Ceylon News Today

  • Home
  • Ceylon News Today

Ceylon News Today Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon News Today, News & Media Website, .

පහල්ගම් ප්‍රහාරයට විරෝධය පළ කරමින් පකිස්ථාන තානාපතිවරයාට එරෙහිව කොළඹදී විරෝධතාවක්පුද්ගලයින් 28 දෙනෙකුට මරු කැඳවමින් ජම්ම...
30/04/2025

පහල්ගම් ප්‍රහාරයට විරෝධය පළ කරමින් පකිස්ථාන තානාපතිවරයාට එරෙහිව කොළඹදී විරෝධතාවක්

පුද්ගලයින් 28 දෙනෙකුට මරු කැඳවමින් ජම්මු සහ කාශ්මීරයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන පහල්ගම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව විරෝධය පළ කරමින් ඉන්දියානු සම්භවයක් ඇති සමාජ ක්‍රියාකාරීන් කොළඹදී විරෝධතාවක!

පහල්ගම් ප්‍රහාරයට විරෝධය පළ කරමින් ඉන්දීය සම්භවයක් ඇති ක්‍රියාකාරීන් සහ සම්භාවනීය පිරිසක් පකිස්ථාන තානාපතිවරයාට එරෙහිව කොළඹදී විරෝධතාවක් පැවැත්වූහ.

විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ මිනිසුන් ඝාතනය කිරීමෙන් කිසිදු විසඳුමක් ලබා ගත නොහැකි බවත්, ඒ වෙනුවට සියලු දෙනා සමගියෙන්, සාමයෙන් සහ සමගියෙන් ජීවත් විය යුතු බවත්ය. පාකිස්තානය මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා මැඩපැවැත්වීමටත්, රට තුළ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදීන් සහ ත්‍රස්ත ක්‍රියාකාරකම් මුලිනුපුටා දැමීමටත් ඉල්ලා සිටිමින් ඔවුහු විරෝධතා දැක්වූහ.

ජොන්ස්ටන් වැලිකඩ සිර කුටියේ සිට කුරුණෑගල ජනතාව අමතයි.රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ...
28/10/2024

ජොන්ස්ටන් වැලිකඩ සිර කුටියේ සිට කුරුණෑගල ජනතාව අමතයි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
කුරුණෑගල ප්‍රදේශයේ සිය පාක්ෂිකයන් ආමන්ත්‍රණය කරමින් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සිට නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ආදරණීය හිතවත,
2024 මැතිවරණය වෙනුවෙන් ඔබ වෙත ආමන්ත්‍රණය කරණ ලිපිය මෙවැනි එකක් වේ යැයි ඔබ කිසිසේත් අපේක්ෂා නොකල බව මම හොඳින් දනිමි.
එහෙත් 2015 දී මෙන්ම අදත් දේශපාලනිකව පරාජය කළ නොහැකි චරිත චෝදනා අවලාද මතින් අක්‍රීය කර ඉන් නොනැවති රාජ්‍ය බලය යොදා හිරේ විලංගුවේ දමා හෝ මර්දනය කිරීමෙන් තම දේශපාලනික උවමනාවන් ඉටු කර ගැනීමට උත්සහ කරන අවස්ථාවාදීන්ගේ කූඨප්‍රාප්තිය රග දැක්වීම ආරම්භ කර ඇත.
එදාට වඩා අද ඇති එකම වෙනස නම් තිරය යට සිට නූල් ඇඳි සූත්තර පුංචා අද ජනාධිපති පුටුවේ සිට එය මෙහෙය වීම පමණි.
මම විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් මෙවැනි අභියෝග මට නම් නිය තුඩක තැවරී දුහුවිල්ලක් තරම් නොවේ.
මා ජිවිතයේ මුහුන දුන් අභියෝග හා සැසදීමේදී මේවා කිසිසේත් තැකිය යුත්තක් නොවන්නේය.
මේ රටේ මිනිසුන් වෙනුවෙන්, කුරැණැගල ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මා විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් පෙනී සිටීම වරදක් කොට, මාගේ දෙමව්පියන් ගොඩනංවන ලද මා උපන් නිවස පවා දවා අලුකර බිමට සමතලා කර නැවැත්විය නොහැකි මා, හිර ගෙදර පෙන්වා නැවැත්විය හැකියැයි සිතීම විහිළුවකි.
ආදරය විශ්වාසය හා ලෙන්ගතුකමින් පිරී ගිය ලක්ෂ සංඛ්‍යාත පිරිසකට තමාගේම නිවස හා කාර්යාලය වූ මා උපන් රත්කරව්ව නිවසත් විල්ගොඩ කාර්යාලයත් වෛරයේත් කුහකකමේත් ගිලුණු අතලොස්සක් එක්ව ගිනි තබා අලු කලද ඔබ වන් මිනිසුන් ගේ ආදරණීය විශ්වාසය ඇති තාක් මා වැන්නන් බිම දැමිය නොහැකි බව අප විසින්ම ඔප්පු කල යුතුය කාලය පැමිණ ඇත.
කුරැණෑගල මිනිසුන්ගේ ආදරය හා විශ්වාසය මතින් ශක්තිමත් වු මාගේ දේශපාළනයට තිත තැබීමට තබා සෙලවීමටවත් නොහැකි බව පෙන්විය යුතු අවස්ථාව උදාවී ඇත.
වසර තිස් ගණනක වූ මාගේ දේශපාලන ගමන් මග කවදත් ශක්තිමත් කලේ ඔබ වැන්නන්ගේ කැපවීමයී
සෑම මැතිවරණයකදීම දිස්ත්‍රික්කයේ මා ලැබූ ඉහලම මනාප සංඛ්‍යාවෙන් කියවෙන්නේ ඔබ වැන්නන්ගේ ශක්තියයි.
කහපත්වල ,දඹදෙනිය වැනි ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්තාන වල සිට ක්‍රිඩාපිටි ., ගෘහස්ථ ක්‍රිඩාගාර හරහා කාපට් පාරවල් මෙන්ම අධිවේගී මර්ග දක්වා විහිදෙන්නේ ඔබගේ ආදරයේ මහගු ඵලයයි.
නිකවැරටිය ඈත වන්නියේ නිවසක් දැල්වූ කුප්පි ලාම්පුව නිවා දැල්වූ විදුලි බුබුලේ සිට කුරුණෑගල වැව රවුම බඩගමුව , බතලගොඩ රක්ෂිතයේ ඇවිදින මංතීරු දක්වා විහිදුනේ ඒ ලෙන්ගතුකමයි.
ඒ කැපවීම ශක්තිය ආදරය ලෙන්ගතුකම වෙන කිසිදාටත් වඩා ඔබගෙන් මා වෙත ඇවැසි මොහොත පැමින ඇත.
විරැද්ධ වාදීන් නගන අශික්ෂිත අවලාද බොරැ චෝදනා සඳහා සත්‍යයේ ශක්තිය මත පිහිටා නිශේධනය කිරිමට මා කටයුතු කරණ බව මගේ ජනතාවට දැනුම් දෙන්න.
අප විශ්වාස කරණ දේශපාලනය වෙනුවෙන් ඕනෑමැ පරිත්‍යාගයක් ඉටු කිරීමට සූදානම් බව අපගේ පාක්ෂිකයන්ට දැනුම් දෙන්න.
මහින්ද රාජපක්ෂ නැමැති මේ රට බේරාගත් නායකයා වෙනුවෙන් ඇති ගෞරවය හා ආදරය එලෙසම බව පවසන්න.
කිනම් බාදක මැද හෝ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුනත් අපේ පාක්ෂිකයනුත් සුරකින බව පවසන්න.
මාගේ අවසන් හුස්ම දක්වාම මා විසින් ඔප්පු කොට සහතික කල ඔබගේ විශ්වාසයත් බලාපොරොත්තුවත් නොබිදින බවත් පවසන්න.
මා තවමත් ඔබ දන්නා ජොනීම බව පවසන්න
එය සපත කිරීම සඳහා ඔබගේ සහය හැකි ඉහලම අයුරින් ලබා දෙන්න.
එක්ව ජයගමු.
එක්සත්ව නැගිටිමු.
බොරැව යටපත් කර සත්‍ය තහවුරු කරමු.
ජයවේවා!
ජොන්ස්ටන් ප්‍රනාන්දු
මැගසීන් බන්ධනාගාරයේ සිට

27/10/2024

Uncategorized විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවත් ඒ හා සම්බන්ධ විශාල මහජන මුදල් වංචා වීමක් පිළිබඳව ජනතාව ද.....

ඇල්පිටියේදී මාලිමාව, සජබ ප‍්‍රතිශත පහල බසී.. පොහොට්ටුව ඉහලට..ඊයේ සිදු කරන ලද ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජාති...
27/10/2024

ඇල්පිටියේදී මාලිමාව, සජබ ප‍්‍රතිශත පහල බසී.. පොහොට්ටුව ඉහලට..

ඊයේ සිදු කරන ලද ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජාතික ජනබල වේගය හා සමගි ජන බල වේගයේ ඡන්ද ප්‍රතිශතයන් වල පහළ යාමක් පෙන්නුම් කරයි.
ඒ පසුගිය සැප්තැම්බර් 21 වන දින පැවති ජනාධිපතිවරණ ප්‍රතිශතයන්ට සාපේක්ෂවයි.
ජනාධිපතිවරණයේදී ඇල්පිටිය ආසනයෙන් ජාතික ජන බලවේගය 49.37% ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයගත් අතර මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඔවුන් හිමිකරගෙන ඇත්තේ 47.58%කි.
සමගි ජන බලවේගය පැවති ජනාධිපතිවරණයේදී 27.35% ප්‍රතිශතයක් ලබා ගත්තත් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එය 21.8% දක්වා පහත බැස තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේදී විශාල පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇල්පිටිය ආසනයේ දී ලබා ගත් ජන්ද ප්‍රතිශතය 3.56%කි.
මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එය 9.89% දක්වා වර්ධනය වී ඇත.
එක්සත් ජාතික පක්ෂය පසුගිය ජනාධිපතිවරණයට හා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කිරීමට කටයුතු කළේ නැත .

නාමල් අත්අඩංගුවට ?ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ එළඹෙන මහමැතිවරණයට ප්‍රථම අතඩංගුවට ගැනීමට යන් බව...
23/10/2024

නාමල් අත්අඩංගුවට ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ එළඹෙන මහමැතිවරණයට ප්‍රථම අතඩංගුවට ගැනීමට යන් බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.
මෙහිදී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හරහා මැතිවරණ වාසියක් ලබා ගැනීමට ආණ්ඩු පක්ෂය සූදානම් වන බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.මේ සතියේ දිනක නාමල් රාජපක්ෂ අපරාධ විමර්ශන කොට්ඨාශයට කැදවීමට නියමිත බවත් එම ආරංචිමාර්ග පැවසීය.

ඔක්තෝම්බර් 13 වන දින  දකුණු අප්‍රිකාවේ පැවති 2024 IPF Powerlifting ලෝක ශූරතා 120Kg  M1 බර පන්තියේඩැරින් ශ්‍රී ලංකාව වෙනු...
14/10/2024

ඔක්තෝම්බර් 13 වන දින දකුණු අප්‍රිකාවේ පැවති 2024 IPF Powerlifting ලෝක ශූරතා 120Kg M1 බර පන්තියේ
ඩැරින් ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කර ඇති අතර එය ශ්‍රී ලංකාව වෙනුවෙන් පවර්ලිෆ්ටිං ක්‍රීඩාවෙන් පළමුවැන්නා ඔහු වේ

ශ්‍රී ලංකා ජාතික පලමු සවි එසවීමේ ශූරයා වන ඩැරින් වීරසිංහ ඔක්තෝබර් 6 සිට 13 දක්වා දකුණු අප්‍රිකාවේ සන් සිටි හි පැවැත්වෙන ලෝක මාස්ටර්ස් පවර් ලිෆ්ටිං ශූරතාවලියට තරඟ කිරීමට සුදුසුකම් ලබා ඇත.

Darin 7 වතාවක් ශ්‍රී ලංකා ජාතික සවි එසවීමේ ශූරයා වන අතර, Asian Bench Press Champion, Commonwealth Champion ලෙස ජයග්‍රහණය කර ඇත.

අප උගන්ඩාවේ සැගවූ ඩොලර් තොගය දැන් ගෙනෙනු..- නාමල්ගෙන් ජනපතිට සැර අභියෝගයක්…රාජපක්ෂ පාලනය විසින් උගන්ඩාව ඇතුළු රටවල ඩොලර...
02/10/2024

අප උගන්ඩාවේ සැගවූ ඩොලර් තොගය දැන් ගෙනෙනු..- නාමල්ගෙන් ජනපතිට සැර අභියෝගයක්…

රාජපක්ෂ පාලනය විසින් උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අනුර දිසානායක මහතාට අභියෝග කරයි.පසුගිය
ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී අනුර දිසානායක මහතා කළ ප්‍රකාශයක් තම X සමාජ ජාල ගිණුමේ පලකරමින් ඔහු සඳහන් කළේ වසර ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම් විසින් තම පවුල මහජන මුදල සොරකම් කළ බවට ප්‍රකාශ කරන බවයි.
දැන් ඔහුට එම චෝදනා ඔප්පු කිරීමට කාලය පැමිණ ඇතැයිද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

ඇමති බන්දුලගේ බලපෑමට නීතියට පටහැනිව ඉදිකිරීම් සමාගමකට ගෙවීමට ගිය රුපියල් මිලියන 150ක මුදලක් ගෙවීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්...
26/09/2024

ඇමති බන්දුලගේ බලපෑමට නීතියට පටහැනිව ඉදිකිරීම් සමාගමකට ගෙවීමට ගිය රුපියල් මිලියන 150ක මුදලක් ගෙවීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවයි.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වූ මඟ නැගුම ඉදිකිරීම් සමාගම මගින් 2K නමැති ඉදිකිරීම් සමාගම වෙත ගෙවීමට නියමිතව පැවති මුදල් ගෙවා අවසන් කර තිබියදී එකී සමාගමට තවත් රුපියල් මිලියන 150ක අමතර මුදලක් ගෙවන ලෙස විෂය භාර හිටපු අමාත්‍යවරයා සහ එවකට අමාත්‍යංශයේ ලේකම්වරයා රංජිත් රූබසිංහ විසින් මඟ නැගුම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දිගින් දිගටම බලපෑම් සිදු කර තිබේ. මෙම තත්ත්වය පිළිබඳ මඟ නැගුම අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කර, නීතියට අනුකූල නොවන මෙම ගෙවීම අනුමත නොකරන ලෙස කරුණු ඉදිරිපත් කර ඇත. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයද මෙම ගෙවීම සිදු නොකිරීමට තීරණයක් ගෙන ඇත. මෙකී සිදුවීම් ද පාදක කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අදාල ධූරයෙන් ඉවත් කර පසුව වැඩ බලන සභාපති ධුරයට පත් හිටපු ලේකම්වරයා විසින් මග නැගුම අධ්‍යක්ෂක මණ්ඩලයද විසුරුවා හරින ලදී.
මෙලෙස මුදල් ගෙවීමට විරුද්ධ වීම පදනම් කරගනිමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට විරුද්ධව මග නැගුම විධායක අධ්‍යක්ෂ මහේෂ් වික්‍රම මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ (09/24) දිනයේ එම නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව මීළඟ නඩු දිනය දක්වා (2025/03/22)එකී ගෙවීම් සිදු කිරීම අත්හිටුවන ලෙස සහ පෙර පැවති තත්ත්වයන් වෙනස් නොකර අදාළ තනතුරු ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර පාර්ශවයන්ට නියෝග කරන ලදි. මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ කනිෂ්ක විතාරණ මහතා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලදී.

මහ මැතිවරණය සදහා සූදානම් - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණඉදිරි මහ මැතිවරණයට සූදානම් බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.අද දින...
24/09/2024

මහ මැතිවරණය සදහා සූදානම් - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ඉදිරි මහ මැතිවරණයට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.අද දින නෙළුම් මාවතේදි ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂය හැරගිය අය ආපසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත එක්කර ගන්නවාද යන්න මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කල අතර දූෂණ චෝදනා ඇති කිසිවකු නැවත පක්ෂයට එක්කර නොගැනීමට මෙහිදී තීරණය කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

බැසිල් රාජපක්ෂ ඉතා ඉක්මනින්ම යළිදිවයිනටඅද (20) උදැසන විදේශගත වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පක්ෂයේ මහ මැතිවරණය කටයුතු ...
20/09/2024

බැසිල් රාජපක්ෂ ඉතා ඉක්මනින්ම යළි
දිවයිනට

අද (20) උදැසන විදේශගත වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පක්ෂයේ මහ මැතිවරණය කටයුතු මෙහෙයවීම සඳහා ඉතා ඉක්මනින්ම යළි
දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව ) මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසිය.

ඔහු එබව කියා සිටියේ, ජනාධිපතිවරණයට පෙර පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විදේශගත වීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.

'' බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට ඔහුගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා විදේශගත වෙන්න නියමිතව තිබුනේ මිට සති කිහිපයකට පෙර. එත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් ඔහු අවසන් මොහොත දක්වාම දිවා රාත්‍රී නොබලා වැඩකලා. ඔහු විදේශගතවන බව පක්ෂයට දැනුම් දීලයි තිබුනේ.. වෛද්‍ය පරීක්ෂණවලින් පසුව, ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීමට බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ඉක්මනින්ම එනවා.'' - පොහොට්ටු පක්ෂ ලේකම්වරයා වැඩිදුරටත් පැවසිය.

මේ අතර නාමල් රාජපක්ෂ ගේ දරුවන් දෙදෙනා ඔහුගේ නැන්දනිය හා මාමණ්ඩිය සමග අද උදැසන විදේශගතව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍යවල පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බවද සාගර කාරියවසම් කියා සිටියේය. නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ සිය පවුලේ සාමාජිකයින් සමග කතරගම කිරි වෙහෙරේ ආගමික කටයුතු සඳහා සහභාගී ඇතැයි ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

13/09/2024

Indika Thotawaththa, Roshan Chanaka Thisera On Truth with Chamudithaඉන්දික තොටවත්ත, රොෂාන් චානක තිසේරා සමග චමුදිත සමරවික්‍රම (මෙම වැඩසටහන අවසරයකින් තොරව Face....

Address


Alerts

Be the first to know and let us send you an email when Ceylon News Today posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share