේ, ඒ තරම් හරියක් කරන්න හිතන එකත් හීනයක් වගේ නේද? හැබැයි ලඟා කරගන්න බැරි හීනයක්ම නෙවෙයි. මේ තමයි එංගලන්තයේ සිල්ලර බඩු වෙළෙන්දෙකුගේ පුතෙක් වුන, විලියම් ලීවර්ගේ සැබෑ ජීවිත කතාව. ලීවර් කියන්නේ, වෙළුම් කීපයක් එක්ක පොත් කීපයක්ම වුනත් ලියන්න වටිනා දැක්මක් තිබුන මනුස්සයෙක්. එයාගේ විප්ලවීය අදහස වුණේ, ලොකු පතුරු විදියට ඒ කාලේ විකුණපු සබන්, ලස්සනට කැබලිවලට කපලා, දවටනයක් දාලා, 'සන්ලයිට්' නමින් සන්නාමයක් (Brand එකක්) දෙන එකයි. ඒ පුංචි සබන් කැටය, පිරිසිදුකම ගැන ලෝකයේ තිබුණු ආකල්පයම වෙනස් කළා.
✨ වෙළඳ ලෝකයට ඔහු කියාදුන් පාඩම්
ලීවර් කියන්නේ අලෙවිකරණයේ දක්ෂයෙක්. අදටත් ව්‍යාපාර ලෝකයට ඔහුගේ උපක්‍රම වලංගුයි.
* සන්නාමයේ බලය (Branding): භාණ්ඩයකට නමක්, අනන්‍යතාවයක් සහ විශ්වාසයක් ලබාදීමේ වැදගත්කම ඔහු ලොවටම පෙන්වා දුන්නා.
* අන්තර්ගත අලෙවිකරණය (Content Marketing): සබන් පැකට් එක ඇතුළේ ලස්සන පින්තූර කාඩ්පත් දාලා, පාරිභෝගිකයා සහ භාණ්ඩය අතර සම්බන්ධයක් ගොඩනැගුවා.
* විශාල දැක්මක් (Purpose-Driven Marketing): ඔහු සබන් වික්කේ නැහැ; ඔහු "පිරිසිදුකම සාමාන්‍ය දෙයක් බවට පත්කිරීමේ" ඔහුගේ දැක්ම තමා වික්කෙ.
✨හදවතින්ම දුන් මිනිසෙක්: පෝට් සන්ලයිට් හි අසිරිය
ඔහුගේ දානපතිකම නිකම්ම මුදල් දීමක් වුණේ නෑ. ඒක මිනිස්සුන්ගේ ජීවිත නගාසිටුවීමේ ගැඹුරු දැක්මක්. "පෝට් සන්ලයිට්" (Port Sunlight) ගම තමා ඒකට හොඳම උදාහරණය. එයා හිතුවා එයාගේ කර්මාන්ත ශාලා වල වැඩ කරන අය වෙනුවෙන්ම සුපිරි ගම්මානයක් හදලා , එයාලගේ ජීවන තත්වය උසස් කරන්න ඕන කියලා. එයා ඒකට එංගලන්තේ චෙෂයර් පලාතේ තියන ලස්සන කොල පාට අර්ධද්වීපයක් වෙන "විරල්" වලින් අක්කර 56ක් මුලින් අරගෙන සේවකයන්ට ගෙවල් හදන්න පටන් ගත්තා. ඉවර වුනේ අක්කර 130ක (ෆැක්ටරියද ඇතුලුව) සේවකයන් සඳහාම ගෙවල් 900ක විතර ගමක් හදලා.
* ඔහු එක වගේ ගෙවල් පේළි හැදුවේ නෑ. ගෘහ නිර්මාණ ශිල්පීන් 30කට වඩා යොදවලා, එකිනෙකට වෙනස්, කලාත්මක ගෙවල් හැදුවා. "ලස්සන කියන්නේ සුඛෝපභෝගී දෙයක් නෙවෙයි, සතුටින් ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දෙයක්" කියලා ඔහු විශ්වාස කළා.
* ගෙවල් විතරක් නෙවෙයි, මිනිස්සුන්ට ඕන කරන ඉස්කෝලයක්, රෝහලක් පවා හැදුවා. හරියටම ගම මැදින් යන දුම්රියපොළ හදන්නත් එයාගේ අතින් වියදම් කළා. මේ හැම එකක්ම මාරම "attention to detail" දීලා කරලා තියෙන්නෙ. උදාහරණෙකට, පාසලේ පන්ති කාමර වල ළමයි ඉඳගත්තම, ජනෙල් වලින් එලිය පෙනෙන්නේ නැති වෙන්න උසින් තියෙන්න ඉස්සරලම design කරවලා තියෙන්නෙ එයා. එතකොට ඉගෙන ගන්න ළමයින්ගේ අවධානම බිඳෙන්නේ නැහැ කියලා තමා එයා හිතලා තියෙන්නෙ.
* ගැහැණු අයට වෙනම clubs, පිරිමි අයට වෙනම බොන්න සතුටු වෙන්න පුළුවන් halls හදලා හැම පැත්තකින්ම මිනිස්සුන්ව සතුටින් තියන්න උත්සහ කරලා තියනවා ගොඩක් දේවල් ගැඹුරින් හිතලා.
* තම ආදරණීය බිරිඳ එළිසබෙත්ගේ වියෝවෙන් පසුව, ඇගේ නමින් ලේඩි ලීවර් කලාගාරය (Lady Lever Art Gallery) හදලා, ලෝක ප්‍රසිද්ධ චිත්‍ර, පුරාණ ග්‍රීක සහ රෝම ප්‍රතිමා, චීන මැටි බඳුන්, එංගලන්තයේ පැරණිම ගෘහභාණ්ඩ වගේ කෝටි ගණන් වටිනා දේවල් ඒක ඇතුළේ තියෙනවා. පුදුමේ කියන්නේ, මේ තමන්ගේ පුද්ගලික එකතුව, තමන්ගේ සේවකයන්ටයි, මහජනතාවටයි කිසිම ගාස්තුවක් නැතුව රසවිඳින්න ඔහු පරිත්‍යාග කළා. අපි අද මේක බලන්න ගියා. දැනට එංගලන්තේ මම දැකපු සුපිරිම කළාගාරය මේක. අනුරාධපුර රාජධානිය පටන් ගන්නත් කලින් කාලවල ඉඳලා සුපිරිම කලාකෘති එකතුවක් මෙතන තියනවා. "සුද්දා වැද්දා කාලේ" කියලා පටන් ගන්න කතා කියපු අයටත් ලැජ්ජා හිතෙනවා ඒ ටික දැක්කාම නම්.
✨ උගත් පාසලට කළගුණ සැලකීම සහ නොසැලෙන ධෛර්යය
* තමන් ඉගෙන ගත්ත බෝල්ටන් පාසල (Bolton School) වැහෙන තැනටම ආවම, ඔහු අති විශාල මුදලක් පරිත්‍යාග කරලා, ඒක බේරගත්තා. අද ඒ බෝල්ටන් පාසල කියන්නේ එංගලන්තයේ තියෙන ප්‍රධානම, ධනවත්ම පාසලක්. ඒක කොච්චර ලස්සනද කියනවා නම්, Netflix එකේ ජනප්‍රිය කතා මාලා වගේ දේවල් රූගත කරන්නත් පාවිච්චි කරනවා.
* ඒත් දෛවය ඔහුට තවත් පහරක් එල්ල කළා. පුතා බ්‍රයිට් කේස් එකක් වුනත්, තාත්තා හොඳම සල්ලි කාරයෙක් වුනත්, ලෝක යුද්ධ කාලේ හංගගෙන ඉන්න බැහැ. ඔහුගේ එකම පුතා, උරුමක්කාරයා, පළමු ලෝක යුද්ධයේදී මියගියා. ඒ වෙනකොට බිරිඳ කැන්සර් එකකින් මිය ගිහින් අවුරුදු 5යි. පුතා මිය යනකොට අවුරුදු 29යි . ඒත් ඒ මහා වේදනාවන් මැද, ඔහු වැටුණේ නෑ. තමන්ගේ දරුවා වගේම තවත් මේ මහා පොලවේ දරුවෝ ඉන්නවා නේද කියලා හිතුවා.
✨ දැක්ම දේශපාලනයට ගෙන ගිය හැටි
ඔහුගේ දැක්ම කම්හලට විතරක් සීමා වුණේ නෑ. ඔහු ඒ වන විටත් අති සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඒත්, රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න ඔහු දේශපාලනයට ආවා.
* මහලු වියේ විශ්‍රාම වැටුප (Old Age Pension): එදා වයසට ගිය දුප්පත් මිනිසුන්ට සිද්ධවුණේ අනාථ නිවාසවලට යන්න. ලීවර් පාර්ලිමේන්තුවේදී තර්ක කළා, විශ්‍රාම වැටුප කියන්නේ දානයක් නෙවෙයි, ඒක මිනිස්සු ජීවිත කාලෙම වැඩ කරලා රටට දුන්නු සේවයට ලැබිය යුතු "ප්‍රමාද වූ වැටුපක්" (Deferred Wage) කියලා. ඔහුගේ හඬ නිසා, 1908 දී බ්‍රිතාන්‍යයේ පළමු රාජ්‍ය විශ්‍රාම වැටුප් පනත සම්මත වුණා. අද ලෝකය පුරාම තිබෙන රාජ්‍ය විශ්‍රාම වැටුප් ක්රමයේ මුල් බීජය ඒකයි.
✨ මරණයෙන් සියවසකට පසුවත්, අදටත් ලොවට සේවය කරන උරුමය
විලියම් ලීවර්ගේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය සමහරවිට ඔහුගේ අවසන් කැමැත්ත වෙන්න පුළුවන්. ඔහු මියගොස් දැන් සියවසක් ගතවී ඇතත්, ඔහුගේ උරුමය අදටත් ජීවමානයි.
* ඔහුගේ අවසන් කැමැත්තෙන් පිහිටුවන ලද Leverhulme Trust අරමුදල, අදටත් බ්‍රිතාන්‍යයේ විශාලතම පර්යේෂණ සහ අධ්‍යාපනික ශිෂ්‍යත්ව අරමුදලක්.
* සෑම වසරකම, මෙම අරමුදල පවුම් මිලියන 100කට (රුපියල් කෝටි 4,700කට) වඩා ලොව පුරා විද්‍යාඥයින්ගේ, කලාකරුවන්ගේ සහ ශිෂ්‍යයන්ගේ සිහින සැබෑ කිරීමට බෙදා දෙනවා.
🇱🇰 ඉතින්, මේ කතාව ලංකාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
"සන්ලයිට් කිව්වම සබන්, සබන් කිව්වම සන්ලයිට්" කියලා අපේ මිනිස්සුන්ගේ ඔලුවේ තිබුණු යුගයක් තිබුණා නේද? 1938 දී ලංකාවට ආපු මේ දැවැන්තයාගේ දැක්ම, ඒ තරමටම අපේ ජීවිතවල කොටසක් වුණා. අද අපි කවුරුත් දන්නා "යුනිලීවර් ශ්‍රී ලංකා" (Unilever Sri Lanka) සමාගම, ඒ උරුමයේ ප්‍රතිඵලයක්.
ලියනවා නම් ලීවර් වටා ලියන්න තව කතා ගොඩක් තියනවා. ඒත් මේ ටික කියවලා අදහසක් ගන්න පුළුවන් කියලා හිතනවා. වැඩිදුර දැනගන්න කැමති අයට දැන් කාලේ ක්‍රම තියනවනෙ. මේ කතාව අපිට මතක් කරනවා, ව්‍යාපාරයක් කියන්නේ ලාභය විතරක් නෙවෙයි, එය මිනිසුන්ගේ ජීවිතවලට, සමාජයට සහ ලෝකයට යහපතක් කරන මෙහෙවරක් බව.
👉 ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේම දෙයක් ගැන හීන මවන්නෙක් වෙන්න පුළුවන්. විලියම් ලීවර්ගේ ජීවිත කතාව ඔයාටත් කියන්නේ එකම දෙයයි:
"ඔයාගෙ අදහස කොයි තරම් පොඩි වුනත්, ඒකට මිනිසුන්ගේ ජීවිතවලට අගයක් එකතු කරනවා, සේවයක් කරනවා කියන දැක්ම එකතු කලොත්, ඒකට පුළුවන් ඔයා ජීවත්ව ඉන්න කාලයෙන් ඔබ්බට ගිය උරුමයක් නිර්මාණය කරන්න. සරලවම, මැරෙන එක හිනා වෙලා මැරෙන්න."
✨ කතාව හරියට කියෙව්වා නම්, "Unilever" කියන brand එක දකින දකින මොහොතක මේ කතාව මතක් වේවි. ඒක වෙනසක් කරන්න ඔයාට ධනාත්මකව බලපාවි. ඔයා දන්න Unilever Sri Lanka එකේ brand කියක් තියනවද? ඒ හැම එකකින්ම ධනාත්මක අදහසක් හිතට එනවා නම් කොච්චර දෙයක්ද...!
💡 අද ඔයාගෙන්ම මේ ප්රශ්නය අහන්න:
මගේ අදහසින්, මම මේ ලෝකයට ඉතිරි කරලා යන්නේ මොන වගේ උරුමයක්ද?
කල්පනා කරලා බලන්න, ඊළඟ 'ලීවර්' ඔයා හොඳටම දන්නා කෙනෙක් වෙන්න පුළුවන්. (කතාවේ නොකියවුණ තව බලවත් චරිතයක් ඉන්නවා ලීවර්ගේ මල්ලී. ඒ දෙන්නම එකතු වෙලා තමා "ලීවර් බ්‍රදර්ස්" සමාගම කරලා තියෙන්නෙ. ඔයා හොඳටම දන්නා කෙනා, ඒ වගේ හොඳ සපෝටර් කෙනෙක් වෙන්නත් පුළුවන්.)
~ අකුරු කලේ: ඉඳුනිල් ඉලංගසිංහ
#ව්‍යවසායකත්වය #දැක්ම #අවසන්කැමැත්ත