24/07/2025
‘කප්’ සිටුවීමේ මංගල්ලය
මහනුවර ඇසළ පෙරහර හා සම්බන්ධ මූලික සංවිධාන කටයුතු අවසන් කිරීමෙන් පසු පෙරහර හා සම්බන්ධයෙන් සිදු කෙරෙන පළමු චාරිත්‍රය වනුයේ සුභ මුහුර්තියෙන් සතර දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්ලය සිදුකිරීමයි. කප යනු ‘කණුව’ හෙවත් ‘කැප කිරීම’ යන තේරුම ගෙන දෙන වචනයකි. බොහෝ වැදගත් කාර්යයන් ආරම්භයේ දී මුල් ගලක් හෝ කපක් සිටුවීම පුරාණ චාරිත්‍රයකි. එකී චාරිත්‍රයට අනුකූලව සතර දේවාලයන්හි කප් සිටුවීමෙන් අපේක්ෂා කෙරෙනුයේ පෙරහරේ නියැලෙන්නවුන්ගේ ආරක්ෂාව හා සුබසෙත ප්‍රාර්ථනය හා කිසියම් උපද්‍රවයක් නො මැතිව පෙරහරේ සියලු කාර්යයන් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගැනීමට, දේවාශිර්වාදය ලබා ගැනීමයි. එහි ඇති වැදගත්කම නිසාම කප සිටුවීමේ චාරිත්‍රය වටා විවිධ චාරිත්‍ර හා පුද සිරිත් ගොඩනැඟී ඇති බව පෙනේ. කප සිටුවීමේ චාරිත්‍ර ඉටු කෙරෙනුයේ සතර දේවාලයන්හි ය.
මෙම චාරිත්‍රයෙහි මූලික කටයුතු හා ඒ ඒ දේවාලයන්ට කප බෙදා දීම මුල් කාලයෙහි දී පැවරී තිබුණේ අලුත්නුවර උපුල්වන් මහදේවාලයටයි. මහනුවර මහදේවාලය හෙවත් විෂ්ණු දේවාලය ගොඩනැගුනාට පසු කප සූදානම් කිරීමේ භාරය මහනුවර මහා විෂ්ණු දේවාලයට පැවරී ඇත. කප සඳහා තෝරාගැනෙනුයේ නැඟෙනහිර දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට තබන පණස වෘක්ෂයේ ශාඛාවකි. බොහෝවිට මේ සඳහා තෝරාගනු ලබනුයේ ඵල නො දරන කොස් පැළයකි. වියත් තුනක පමණ ළපටි, පුරුෂ ලිංගික ගසකි. ගස තෝරාගෙන විෂ්ණු දේවාලයේ ගස් කපන්නා ප්‍රධාන පිරිස පෙරහරින් ගොස් ගස වටා පිරිසිදු කොට, සුවඳ දුම් අල්වා, සුවඳ පැන් ඉස්වා, ගස කැපකර, ගස වටා පහන් නවයක් දල්වා, බුලත් කොළ නවයක මල් වර්ග නවයක් තබවා, සුදුවතින් සැරසුනු විෂ්ණු දේවාලයේ ගස් කපන්නා නැඟෙනහිරට වැටෙන සේ ගස කපා හෙළයි. ඉන් මුල් කොටස නාථ දේවාලයට ද, දෙවන කොටස විෂ්ණු දේවාලයට ද, තුන්වන කොටස කතරගම දේවාලයට ද, සිව්වන කොටස පත්තිනි දේවාලයට ද වෙන්කර දෙනු ලබයි.
ඉක්බිති සුදු පිරුවටයකින් ‘කප’ ඔතා ස්වකීය දේවාලයට පෙරහරකින් රැගෙන ගොස් සුභ මුහුර්තියෙන් දේවාලයෙහි ඉදිරිපිට සකස් කරන ලද විශේෂ ස්ථානයක වටතිර බඳවා, උඩු වියන් යොදවා, මනාව සරසා, කණින ලද කුඩා වළෙක සුභ නැකතින් ‘කප’ තැන්පත් කරනු ලබයි. අවට මල් දමින් සරසා සිටුවනු ලැබූ කප දෙපස ලෙලි පොල්ගෙඩි තුනක් තබා, පහන් තුනක් දල්වා තබයි. පෙරහර පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් වනුයේ ශ්‍රී දළදා වහන්සේ ප්‍රධාන සතර මහා දේවාලයන්හි දෙවි දේවතාවුනට පූජෝපහාරය දැක්වීමය. ඊට අමතරව වැස්ස ප්‍රාර්ථනා කොට වර්ෂාවට අධිපති ඉන්ද්‍ර දෙවියා පිදීම එක් අරමුණෙකි. මෙසේ කප් සිටුවා කලට වැසි ලැබී, රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය ඇතිවන ලෙස ද ප්‍රාර්ථනා කෙරේ. ඒ ඒ දේවාලවල කපු මහතුන් සිට වූ ‘කප’ වටා පංචතූර්යය නාදයෙන්, භක්ති ප්‍රණාමයෙන්, දේවාභරණ වැඩමවා අභ්‍යන්තර පෙරහර දින පහක් තිස්සේ පවත්වයි.
පැරණියේ දී මහනුවර අවට දෙමාපියන්, ස්වකීය කුඩා දරුවන්ට පළමුව පෙන්වනු ලැබූයේ මෙසේ දේවාලවල පැවැත්වූ පළමු අභ්‍යන්තර පෙරහරයි. එය නෑඹුල් පෙරහරක් වශයෙන් සැලකිණ. එම පෙරහර පෙන්වීමෙන් වස් දොස් නැතිවන බව විශ්වාස කෙරිණ.
ඇසළ පෙරහර මංගල්ලය අවසන් වූ පසු, මෙම ‘කප’ දියකැපුම් මංගල්ලයේ දී ගැටඹේ තොටට ගෙන ගොස් දිය කපන දියඹෙහි පා කර යවනු ලබයි.
- සංඛ ඉන්ද්‍රනාත් -