Srilanka brief

  • Home
  • Srilanka brief

Srilanka brief Media and Publishing

ස්වාධීන හා වගකීම් සහගත ජනමාධ්‍යකරණයක් උදෙසා සියළු පාර්ශව සහභාගි වන වැඩපිළිවෙලකට ආණ්ඩුව එකඟයි – ඇමති නලින්ද නිදහස් මාධ්‍ය...
10/01/2025

ස්වාධීන හා වගකීම් සහගත ජනමාධ්‍යකරණයක් උදෙසා සියළු පාර්ශව සහභාගි වන වැඩපිළිවෙලකට ආණ්ඩුව එකඟයි – ඇමති නලින්ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා සාකච්ඡාවේදී කියයි.
ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව පසුගිය කාලය තුළ සිදු වූ අපරාධවලට අදාළව යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය යම් යම් හේතු නිසා මන්දගාමී සහ අකර්මන්‍ය තත්වයකට පත්ව ඇති බව පිළිගන්නා අතර නව රජය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධානවල ප්‍රධාන ඉල්ලීමක් වන අධිකරණ ක්‍රියාමාරග නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ජනමාධ්‍ය සහ සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා (ජනවාරි 08වන දින) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයේදී ජනවාරි 8 වන දා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා සාකච්ඡාවකට එක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් වසර 16 ක් ගෙවුණු දිනෙක එවැනි සාකච්ඡාවකට අවතීර්ණය වෙන්නට ලැබීම විශේෂත්වයක් ගන්නා බවයි.
මූලික කරුණු 6 ක් ඔස්සේ මෙම සාකච්ඡාවට එළඹෙමින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය ස්වාධීන සහ පුළුල් ප්‍රතිසංස්කරණවලට යොමු විය යුතු අන්දම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම සාකච්ඡාවේදී අවධාරණය කරන ලදී.
අපරාධවල වින්දිතයින් බවට පත් වූ මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා පවතින බාධක හදුනා ගැනීමට රජය ක්‍රියාකළ යුතු බවද, ඒ සඳහා අවශ්‍ය සහාය නොපැකිලව ලබා දෙන බවද, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරන ලදී.
පසුගිය කාලයේ සම්මත කරන ලද සහ දැනට කෙටුම්පත් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත, ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත, විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පත වැනි ප්‍රකාශනයේ නිදහසට බලපාන සහ මර්ධනකාරී නීති නැවත සමාලෝචනය කිරීමටද, අයිසීසීපීආර් වැනි නීති අවභාවිතය වළක්වාගැනීම ආදිය පිළිබඳවද පුළුල් සහභාගිත්වයෙන් යුතු සාකච්ඡාවක් ගොඩනැගිය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දුන් අතර, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ විකල්ප අදහස් හා යෝජනාවලට සවන් දීමට රජය සූදානම් බවයි. විශේෂයෙන්ම මාධ්‍ය සංවිධාන අතර පිළිගැනීමට භාජනය නොවන පුවත්පත් මණ්ඩලය වැනි ආයතන අහෝසි කරන්නේ නම් වෙනුවට ස්ථාපිත වියයුතු වෙනත් ස්වාධීන ව්‍යුහ පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට අවකාශය ඇති බවද අමාත්‍යවරයා විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබීය.
මාධ්‍යකරණයේ ගුණාත්මක බව ප්‍රවර්ධනය සඳහා රජයේ සහයෝගය සහිත පුහුණු වැඩපිළිවෙලක් ගොඩනැගීමත්, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂාව සඳහා මැදිහත්විය යුතු ආකාරය පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී පුළුල් ලෙස කතාබහට ලක් විය.
මාධ්‍යවේදීන්ගේ වරලත් ආයතනය පිහිටුවීම, ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය වැනි කරුණු සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමට පෙර මාධ්‍ය සංවිධානවල සහ අනෙකුත් පාර්ශවවල අදහස් විමසීමට අමාත්‍යවරයා මෙහිදී එකඟ විය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන, සැලසුම් හා තොරතුරු) කැළුම් විජේනායක මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ශ බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම සකච්ඡාවට එක්ව සිටියහ.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මාධ්‍ය නිවේදනයකි.

2025/01/09/

පසුගිය දින දෙක තුළ eTraffic යෙදුම පිළිබඳ විස්තරාත්මක විවේචනයක් පුළුල් ලෙස ප්‍රචාරය වීමෙන් පසු, රජයේ තොරතුරු දෙපාර්තමේන්ත...
09/01/2025

පසුගිය දින දෙක තුළ eTraffic යෙදුම පිළිබඳ විස්තරාත්මක විවේචනයක් පුළුල් ලෙස ප්‍රචාරය වීමෙන් පසු, රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ පැවති නිල මාධ්‍ය සාකච්ඡාවකදී මා විසින් මතු කරන ලද කරුණු පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු කිහිප දෙනෙක් මා අමතා ඇත.
Newswire වෙබ් අඩවිය මෙම ප්‍රතිචාර පිළිබඳ මුල්ම ලිපිය පළ කළේය: Police assure data security with ‘eTraffic’ app launch (‘eTraffic’ යෙදුම දියත් කිරීමේදී දත්ත ආරක්ෂාව සහතික කරන බව පොලිසිය පවසයි.) එය කියවීමෙන් පසුව, මම Twitter හි සටහන් කළේ “ඔබට සයිබර් ආරක්ෂාව, පෞද්ගලිකත්වය හෝ පුද්ගලික දත්ත ආරක්ෂණ පනත ගැන කිසිවක් නොතේරෙන බව නොකියා කියන්න.” (“Tell me you don’t understand anything about cybersecurity, privacy or Personal Data Protection Act without telling me you don’t understand anything about cybersecurity, privacy or PDPA.”)
හාස්‍යය පැත්තකින් තියලා, පොලිස් මධ්‍ය ප්‍රකාශක SSP බුද්ධික මනතුංග මහතා විසින් Newswire ලිපියේ සඳහන් කර ඇති ප්‍රතිචාර, eTraffic යෙදුම පිළිබඳ මාගේ විවේචනයේ මතු කරන ලද කරුණු තවදුරටත් තහවුරු කරන බැවින් ඒවා වෙනම විවේචනයක් සඳහා සුදුසුය.
Newswire ලිපියේ මෙසේ සඳහන් වේ:
කිසිදු පෞද්ගලික දත්තයක් යෙදුමේ පද්ධතියට ඇතුළත් නොවන බව SSP මනතුංග අවධාරණය කළේය. “ගිණුමක් හරහා සම්බන්ධතාවයක් පමණයි තියෙන්නේ.” (Original: SSP Manatunga stressed that no private data will be entered into the app’s system. “There is only a connection through an account.”)
පුදුම සහගත ලෙස, යෙදුමේ නිර්මාණය කරන ලද ගිණුමක් සත්‍ය වශයෙන්ම පුද්ගලික තොරතුරු බෙදා ගැනීමක් බව නොදැන, පොලිස් ප්‍රකාශක eTraffic යෙදුමේ දුර්වල පෞද්ගලිකත්ව ආරක්ෂණ සාධාරණීකරණය කරයි. මාගේ තාක්ෂණික විශ්ලේෂණයේ ලේඛනගත කර ඇති යෙදුමේ APK (එනම් code මට්ටමේ) අවසර සහ ඒවා අවභාවිතා කිරීමේ හෝ ප්‍රසිද්ධියේ සඳහන් කර ඇති දේ හැර වෙනත් අරමුණු සඳහා සැඟවුණු ලෙස භාවිතා කිරීමේ හැකියාව සැලකිල්ලට ගත් විට SSP මහතාගේ ප්‍රකාශය විශේෂයෙන් කනස්සල්ලට කරුණකි. යෙදුම නිර්වචනය අනුව පෞද්ගලික දත්ත සැකසීම සම්බන්ධ වන පිහිටීම් දත්ත (පසුබිම් නිරීක්ෂණය ඇතුළුව), කැමරා ක්‍රියාකාරිත්වය සහ බාහිර ගබඩා වෙත ප්‍රවේශය පැහැදිලිවම ඉල්ලා සිටී.
SSP මනතුංග මහතාගේ ප්‍රකාශය මගින් පෙන්නුම් කරන්නේ පුද්ගලික දත්ත යනු කුමක්ද යන්න පිළිබඳ කනගාටුදායක අවබෝධයක් නොමැතිකම හෝ, වඩාත් කනගාටුදායක ලෙස, පෞද්ගලිකත්ව ගැටලු අවම කිරීමයි.
https://sinhala.srilankabrief.org/?p=47357

බරපතල මූල්‍ය වංචා, මිනීමැරුම් ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් පස්දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරී...
27/12/2024

බරපතල මූල්‍ය වංචා, මිනීමැරුම් ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් පස්දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට රජයේ අවධානය යොමු වී ජනමාධ්‍ය වාර්තා කරයි.
එහි සඳහන් කර තිබුණේ, හිටපු රජය සමයේදී ඉල්ලා අස් කරගැනීමට කටයුතු කළ අල්ලස් නඩු නැවත කැඳවීමට මෙලෙස තීන්දු කර ඇති බවය.
එය අනුර කුමාර දිසානායක විසින් යළි යළි දෙන ලද පොරොන්දුවකි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේ හිටපු ඇමතිවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රියංකර ජයරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු ඇමතිවරුන්ට එරෙහිව පැනවූ අල්ලස් නඩු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඉල්ලා අස් කරගෙන ඇත.
ඊට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි නඩුත්, ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුත් ඉල්ලා අස් කරගෙන තිබුණි. ඊට අමතරව නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන ඇමතිවරුන්ට එරෙහි නඩුත් ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කර තිබුණේ, තාක්ෂණික හේතු සඳහන් කරමිනි.
රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩු 13ක් ඒ අතර පවතී.
මෙලෙස නඩු ඉල්ලා අස් කරගැනීමට පසුගිය රජය සමයේ කටයුතු කළේ, ඉතාම සූක්ෂම උපක්‍රමයක් අනුගමනය කරමිනි. යහපාලන ආණ්ඩුව සමයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සිටි කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන් නොමැතිව, නඩු ගොනු කිරීමට කටයුතු කර තිබුණු අතර පසුව එසේ තිදෙනාම අත්සන් නොකළ බව කියමින් නඩු ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කර තිබුණි.
ඒ අනුව, නඩු නිදහස් කරගැනීමට නිලධාරී කණ්ඩායම් සූක්ෂම ලෙස කටයුතු කර තිබුණි. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා, ඔවුන්ගේ වංචා දූෂණවලට දඬුවම් කරන බව පොරොන්දු වෙමින් බලයට පත් වූ යහපාලන ආණ්ඩුව සමයේදී මෙලෙස නඩු ඉල්ලා අස් කරගැනීම තුළින් ආණ්ඩු මාරු වුණත් පාලන කටයුතු සිදු කරන්නේ එකම දූෂිත, චෞර පාලක පැලැන්තියක් විසින් බව මැනවින් පෙනී ගොස් තිබුණි. මේ තත්වය පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස දැඩිව විවේචනය කර තිබුණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සති දෙකකට ඉහතදී ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුම මොහොතේ මෙලෙස නඩු ඉල්ලා අස් කරගැනීම පිළිබඳ දැඩිව ප්‍රශ්න කිරීමට ලක් කර තිබුණි. එම පසුබිමේ නඩු නැවත කැඳවීමට කටයුතු කර ඇත.
මෙලෙස ඉල්ලා අස් කරගත් නඩු අංක පහත දැක්වේ.
රාජපක්ෂ පවුල
ගෝඨාභය රාජපක්ෂ
නඩු අංකය: BC/902/15A – වත්කම් නඩුව
මහින්ද රාජපක්ෂ
නඩු අංකය: BC/2992/15 – වත්කම් නඩුව
බැසිල් රාජපක්ෂ
නඩු අංකය: BC/902/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/837/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/637/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/1769/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/289/15 – පොදු දේපළ අනිසි ලෙස භාවිතා කිරීම
නාමල් රාජපක්ෂ
නඩු අංකය: BC/1253/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/3130/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/1614/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/462/16 – වත්කම් නඩුව
යෝෂිත රාජපක්ෂ
නඩු අංකය: BC/1811/16 – වත්කම් නඩුව
නඩු අංකය: BC/C/2160/16 – අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් නොමැතිව ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳීම
වෙනත් දේශපාලනඥයින් සහ නිලධාරීන්
ප්‍රියංකර ජයරත්න (හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය)
නඩු අංකය: BC/438/16 – දූෂණ නඩුව
නඩු අංකය: BC/1586/15 – ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට එරෙහි දූෂණ නඩුව
දම්මික පෙරේරා (හිටපු ලේකම්, ප්‍රවාහන අමාත්‍යාංශය)
නඩු අංකය: BC/2591/15 – දූෂණ නඩුව
කෙහෙළිය රඹුක්වැල්ල
නඩු අංකය: BC/41/15D – ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අදාළ දූෂණ නඩුව
නඩු අංකය: BC/1456/12 – මුද්‍රණ සංස්ථාවට අදාළ නඩු දොළහ
නඩු අංකය: BC/41/15 – දූෂණ නඩුව (වැදගත් ලියකියවිලි අස්ථානගත වී ඇත)
රෝහිත අබේගුණවර්ධන
නඩු අංකය: BC/144/05 – වත්කම් නඩුව
මහින්දානන්ද අලුත්ගමගේ
නඩු අංකය: BC/2399/15 – කැරම් මණ්ඩල දූෂණ නඩුව
නිසංක සේනාධිපති
නඩු අංකය: BC/2051/16 – අල්ලස් හා දූෂණ නඩුව
මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට රුපියල් මිලියන 35 ක අල්ලසක් ලබා දීම සම්බන්ධ නඩුව
මේජර් ජෙනරාල් විජේගුණවර්ධන
නඩු අංකය: BC/0290/17 – තක්සේරු නිලධාරීන් සම්බන්ධ දූෂණ නඩුව
භාෂ්වර සේනාංක සහ රූමි ජවුෆර්
නඩු අංකය: BC/11/15 – ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට අදාළ දූෂණ නඩුව
අතිරේක නඩු ඉල්ලා අස්කර ගන්නා ලදී
ජොන්ස්ටන් ප්‍රනාන්දු
නඩු අංකය: BC/716/15 – දූෂණ නඩුව


සටහන් වෙබ් අඩවිය ඇසුරෙනි.

Address


Alerts

Be the first to know and let us send you an email when Srilanka brief posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Srilanka brief:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share