Digital News

Digital News Digital News - Your Digital News Partner

www.DigitalNews.lk
www.youtube.com/c/DigitalNewslk

ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසම දැනුම්දෙයි2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වනදා අතර...
09/05/2024

ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසම දැනුම්දෙයි

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වනදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ අනුව ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බව එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

කෝටි 2කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටේ දී මාට්ටුරුපියල් කෝටි 2කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ම...
09/05/2024

කෝටි 2කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටේ දී මාට්ටු

රුපියල් කෝටි 2කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇති අතර ඔහුගේ ගමන්මල්ලේ ඉතා සූක්ෂව අසුරා තිබු කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 278ක් බරැති කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙම සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු වන අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

පුතාගේ ආරවුලට මැදි වූ පියා අවසන් ගමන් යයිඋහන හිමිදුරාව ප්‍රදේශයේ නිවසක දී සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.පොලී...
06/05/2024

පුතාගේ ආරවුලට මැදි වූ පියා අවසන් ගමන් යයි

උහන හිමිදුරාව ප්‍රදේශයේ නිවසක දී සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ තවත් කාන්තාවක් තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කර ඇති බවය.

මියගොස් ඇත්තේ 53 හැවිරිදි හිමිදුරාව ප්‍ර‍දේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයාගේ පුතා සමග පැවති පැරණි අරවුලක් මත පුද්ගලයින් කිහිපදෙනෙකු නිවසට පැමිණ පහර දී ඇත.

එම අවස්ථාවේ දී පියා ඊට මැදිහත් වී ඇති අතර එහිදී ඔහුට ද එම සැකකරුවන් පහර දී ඇති බව වාර්තා වේ.

පහරදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට උහන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ගෑස් මිල පහළ දමයි: නව මිල ගණන් මෙන්නගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාග...
03/05/2024

ගෑස් මිල පහළ දමයි: නව මිල ගණන් මෙන්න

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,940කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,582 කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 740කි.

බස් ගාස්තු වෙනස් නොවෙයිඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.පසුගිය 3...
02/05/2024

බස් ගාස්තු වෙනස් නොවෙයි

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙ‍රුණු අතර එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු කෙරුණි.

එහෙත් බස් සංගම් පැවසුවේ මීට පෙර ඉන්ධන මිල ඉහළ දැමුණු අවස්ථා දෙකේදීම බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවූ බැවින් යළි ගාස්තු සංශෝධනය සිදුකළ යුතු වන්නේ ලබන ජුලි මාසයේ දී බවය.

දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක්ජනාධිපතිවරයා විසින් පළාත් දෙකක් සඳහා නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු පත්කරනු ලැබ තිබේ.ඒ...
02/05/2024

දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක්

ජනාධිපතිවරයා විසින් පළාත් දෙකක් සඳහා නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු පත්කරනු ලැබ තිබේ.

ඒ අනුව, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී ඇත.

එමෙන් ම, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

දමිතා ට ඇපවිදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා...
24/04/2024

දමිතා ට ඇප

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබේ.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය.

දියතලාවේ බිහිසුණු අනතුරින් දිවි අහිමි වූවන් ගැන සංවේදී සටහනක්රටම කම්පා කරමින් ඊයේ (21)  දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන ත...
22/04/2024

දියතලාවේ බිහිසුණු අනතුරින් දිවි අහිමි වූවන් ගැන සංවේදී සටහනක්

රටම කම්පා කරමින් ඊයේ (21) දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුරින් කුඩා දැරියක් ඇතුළු 7 දෙනෙකුට දිවි අහිමි වුණි.

එහිදී ධාවන තරගයේ සහායකවරුන් සිව්දෙනෙකුට දිවි අහිමි වූ අතර, සෙසු සියලුදෙනා තරගය නැරඹීම සඳහා පැමිණ සිටි අයයි.

8 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි ශිව කුමාර් දිනුෂිකා, 55 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි මුත්තුසාමි උදයකුමාර්, සීදුවේ පදිංචිව සිටි 19 හැවිරිදි චමත් නිරෝෂන්, අරුණ ශාන්ත උපාලිගමගේ නැමති 62 හැවිරිදි මාතර පදිංචිව සිටි අයෙක්, 20 හැවිරිදි අකුරැස්සේ පදිංචි අසේන් හීනටිගල, රසික අබේනායක සහ 60 හැවිරිදි මාතර පදිංචිව සිටි ගනේෂ් ජයවර්ධන අයට මෙහිදී දිවි අහිමි වුණි.

මේ අතර අනතුරින් දිවි අහිමි වූ 32 හැවිරිදි රසික අබේනායක ශ්‍රී ලංකා යුද හමුදා රගර් කණ්ඩායමේ සාමාජිකයෙකි.

ඔහු කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටිය දී නිවාඩු ලබා මෙම තරගය නැරඹීම සඳහා ගොස් තිබිණි.

ඇඹිලිපිටිය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපන හදාරා යුද හමුදා ඉංජිනේරු බළකායට සම්බන්ධ වී ඇති රසික අද (22) දින සිට උඩවලව යුද හමුදා කඳවුරට ස්ථාන මාරුවීමක් ද ලබා සිටි බව ඥාතීන් පවසයි.

ඇඹිලිපිටියේ ගොඩවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි රසික විවාහ වී ඇත්තේ, මහනුවර, ගලහ ප්‍රදේශයෙන් වන අතර, ඔහුගේ අවසන් කටයුතු ගලහ ප්‍රදේශයේ දී සිදුකිරීමට නියමිතය.

අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පිරිසෙන් තිදෙනෙකුම මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

අනතුරින් මියගිය ගනේෂ් කමලනාත් මහතා තිදරු පියෙක් වන අතර ඔහුගේ මිතුරෙකු වන අරුණ ශාන්ත මහතා දෙදරු පියෙකි.

මේ අතර අකුරැස්සේ පදිංචිව සිටි අසේන් හීනටිගල මෙවර උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ප්‍රතිඵල අපෙක්ෂාවෙන් සිටි අයෙකි.

මොවුන් තිදෙනාම මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අයවීම ද විශේෂත්වයකි.

මේ අතර, අදාළ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරන් දෙදෙනා අප්‍රේල් මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත කර සිටිය දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

අනතුරින් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය ඊයේ (21) පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී ආරම්භ විය.

මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ වසර 5කට පසුවය.

අවසන් වරට 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දින මෙම ධාවන තරගාවලිය පවත්වා ඇති අතර පාස්කු ප්‍රහාරය හේතුවෙන් එම තරගය අතරමග නතර කිරීමට සිදුවිය.

ඒ අනුව වසර 5ක කාලයක් එම තරගාවලිය නොපැවැත්වුණු අතර මෙවර එම තරගාවලිය සඳහා විශාල ජන සහභාගීත්වයක් ද පැවැති බව වාර්තා විය.

අද (21) පෙරවරුවේ ආරම්භ වු ධාවන තරගය පැවැත්වෙන අතරවාරයේ මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබුණි.

මෙම අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් දැනට පවතින වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කරගනිමින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකරන බව යුද හමුදාව සඳහන් කළේය.

දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබන එක් අයෙකු දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය.

මළ සිරුරක් සමඟ ණය ගන්න බැංකුවට ආ බ්‍රසීල තරුණිය: බැංකුවේ දී හෙළි වූ රහසමිය ගිය පුද්ගලයෙකු රෝද පුටුවක තබා බ්‍රසීලයේ රියෝ ...
19/04/2024

මළ සිරුරක් සමඟ ණය ගන්න බැංකුවට ආ බ්‍රසීල තරුණිය: බැංකුවේ දී හෙළි වූ රහස

මිය ගිය පුද්ගලයෙකු රෝද පුටුවක තබා බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රැගෙනවිත් ණය මුදලක් ගැනීමට උත්සහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය අමෙරිකානු ඩොලර් 3250ක ණය මුදලක් ලබා ගැනීමට උත්සහ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි එරිකා ද සෝසා නමැති කාන්තාවක්.

මිය ගොස් ඇති පුද්ගලයා 68 හැවිරිදි පවුලෝ රොබෙර්ටෝ නම් පුද්ගලයෙකු වන අතර ඔවුන් දෙදෙනා ඥාතීන් වන බව සඳහන්.

එරිකා පවුලෝ රෝද පුටුවක තබා ගනිමින් රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ දී පවුලෝගේ බෙල්ල පහළට කඩා වැටී ඇස් වැසී තිබීම හේතුවෙන් බැංකුවේ කාර්ය මණ්ඩලයට සැකයක් මතුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ණය අයැදුම් කිරීමේ කවුන්ටරය වෙත පැමිණ ණය ගැනීමට අත්සන් කරන ලෙස ඉල්ලා ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී බැංකුවේ කාර්ය මණ්ඩලයට සැක සිතී හදිසි ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බවයි පොලිසියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

තායිවාන භූමිකම්පාවේ අලුත්ම තත්ත්වය: 04ක් මිය ගිහින්, 20ක් තවමත් සුන්බුන් අතර සිරවෙලාඅද උදෑසන තායිවානයට බලපෑ භූමිකම්පාවෙන...
03/04/2024

තායිවාන භූමිකම්පාවේ අලුත්ම තත්ත්වය: 04ක් මිය ගිහින්, 20ක් තවමත් සුන්බුන් අතර සිරවෙලා

අද උදෑසන තායිවානයට බලපෑ භූමිකම්පාවෙන් මේ වනවිට පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා සිටින බව තායිවාන මාධ්‍ය වාර්තා කරනවා.

මෙම භූමිකම්පාව ඇති වූ හුවාලින් ප්‍රාන්තය කඳුකර ප්‍රදේශයක් වන අතර, සෙසු නගරයන්ට සාපේක්ෂව එය ජනාකීර්ණ නොවන බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් කඳුකර ප්‍රදේශයක් බැවින් මෙහි මුදාගැනීමේ මෙහෙයුම් වඩාත් සංකීර්ණ වී ඇත.

අවම වශයෙන් ගොඩනැගිලි 26ක් පමණ සම්පූර්ණයෙන් කඩා වැටී ඇති අතර, සමස්ත ප්‍රාන්තයේම ගොඩනැගිලි අඩකට වඩා කඩාවැටී තිබේ.

මේ වනවිටත් සුන්බුන් අතර පුද්ගලයින් 20 දෙනෙකු පමණ තවමත් සිරවී සිටින අතර, ඒ හේතුවෙන් මුදා ගැනීමේ කටයුතු කඩනම් කිරිමට සිදුව ඇත.

භූකම්පනය ඇති වූයේ මිනිසුන් රැකියාවන්ට සහ ළමයි පාසල් යමින් සිටි උදෑසන නිසා නගරය කාර්ය බහුල වෙමින් තිබී ඇත.

වාර්තාවන්ට අනුව මෙම භූමිකම්පාව කිලෝමීටර 15.5 (සැතපුම් 9.6)ක පමණ ගැඹුරේ සිදුව ඇත.

තායිවානයේ නිවාස 87,000කට වැඩි ප්‍රමාණයකට තවමත් විදුලිය විසන්ධි වී තිබේ.

තායිවානයට ප්‍රබල භූ කම්පනයක්
ජපානයට සහ පිලිපීනයටත් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ රික්ටර් මාපකයේ 7.4 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

එය වසර 25කට පසු තායිවානයේ සිදු වූ ප්‍රබලතම භූමිකම්පාව වන බවයි එරට භූ කම්පන විද්‍යා නිලධාරීන් ප්‍රකාශ කළේ.

ඒ හේතුවෙන් ජපානයට ද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මෙම භූ කම්පනයේ බලපෑම වඩාත් ගැඹුරු වනු ඇති බවට ජපාන කාලගුණ ඒජන්සිය විසින් පුරෝකථනය කර ඇති අතර ඔවුන් ප්‍රකාශ කරන්නේ ජපානයේ නිරිතදිග වෙරළ තීරයේ විශාල ප්‍රදේශයකට මීටර් 3ක් දක්වා සුනාමි රළ ළඟා වනු ඇති බවයි.

ඒ අනුව ජපානයේ නිරිත දෙසින් පිහිටි ඔකිනාවා වෙරළබඩ ප්‍රදේශයේ ජනතාව සිය වාසස්ථානවලින් ඉවත් කිරීමට උපදේශන ද මේ වනවිට නිකුත් කර තිබෙනවා.

පිලිපීනයේ භූ කම්පන ඒජන්සිය ද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්.

චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ චීනයේ ගිනිකොනදිග ෆුජියන් පළාතේ ඇතැම් ප්‍රදේශවලට ද මෙම කම්පන දැනුණු බවයි.

යාපනයේ විද්‍යා දැරියගේ ඝාතකයා සිරගෙදර දී මියයයිමහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධ...
02/04/2024

යාපනයේ විද්‍යා දැරියගේ ඝාතකයා සිරගෙදර දී මියයයි

මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි පූබාලසිංහම් තවකුමාර් නැමැත්තා හදිසි රෝගී තත්ත්වයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම තැනැත්තාට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මාර්තු 31 වන දින මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඊට සුළු වේලාවකට පසු ඔහු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මියගිය පූබාලසිංහම් 39 වැනි වියේ පසුවන අතර ඔහු මරණ දණ්ඩනය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර තිබූ බවද පොලීසිය පවසයි.

මරණීය දණ්ඩනය නියම වීමෙන් පසු පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයට යොමු කර සිටි මොහු විටින් විට රෝගාතුර වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට සහ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී තිබිණි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසුව බව පොලීසිය පවසයි.

විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ස්විස් කුමාර් ඇතුළු හත්දෙනෙකුට මරණ දඬුවම් ලබාදෙනු ලැබීය.

යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචෙලියන්, ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර් සහ වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්ගේ ඒකමතික තීන්දුවක් ලෙස අදාළ දඬුවම ප්‍රකාශයට පත් විය.

විද්‍යා දැරිය 2015 මැයි මස 13 දින යාපනයේ දී ඝාතනයට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් අඩංගුවට ගත් පුද්ගලයින් හත් දෙනෙකුට 2017 වසරේ දී මරණ දණ්ඩනය නියම වීමෙන් අදාළ ඝාතනය උතුරේ මෙන්ම මුළු මහත් සමාජයේම ආන්දෝලනයකට තුඩු දුන්නේය.

ළමා අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප පැමිණිලි භාරගැනීමට නව ක්‍රමවේදයක්ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාල...
28/03/2024

ළමා අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප පැමිණිලි භාරගැනීමට නව ක්‍රමවේදයක්

ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීම සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවිය හරහා අදාළ පැමිණිලි සිදුකිරීමට අද දිනයේ සිට අවස්ථාව හිමිවනු ඇති බවය.

මෙම ක්‍රමවේදය හරහා ලැබෙන පැමිණිලි සෘජුවම එංගලන්තයේ "Internet Watch Foundation" නමැති ආයතනය වෙත වාර්තා කිරීම සිදු වෙයි.

අනතුරුව එම ආයතනය මගින් අදාළ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

එමෙන්ම පැමිණිලි පිළිබඳ විමර්ශනය සිදුකර ඊට සම්බන්ධ පාර්ශ්වයන් කවුරුන්ද යන්න සොයා බලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද අන්තර්ජාතික පොලීසිය හරහා සිදුකිරීමට නියමිතය.

පසුගිය කාලය තුළ ද ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශන සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය වෙත මුදාහැරීම් සම්බන්ධයෙන් පැමිණිලි බොහෝ සංඛ්‍යාවත් ලැබී ඇති බව වාර්තා වෙයි.

සැතපුම් 1.6ක් දිග පාලමක් කඩා වැටෙයිඅමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ Patapsco ගංගාව හරහා තිබූ විශාල පාලමක් අද (26) උදෑසන කඩා ...
26/03/2024

සැතපුම් 1.6ක් දිග පාලමක් කඩා වැටෙයි

අමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ Patapsco ගංගාව හරහා තිබූ විශාල පාලමක් අද (26) උදෑසන කඩා වැටී තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එහි ගැටීම හේතුවෙන් සැතපුම් 1.6ක් දිගැති එම පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි.

ඒ අවස්ථාව දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍යයෙහි සංසරණය වෙයි.

පාලම කඩා වැටීම හේතුවෙන් කිසිවෙක් හෝ තුවාල ලබා ඇතිබව මෙතෙක් වාර්තා වී නැත.

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි දිවි සැරිය නිමා කරයිප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි අද (මාර්තු 2...
26/03/2024

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි දිවි සැරිය නිමා කරයි

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි අද (මාර්තු 26) උදෑසන අභාවප්‍රාප්ත විය.

මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.

ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි හා හිතේ සතුට ජීවිතයේ වැනි ගීත හරහා රසික සිත් පිනවූ ඔහු ජනාදරයට පාත්‍ර වූ කලා ශිල්පියෙකි.

මිය යන විට ඒ මහතා 76 වන වියේ පසුවිය.

හිටපු ජනපති මෛත්‍රී අද CIDයටහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටී...
25/03/2024

හිටපු ජනපති මෛත්‍රී අද CIDයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තමා දන්නා බවට මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා මහනුවර ප්‍රදේශයේදී ප්‍රකාශයක් සිදුකර තිබිණි.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදෙනු ලැබීය.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද පෙරවරු 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව සඳහන්ය.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා අසත්‍ය තොරතුරු පළ කළ බව මහාචාර්ය අශු මාරසිංහ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට නීතිමය වගකීමක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේය.

අදහාගත නොහැකි තරමට රන් මිල පහළට !: රුපියල් 9,717ක අඩුවීමක් !!අද (22) දිනයේ දී වෙළෙඳපාළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපි...
22/03/2024

අදහාගත නොහැකි තරමට රන් මිල පහළට !: රුපියල් 9,717ක අඩුවීමක් !!

අද (22) දිනයේ දී වෙළෙඳපාළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 662,620ක් ලෙසයි. එය ඊයේ (21) දිනයට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කළ අතර එම අගය රුපියල් 9,717ක් ලෙසයි සටහන්ව තිබුණේ.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,380ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 21,440ක් සහ රුපියල් 20,460ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 187,000ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 171,500ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 163,700ක් ලෙසත් සඳහන්ව තිබුණා.

තවමත් පෙළපොත්, නිල ඇඳුම් රෙදි ලැබුණේ නැද්ද ? වහාම දැනුම් දෙන්නරජයේ සියලු‍ පාසල් සිසුන් වෙත 2024 වර්ෂය‍ට අදාළව පෙළ පොත් ස...
19/03/2024

තවමත් පෙළපොත්, නිල ඇඳුම් රෙදි ලැබුණේ නැද්ද ? වහාම දැනුම් දෙන්න

රජයේ සියලු‍ පාසල් සිසුන් වෙත 2024 වර්ෂය‍ට අදාළව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව සියලු‍ පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලු‍ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ‍වෙත මේ වනවිටත් ලබා දී අවසන් ව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙතෙක් පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි නොලද කිසියම් පාසලක් වෙතොත් ඒ පිළිබඳ පහත දුරකථන / ෆැක්ස්/ ඊමේල් මඟින් වහාම දැනුම් දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ විදුහල්පතිවරුන් වෙත දන්වා සිටී.

පෙළ පොත් සඳහා -

*දුරකථන අංක - 0112784815/0112785306
*ෆැක්ස් - 0112784815
*විද්‍යුත් ලිපිනය - [email protected]

නිල ඇඳුම් රෙදි සඳහා -

*දුරකථන අංක - 0112785573
*ෆැක්ස් - 0112785573
*විද්‍යුත් ලිපිනය - [email protected]

දැඩි උණුසුම් කාලගුණය නිසා චර්ම රෝගමේ දිනවල ශ්‍රී ලංකාවට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා තිබේ.දිවයිනේ සියලුම දිස්ත්‍රි...
16/03/2024

දැඩි උණුසුම් කාලගුණය නිසා චර්ම රෝග

මේ දිනවල ශ්‍රී ලංකාවට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා තිබේ.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා මෙම තත්ත්වය බලපා ඇති අතර කුරුණෑගල, රත්නපුර, අනුරාධපුර දිස්ත්‍රික්කවල ඊයේ (15) දිනයේත් පැවතියේ ඉහළ උණුසුම් කාලගුණයකි.

එම අධික උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙයි.

හිරුඑළිය සම මතට සෘජුවම පතිතවීම හේතුවෙන් සමෙහි යම් යම් වෙනස්කම් ඇතිවිය හැකි අතර මෙහිදී සම පිළිස්සීමකට ලක්වීමේ ස්වභාවයක් දැකගත හැකිය.

සම මත සුදු පැහැති ලප ඇතිවීම, සම කැසීමකට ලක්වීම, දහදිය දැමීම හේතුවෙන් සැරව බිබිලි තත්ත්වයක් ඇතිවීම, දහදිය වැඩිවශයෙන් එකතුවන ස්තානවල රවුම් හැඩැති දිලීර තත්ත්වයක් ඇතිවීම මෙම ආසාදිත තත්ත්වයන් ලෙස හඳුනාගෙන තිබේ.

මීට අමතරව සමෙහි දැනට පවතින ආසාත්මික තත්ත්වයන්ගේ වැඩිවීමක්ද උණුසුම් කාලගුණයත් සමග ඇතිවිය හැකි බව විශේෂඥයින් පෙන්වා දෙයි.

විශේෂයෙන් කුඩා දරුවන් මෙම තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරුවීමේ අවධානමක් පවතින අතර ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පැවසුවාය.

"විශේෂයෙන්ම දිලීර ආසාදනයකදී ෆාමසියකට ගිහිල්ලා බෙහෙතක් දෙන්න කියලා ඉල්ලන්න එපා. දිලීර ආසාදනවලට ඒ විදියට ප්‍රතිකාර කරන්න ගියොත් ඒ දිලීර අපේ ප්‍රතිකාරවලට ඔරෙත්තු දීමකට ලක්වෙලා‌ ඔබට නිසි ප්‍රතිකාරයක් කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුලුවන්."

"ළමයි අව්වට යන්න පුරුදු විය යුතුයි කියන මතය මේ වගේ කාලයකදී පාවිච්චි කරන එක එතරම් බුද්ධිමත් ක්‍රියාවක් නෙමෙයි. මොකද මේ සැර දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් දරාගැනීම අපහසුයි."

Address


Alerts

Be the first to know and let us send you an email when Digital News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Digital News:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share