03/09/2026
දරුවන්ට එකතු කරන්න කියලා දෙන්නෙ කොහොමද? - ලිපි අංක 01
කියන්න සතුටුයි ගොඩාක් අම්මලා කියලා තිබුනා මේ ගැන දැනගන්න කැමති කියලා.ඉතිම් ඔයාලා වෙනුවෙන් වගේම අනෙකුත් සෑම දෙමාපියෙක්ටම දැන ගන්න මේ ලිපි පෙල ලියන්න තීරණය කරා.🥰
ඔයාලා දන්නවා ගණිතය එකතු කිරීම , අඩු කිරීම වගේ සංකල්ප උගන්වන්නෙ ප්‍රාථමික ශ්‍රේණි වලදි.ඒ කියන්නෙ එක ,දෙක වගේ වසරවල් වලදී.නමුත් ඔයා හෝම්ස්කූලින් කරන කෙනෙක් නම් ඔයාට පුලුවන් මේ ගණිතය කියන විශය මුල ඉදන් නිවරැදිව දරුවට කියලා දෙන්න ගෙදරදීම .කොහොමද මේක පටන් ගන්නෙ කියලා අපි දැන් බලමු.
මුලින් ම ගණිතය එකතු කිරීම ,අඩු කිරීම කියන සංකල්ප වලට යන්න කලින් අපි දරුවන්ට මූලිකවම කියලා දෙන්න අවශ්‍ය දේවල් ටිකක් තීනවා.ඒ මොනවද කියලා අපි step by step ඉගෙන ගමු.
🌈පලවෙනි ම දේ තමයි අපි දරුවන්ට ඉලක්කම් ගැන හොද අවබෝධයක් ලබා දෙන්න ඕන.ඒ කියන්නෙ දරුවට 0 - 9 වෙනකම් වගේම එතනින් එහාට තීන ඉලක්කම් ගැන හොද අවබෝධයක් ලබා දෙන්න ඕන.
ඒ කියන්නෙ ඉලක්කම පෙන්නුවම මේක එක,මේක දෙක ....ඒ වගේ ඉලක්කම දැක්ක ගමන් අදුරගන්න පුලුවන් වෙන්න ඕන.සරලවම කිව්වොත් අපි ඔය කියන්නෙ Number recognition කියලා අන්න ඒ දේ තමයි ඉලක්කම් හදුනාගැනීම කියලා කියන්නෙ.
ඊළග දේ තමයි ඉලක්කම් හදුනා ගත්තට පස්සෙ ගණන් කිරීම(Counting ).one,two,three ....හෝ එක ,දෙක,තුන...කියලා දරුවා මතකෙන ගනණ කරන එක නෙමෙයි මං මෙතනදී අදහස් කරන්නේ.ඒක කොහොමත් දරුවා චූටි කාලේ ඉදන් දරුවගේ කනට ඇහිලා ඇහිලා දරුවා කටපාඩමින් ගණන් කරන්න ඉගෙන ගන්නවනේ.
ඒක නෙමෙයි මං කියන්නෙ.දරුවා කිසියම් ද්‍රව්‍යක් එකින් එක ගණන් කරනවනම් ඒ කියන්නෙ ගැල් කැට 5ක් තීනවා කියලා හිතන්නකෝ.ඒ ගල් කැට පහ දරුවා 1,2,3,....ආදී වශයෙන් එකින් එක ගල් කැට ගනන් කරනවනම් අන්න ඒක තමයි මං counting කියලා මෙතන අදහස් කරේ.සරලවම කිව්වොත් අපි one to one correspondence කියලා කියන්නෙ මෙන්න මේ දේට.
දරුවට ගණන් කරන්න වගේ ම ඉලක්කම හදුනාගන්න පුලුවන් වුණාට පස්සෙ අපිට ඒ ඇසුරින් ක්‍රියාකාරම් ගොඩාක් දරුවා එක්ක කරන්න පුලුවන් .ඒ වගේම මේ ගණන් කරන දේ Day today life එකට සම්බන්ධ කරන්න පුලුවන් .නිතරම ගෙදරට ගේන බඩු දරුවා එක්ක එකින් එක ගණන් කරන්න පුලුවන් ,සෙල්ලම්බඩු අස් කරන ගමන් ගණන් කරන්න පුලුවන් ...මේ වගේ එදිනෙදා ජීවිතයේදී කරන දේවල් එක්ක මේ ගණන් කරන දේ අපිට දරුවට කියලා දෙන්න පුලුවන් .
එකතු කරන්න යන්න කලින් මෙන්න මේ පලමු පියවර දරුවා එක්ක කරලා ඉන්න.ඒක හරිම වැදගත්.සාරාංශයක් විදිහට කිව්වොත් මුලින්ම දරුවට number recognition සහ one to one correspondence concept කියලා දීලා ඉන්න.ඒ සම්බන්ධ ක්‍රියාකාරම් දරුවා එක්ක කරන්න මුලින්.
දරුවන්ට කොහොමද එකතු කරන්න කියලා දෙන්නෙ ? ලිපි අංක 02 සමගින් නැවත ඉක්මනින් හමුවෙමු.පලමු ලිපිය ගැන ඔබේ අදහස පහලින් comment කරන්න🥰
Curious Cubs Homeschool
2026.09.03
© 2026 Curious Cubs Homeschool . All Rights Reserved
fans