සදහම් මංපෙත - Sadaham Manpetha

  • Home
  • සදහම් මංපෙත - Sadaham Manpetha

සදහම් මංපෙත - Sadaham Manpetha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සදහම් මංපෙත - Sadaham Manpetha, Publisher, .

අපවත් වී වදාළ කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති, අතිපූජ්‍ය ආචාර්ය ගලබොඩ ඥාණිස්සර නාහිමියන්ගේ...
05/08/2024

අපවත් වී වදාළ කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති, අතිපූජ්‍ය ආචාර්ය ගලබොඩ ඥාණිස්සර නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතයි.
ඒ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට යාබඳ ක්‍රීඩාංගණයේ ය.

දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වන විටත් ගිහි පැවිදි බොහෝ පිරිසක් පැමිණෙමින් සිටී.

මේ අතර, අතිපුජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, අද පස්වරු 02.00 සිට රාත්‍රී 08.00 දක්වා කාලය තුළ රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා එම විශේෂ රථ වාහන සැලැස්ම විහාරස්ථානය අවට ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි.

රථවාහන ගමනාගමනය සීමා කරනු ලබන මාර්ග වන්නේ,

පෙරහැර මාවතෙන් සහ ජිනරතන මාවෙතෙන් විහාරස්ථානයට ඇතුල් වන වාහන හැර ධර්මපාල මාවත, ජේම්ස් පිරීස් මාවත හන්දියෙන් ජේම්ස් පිරීස් මාවත දෙසට ඇතුළු වීම සීමා වෙයි.

ජිනරතන මාවතෙන් විහාරස්ථානයට ඇතුල් වන වාහන හැර ජේම්ස් පීරිස් මාවත පෙරහැර හන්දියෙන් කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට ඇතුළු වීම සීමා වනු ඇති.

මුත්තයියා පාරෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුල් වී කොම්පඤ්ඤ වීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැකි අතර, අල්ටෙයාර් දෙස සිට ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වන වාහන කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැකි වනවා.

නවම් මාවත දෙස සිට ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වන වාහන කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැකි බවත්, කොම්පඤ්ඤවීදිය හන්දියෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වන වාහන නවම් මාවත හන්දිය දක්වා පමණක් ගමන් කළ හැකි බවත් පොලිසිය සඳහන් කළේ ය.

මුත්තයියා පාර බේබෘක් හන්දියෙන් මුත්තයියා පාර දෙසට ඇතුළු වීම වසා ඇති අතර ජිනරතන මාවත පාක් වීදිය හන්දියෙන් විහාරස්ථානය දෙසට ඇතුළු වීමද අදාල කාලය තුළ වසා තැබෙනු ඇති.

පොලිසිය පැවසුවේ රාමනායක මාවත හුණුපිටිය පාර හන්දියෙන් හුණුපිටිය පාරට ඇතුළු වීමද වසා ඇති බවයි.

ආදාහන පූජෝත්සවය සඳහා පැමිණෙන මහජනතාවගේ වාහන නැවැත්වීම සඳහා අල්ටෙයාර් ගොඩනැගිල්ල පිටුපස භූමියේ ඉඩ පහසුකම් වෙන්කර තිබේ.

21/05/2023
31/03/2023
21/03/2023

Address


Website

Alerts

Be the first to know and let us send you an email when සදහම් මංපෙත - Sadaham Manpetha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share