
03/07/2023
හතේ අපේ පොතෙන් ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබාදෙනකොට විරුද්ධ වුණු මණ්ඩලේ හිටපු මැදගොඩ අබේතිස්සට පස්සෙ හිටපු ප්‍රධාන ගණගෙඩියෙක් වුණේ ඒ මාගල්කන්දේ.
අද පොඩි ළමයෙක්ට "කලිසම පහත් කරන්න" කියලා අත්අඩංගුවට පත්වෙන්න නියමිතව, පහර කෑවේ ඒ මාගල්කන්දේ.
ඇයි මුං ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙනවාට විරුද්ධ ?
ඇයි මුං ඉරිදාට ළමයෙක් පන්ති යනවාට විරුද්ධ ?
ඇයි මුං පොඩි උං මහණ කරන්න අවම වයස් සීමාවක් පනවනවාට විරුද්ධ ?
මේ ඔක්කොම අතරමැද මතක් වුණේ මෑතක රෝහල්ගතවෙලා ඉන්නකොට, එහා ඇඳේ හිටපු හාමුදුරුවෝ කිව්ව කතාව.
"මාව පන්සලෙන් එළවලා තියෙන්නේ. හේතුව මම ගමේ මිනිස්සුන්ට ත්‍රිපිටකය කියලා දුන්න නිසා. මේ මිනිස්සු ත්‍රිපිටකය ඉගෙනගත්තාම මට විතරක් නෙවෙයි, පොඩිනමටත් ඉන්න වෙන්නේ බඩගින්නේ කියලා ලොකු හාමුදුරුවෝ මට යන්න කිව්වා.”
මුං බය එක දෙයයි! ඒ මිනිස්සු, ළමයි ඉගෙනගන්නවාට!