LASII

LASII • 𝙻𝚒𝚏𝚎 𝚒𝚜 𝚜𝚑𝚘𝚛𝚝. 𝙻𝚒𝚟𝚎 𝚒𝚝 ᥫ᭡፝֟፝֟ˑ•

පුංචි නුවරඑළියේ ගුප්ත පාරාදීසයේ වංගු දහය 🚌 🚗 සබරගමුවේ, රත්නපුර දිස්ත්‍රික්කයට අයත් රක්වාන නම් නගරයේ සිට සූරියකන්ද හරහා ද...
17/06/2025

පුංචි නුවරඑළියේ ගුප්ත පාරාදීසයේ වංගු දහය 🚌 🚗

සබරගමුවේ, රත්නපුර දිස්ත්‍රික්කයට අයත් රක්වාන නම් නගරයේ සිට සූරියකන්ද හරහා දෙනියායට ඇති මාර්ගය ගැන කතා නොකරම බැරි තරම් ය.එහි තැනින් තැනට මනරම් ස්ථාන දැකිය හැකි අතර වංගු දහය කියන්නෙ වඩාත් සිත් මනබඳිනා ඉසව්වක්.

ඈත අතීතයේ මෙහෙම වංගු දහයක් තිබිලා නෑ වගේම රක්වානෙන් සූරියකන්දට ලඟාවීමට මාර්ගයක් තිබිලා නෑ. කෑලෑ පාරවල් පාවිච්චි කලා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙලා තියෙන්නේ සුදු ජාතිකයෙකුගේ කරත්තයක රෝදයක් මේ කැලේ තිබිලා හොයාගන්න ලැබිලා තියන හින්දයි.
අපි අදටත් සුන්දරත්වය විඳින වංගු දහයක් සහිත මාර්ගය සුද්දාගේ කාලේ අනගි නිර්මාණයක්. ජනාප්‍රවාද රැසක් තිබ්බත් පිලිගත් කතාව තමයි මේ ගමන් මාර්ගය හදන්න මුලපුරලා තියෙන්නේ සුදු ජාතික ඉංජිෙන්රුවරියක්. නැත්තම් ඉංග්‍රීසි ජාතික කාන්තාවක්.

කතාව කෙටියෙන් මෙහෙමයි. රක්වාන සූරියකන්ද යාවෙන මාර්ගය නැති තරම් ඈත කාලෙක මේ පාර හදන්න මං අර මුලින් කිව්ව ඉංජිනේරුවරියට බාර උනාලු.නමුත් ඇයට කිසිදු අදහසක් තිබ්බේ නෑලු කොහොමද මේක කරන්නේ කියලා. අද වංගු දහය වෙනුවට ඒ කාලේ කිබිලා තියෙන්නේ ඝන කැලයක් එක්ක කන්දක්. කන්ද පාමුලට වෙන්න තියනවා තේ වතු. අදටත් තේ වතු දකින්න පුළුවන්. අර කිව්ව ඉංජිනේරුවරිය කිසිම අදහසක් නැතුව අර කන්ද පාමුල තේ වතු තියන පාරෙ ඇවිද ඇවිද ඉඳලා තියෙනවා. මේ වෙලාවේ ලඟ තිබ්බ තේ වත්තක තේ දළු නෙලමින් උන්නු ආච්චි කෙනෙක් අර කාන්තාවට මොන මොනවද කිව්වලු.ඇය ඉංග්‍රීසි නිසාත් මැය දමිළ නිසාත් කිසිම දෙයක් තෙරුනේ නැති නිසා ඇය තවත් ප්‍රශ්නාර්ථයක් මුහුණෙන් පෙන්නුම් කරලා තියෙනවා. ඊට පස්සේ අර ආච්චි අතින් මොකක්ද ඇඳලා පෙන්නුම් කරා කියල කියනවා. අන්න ඒක තේරුම් අරගෙන ඉංජිෙන්රුවරියට මේ පාර හදන්න නියම අදහසක් පහල උනා කියලයි ජනප්‍රවාදයේ එන්නේ.

අවසානයේ වංගු දහය සහිතව ඒ පාර හදලා තියනවා සුද්දාගේ කාලේ. කාලයත් එක්ක ස්වභාවධර්මය මේ පාර අවට මනහර ලෙස නිර්මාණය කරලා තියනවා කියලා අද මේ පාරේ යන කෙනෙක්ට තේරුම් යයි.

අවුරුදු හතළිහකට පමණ පෙර මේ වංගු දහය නිතරම ජලයෙන් සේදෙන තරමට ජල උල්පත්, ජල ප්‍රභව මේ පාර පුරාවටම විහිදී තිබිලා තියනවා. කාලයක් එක්ක මේ වංගු අතර ෆයිනස් වගාව සිදුකිරීම හා ෆයිනස් ගහණය වැඩිවීමත් එක්ක කලින් පැවතුන ජල උල්පත් කෙමෙන් කෙමෙන් සිඳී යන්නට ඇති. නමුත් අදටත් ජල උල්පත් රැසක් මේ වංගු අතර දක්නට ලැබෙනවා.

ඒ ෆයිනස් ගස් සමූහය වංගු දහයට එක්කරන්නේ භයංකාර සුන්දරත්වයක්. ශ්‍රී ලංකාවට ආවේණික කළු වඳුරා බොහෝ විට වංගු දහය අතරෙ ඇති ගස් මතින් සැරිසරන අතර එය දැකීම නෙතට සතුටක්. සිංහරාජ වන අඩවිය සමීපයේ පිහිටි මේ ඉසව්ව නිතරම මීදුම් සළු දවටාගෙන සිටින අතර වටිනා ශාක , සත්ත්ව සම්පත් බොහොමයක් සඟවා, ආරක්ෂා කරගෙන සිටින ස්වාභාවධර්මයේ දායාදයක්. තම පෞද්ගලික වාහනයක මේ පාර හරහා යනවනම් නොනවත්වා යාමට හිත නොදෙන තරම් සුන්දරත්වයෙන් අනූන මෙහි මංගල ඡායාරූප ගන්නත් දැං හරි ප්‍රසිද්ධයි.

පලවෙනි වංගුවට පිවිසෙන්නට පෙර හමුවන්නේ බාරවත්ත නම් ග්‍රාමයයි. ඒ අසලින් තවත් සුන්දර ගමනාන්තයක් වන නාවින්න නම් ප්‍රදේශයට පිවිසුම සටහන් වෙනවා.
එක, දෙක, තුන යන මුල් වංගු අතර දුර ප්‍රමාණය සාපේක්ෂව අඩුයි.

හතරවන වංගුවේ නැවතී සුන්දරත්වය නැරඹීමට අමතක කරන කෙනෙක් නැති තරම්. ඊට හේතුව එහි ඇති මනබන්ඳන දර්ශනය. රක්වාන නගරයේ බොහෝ තැන් මෙන්ම අවට ගම්දනව් රැසක් මෙතනට අපූරුවට බලාගන්න පුළුවන්. තුන්වන සහ පස්වන වංගු වලදී දිය ඇල්ලක පහස ලබන්නත් සංචාරකයන්ට පුළුවන්. ඒ දිය ඇල්ල සිංහරාජ වනාන්තරයෙන් පැන නඟින ගල්දොළ ඇල්ලේ එක් අතු ශාඛාවක්.

හය සහ හත වංගු අතර පෞද්ගලික නිවාස කිහිපයක් ඇති අතර මෙහිදී සංචාරකයන්ට උණු උණුවෙන් තේ කෝප්පයක රස විඳින්නත් අවස්ථාව ලැබෙනවා. හතේ වංගුව කිව්වාම මතකෙට එන්නෙ භාවනා මධ්‍යස්ථානය. ඒ අවට පරිසරයේ සුන්දරත්වය කියන්නට නම් වෙනමම ලිපියක් ගෙන එන්නම වෙනවා. අට, නවය, දහය වංගු සාපේක්ෂව වැඩි දුර පරතරයකින් පිහිටන අතර ගුප්ත බවින්ද වැඩි යැයි හැඟෙනවා. මෙහි ඇවිද යන කෙනෙක් ෆයිනස් මලක් ඇහිඳින්න, එහි ජායාරූපයක් ගන්න නම් අමතක කරන්නේ නෑ.දහවන වංගුවේ අවසානය කඩමුදුන නම් සුන්දර ගමකට ආරම්භය සනිටුහන් කරනවා.

මාර්ග සංවර්ධනයත් සමග පෙර තිබූ සුන්දරත්වය දැන් නැති උනත් තව වසර කිහිපයක් යනවිටවත් පෙර තිබූ අලංකාර පරිසරය නැවත මේ පරිසරයට දායාද වෙයි යැයි සිතමු.

Copied...

😼
14/06/2025

😼

13/06/2025

අපි ලස්සන උනාට ලොකුකම නැ නංගි🥹

😓
25/05/2025

😓

හවසට ගාලු කොටුව කියන්නේ මිහිපිට දිව්‍යලෝකයක් ❤️‍🩹🥺     📷 LaSiTha KriShaN
13/05/2025

හවසට ගාලු කොටුව කියන්නේ මිහිපිට දිව්‍යලෝකයක් ❤️‍🩹🥺


📷 LaSiTha KriShaN

05/05/2025

මේ යන විදිහට
"දවසේ වෙඩිල්ල"
කියල වෙනම පොඩි ප්‍රෝගැම් එකක් කරන්න පුළුවන් නිවුස් වල😂😂

28/04/2025

කෝලම් වෙඩිම - kolam wedima 😂😂

අහසින්වත් , පොලොවෙන්වත් නුවරට එන්න එපා🚷❌- උඩරට රාජ්‍යයේ පණිවිඩයකි -
24/04/2025

අහසින්වත් , පොලොවෙන්වත් නුවරට එන්න එපා🚷❌

- උඩරට රාජ්‍යයේ පණිවිඩයකි -

- නන්පේරියල් වතුයායේ 23 න් වෙනි වංගුව  "බේකර්ස් බෙන්ඩ්" 🎋♥️🍃👣☘️බලංගොඩ නගරයේ සිට කිලෝ මීටර 18ක් පමණ බදුල්ල දෙසට A4 මාර්ගය...
23/04/2025

- නන්පේරියල් වතුයායේ 23 න් වෙනි වංගුව "බේකර්ස් බෙන්ඩ්" 🎋♥️🍃👣☘️

බලංගොඩ නගරයේ සිට කිලෝ මීටර 18ක් පමණ බදුල්ල දෙසට A4 මාර්ගයේ ගමන් කරන විට නන්පේරියල් ප්‍රදේශය ඔබට හමු වේ.නන්පේරියල් මාර්ගය ආරම්භ වන ස්ථානය නන්පේරියල් හංදිය ලෙස හදුන්වනු ලබන අතර එම හංදියේ සිට පටන් ගැනෙන නන්පේරියල් ප්‍රදේශය ඔබව වෙනම සුන්දර ලොවකට රැගෙන යයි. මෙම මාර්ගය ඔස්සේ ඉහළට ගමන් කරන විට අප නැරඹුම් ස්ථානය වන බේකර්ස් බෙන්ඩ් දැක ගත හැකි වේ.

මුහුදු මට්ටමේ සිට මීටර් 1700 (අඩි 5000) පමණ ඉහළින් පිහිටා ඇති මෙම දර්ශනීය ස්ථානයේ සිට පැහැදිලි දිනයක සමනල ජලාශය ඇතුළු මනරම් දර්ශන රාශියක් දැක බලා ගත හැකිය.නමුත් වර්ෂා කාලයේදී මෙම ස්ථානය මීදුමින් වැසී පවතී. මම ස්ථානයේ උෂ්ණත්වය ද ඉතා අඩු අගයක පවතී.

නන්පේරියල් ප්‍රදේශය හමුවන විශාල වංගු සදහා අංක ලබා දී ඇති අතර බේකර්ස් බෙන්ඩ් 23 වන වංගුව යි.මෙම ප්‍රදේශය වෙනස් වන දේශගුණයකින් යුක්ත වේ.තේ වතු මැදින් දිවෙන මෙම මාර්ගය ඉතාමත් අලංකාර වේ.එම අලංකාර බව මෙම මාර්ගයේ ඇති කුඩා දිය ඇලි වලින් තවත් වැඩි වේ.

බේකර්ස් බෙන්ඩ් සදහා මෙම නම ලැබී ඇති ආකාරය පිළිබඳ කට කතාවක් ඇත.එනම් කුඩා එංගලන්තය යනුවෙන් හැඳින්වෙන නුවරඑළිය නගරයේ මැවුම්කරු වන සැමුවෙල් බේකර් මෙම ස්ථානයේ දී ඔහුගේ අශ්ව කරත්තය අනතුරට ලක්ව මිය ගොස් ඇත.එම නිසා මෙම ස්ථානයට බේකර්ගේ බැම්ම( බේකර්ස් බෙන්ඩ් ) ලෙස හදුන්වනු ලැබේ.


Video : https://m.facebook.com/story.php?story_fbid=969471312035006&id=100069164383246&mibextid=Nif5oz

- Bakers Bend, World's End Trail |🇱🇰


📷 LaSiTha KriShaN

Address


Website

https://whatsapp.com/channel/0029VadK1uvKAwEd1wDP7Q3D

Alerts

Be the first to know and let us send you an email when LASII posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share