News 360 Plus

  • Home
  • News 360 Plus

News 360 Plus ලංකාවේ නවතම ප්‍රවෘත්ති සඳහා එකම නැවත?

හරි හැටි දෙයක් නොදැන අහිංසකයන්ට මෙහෙම කරන්ට එපා.🙏කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ බසයක ගමන් කිරීමේදී නින්ද ගොස් මහ රාත්‍රි...
10/09/2025

හරි හැටි දෙයක් නොදැන අහිංසකයන්ට මෙහෙම කරන්ට එපා.🙏
කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ බසයක ගමන් කිරීමේදී නින්ද ගොස් මහ රාත්‍රියේ වැරදි ප්‍රදේශයක බැස්ස අයකුට සොරෙකු යැයි සිතා ගම්වාසීන් විසින් පහරදී එය වීඩියෝ කර සමාජ මාධ්‍යයේ දැමීම නිසා ලැජ්ජාවට පත් එම අවිවාහක තරුණයා ගෙල වැලලා ගෙන දිවිනසා ගෙන ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසයි.
මිනිසුන්ගේ වැරදි ක්‍රියාවක් නිසා මෙසේ තම ජීවිතයට සමුදී ඇත්තේ මහනුවර පුස්සැල්ලාව රොච්චයිල්වත්ත වයි. ආර්. සී. කොටසේ පදිංචිව සිටි රාමචන්ද්‍රන් පුවනේස්වරන් (මුරලි) නමැති තිස් හතර හැවිරිදි අවිවාහකයෙකි.මොහුගේ මව හා පියා මියගොස් ඇති අතර එකම සහෝදරිය විවාහ වී පිට ප්‍රදේශයක පදිංචියට යෑම සමඟ මොහු ද රැකියාවක් සොයා කොළඹ ප්‍රදේශයට ගොස් ඇති බව අනාවරණය වී ඇත.තනිව ජීවත්වන මොහු නිවාඩුවක් ලද විගස රොච්චයිල්වත්ත නිවසට පැමිණ ඇත්තේ සිය නෑයන් හා යහළුවන් හමුවීමටය. මේ ආකාරයට පසුගිය 6 වැනිදා රාත්‍රියේ කොළඹ සිට පැමිණ ඇති මොහුට බසයේ නින්ද ගොස් ඇති අතර බසයෙන් බැසීමට තිබූ රොච්චයිල්වත්ත පසුකොට බොහෝ දුරක් ගොස් නුවරඑළිය මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේදී අවදි වී බසයෙන් බැස තිබේ.ඒ වන විට රාත්‍රී දෙක පමණ වී තිබීමත් යළි නිවසට යෑමට බසයක් නොමැති වීමත් නිසා රම්බෝඩ ප්‍රදේශයේ ආර්. සී. කොටසේ සිටින තම මවගේ නැගණියක් (පුංචි අම්මාගේ) නිවස මතක් වී එහි යෑමට පිටත්ව තිබේ. වසර ගණනාවකින් එම නිවසට ගොස් නොමැති මොහුට රාත්‍රියේ මාර්ගය අමතක වීම නිසා හමුවූ නිවසක දොරට තට්ටු කර ඇත්තේ එම ඉසව්ව සොයාගැනීම සඳහාය. නමුත් එම නිවැසියන් ‘මෙන්න හො රෙක් ගෙට ආවා’ කියමින් කෑගැසීම නිසා අවට පදිංචිකරුවන් පැමිණ මෙම තරුණයා අල්ලා බැඳ පහර දී තිබේ. තමාට සිදුවූ අකරතැබ්බය කියා සිය පුංචි අම්මා හා බාප්පා ගැන කියූ පසු මෙම පිරිස ඔවුන් ද මෙම ස්ථානයට කැඳවා තිබේ.එම බාප්පා හා ඔහුගේ පුතුන් දෙදෙනා එම ස්ථානයට පැමිණිය ද අල්ලාගෙන සිටින පුද්ගලයා හඳුනන්නේ නැතැයි පැවසීම නිසා මේ පිරිස මොහුට තවත් පහර දී කොත්මලේ පොලිසියට භාරදී තිබේ. කොත්මලේ පොලිසිය ඔහුගේ අනන්‍යතාව හෙළි කරගෙන ඔහු පැවසූ බාප්පා හා පුංචි අම්මා ඥාතීන් බව ද හඳුනාගෙන පසුව රොච්චයිල් ප්‍රදේශයේ ඥාතීන් හා යහළුවන් කැඳවා මොහු පිළිබඳව වෛද්‍ය පරීක්ෂණයක් ද කොට සො රකමක් අනාවරණය නොවූයෙන් පොලිස් ඇප දී ඥාතීන්ට භාරදී තිබේ.ඒ අනුව මොහුගේ මිතුරන් ත්‍රිරෝද රථයකින් මොහු යළි ගමට ගෙනයන අතරතුර මොහු දැඩි කලකිරීමට පත්ව සිටි බව පැවසේ. පසුව මෙම මුරලි තරුණයා ඔහුගේ නිවස තුළ ගෙ ල වැ ලලා ගෙන දිවින සා ගෙන සිට තිබේ

පෝන් එකක් කැමරාවක් FB එකක් තිබ්බ පළියට හැමදේම FB එකෙ දාල වීරකමක් මහ ලොකු වැඩක් කියලා හිතලා වැඩ කරන්ට එපා...... යලී මෙවන් කුරුරි සමාජයක ඉපදෙන්ට එපා සහොදරයා නිවන් සුව ලැබේවා.🥺🙏

මේ මල ඔයාට!
09/09/2025

මේ මල ඔයාට!

Address


Alerts

Be the first to know and let us send you an email when News 360 Plus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share