Srilankan Turbo

  • Home
  • Srilankan Turbo

Srilankan Turbo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Srilankan Turbo, Magazine, .

*හුග කාලෙකින් ඔන්න ආයිත් මං Page එකේ වැඩ පටන් ගත්තා.😊🔴CV JOINT. -velocity_joints කෙටියෙන් CV joint ලෙස හඳුන්වන මෙමඟින් d...
27/07/2016

*හුග කාලෙකින් ඔන්න ආයිත් මං Page එකේ වැඩ පටන් ගත්තා.😊

🔴CV JOINT.

-velocity_joints කෙටියෙන් CV joint ලෙස හඳුන්වන මෙමඟින් drive shaft එකේ සිට රෝදවලට බලය අවම ඝර්ශණයකින් හා play එකකින් ස්ථායි වේගයකින් විචල්‍යවූ කෝණයන්ගෙන් ගෙනයා හැක. තේරුනාද මන්දා…

හරි සරලව කිව්වොත් වාහනේ ගියර් පද්ධතියෙන් එක කැරකැවුම් බලය රෝදවලට එකම වේගයකින් දෙන්න එපැයි. හැබැයි සස්පෙන්ශන් සහ ස්ටීරින්වීල් එකත් එක්ක රෝද එකම විදිහට තියෙන්නෙ නෑනේ. ඉහල පහල එහාමෙහා යනවානේ. ඉතින් එක විදිහට ඉන්නෙ නැති මේ රෝදවලට කැරකැවුම් බලය එකවිදිහට දෙන්න උදව් වෙන්නෙ මේ සීවී ජොයින්ට්. දැන්නම් තේරෙන්න ඇති කියලා හිතනවා.

මේ සීවී ජොයින්ට් එන්නෙ front wheel drive vehicles වලට සහ නවීන independent rear suspension සහිත rear wheel drive cars වලට. මේ සීවී ජොයින්ට් එක ආරක්ෂා වෙන්නෙ ග්‍රීස් පිරුනු රබර් බූට් එකකින්. මේ බූට් එක හොඳට සීල් වෙන්න ඕන. බූට් එකට වෙන පොඩි හරි හානියක් සීවී ජොයින්ට් එක හානිවීමට බලපානවා.

සාමාන්‍යයෙන් සීවී ජොයින්ට් කියන්නෙ නිතර නඩත්තු කරන්න ඕන දෙයක් නෙවෙයි. සීවී ජොයින්ට් එක බූට් එකෙන් හොඳට ආරක්ෂා වෙලා තියෙන තාක්කල් සීවි එක කරදරයක් වෙන්නෙ නෑ. ඔරිජිනල් සීවි එකක ආයුකාලය සැතපුම් 300,000යි. අපේ ගොඩක් අයගේ සීවි ජොයින්ට් සවුත්තු වෙන්නෙ බූට් එකට හානිවීම නිසා ඇතුළත ඇති ග්‍රීස් එළියට කාන්දුවී ඒ වෙනුවට කුණු, මඩ සහ දුහුවිලි ඒ තුළට යෑමෙන්. සීවි ජොයින්ට් එකේ ග්‍රීස් අඩුවීම හා කුණු දුහුවිලි ඒ අතර සිටවීම නිසා ඉක්මණින් ගෙවෙන්න පටන්ගන්නවා. ඒ නිසා සර්විස් එකට දාන හැම පාරකම සීවි බූට් හොඳ තත්ත්වයේ තියනවාද කියලා චෙක් කරලා බලන්න.

සීවි ජොයින්ට් හානිවී හෝ ගෙවී ඇති බව පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද?
අපි මුලින් කිව්වාවගේ සීවි ජොයින්ට් එක හානිවෙන්නෙ සීවි බූට් එකට හානි සිදුවුනාම. ඒ නිසා සීවි බූට් එක දිහා බැලුවම ග්‍රීස් පාරවල් තියනවා නම් ඉක්මණින් සීවි බූට් එක පරීක්ෂා කරන්න. මොකද කිසිම හේතුවක් උඩ ග්‍රීස් ලීක් වෙන්න බෑ. හානිය ඊට වඩා ලොකුයි නම් රිම් එකේ ඇතුල් පැත්තෙත් ග්‍රීස් ගෑවිලා තියෙන්න පුලුවන්. ඉතින් ඔය කාරණාව නොසලකා හෝ නොදැක ඔබ දිගටම වාහනේ දිව්වොත් අපි මුලින් කිව්ව විදිහට සීවි ජොයින්ට් එක ගෙවෙන්න පටන්ගන්නවා. ගෙවුනට පස්සෙ වාහනේ හරනවකොට “ටක ටක” ශබ්දයක් එන්න පටන්ගන්නවා. බොහෝවිට ඔබට මෙය වාහනවල ඇසී ඇති. ඒ තමයි ගෙවුනු සීවි ජොයින්ට් එකේ සද්දෙ.

ඔතනදි අපි පොඩි දෙයක් කියලා දෙන්නම්, ගොඩක් වෙලාට ගරාජ් වල සීවි ජොයින්ට් දෙකම දාන්නද අහනවා. හැබැයි එකක් හොඳ වෙන්න පුලුවන්. එහෙම වුනොත් අපරාදෙ. ඒ නිසා හොඳින් පරීක්ෂා කර බලන්න. වාහනේ හරවනකොටත් දකුණට හරවනවිට වමට වඩා ශබ්දය වැඩි නම් ගෙවී ඇත්තේ වම් සීවි එකයි. ඒවගේම වමට හරවන විට දකුණට වඩා ශබ්දය වැඩී නම් ගෙවී ඇත්තේ දකුණු සීවි එකයි.

තව වාහනේ වේගය වැඩි කරනවිට “ටක ටක” ශබ්දය එනවා. අධික ලෙස ගෙවුණු හෝ හානිවුනු සීවි එකක් වාහනය ධාවනයේදී ගැලවී වෙන්වී යාහැක. එක අනතුරුදායකයි. මතක තියාගන්න මේ ඔක්කොම කතන්දර වෙන්න outer CV joint එකට. Inner CV joint එක ගෙවෙන්නෙ හරි අඩුවෙන්. හැබැයි කලාතුරකින් හෝ Inner CV joint එක ගෙවුනොත් හෝ හානිවුනොත් වාහනේ වේගය වැඩි කරනවිට වාහනය දෙපසට ගැස්සෙන්න පුලුවන්. ඒවගේම රිවස් ගියර් එකට දානකොට ලෝහ ගැටෙන හඬක් ඇහෙන්න පුලුවන්.

සීවි ජොයින්ට් එක අලුත්වැඩියා කරන්නෙ කොහොමද?

අපි මුලින් කියපු විදිහට ලෙඩේ කලින්ම අල්ලගත්තොත් සීවි බූට් එක විතරක් අලුත් ග්‍රීස් එක්ක දාලා ගොඩගන්න පුලුවන්. හැබැයි සීවි ජොයින්ට් එකම දාන්න උනොත් ටිකක් වියදම් අධිකයි. සමහර වාහන වල සීවි ජොයින්ට් එක සහ ඩ්‍රයිව් ෂාෆ්ට් එක එන්නෙ එකට. එහෙම උනොත් මුලු එකම දාන්න වෙනවා. සීවි ජොයින්ට් එක ඔබ ගෙදරදීම මාරුකරගන්න හැකියාවක් තියනවා නම් ඔබට අවශ්‍ය වෙනවා torque wrench එකක් සහ හරි සයිස් එකට සොකට් එකක්. මොකද සීවි ජොයින්ට් ලොක් නට් එක හරි තදයි. ඒවගේම lower ball joint එක එළියට ආවට පස්සෙ ආපහු දාගන්න විශේෂ tool එකක් නැතුව බෑ. ඒ නිසා tools නැත්තම් වැඩේට අතගහන්න එපා.

05/07/2016

Automobile ගැන දැනගන්න කැමති සෙට් එක like කරලා වෙන්න අපිත් එක්ක.

26/06/2016

🔴TURBO CHAGER

මොකක්ද මේ turbo chager කියන්නෙ?
බහුතරයක් අහල තිබ්බට මොකක්ද්ද කියන්න හරියටම දන්නෙ නැහනෙ?
ඒත් දන්න කට්ටියටෛ නොදන්න කට්ටියටයි හැමෝටම දැනගන්න පුලුවන් මොකක්ද්ද මේ turbo charger කියන්නෙ කියල>

 's post🔴ELECTRONIC POWER  STEERINGEPS ක්‍රමයේදී ඔයිල් භාවිතයක් අවශ්‍ය නොවේ.TPS [ Trottle Position Sensor ] එකෙහි සංඥාව ...
26/06/2016

's post

🔴ELECTRONIC POWER STEERING

EPS ක්‍රමයේදී ඔයිල් භාවිතයක් අවශ්‍ය නොවේ.TPS [ Trottle Position Sensor ] එකෙහි සංඥාව , රථයේ වේග සඥාව , සුක්කානම් ඇඹරුම් වියාවර්තය , සුක්කානම් හැරවුම් කෝණය , ගණනය කෙරේ. මෙමගින් මෝටරය මගින් කෝලම් එක ක්‍රියාකරවයි.

මෙම මෝටරය ඔයිල් භාවිතයෙක් නොමැති අතර භාවිතයෙන් පසු අලුත්වැඩියා කල හැක.වැඩි වේගයකදී මෝටරය ක්‍රියා විරහිත වේ.මේ සදහා අනිවාර්‍යෙන් CONTROL UNIT එකක් භාවිතා කෙරේ.[ ELECTRONIC CONTROL UNIT ] මෙහි නිවැරදි ක්‍රියාකාරිත්වයට එයාර් ප්‍රෙශර් නිවැරදි විය යුතුය.නිවැරදි කාලයේදී සේවා කටයුතු කල යුතුය.

වාසි:- එන්ජින් බලය අපතේ නොයයි.අනවශ්‍ය වේලාවේදී ක්‍රියා නොකරන හෙයින් වැඩි බරක්ද නොමැති වේ.මේ නිසා ශබ්දයද අඩුය.ඉන්දන පරිබෝජනයද අඩුය.පවර් ස්ටියරින් බෙල්ට් අවශ්‍ය නොවේ.

 's post🔴This babies'r born on,........මහා බ්‍රිතාන්‍ය ; AUstin, Morris, Hillman, Jewalin, Humber, marisgawoner , Mogen,...
25/06/2016

's post
🔴This babies'r born on,........

මහා බ්‍රිතාන්‍ය ; AUstin, Morris, Hillman, Jewalin, Humber, marisgawoner , Mogen, Triumph, Standed, Minerwa, Lanchester, Woosly, Rover, Jaguar, Rolls Royce, Aastonmartin, Land rover.....

ඉතාලිය; Fiat, Messerati, Ferrari, Lansiya, Alfa Romeo, Lamborghini, Funnin fareana(modification).......

එක්සත් ජනපදය; Stanly Steemaer, Duryaa, Code, Ford, Biuk, Neesh, Chrysler, Cadillac, Rembler, , Oldsmobail, Weels, Chevrolet.......

රුසියාව; Volga, Lada, Moscwich, Don, Fiat, Togliyaty, Zil .....

ඕස්ට්‍රේලියාව; Holden, Volkswagen,

රුමේනියාව; Dak

බ්‍රසීලය ; Volkswagen

ජර්මනිය ; Bens, Porshe, BMW(Bavarian Motor Works), Opel, Audi, Hansa, Bogwada......

ප්‍රංශය ; Peugeot, Renolt, Simka, Citroen.....

චෙකොස්ලොවැකියාව; Scoda, Tatra.....

ඉන්දියාව ; Suzuki, Tata, Mahendra, Hidusthan, Bajaj.....

ජපානය; Toyota , Mitsubishi, Nissan, Dihatsu, Subaru, Isuzu, Honda, Mazda....

 's post🔴SAFETY BELT ධාවනය වන මෝටර් රථයක ක්ෂණිකව තිරිංග යෙදුව හොත් හෝ හදිසි අනතුරකදී හෝ මගීන් සහ බඩුබාහිරාදිය රථය තුලම හ...
25/06/2016

's post
🔴SAFETY BELT

ධාවනය වන මෝටර් රථයක ක්ෂණිකව තිරිංග යෙදුව හොත් හෝ හදිසි අනතුරකදී හෝ මගීන් සහ බඩුබාහිරාදිය රථය තුලම හෝ වා මු වාව කඩාගෙන රථය ඉවතට හෝ විසි විමේ අවදානමක් ඇත. ආරක්ෂක පටි (Safety seat belt) සවි කර ඇත්තේ මෙම අවධානම අවම කිරීමේ අරමුණ ඇතිවය. සාමාන්‍ය අවස්ථාවල රියැදුරාට හෝ මගීන්ට පහසුවෙන් චලනය විය හැකි පරිදි පටිය පහසුවෙන් බුරුල් වීමට හැකියාව ඇත. එහෙත් ආවේගී බලයක් ඇති වූ විට පටිය ක්‍රියාත්මක වන යාන්ත්‍රික කොටස අගුලු (Latch) වැටෙන සේ නිපදවා ඇති නිසා පටිය නිවැරදිව පලදා ඇති විට මගීන් ඉවතට විසි වීම වළක්වනු ලැබේ.

24/06/2016
Like this 👍 And join our group
24/06/2016

Like this 👍
And join our group

 's post🔴BATTERY RECHARGE 12v බැටරියක් නිවැරදිව කෝමද ආරෝපණය කරගන්නේ.......1:බැටරියේ ඇති මූඩි සියල්ල ඉවත් කරන්න.2:බැටරි ව...
24/06/2016

's post

🔴BATTERY RECHARGE

12v බැටරියක් නිවැරදිව කෝමද ආරෝපණය කරගන්නේ.......

1:බැටරියේ ඇති මූඩි සියල්ල ඉවත් කරන්න.
2:බැටරි වතුර අදාල මට්ටම දක්වා පුරවාගන්න.
3:පසුව
බැටරියේ + හා - අග්‍ර හදුනා ගන්න. බැටරි චාජරයේ රතු අග්‍රය + අග්‍රයටද එනම් බැටරියේ විශාල අග්‍රයටද - අග්‍රය චාජරයේ කලු අග්‍රයටද සම්බන්ද කරන්න.
4:බැටරි චාජරයේ ඇති ස්විචය 12V දෙසට හරවන්න.
5:බැටරි චාජරයේ සැපයුම් වයරය , නිවසේ ඇති ප්‍රදාන ස්විචයට සම්බන්ද කරන්න.
6:එවිට බැටරි චාජරයට විදුලිය සැපයෙන බව දක්වයි.
7:බැටරි චාජරයේ ඇම්පියර් කටුව , ඇම්පියර් 2A-4A අතර රැදී ඇතිනම් බැටරිය හොදින් ආරෝපණය වන බව කිය වේ.
8: [6V] බැටරියක් නම් ස්විචය 6V දෙසට යොමු කිරීම කළ යුතු වේ.

 's post🔴Tire tread  කට්ටිය වාහන පාවිච්චි කරල ඇති ඒත් දැනගෙන හිටියද ඔයා පාවිච්චි කරන වාහනේ ටයර් එක පාවිච්චි කරන්න බැරි ත...
23/06/2016

's post

🔴Tire tread

කට්ටිය වාහන පාවිච්චි කරල ඇති ඒත් දැනගෙන හිටියද ඔයා පාවිච්චි කරන වාහනේ ටයර් එක පාවිච්චි කරන්න බැරි තරමට ගෙවිලද නැද්ද කියල...
අදම බලන්න ඔයාගෙ වාහනේ ටයර් එකේ පිට පැත්තෙ කෙලවර තීරැව වටේට තැනින් තැනින් ඊ හිසකින් හරි එහෙම නැ්නම් ත්‍රිකෝනාකාර හිසකින් හරි පෙන්නල ඇති. ඒ කෙලින්ම තියෙන ටයරයේ කට්ට ටික ඇතුලෙන් උස් මට්ටමට තියෙන කට්ට ටික ලගට එනකන්ම ඔයාගෙ ටයරය ගෙවිලනම් ඉක්මනින්ම වාහනේට අළුත් ටයර් යොදන්න...

 's post🔴TRANSMISSION SYSTEM Transmission system යනුවෙන් හදුන්වන්නේ ඔබ කවුරුත් දන්නා ගියර පද්දතියයි.මෙහිදී ගියර ප්‍රමාණය...
23/06/2016

's post

🔴TRANSMISSION SYSTEM

Transmission system යනුවෙන් හදුන්වන්නේ ඔබ කවුරුත් දන්නා ගියර පද්දතියයි.මෙහිදී ගියර ප්‍රමාණය 3/4 වශයෙන් අතීතයේදී බාවිතා වුවද මේ වන විට ගියර 6 දක්වා Reverse ගියරය සමග නිර්මාණය කොට ඇත.
වාහනයේ වේගය ක්‍රමානුකූලව වැඩි වීමට ප්‍රදාන වශයෙන්ම වැඩි කාර්‍යක් ඉටු කරන්නේ මෙම පද්දතියෙනි.

වාහනය පන ගැන්වූ මොහොතේ දී N තත්වයේ වාහනය පවතී.එනම් Nutral අවස්තාවේ.ගමන ආරම්බයේදී 1st gear යට දමා වාහනය ඉදිරියට ගෙන යා හැක. පසුව ක්‍රමානුකූලව වාහනයේ වේගය වැඩි කරගැනීම සදහා 2/3/4/5 වශයෙන් ගියර මාරු කර ගත හැක.

වැඩි වේගයකින් ගමන් කොට වේගය අඩාල කල විට ගියරයද අඩු කිරීම වැදගත්ය නැතහොත් වාහනය නැවත දාවනයේදී ගැස්සීම් හා එන්ජිම නැවතීම වැනි දෑ සිදු විය හැක.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Srilankan Turbo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share