19/05/2024
මම ප්‍රාර්ථනා කරනවා ඔයාට,
ඉල්ලන්නත් කලින් අවධානය දෙන ලස්සන ආදරයක් ලැබෙන්න කියලා....
ඔයා අහන්නත් කලින් ඔයාගෙන් ඔයා අහන්න ආසම දේවල් කියන ආදරයක් ලැබෙන්න කියලා.....
එයාගේ හිතේ ඔයා විතරක්ම හරි ආදරෙන් තියාගෙන පරිස්සම් කරන ආදරයක් ලැබෙන්න කියලා.....
ඔයා තරම්ම ඔයාට ආදරය කරන ආදරයක් ලැබෙන්න කියලා....
ඔයාට දැනෙන දේවල් ඔයා කියන්නත් කලින් ඔයාව ලේසියෙන් තේරුම් ගන්න ආදරයක් ලැබෙන්න කියලා....
ඔයාගෙන්ම හැම දේම බලාපොරොත්තු නොවී ඔයාගේ ජීවිතයට පුංචි පුංචි දේවල් හරි ආදරෙන් තෑගි කරන ආදරයක් ලැබෙන්න කියලා....
තනියම ඔයාට ජීවිතේ සෑම බරක්ම කරට නොදී ඔයාටත් හයියක් වෙන ආදරයක් ලැබෙන්න කියලා....
තවත් කෙනෙක් ළඟ ඔයාට බැගෑපත් වෙන්න කවදාවත් අවස්ථාවක් සකස් නොකරන ඔයාගේ ගෞරවය ගැන ඔයාටත් වඩා හිතන ආදරයක් ලැබෙන්න කියලා....
ඔයාගේ මානසික නිදහස , ඔයාගේ මානසික සාමය ගැන ඔයාටත් වඩා හිතන කෙනෙක් ලැබෙන්න කියලා.....
ඔයාව මේ ලෝකේ ලස්සනම පුද්ගලයා විදියට දකින කෙනෙක් ලැබෙන්න කියලා....
ඔයා මේ ලෝකෙ එයාට වෙච්ච හොඳම දේ විදියට දකින කෙනෙක් ලැබෙන්න කියලා...
ඔයාව ගොඩක් ආදරෙන් බලා ගන්න , ඔයාට ඇත්තටම ආදරේ කරන කෙනෙක් ලැබෙන්න කියලා....
මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.
මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා , ආදරණීය අවංක ප්‍රාර්ථනාවක් නිසා ❤
Copied ©️
ප්‍රාර්තනා ඉශ්ට වෙන ලස්සන දවසක් වේවා!💜️ Rainbow Hearts-දේදුණු හදවත්