Voize Today

Voize Today Raise your voize.

කෝටි  35ක්  (349,025,644) වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත්වීම මත ඉකුත් වර්ෂයේදී (2022) භාවිතයෙන් ...
24/09/2023

කෝටි 35ක් (349,025,644) වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත්වීම මත ඉකුත් වර්ෂයේදී (2022) භාවිතයෙන් ඉවත්කර තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

එමෙන්ම ඉකුත් වර්ෂයේ දී තවත් රුපියල් තුන් කෝටි දාහත්ලක්ෂ පනස් එක්දහස් විසිහතරක් වටිනා (31,751,024) වටිනා ඖෂධ තත්ත්වයෙන් අසමත්වීම මත තාවකාලිකව භාවිතය අත්හිටුවා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

වෛද්‍ය සැපයුම් අංශය විසින් රෝහල් වෙත ඖෂධ නිකුත් කිරීමට පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය මගින් ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීමේ හැකියාවක් නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කර ඇත. එම නිසා ඖෂධ තත්ත්වයෙන් අසමත් බවට වාර්තා වන අවස්ථාව වන විට එම ඖෂධවලින් විශාල ප්‍රමාණයක් රෝගීන් විසින් භාවිතාකොට අවසන් බව වර්ෂ ගණනාවක සිට නිරීක්ෂණය වී ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. ඉකුත් වර්ෂයේ ද ප්‍රමාණාත්මක අයුරින් එම තත්ත්වය මගහරවා ගැනීම සඳහා ඖෂධ රෝහල්වලට නිකුත් කිරීමට පෙර තත්ත්වය පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. එමෙන්ම ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍යවල කල් ඉකුත් වීම සම්බන්ධයෙන් කරනු ලැබූ නියදි විගණන පරීක්ෂාවේ දී රුපියල් කෝටි 7.782ක් වටිනා කල් ඉකුත්වූ තොග වසර 11 වැඩි කාලයක සිට ගබඩාවල රඳවාගෙන ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

වෙබ් පුවත සඳහා https://tinyurl.com/6c3php5e

වතුකරයේ කම්කරුවන් සඳහා පර්චස් 10 බැගින් ඉඩම් කැබලි ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම්...
23/09/2023

වතුකරයේ කම්කරුවන් සඳහා පර්චස් 10 බැගින් ඉඩම් කැබලි ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය

වැවිලි කර්මාන්ත,ජල සම්පාදන හා යටිතල පහසුකම් සංවර්ධන හා සංචාරක සහ ඉඩම් යන අමාත්‍යාංශ එක්ව එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බවද ඇමැතිවරයා සඳහන් කළේය.

වෙබ් පුවත සඳහා https://tinyurl.com/35nw72xx

වසර හතරකට ආසන්න කාලයක්, රජය හා යුද හමුදාව පාලනයේ පැවති, මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය  නැවත වරක්...
20/09/2023

වසර හතරකට ආසන්න කාලයක්, රජය හා යුද හමුදාව පාලනයේ පැවති, මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය නැවත වරක් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට භාර දී ඇත.

පාස්කු ප්‍රහාරයත් සමග, නැගෙනහිර පළාතේ අන්තවාදී පිරිස් සිදුකළ නොසන්සුන්කාරී තත්වය හමුවේ 2019 වර්ෂයේදී රජයට පවරා ගත් ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් මෙන්ම,වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරගෙන ගියහ.

රට පුරා ලොව පුරා මහත් ආන්දෝලනයකට පතව තිබු ෂරියා විශ්වවිද්‍යාලය කෝටි 800 වැඩි මුදල් ප්‍රමාණයක් වැය කර අරාබියේ සිටින ව්‍යාපාරිකයකු විසින් නැගෙනහිර ආණ්ඩුකාර එල්.එල්.ඒ. එම් හිස්බුල්ලා මහතාට ලබාදුන් පරිත්‍යාගයකි බවට ප්‍රචලිත වී තිබිණි.

වෙබ් පුවත සඳහා https://tinyurl.com/2s4h88sd

හතරලියද්ද ප්‍රාදේශීය රෝහලේ සේවය කරමින් සිට නොදන්වා සේවයට වාර්තා නොකර විදේශගත වූ හෙද නිලධාරිනියකට මාස තුනක පමණ කාලයක් තිස...
20/09/2023

හතරලියද්ද ප්‍රාදේශීය රෝහලේ සේවය කරමින් සිට නොදන්වා සේවයට වාර්තා නොකර විදේශගත වූ හෙද නිලධාරිනියකට මාස තුනක පමණ කාලයක් තිස්සේ රුපියල් ලක්ෂ 2 1/2කට ආසන්න මුදලක් වැටුප් ලෙස ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මඟින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම හෙද නිලධාරිනිය පසුගිය මාර්තු මාසයේදී හිටිහැටියේ සේවය අතහැර සිංගප්පූරුවේ රැකියාවක් සඳහා පිටව ගොස් තිබෙන බව අනාවරණය වී ඇත.

තෙල්දෙණිය රෝහලේ සිට අනුයුක්තයක් යටතේ හතරලියද්ද රෝහලට මාරුවීම් ලැබ තිබෙන මෙම හෙද නිලධාරිනිය සේවයෙන් ඉවත්ව යන බව පාරිපාලනයට දැනුම් දී නැති බව මේ සම්බන්ධව කළ විමසීමකදී මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

සේවය අතහැර විදේශගත වූ පසු මාස තුනක පමණ කාලයක් එම හෙද නිලධාරිනියගේ මාසික වැටුප ඇගේ බැංකු ගිණුමට ගිණුම්ගත කර තිබෙන අතර විගණන පරීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. හතරලියද්ද රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුගෙන් සහ පළාත් සභාවට අයත් රෝහල්වල වැටුප් ගෙවීම් කටයුතුවලට අදාළ ලේඛන භාරව සිටින නිලධාරීන් පිරිසකගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගෙන තිබේ.

සේවයට වාර්තා නොකළ කාලය තුළ සිදු කරන ලද ගෙවීම් අදාළ නිලධාරිනියගෙන් නැවත අය කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කෙරමින් පවතින බව වාර්තා වේ.

වෙබ් පුවත සඳහා https://tinyurl.com/43rrjky9

රජය විසින් ගෙන ඒමට නියමිත සමාජ මාධ්‍ය ජාලා පාලන සඳහා වන නව පනත් කෙටුම්පතක් පිළිබඳව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා විසි...
20/09/2023

රජය විසින් ගෙන ඒමට නියමිත සමාජ මාධ්‍ය ජාලා පාලන සඳහා වන නව පනත් කෙටුම්පතක් පිළිබඳව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා විසින් මෙසේ අදහස් පල කර තිබුණා

"රජය විසින් ගැසට් කරලා තියනවා මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිලිබඳ පනත් කෙටුම්පතක්.අන්තර්ජාලයේ සුරක්ෂිතභාවය වත් මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය වත් නෙමෙයි ඒකෙ අරමුණ වෙන්නෙ.සමාජ මාධ්‍ය පාලනය කරන එක තමයි එහි අරමුණ වෙන්නෙ.

රජය කොමිෂන් සභාවක් පිහිටුවන්න උත්සාහ කරනවා ඒ කොමිෂන් සභාව තමයි තීරණය කරන්නෙ සත්‍යය මොනවද සත්‍යය නොවන්නෙ මොනවද කියලා.ඊට පටහැනිව කටයුතු කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් නියම කිරීමේ ප්‍රතිපාදන ගණනාවක් තියනවා. මේ පනත් කෙටුම්පත තුලින් සමාජ මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කරන්නන්ට විශාල ගැටළුවක් වෙනවා. මෙය හඳුන්වාදීලා තියෙන්නෙ අවශ්‍ය ක‍රන පාර්ශවයන්ගේ අදහස් විමසාවත් නෙමෙයි.

මේ මගින් ලංකාව තුල අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය හරහා සේවා සපයන්නන්ගේ සේවා සැපයීම අඩාල වෙන තත්වයකුත් ඇති වෙන්න පුලුවන්.සමාජ මාධ්‍ය තමන්ගේ ව්‍යාපාර වලට භාවිතා කරන පුද්ගලයන්ටත් එදිනෙදා කටයුතු වලට සමාජ මාධ්‍ය භාවිතා කරන අයටත් විශාල ගැටළුවක් වෙන්න ඉඩ තියනවා.

ඉතින් මෙවැනි පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරන්න ඕන, නීතිය ඉදිරියේ පාර්ලිමේන්තුවට සභාගත කලොත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අභියෝග කරන්න ඕන. හැබැයි ඊට එහා මම හිතන්නෙ මේ රටේ අවධානයෙන් ඉන්න ඕන මෙවැනි පනත් කෙටුම්පත් වලින් වෙන භයානක ප්‍රථිපලය ගැන"

වෙබ් පුවත සඳහා https://tinyurl.com/ma5hwbyz

මේ ලෝක කුසලානයේ ඉහලම වාසිය ඇත්තේ ඉන්දියාවටයි. නමුත් ඔවුන් ඉන්දීය ප්‍රේක්ෂකයින් ඉදිරියේ ක්‍රිඩා කිරිම ඔවුන්ට අවාසියක්.අර්...
20/09/2023

මේ ලෝක කුසලානයේ ඉහලම වාසිය ඇත්තේ ඉන්දියාවටයි. නමුත් ඔවුන් ඉන්දීය ප්‍රේක්ෂකයින් ඉදිරියේ ක්‍රිඩා කිරිම ඔවුන්ට අවාසියක්.අර්ජුන රණතුංග Indian Express පුවත්පත හා සිදුකල සංවාදයකදී එසේ පවසා තිබෙනවා.

ඉන්දියාවට මේ ලෝක කුසලානයේ ඉදිරියට යෑමට නම් කුල්දීප් ගේ සහයට තවත් එක් හොද දග පන්දු යවන්නෙක් අවශ්‍යයි.

ඔවුන්ට අතීතයේ සචින් ෂෙවාග් වැනි පන්දු යැවිය හැකි ඉදිරිපෙල පිතිකරුවන් සිටියා.නමුත් දැන් ඔවුනට එවන් පිතිකරුවන් නැති විම අවාසියක්. 1996 මගේ කණ්ඩායමේ අංක 4 පිතිකරුවා වුයේ අරවින්ද ද සිල්වා . ඔහු පිත්තෙන් ලකුණු රැස් කලා වගේම මැද පන්දුවාර වල පන්දු යවා කඩුලු ලබා ගත්තා. මං වත්මන් ඉන්දීය කණ්ඩායමේ මෙවන් ක්‍රිඩකයෙක් දකින් නෑ. මේ ලෝක කුසලානය පැවැත්වෙන්නේ ඉන්දීය උපමහද්විපය තුල. මේ කණ්ඩායමේ පන්දු යැවිය හැකි පිතිකරුවන් සේම පන්දු වට පහර දිය හැකි පන්දු යවන්නන් ද සිටිය යුතු වනවා. මෙය ඉන්දීය කණ්ඩායමේ මා දකින අඩුවක්. රවින්ද්‍ර ජඩේජා අංක 7 පිතිකරුවා ලෙස පැමිණ පන්දු යැවිම පමණක් ප්‍රමාණවත් කියා මා සිතන්නේ නෑ. නවසීලන්තය , දකුණු අප්‍රිකාව , ඔස්ට්‍රේලියාව වැනි කණ්ඩායම් සමග ක්‍රිඩා කරන විට දග පන්දු යවන්නන් තිදෙනෙකුවත් අවශ්‍යයි.
ඉන්දියාවට සිටින වේගපන්දු යවන්නන් දෙස බැලුවිට ඉන්දියාව හොදින් ක්‍රිඩාකරාවි.මේ ලෝක කුසලානය තුල Mohommed Shami වැනි පන්දු යවන්නෙක් ට කණ්ඩායමේ ඉඩක් නැතිවිමෙන් පේනවා ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු බලඇණිය කෙතරම් ශක්තිමත් ද බව. ඉන්දියාවට ලොකේ හොදම වේග පන්දු යවන්නන් සිටින බව මට හැගෙනවා.

අරවින්ද ද සිල්වා 2002 ශූරයින්ගේ කුසලානයේදී පන්දු යැවූ ආකාරය මෙතනින් බලන්න

1996 ලෝක කුසලානය ජයග්‍රහණය කිරිමට අපි වසර 2 ක 3 ක සිට සැලසුම් කරා. අපි ඉන්දීය උප මහද්විපයට උචිත කණ්ඩායමක් නිර්මාණය කරා. අපි කණ්ඩායමට උපරිමය ලබාදිය හැකි ක්‍රිඩකයින් හදුනාගත්තා. එවකට මුරලිදරන් , සනත් ජයසුරිය , චමින්ද වාස් යන ක්‍රිඩකයින් නවකයින් වුණත් ජයග්‍රහණය වෙනුවෙන් කැපවි ක්‍රිඩා කරා.

මගේ හදවත කියනවා ශ්‍රි ලංකා කණ්ඩායම අවසන් පුර්ව වටයේ ස්ථානයක් දිනාගත යුතු බව. කණ්ඩායමේ ක්‍රිඩා කරන ක්‍රිඩකයන්ගේ දක්ෂතා සැලකූ විට නිවැරදිව ක්‍රිඩකයින් තෝරාගන්නවා නම් ශ්‍රි ලංකාවට හැකියාව තිබෙනවා ඔනෑම කණ්ඩායමක් පරාජය කිරිමට.

පාකිස්ථානය බංගලාදේශය ඇෆ්ගනිස්ථානය විශ්වාසය තැබිය නොහැකි කණ්ඩායම්. ඔවුන්ට ඔවුන් ගේ දිනයේ ඔනෑම කණ්ඩායමක් පරාජය කල හැකියි. නමුත් ඔවුන් දිගින් දිගටම තරග දිනන කණ්ඩායම් නොවෙයි.

ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයට පැමිණෙන කණ්ඩායම් අතර එංගලන්තය ඉදිරියෙන්ම සිටිනවා ඒ Ben Stokesගේ එක්දින ආගමනය සමග.

කේන් විලියම්සන් ගේ ආගමනය සමග නවසීලන්ත කණ්ඩායම ද ශක්තිමත් කණ්ඩායමක් බව කිවහැකියි.

දග පන්දු යවන්නන් පිලිබද ගැටලුවක් තිබුණත් මා ඉන්දියාවද අවසන් පුර්ව වටයේ ඉඩක් වෙන් කරගන්නා කණ්ඩායමක් බවට ප්‍රකාශ කරනවා.

ඔස්ට්‍රේලියාව මේ මොහොතේ ක්‍රිඩා කරන ආකාරය සහ ලෝක කුසලාන වල ක්‍රිඩා කරන ආකාරය දෙස බැලුවිට ඔවුන් ද අවසන් පුර්ව වටයේ ඉඩක් වෙන් කරගන්නා කණ්ඩායමක් බවට පත් වේවි.
එංගලන්තය , නවසීලන්තය , ඉන්දියාව , ඔස්ට්‍රේලියාව මේ මොහොතේ හොදින් ක්‍රිඩා කරන කණ්ඩායම් . ඔවුන් එක් තරගයක් පරාජය වුනහොත් නැවත තරග 02 ක් ජයග්‍රහණය කරාවි. මෙය ඉතාම තරගකාරී තියුණු ලෝක කුසලානය තරගාවලියක් වේවි.

වෙබ් පුවත සඳහා https://tinyurl.com/yc22kdwc

හතුරුසිංහ නිහඩතාව බිදියි කුසල් මෙන්ඩිස් දක්ෂතා අතර නොසිටින කාලයක ඔහු මෙන්ඩිස්  කණ්ඩායමෙන් ඉවත් නොකර දිගින් දිගටම අවස්ථාව...
19/09/2023

හතුරුසිංහ නිහඩතාව බිදියි

කුසල් මෙන්ඩිස් දක්ෂතා අතර නොසිටින කාලයක ඔහු මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් නොකර දිගින් දිගටම අවස්ථාව දුන් බවත් මෙන්ඩිස් දැන් හොදින් ක්‍රිඩා කරන බව වත්මන් බංගලාදේශ පුහුණුකරු පවසනවා.

එමෙන්ම සධිර සමරවික්‍රම එක්දින ජාත්‍යන්තර වරම් හිමිකරගත්තේ තමන් ශ්‍රි ලංකාව පුහුණුකාරිත්වය දරන සමයේ බවත් මේ ක්‍රිඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයන් බොහොමයකට ශ්‍රි ලංකා කණ්ඩායමට ක්‍රිඩා කිරිමට අවස්ථාව ලබා දුන්නේ තමන් බවත් හතුරුසිංහ ප්‍රකාශ කර තිබුණා.

උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට වෙඩි තැබූ කෙනා අද (19) පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමට කටයුතු කලේය.වැඩි දුරටත්...
19/09/2023

උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට වෙඩි තැබූ කෙනා අද (19) පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමට කටයුතු කලේය.වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ තමාගේ වාහනයට වෙඩි තබනු ලැබුවේ පවතින ක්‍රමය විසින් බවය.

රටේ කරගෙන යන දේශපාලන ක්‍රමය වැරදි බවත් ශ්‍රී ලංකාව මේ තත්වයට වැද වැටී ඇත්තේ ඒ නිසා බවත් ඔහු සඳහන් කළේය.

ප්‍රේමරත්න මහතා මෙසේ පැවසූවේ සිය වාහනයට අනුරාධපුරයේදී සිදුවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

උද්දික ප්‍රේමරත්න මහතා මෙසේද පැවසීය.

මගේ වාහනයට 17 වැනිදා රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් සිදුවුණා. සිද්ධිය ගැන පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් පරීක්ෂණයක් කරගෙන යනවා. මේ සිද්ධියෙන් පසු මා ගැන සොයා බලපු සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා.

මේක කළේ කවුද කියන එකට වඩා මට කියන්න තියෙන්නේ මේකයි. මම හිතෙන්නේ මේ පවතින ක්‍රමය විසින් තමයි මේ ප්‍රහාරය කරනු ලැබුවේ. කවුරුත් දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා. අපි කරගෙන යන දේශපාලන ක්‍රමය වැරදියි. ඒ නිසා තමයි මේ රට මේ තත්වයට පත්වෙලා තියෙන්නෙ දෙපැත්තෙම වැරදි තියෙනවා. මේකේ නිවැරදි තැන හොයාගන්න ඕන.

වෙනස් වෙන්න ඕන තැන අපි හොයාගන්න ඕන. හොයාගෙන දෙපාර්ශවයම ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන. ඒ වෙනස ගේනකම් මේ රට හදන්න බැහැ. ඒ දේශපාලන පරිවර්තනය මේ රට ඉල්ලනවා. ඒ වෙනස ආදේශ කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඒ වෙනස වෙනුවෙන් අපි තරුණයන් විදිහට වැඩ කරනවා.

වෙබ් පුවත සඳහා https://tinyurl.com/2mydkcb5

මෙම වසරේදී දෙවතාවක් ම විදුලි බිල සියයට හැත්තෑපහකින් පමණ ඉහළ දමා තිබෙන නමුත් මෙම වසර අවසානයේ රුපියල් කෝටි පන්දහසකට (5000)...
18/09/2023

මෙම වසරේදී දෙවතාවක් ම විදුලි බිල සියයට හැත්තෑපහකින් පමණ ඉහළ දමා තිබෙන නමුත් මෙම වසර අවසානයේ රුපියල් කෝටි පන්දහසකට (5000) අධික පාඩුව පියවා ගැනීමට නම් ලබන ජනවාරි මස යළි ගාස්තු වැඩි කිරීමට සිදුවනු ඇතැයි ඉංජිනේරුවෝ පවසති.

විදුලි ගාස්තු සංශෝධනය වන්නේ වසරකට දෙවතාවකි.

පෞද්ගලික හා අධික වියදම් සහිත ප්‍රභවයන්ගෙන් විදුලිය මිලදී ගෙන අඛණ්ඩව පැය විසිහතරේම විදුලිය ලබා දීමට ක්‍රියාකිරීම නිසා ගාස්තු වැඩිකර තිබියදීත් තාමත් ලංවිම මෙලෙස පාඩු ලබන බව ද ඉංජිනේරුවෝ පැවසූහ.

එනිසා මෙම වසරේ ඉතිරි වී තිබෙන මාස තුනහමාර තුළ යළි විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු නොවන බවට ඔවුහු විශ්වාසය පළ කරති.

ලංකා විදුලිබල මණ්ඩලය මේ දක්වා ලබා තිබෙන සමස්ත පාඩුව රුපියල් බිලියන 500 ක් පමණ යැයි ද ඔවුහු පවසති.

වෙබ් පුවත සඳහා https://tinyurl.com/yc726x2d

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කාමරයක් අලුත්වැඩියා කරන අවස්ථාවේ දී එහි සිවිලිමේ සඟවා තිබු ගිනි අවියක්, පතොරම් හා ප...
18/09/2023

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කාමරයක් අලුත්වැඩියා කරන අවස්ථාවේ දී එහි සිවිලිමේ සඟවා තිබු ගිනි අවියක්, පතොරම් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද හමු වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙම විද්‍යාලය ඇතුළු අවට භූමිය 2015 වසරේ දී දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් වෙන් කර තිබු අතර ඊට පැමිණෙන ප්‍රභූවරයකු ඉලක්ක කර ගෙන මෙම අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය ගෙනවිත් සගවා තැබුවේද ? එසේත් නොමැති නම් වෙනත් අපරාධයකට සැලසුම් කළේද ? යන්න සෙවීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

එම සිවිලිම තුළ සගවා තිබු විදේශීය රටක නිෂ්පාදිත බවට සැක කළ හැකි ගිනි අවියක්, ටී 56 වර්ගයේ ගිනි අවි සදහා භාවිතා කළ හැකි මිලි මීටර් 7.62 පතොරම් 20 ක්, මිලි මීටර් 9 වර්ගයේ පතොරම් 138 ක් , මිලි මීටර් 3.2 පතොරම් 31 ක්, ඩෙටනේටර් 02 ක්, ටී.එන්.ටී.යයි සැක කළ හැකි පුපුරණ ද්‍රව්‍ය ග්රෑම් 194 ක්,ඩෙට් කෝඩ් (සේවා නූල්) දිග සෙන්ටි මීටර් 115 ක් ඇතුළු තොගයක් පොලීසිය සොයා ගනු ලැබුවා.

වෙබ් පුවත සඳහා https://tinyurl.com/y68cspy2

සංවර්ධිත රවටලට,අපේ වැනි රටවල දක්ෂ වෘත්තිකයන්, ගෙන්වා ගන්නවා නම්, ඒ සදහා එම රටවල්, අපේ රටවලට වන්දි ගෙවිය යුතු බව ජනාධිපති...
18/09/2023

සංවර්ධිත රවටලට,අපේ වැනි රටවල දක්ෂ වෘත්තිකයන්, ගෙන්වා ගන්නවා නම්, ඒ සදහා එම රටවල්, අපේ රටවලට වන්දි ගෙවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රටවල් 134 කින් සමන්විතට ජී 77 සමුළුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පැවසී ය.

ගෝලීය දකුණේ රටවල සිට උතුරේ රටවලට සිද්ධ වන බුද්ධි ගලනය, අපේ වැනි රටවල තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් බව ජනාධිපතිවරයා පවසයි.

චීනය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව, ඔවුන්ගේ ශ්‍රම බලකාය පෝෂණය කරමින් සිටින බවත්, ඒ මගින්, විද්‍යාව තාක්ෂණය සහ නවෝත්පාදනය යන ක්ෂේත්‍රවල ප්‍රගතියක් අත්කර ගැනීමට ඔවුන් සමත් වූ බවත් ජනාධිපතිවරයා පවසයි.

මේ තත්ත්වය යටතේ, අපේ ශ්‍රම බලකාය අහිමි වීමට අදාලව, ධනවත් සංවර්ධිත රටවලින් අපි වන්දි ඉල්ලා සිටිය යුතු බව ජී 77 සමුළුව අමතමින් ජනාධිපතිවරයා යෝජනා කරයි.

වෙබ් පුවත සඳහා https://tinyurl.com/43ka5fzx

දේශපාලන අවශ්‍යතා සහ හිතවත්කම් මත පොලිස්පති නිර්දේශයෙන් සිදු කිරීමට ගිය පොලිස් ස්ථානාධිපතිවරුන් එකසිය පනස් දෙදෙනකු ගේ (15...
18/09/2023

දේශපාලන අවශ්‍යතා සහ හිතවත්කම් මත පොලිස්පති නිර්දේශයෙන් සිදු කිරීමට ගිය පොලිස් ස්ථානාධිපතිවරුන් එකසිය පනස් දෙදෙනකු ගේ (152) ස්ථාන මාරුවීම් ජාතික පොලිස් කොමිසම මගින් අත්හිටුවා ඇත.

සේවයේ අවශ්‍යතාව මත බව කියමින් පොලිස්පතිවරයා විසින් නිර්දේශ කළ පොලිස් ස්ථානාධිපතිවරුන් එකසිය පනස් දෙදෙනකුගේ ස්ථාන මාරුවීම් ලැයිස්තුවක් ජාතික පොලිස් කොමිසම වෙත පසුගියදා එවා තිබිණි. මෙම ස්ථාන මාරුවීම් සියල්ල පොලිස් කොමිසම විසින් එකිනෙක පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ එම මෙම ස්ථාන මාරුවීම් දේශපාලන හිතවත්කම් මත නිසි ක්‍රමවේදයට අනුව සකස් කර නොමැති බවයි. මෙම මාරුකිරීම් සම්බන්ධයෙන් කරුණු විමසීමේදී බොහෝ ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම් සම්බන්ධයෙන් නියමිත ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කරන බව ද එම උසස් නිලධාරියා කියා සිටියේය.

ස්ථානාධිපති මාරුවීම් ලැයිස්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවා නව ක්‍රමවේදයක් අනුව එය සකස් කරන ලෙස පොලිස් කොමිසම පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත. ජාතික පොලිස් කොමිසමේ නිලධාරියකු කියා සිටියේ එම ස්ථානාධිපති මාරුවීම් ලැයිස්තුව ඒ අනුව ක්‍රියාත්මක කරන බවයි.

වෙබ් පුවත සඳහා https://tinyurl.com/yc29kt6v

අනුරාධපුර වාහල්කඩ ප්‍රදේශයේ අලුතින් ඉදිකළ සතිපොල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට නියමිතව සිටි දේශපාලන අධිකාරියට විරෝධය ...
18/09/2023

අනුරාධපුර වාහල්කඩ ප්‍රදේශයේ අලුතින් ඉදිකළ සතිපොල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට නියමිතව සිටි දේශපාලන අධිකාරියට විරෝධය දැක්වීමට වහල්කඩ ප්‍රදේශවාසීන් වර්ජනය කිරිම නිසා උත්සවය අතරමග නතර කිරීමට සංවිධායකයනට සිදු විය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන, හිටපු ඉඩම් අමාත්‍ය එස්. එම්.චන්ද්‍රසේන මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම උත්සවයට සහභාගී වීමට නියමිතව තිබුණි.

ජනතාව සහභාගි නොවන බව කලින්ම දැනගත් මැති ඇමතිවරුන් කිසිවකුත් මෙම උත්සවයට සහභාගී නොවීය.

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙම උත්සවයට රාජ්‍ය නිලධාරීන් අතලොස්සක් ද හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරල්ලියද්ද මහතා පමණක් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු සමඟ අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.

මෙම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන ලෙස ආරාධනා පත්‍ර දුන් නමුත් එහෙත් දේශපාලනඥයන් පැමිණෙන කිසිදු උත්සවයකට සහභාගි නොවී, ඊට විරෝධය දැක්වීම සඳහා සහභාගී නොවූ බව වාහල්කඩ ජනතාව පවසා තිබුණි.

සති පොල විවෘත නොකළ අතර,මධ්‍යහ්න 12 පමණ වන තෙක් රැඳී සිීටි උත්සවය සංවිධානය කළ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ නිලධාරීහු ආපසු හැරී පිටත්ව ගියහ.

වෙබ් පුවත සඳහා https://tinyurl.com/a7czx8hm

අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රැඳවුම් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 21045 මුදලක් වැයකර තිබුණ ද එම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්...
17/09/2023

අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රැඳවුම් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 21045 මුදලක් වැයකර තිබුණ ද එම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගැනීමට 2022 වර්ෂය අවසානය දක්වාම නොහැකි වී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

මෙකී ව්‍යාපෘතිය නිම කළ යුතු දිනය ඉක්මවා වසර තුනක කාලයක් ද ගත වී තිබුණි. අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රැඳවුම් මධ්‍යස්ථානය ගංවතුර ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස්කර නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

මෙම තත්ත්වය නිසා 2021 වර්ෂයේ දී ඇතිවූ ගංවතුරෙන් යටවී අක්‍රිය තත්ත්වයට පත්ව තිබූ යන්ත්‍රෝපකරණ ඉකුත් වර්ෂය අවසන් වන විට ද යථා තත්ත්වයට පත්කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

වෙබ් පුවත සඳහා https://tinyurl.com/2u48ccex

දේශපාලනඥයන්, පොලිස් සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ ආයතන ලොක්කන් සදහා රජය විසින් ලබා දී තිබෙන වාහන දෙදහසක් පමණ, ඔවුන්ගේ ...
17/09/2023

දේශපාලනඥයන්, පොලිස් සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ ආයතන ලොක්කන් සදහා රජය විසින් ලබා දී තිබෙන වාහන දෙදහසක් පමණ, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණය සදහා යොදාගෙන ඇති බව ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට, බුද්ධි අංශ වාර්තාවකින් මෙම කරුණු තහවුරු වී තිබේ.

ඇතැම් ආයතන ප්‍රධානීන්, ඔවුන්ගේ පෞද්ගලික රථය, ඔවුන් සේවය කරන ආයතනයටම කුලී පදනම යටතේ භාර දී ඇති අතර, එම වාහනය තමන්ගේ නිල රථය ලෙස භාවිතා කරන අවස්ථා ද ඇති බව එම වාර්තාව අනාවරණය කරන බව පුවත්පත වාර්තා කරයි.

බොහෝ විට රජයෙන් ලබාගෙන තිබෙන රථ, ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ ගමන් බිමන්, දරුවන් පාසල් රැගෙන යාම වැනි කටයුතු සදහා අවභාවිතා වනු දක්නට ලැබෙන බව පුවත්පත පවසයි.

මෙම වාහන සදහා ඉන්ධන සහ බොහෝ විට රියැදුරන්ද රජය මගින් ලබා දී තිබෙන බව පැවසේ.

වෙබ් පුවත සඳහා https://tinyurl.com/5n7zw4uk

මේ වසරේ දී දිවයින පුරා උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15,763 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞ...
15/09/2023

මේ වසරේ දී දිවයින පුරා උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15,763 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා.

ජුනි මාසයේ පැවති ජාතික පෝෂණ මාසයට සමගාමී ව එම කාර්යංශය සිදු කළ සමීක්ෂණයකට අනුව ඉන් වැඩි ම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් බවයි සඳහන් වන්නේ.

පෙර වසරේ 15.3%ක් ව පැවති අඩු බර සහිත ළමුන් ප්‍රතිශතය මේ වසරේ 17.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෙන්වා දෙන්නේ.

වෙබ් පුවත සඳහා https://tinyurl.com/2f79br6m

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පිවිසීම විහිළුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් ප...
14/09/2023

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පිවිසීම විහිළුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

එස්. එම්. චන්ද්‍රසේන මහතා බත්තරමුල්ල නෙලුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

ජනතාව 69 ලක්ෂයක් ඡන්දයදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් කළ ද එතුමාට එය කරගත නොහැකි වූ බව ද කී චන්ද්‍රසේන මහතා තනතුර දමා පලා ගිය එතුමා නැවත නැවතත් දේශපාලනයට එනවා යන්න විහිලුවක් බවද සඳහන් කළේය.

ජනතාව ඝාතනය වීමට නොදී තනතුර හැර ගිය එතුමා නැවත දේශපාලනයට ඒමේ තත්ත්වයකට පත්වේ යැයි නොසිතන බවද කී චන්ද්‍රසේන මහතා සඳහන් කළේ එතුමා නම්බුකාර ලෙස තනතුර හැර යාම පිළිබඳ ගෞරවයක් ඇති බවත්ය.

එතුමා නැවත දේශපාලනයට පිවිස කොතනකට යාමට සූදානම් වනවාදැයි පැහැදිලි නොමැති බවත් එතුමා ආරක්ෂක සහ නාගරික සංවර්ධන යන අමාත්‍යාංශවල ලේකම්වරයා ලෙස වගකීම නිවැරදිව ඉටු කළ බවත් කෙසේ වෙතත් ජනාධිපති තනතුරේ යුතුකම් ඉටු කිරීමට එතුමාට නොහැකි වූ බවත් චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ යැයි කීම හීනයක් බවත් ජනාධිපති ධුරයේ කටයුතු කරගැනීමට නොහැකි වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙනත් කුඩා පක්ෂයකින් පැමිණ කටයුතු කිරීමට කාලයක් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

වෙබ් පුවත සඳහා https://tinyurl.com/46ven7hm

මාතලේ මහ නගර සභාවට අයත් ගලි බවුසර් සේවා පිටස්තර පුද්ගලයන්ට කුලියට ලබාදීමේ දී එහි කුවිතාන්සි වංචනික ලෙස වෙනස් කර රුපියල් ...
13/09/2023

මාතලේ මහ නගර සභාවට අයත් ගලි බවුසර් සේවා පිටස්තර පුද්ගලයන්ට කුලියට ලබාදීමේ දී එහි කුවිතාන්සි වංචනික ලෙස වෙනස් කර රුපියල් තුන්ලක්ෂ හැටපන් දහස් එකසිය විසි පහක මුදලක් නගරසභා ආදායමට බැර නොකර ඇති බව විගණන විමසුමක දී අනාවරණය වී ඇත.

මෙම තොරතුරු හෙළිව ඇත්තේ මාතලේ මහ නගර සභාව මගින් 2022 ඔක්තෝබර් මස සිට 2023 ජුනි මාසය දක්වා ගලි බවුසර කුලියට දීම සම්බන්ධව කළ විගණන පරීක්ෂාවේ දී ය.

නගර සභාව මගින් වෙනත් සේවාවලට මුදල් ලබාගැනීමේ දී නිකුත් කළ කුවිතාන්සි අංක වංචනික ලෙස සටහන් කර, ගලි සේවා 57 ක් වෙනුවෙන් අය කළ මුදල් මෙලෙස නගර සභා ගිණුමට බැර වී නොමැති බව එම විගණනයේ දී අනාවරණය වී ඇත.

ගලි සේවා ලබාගැනීම සඳහා ඉල්ලු‍ම් කළ පුද්ගලයන් අදාළ සේවාව ලබාගත් බවට අත්සන් යොදා ඇති අතර ගලි බවුසර් පිටතට ගිය බවට ගේට්ටු අවසර පත්‍රවලද සඳහන්ව ඇතත් එහි ආදායම නගර සභා ගිණුමට අය වී නොමැති බව ද අනාවරණය වී ඇත.

අදාළ සේවා ලබාදීමේදී නගරසභා සීමාව සහ ඉන් පිටත වශයෙන් ද, නිවාස සහ ව්‍යාපාරික වශයෙන් ද විවිධ අයකිරීම් යටතේ එම සේවා ලබාදුන්නත්, එය නිසි අධීක්ෂණ නිලධාරියකු යටතේ අධීක්ෂණයට ලක් වී නොමැති බවද අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව විගණන අධිකාරිවරයා මාතලේ නාගරික කොමසාරිස්වරයාගෙන් කරුණු විමසා ඇති අතර, එහි පිටපත් මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයාට සහ මාතලේ සහකාර පළාත් පාලන කොමසාරිස්වරයාට යොමුකර ඇත.

වෙබ් පුවත සඳහා https://tinyurl.com/mw3x96f8

Address


Alerts

Be the first to know and let us send you an email when Voize Today posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Voize Today:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share