29/03/2025
හිත රිදුනම දුක හිතුනම 💔
Fb, whatsapp status දාගෙන අවධානය හොයන්නැති මිනිස්සු,
තනිකමක් දැනුනම
'අනේ මට තනියි' නොකියා
සින්දුවක් අහගෙන පාඩුවෙ ඉන්න මිනිස්සු, 🎧
තමන් කවුද කියලා ඔප්පු කරන්න
ඕනි තරම් සාක්ශි තිබිලත්
'කවුරු මොනා හිතුවම මට මොකද' කියලා පැත්තකට වුන මිනිස්සු,😊
ලෝකෙ හැල්මෙ දුවද්දි
තමන්ගෙ ගමන තනියම
හෙමීට යන මිනිස්සු,❤
කාලයත් එක්ක වෙනස් වුන
මිනිස්සු අතරෙ
කාලයට වෙනස් වෙන්න දීලා
ඒ වෙනසට හැඩ ගැහුනු මිනිස්සු,😌
අනුන්ගෙ සතුට වෙනුවෙන්
පුලුවන් තරම් මහන්සි වෙලා
ස්තූතියක්වත් නැතුව පිට වුන මිනිස්සු,🖤
ඕන තරම් අවස්තාවන් තිබිලත්
'කමක් නෑ මේ ඇති' කියලා
හිත හදාගත්ත මිනිස්සු,😊
අඬන්න හේතු දාහක් අතරෙත්
හේතුවක් නැතිවම හිනා වෙන මිනිස්සු,
ලෝකෙට ම කෑගහලා කියන්නෝනි දේවල්
වතුර කරාමයක් ඉස්සරහා
ඉකි ගගහා පිට කරපු මිනිස්සු,😣
පුලුවන් තරමක්
අසාධාරනකම්වලට මූණ දීලා
'සාධාරනය' කියන්නෙ වචනයක් විතරයි
කියන යථාර්ථය පිළිගත්ත මිනිස්සු,😥
කොච්චර අඩුපාඩු තිබුනත්,
ලෝකයා මොන දේ කිව්වත්
'තමන්ව' හරි ලස්සනට භාර ගන්න මිනිස්සු, 😢
නිදහසට කරුණු එකට
සීයක් කියන්න තරම් අවස්තාව තිබිලත්
වැරදිකාරයා වෙලා නිහඬ වුන මිනිස්සු,
කවි, කතන්දර ලියන මිනිස්සු අතරෙ
ලියවුනු කවි කතන්දර ඇතුලෙ තමන්ගෙ කතාව හොයන මිනිස්සු,😢
තනුවට වඩා
පද පෙලට ආදරේ කරන මිනිස්සු,
බලාපොරොත්තුවක් හෝ නැතුව ම
මග බලන මිනිස්සු,
අතහැරෙන්න ඉඩ දීලාත්
දුරින් ඉදන් පරිස්සම් කරන මිනිස්සු, ❤️
මහ හයියෙන් හිනාවෙන අතරෙ
දහස් වාරයක් අභයන්තරයේ හඬා වැටෙන මිනිස්සු,
දන්නවද...
ගතින් මැරෙන්නත් කලින් ම
හිතින් මැරුන ඒ මිනිස්සු
ඕනතරම් අපි අතර ඉන්නවා.
නිවීසැනසිල්ලේ බලන්න .
එහෙම අය ඉන්නවා.
♥️🥀
copied