News Island

News Island Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from News Island, News & Media Website, .

05/07/2024

සුබ ගමන් චණ්ඩි 😥🍃🐘

නිජ භූමියේම අවසන් හුස්ම හෙලන්න උඹ තරම් සටන් කරපු ඒ වගේම තමන්ගෙ වර්ගයා වෙනුවෙන් සටන් කරපු ඇතෙක් නැති තරම්.

උඹ අවසන් වතාවටත් ගෙනියන්න හදද්දි ඒක නවතන්න වචනෙකින් හරි යමක් කලා කියන පුන්චි සතුටක් අපිටත් තියෙනව.
ඒ නිසා අද උඹ නිජ භූමියේම මිය ගියා.

උඹ ගල්ගමවෙ icon එකක් .
නිජභූමි අරගලය වෙනුවෙන් සටන් වැදුණු ආඩම්බර චණ්ඩි .එහෙනම් ඔබට සමු දෙන්න අවසරයි.

මේ වේදනාව දරාගන්න අපහසුයි චණ්ඩි 😥
මරණයට හේතුව පසුගිය දිනක තවත් දළ ඇතෙකු සමග ඇති උන ගැටුමක් 😥

මෙය ස්වභාවික මරණයක්..............

අපිට ආඩම්බර වෙන්න පුළුවන් දැන්..අපේ කෙනෙක් ඉන්නවා set එකේ...
12/04/2024

අපිට ආඩම්බර වෙන්න පුළුවන් දැන්..

අපේ කෙනෙක් ඉන්නවා set එකේ...

හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර එකග වී ඇති දින 4ක සටන් විරාමය අද (23) උදෑසන සිට ක්‍රියාත්මක බව හමාස් සංවිධානය ප්‍රකාශ ...
23/11/2023

හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර එකග වී ඇති දින 4ක සටන් විරාමය අද (23) උදෑසන සිට ක්‍රියාත්මක බව හමාස් සංවිධානය ප්‍රකාශ කළා.

එහෙත් ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර ඊශ්‍රායල විදේශ අමාත්‍ය එලී කෙහේන් කියා සිටියේ හමාස් සංවිධානය විසින් පළමු ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම හෙට නිදහස් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු ඊශ්‍රායල - හමාස් සටහන් විරාමය යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කිරීම වෙනුවෙන් පලස්තීන කාන්තාවන් සහ ළමයින් 150 දෙනෙකු ඊශ්‍රායලය නිදහස් කිරීමට නියමිතයි.

සීනිවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමෙන් පසු වෙළඳපොළේ තවදුරටත් සීනි මිල ඉහළගොස් තිබෙනවා. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල වෙළඳසැල්...
23/11/2023

සීනිවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමෙන් පසු වෙළඳපොළේ තවදුරටත් සීනි මිල ඉහළගොස් තිබෙනවා.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවල වෙළඳසැල් හිමියන් සීනි තොග සගවා වැඩි මිලට අලෙවි කරන බවටද තොරතුරු වාර්තා වනවා.

මේ වන විට වෙළඳපොළේ සුදු සීනි කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිලකට අලෙවි වන බවටයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

මීට පෙර පැකට් නොකළ සුදු සීනි කිලෝවක් රුපියල් 275 කටත් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 330 කටත් උපරිම සිල්ලර මිලක් යටතේ අලෙවි කළ යුතු බවට ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී තිබුණේ ආනයනික සීනි සඳහා පැවති ශත 25 ක බද්ද රුපියල් 50 දක්වා ඉහළ දැමීමත් සමගයි.

කෙසේ වෙතත් රජය විසින් සීනි සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල පෙරේදා (21) සිට ඉවත් කෙරුණා.

එවන් පසුබිමක වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ශත 25 බද්දට ගෙන ආ සීනි තොග රජයට පවරාගෙන සතොස සහ සමූපකාර හරහා ජනතාවට අලෙවි කරන බවයි.

කෙසේ වෙතත් උපරිම සිල්ලර මිල ඉවත් කිරීමත් සමග සීනි මිල තවදුරටත් වෙළදපොළේ ඉහල ගොස් ඇති අතර සීනි හිගයක් ද පවතින බව පාරිභෝගිකයින් ප්‍රකාශ කළා.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when News Island posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share