ARTeka

ARTeka දැනුම ලබාදෙන වෙනස්ම කලාව

SCP ගැන දැනගන්න SCP එකේ කතා බලන්න දැන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න..( කට්ටිය බලනවා ඇති scp කියන්නේ මොකක් ද? කි...
03/04/2023

SCP ගැන දැනගන්න SCP එකේ කතා බලන්න දැන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න..( කට්ටිය බලනවා ඇති scp කියන්නේ මොකක් ද? කියලා 🙂)ඒ ගැනත් දාන්නම්
තාම වැඩ පටන් ගත්තෙ නෑ.( පොඩි වීඩියෝ ටිකක් දාලා තියෙන්නේ..ඒ..වුනාට 😁) ඒනිසා හැමෝම අනිවා චැනල් එක subscribe කරලා තියාගන්න .. ඉස්සරහට සුපිරි වැඩ ටිකක් කරනවා... හැමෝම සෙට්වෙන්න..

ලින්ක් එක https://youtube.com/-

සබ්ස්ක්‍රයිබ් කරන්න යාලුවන්ටත් ෂේයා කරන්න....

ලොව විශාලතම සර්පයා(ටයිටැනබෝවා)ලෝකයේ අරම්භයත් සමඟ ⁣මේ දක්වා ලොව විසූ ජීවීන් අතරින් ලොව විශාලතම සර්පයා ලෙස වාර්තා වන්නේ බො...
27/03/2023

ලොව විශාලතම සර්පයා(ටයිටැනබෝවා)

ලෝකයේ අරම්භයත් සමඟ ⁣මේ දක්වා ලොව විසූ ජීවීන් අතරින් ලොව විශාලතම සර්පයා ලෙස වාර්තා වන්නේ බෝවා කුලයේ ටයිටැනබෝවා ය.

-ටයිටැනබෝවා-

ටයිටැනබෝවා යනු ටයිටැනික් බෝවා යන්නයි (ටයිටැනික්=අතිවිශාල). ඒ අනුව ටයිටැනබෝවා මීට වසර මිලියන 50කට පමණ පෙර ප්ලෙයෝසීන යුගයේ ජීවත්වුනු බෝවා කුළයට අයත් අතිවිශාල සර්පයෙකි.

අමෙරිකාවේ ප්‍රමුඛතම පර්යේශණ ආයතනයක් වන ස්මිත්සෝනියන් ආයතනයේ හා ෆ්ලෝරිඩා විශ්වවිශ්‍යාලයේ ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් විසින් 2004 වසරේදී දකුණු ඇමරිකාවේ කොලොම්බියා රාජ්‍යයේ ඊසානදිග ප්‍රදේශයේ කරන ලද ගවේශණයකදී ටයිටැනබෝවාගේ ෆොසිල මුල්වරට සොයාගන්නා ලදී.මෙම ෆොසිල සම්බන්ධයෙන් සිදුකල පර්යේශණ වලට අනුව ටයිටැනබෝවාට සිය මුඛය අංශක 180ක් තරම් පලලට විවෘතකල හැකි බව සොයාගැනුනු අතර ඒ අනුව ඔහුට හොඳින් වැඩුනු කිඹුලෙකු එකවර ගිලදැමීමේ හැකියාව ඇතැයි නිගමනය කෙරුණි

ඉතිං මේ ටයිටැනබෝවාලා ⁣වර්ථමානයේ ඉන්නවා කියලා කියන්න නම් අපි දන්නෑ.. 😁ඒත් මේ අැනකොන්ඩාලා නම් ඉන්නවා කියලා කියන්න පුළුවන්.. නේහ්..

ඒත් මේ සොයාගෙන තිබෙන පොසිලයේ බොවා ගේ කශේරුකාවේ තිබෙන( ඇටයක් 😁) හා ඇනකොන්ඩා වෙකුගේ ඇටයක් සමඟ සන්සන්දනය කර බැලීමේදී අැනකොන්ඩා ගේ ඇටය කුරුම්බැට්ටියක් තරම් නම් බොවාගේ ඇටය පොල් ගෙඩියක් තරම්ය.( ලෙළි ගහපු පොල් ගෙඩියක් හරි ද? 🙄) ඉතිං ඒවා සමඟ බලද්දී බොවා යනු ( ටයිටැන ) ඉතා විශාල සර්පයකු ලෙස නම් කර ඇත..

බොවා ගැම තවත් තොරතුරු 👉 කැමති නම් කියවන්න

බෝවා දකුණු ඇමරිකාවේ ඇමේසන් වනාන්තරයේ ජීවත් වන විශාල සර්ප විශේෂයකි. බෝවා කොන්ස්ට්‍රික්ටර් හා ඇනකොණ්ඩා බෝවා කුළයට අයත් වන අතර මොවුන් සියල්ලම විෂ රහිත, තම ගොදුරු මිරිකා පොඩිකොට ගිල දමන විශාල සර්ප වර්ගයකි. අප දන්නා පිඹුරාද ගොදුරු මිරිකා ගිලදමන සර්පයෙකු වන නමුත් ඔවුන් ජීවත් වන ප්‍රදේශ හා වර්ගයා බෝ කිරීම අතින් වෙනස්ය. බෝවා වර්ගයේ සර්පයින් ජීවී පැටවුන් බිහිකරන අතර පිඹුරන් බිත්තර දමයි.
_________________________________________
ඔච්ර තමයි බොවා ගැන කියන්න තියෙන්නේ බොවා ගැන තව දෙයක් මුං කෑවට විෂනෑ ( නිර්විෂ) 😅 ඉතිං කන්න බොවලා නෑ නේ.. ☝️
___________________________________________
අනුකරණය සහිතය


- Lakshan -

පේජ් එකට ලයික් කරන්න ☝️🙄

( මේක නිකං කළුනික හොයනවා වගේ වැඩක් )ඔයාලා මේ වචන ටික ජීවිතේ කවදා හරි අහලා ඇති( අහපු නැති උනුන් ඇති ඒත් කරන්න දෙයක් නෑ 😁)...
27/03/2023

( මේක නිකං කළුනික හොයනවා වගේ වැඩක් )

ඔයාලා මේ වචන ටික ජීවිතේ කවදා හරි අහලා ඇති( අහපු නැති උනුන් ඇති ඒත් කරන්න දෙයක් නෑ 😁) එ්කෙන් කියන විදිහට මේ කළුනික කියන්නෙ ගොඩක් දුර්ලභ දෙයක් වෙන්න ඔින කියලා ඔින කෙනෙක්ට තේරෙනවා.

ඉතිං මේ කළුනික කියන්නෙ මොනා ද? මේවා හැදෙන්නේ කොහෙද? ඒක ඔයාලට වගේම මටත් ප්‍රශ්නයක් 🙂

උපුටා ගැනීම - (සැබෑ කළුනික සොයන්නේ මෙහෙමයි!!
අටි කුකුලාගේ කූඩුපිහිටා ඇත්තේ ඝන වනාන්තරයේ පදුරු අස්සේ ය. එය සොයාගනීම මහත් දුශ්කර කාර්යයකි. අටි කුකුලු කූඩුවක් සොයා ගැනීමට ඔබ සමත් වුවහොත් එය වාසනාවකි! ඔබට අටි කුකුලු කූඩුවක් සමු වුව හොත් එය ප්‍රවේශමෙන් රැගෙන ගොස් ගලාබස්නා දියපහරකට දැමිය යුතුය ..එවිට අටි කුකුලු කූඩුවේ සගවා ඇති පුදුම බලයක් සහිත කලුනික කැබල්ල උඩු ගං බලාපාවීමට පටන් ගනී! එවිට එය රැහෙන ගොස් වලලක ඔබ්බවා පලදින්න එවිට ඔබට වාසනාවන්ත කාලයක් උදාවනු ඇත
එය පැලද සිටින විට පාලු හුදකලා තැනකදි කිසිවෙකු ඔබට වෙඩි තැබුවහොත් ඔහුට ඉලක්කය වැරදි වෙඩි නොවදී ඒ පිලිබද ජනප්‍රවාදය එසේය

උපුටා ගනීම ඩග්ලස් රෆල් in ruhunu jungles කෘතියෙනී )

⁣ඒ කෘතියේ සඳහන් වෙන විදිහට ඔහු පවසන්නේ මේ කළුනික කියන දේ මිනිසාට වඩා එම සතාට පහසුවෙන් අදුන ගන්න පුළුවන් භවත් ඒ වටිනා දෙය යොදා එම සත්වයා කූඩුව සෑදුව හොත් එහි තිබෙන බලය නිසා ඔහුට ආරක්ෂා ලැබෙන බවත් ය.( ආරක්ෂා යනුවෙන් අදහස් කරන්නේ සර්පන් වැනි සතුන්ගෙන් )

ඒත් මට නම් මෙහෙම දෙයක් හිතෙනවා හැම ⁣ඇටි කුකුල් කූඩු වල කොහොම ද එහෙම කළුනික තියෙන්නේ 😁 අපට කියන්න බෑනෙ මුළු ලෝකේම මේ කළුනික කියන ශාකය පැතිරී තිබෙන වා කියලා.
__________________________________________

ඔයාලා කළුනික හොයා ගත්තොත් අපිටත් කියන්න.. 😁 අනිවාර්යයෙන්ම ඔයාලාගේ අදහස්සුත් අපිට කියන්න..
__________________________________________

උපුටා ගැනීම් හා අනුකරණ ඇතුලත් ය.

සැකසීම -

අපිට හි⁣තුනෙ නැතිවුනාට මෙහෙම වෙන්න බැරිකමකුත් නෑ...මේ අපි පිරමීඩ කියලා හිතන් ඉන්නෙ පිටසක්වල ජීවී යානා වල උඩ කොටස් වෙන්න ...
24/03/2023

අපිට හි⁣තුනෙ නැතිවුනාට මෙහෙම වෙන්න බැරිකමකුත් නෑ...

මේ අපි පිරමීඩ කියලා හිතන් ඉන්නෙ පිටසක්වල ජීවී යානා වල උඩ කොටස් වෙන්න බැරිද?🤔 මේවා තව අඩි දස දහසක් ගානක් යටට තියෙන්න බැරිද? (මොකද අපි හාරලා බලන්නැයි 😁)

වේලාව අපුවාම අපිට කෙළවන්න බලන් ඉන්නවද දන්නෑ නේ.

ඔිවා ගැන හිතන්න ගියොත් අනිවා ට්‍රැක පනිනවා 😁. ඒනිසා නොහිතා ඉන්න.

ARTeka ®

ඉස්සර මිනිස්සුත් හිතන්න ඇති නේද? අපි වගේම 😁 හීන ලෝක වල...
22/03/2023

ඉස්සර මිනිස්සුත් හිතන්න ඇති නේද? අපි වගේම 😁 හීන ලෝක වල...

-කාල තරණය-අපි ජීවත් වෙන වර්තමාන මොහොතේ ඉඳන් ඉස්සරහ කාලයකට හෝ පිටුපස කාලයකට අපට යන්න පුලුවන්නම් අන්න ඒක කාල තරණයක් ලෙස හඳ...
22/03/2023

-කාල තරණය-

අපි ජීවත් වෙන වර්තමාන මොහොතේ ඉඳන් ඉස්සරහ කාලයකට හෝ පිටුපස කාලයකට අපට යන්න පුලුවන්නම් අන්න ඒක කාල තරණයක් ලෙස හඳුන්වනවා. නිවුටන්ගේ විද්‍යාව මිනිසුන්ව සරල කාරණා ටිකකට ගොනු කරද්දී අයින්ස්ටයින් සාපේක්ශතාවාදය කියන බරපතල තැනකට මිනිස්සුන්ව ගේනවා. ඔය සාපේක්ශතාවාදය එක්කම “මිනිසුන්ට කාලය හරහා ගමන් කරන්න පුලුවන් ය. ඒකට කරන්න ඕන ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයෙන් ගමන් කිරීම පමණක් ය” වගේ තවත් කතන්දර කිහිපයක්ම ලෝකයට අලුතින් එනවා. ඔන්න ඊට පස්සේ තමයි මිනිස්සු කාල තරණය ගැන වැඩියෙන් හොයන්න පෙළඹුනේ.
ඉතිං කාල තරණය ගැන කතා කරණකොට අපට නැගෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි මේ කාල තරණය අැත්තටම කරන්න පුළුවන් ද කියන එක 🙄 මේ කාලය හරහා යෑම එතරම් පහසු කටයුත්තක් නම් නෙවෙයි. මේක ගොඩක් සංකීර්ණ ක්‍රියා වලියක්..

මේ ගැන ⁣ලෝකයේ විශිෂ්ඨතම පුද්ගලයකු වන ස්ටීවන් හෝකින් මේ වගේ පරීක්ෂණයක් කරලා තියනවා ⁣ඒක හදුන්වන්නේ කාල යාත්‍රිකයන් ගේ රාත්‍රි භෝජන සංග්‍රහය කියලයි. හැබැයි මේක සමාන්‍ය භෝජන සංග්‍රහයක් නම් නෙවෙයි මේකේ විශේෂත්වය ගැන කියනවා නම් මේ භෝජන සංග්‍රහය අද රෑ තිබුනානම් මේකේ ආරාධනා පත්‍ර නිකුත් කරලා තියෙන්නේ ඊට පසු දිනයේ දීය. ඉතින් ඔබට වැටහෙනවා කාල යාත්‍රිකයන් ඇත්තටම සිටිනවා නම් මේ රාත්‍රී භෝජනයට පැමිණිය යුතුය කියා.එහෙත් පුදුමය කියන්නේ එක්කෙනෙක් වත් මේ රාත්‍රී රාත්‍රී භෝජනයට නොපැමිණි එකයි. (කොහොමත් ඉතිං එන්න විදිහක් නෑ නේ 😅)

ඉතිරි කොටස පස්සෙ 👍
__________________________________________

අනුකරණය සහිතය..
©------------------------ARTeka

❤️ ( විශේෂ බලකාය )
18/03/2023

❤️ ( විශේෂ බලකාය )

රාක්ෂයා ගේ ත්‍රිකෝණය නැතහොත් බ්‍රමියුඩා ත්‍රිකෝණය.😯බ්‍රමියුඩා ත්‍රිකෝණය ලෙස හදුන්වන්නේ ප්ලොරීඩා,පොටරීකෝ,බ්‍රමියුඩා දූපත්...
18/03/2023

රාක්ෂයා ගේ ත්‍රිකෝණය නැතහොත් බ්‍රමියුඩා ත්‍රිකෝණය.😯

බ්‍රමියුඩා ත්‍රිකෝණය ලෙස හදුන්වන්නේ ප්ලොරීඩා,පොටරීකෝ,බ්‍රමියුඩා දූපත් අතර පිහිටා තිබෙන යම් ප්‍රදේශයක් වන අතර එම ප්‍රදේශයේ සිදුවන අද්භූත ක්‍රියාකාරකම් හේතුවෙන් එම ප්‍රදේශය බ්‍රමියුඩා ත්‍රිකෝණය නැතහොත් රාක්ෂයා ගේ ත්‍රිකෝණය නමින් හදුන්වයි.. මෙම කොටස පිහිටා තිබෙන්නේ මහා සාගර⁣යේ යම් ප්‍රදේශයක නිසා නැව්, ඉහලින් පියාසර කරන ගුවන්යානා වැනි වස්තූන් බොහෝමයක් මෙම ත්‍රිකෝණය තුලදී අතුරුදහන් වී තිබේනවා.

මෙහි අභිරහස විසදීමට පෙර විශ්වාස කරේනම් මේ අද්භූත ත්‍රිකෝණය තුල පිටසක්වල ජීවී ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ⁣වස්තූන් අතුරුදහන් වන බවයි. එහෙත් වර්තමානයේ පිළිගෙන ඇත්තේ මෙම මුහුදු ප්‍රදේශය තුල අැති එක්තරා ආකාරයක විද්‍යුත් චුම්බක තරංග නිසා මෙවැනි අනතුරු සිදුවන බවයි..

කොහොම වෙතත් කාලයක් මේ අභිරහස ලෝකයේ ලැව් ගින්නක් වගේ පැතිර ගියා.
___________________________________________

අභිරහස හොයාගත්තට තාම අතුරුදහන් වෙනවා.. විශ්වාසය නැත්නම් ගිහිල්ලා බලන්න 😁 ආයේ ආවොත් අපිටත් කියන්න 🙂

________________________________________
©ARTeka

රාත්‍රියේ පැමින සතුන්ගේ ලේ උරාබොන චුපකාබ්රා 😯ගුප්ත සත්ව විද්‍යාඥයින්ගේ අවධානය යොමුවුණු චුපකාබ්රා Chupacabra කියන සත්වයා ...
17/03/2023

රාත්‍රියේ පැමින සතුන්ගේ ලේ උරාබොන චුපකාබ්රා 😯

ගුප්ත සත්ව විද්‍යාඥයින්ගේ අවධානය යොමුවුණු චුපකාබ්රා Chupacabra කියන සත්වයා වාසය කරන බවට තොරතුරු ලැබෙන්නේ ලතින් ඇමෙරිකාවෙන්. ඒ හැර ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ කොටස්වලින් සහ මෙක්සිකෝවෙන් පවා මෙම අද්භූත සත්වයා ගැන තොරතුරු වාර්තා වුණා. ඒත් බොහොමයක් සත්ව විද්‍යාඥයින් හා වනජීවී ආරක්ෂක නිලධාරීන් ප‍්‍රකාශ කරනුයේ මේ සත්වයා ගැන ලැබෙන ආරංචි බොරු බවත්. මේ සතා හුදෙක් ප‍්‍රවාදයක් බවත්ය.

‘චුපකාබ්රා’ කියන්නේ ස්පාඤ්ඤ වචන දෙකකින් සැදුණු නමක්. ස්පාඤ්ඤ බසින් ‘චුපා’ කියලා කියන්නේ උරා බොනවාටයි. ‘කාබ්රා’ කියන්නේ එළුවාටයි. රාත‍්‍රී කාලයේ ඇවිත් එළුවන් සහ ගොවිපළ වෙනත් සතුන් මරා ඔවුන්ගේ ලේ උරා බොන නිසා මෙම අද්භූත සත්වයා හඳුන්වන්නේ ‘චුපකාබ්රා’ කියලයි

ඌ ඉන්නෙ ලතින් ඇමරිකානු රටවල් වල ඒහින්දා බයවෙන්න එපා..🙂 ලංකාවේ නෑ..
__________________________________________
උපුටා ගැනීම් ඇතුලත්ය.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ARTeka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share