Sri Lanka News Alert

  • Home
  • Sri Lanka News Alert

Sri Lanka News Alert ශ්‍රී ලාංකීය තොරතුරු වාර්තාකරණය Sri Lanka News Alert

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා 04ක් 2022-11-06ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර කාන්තාවකට ලිංගික අතවර...
06/11/2022

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා 04ක්
2022-11-06
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.
පසුගිය සතියේදී සිදුව ඇති බව කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයා ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද අලුයම 1.00ට පමණ සිඩ්නි හි පිහිටි හෝටලයක් තුලදී අත්අඩංගුවට ගනු ලැබූ බවයි වාර්තා කර ඇත්තේ.
ධනුෂ්ක ගුණතිලක සහ ඕස්ට්‍රේලියාවේ වෙසෙන 29 හැවිරිදි කාන්තාවක් ඔන්ලයින් යෙදුමක් හරහා දින ගණනාවක් පණිවිඩ හුවමාරු කර ගෙන තිබෙන අතර පසුව ඔහු එම කාන්තාව ගේ නිවසට ගොස් ඇයව මුණගැසී ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන පොලිස් නිලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
එහිදී ධනුෂ්ක ගුණතිලක විසින් අදාළ කාන්තාව ලිංගික අතවරයකට පත්කර ඇති බවට ඇය විසින් පොලිසියට පැමිණිලි කොට ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
අපරාධය සිදුවූ බව කියන නැගෙනහිර සිඩ්නි නුවර පිහිටි අදාළ කාන්තාවගේ නිවස ද පොලිසිය විසින් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.
ඒ අනුව ධනුෂ්ක ගුණතිලකව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි සිඩ්නි හි පිහිටි හෝටලයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද දිනයේදී අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව ඇති බව සඳහන්.
ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු නීතිය යටතේ චෝදනා 04ක් ගොනු කර ඇති අතර ඔහුට පොලිස් ඇප ලබාදීම ද ප්‍රතික්ෂේප කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

05/10/2022

දුරකථන ගාස්තු යළිත් ඉහළට, රීලෝඩ් පැකේජ වෙනස් වෙයි.

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සමාගම් සිය ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම මස සිට 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බවයි එම සමාගම් නිවේදනය කර තිබෙන්නේ.

ඒ අනුව අද සිට පෙරගෙවුම් රීලෝඩ් පැකේජද වෙනස් වන අතර, නව ගාස්තු සම්බන්ධයෙන් සියලුම තොරතුරු අදාළ දුරකථන සමාගම්වල වෙබ් අඩවිවලින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

05/10/2022

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 - රු.271 කින් (නව මිල: රු.4,280)

* කිලෝ ග්‍රෑම් 5 - රු.107 කින් (නව මිල: රු.1,720)

* කිලෝ ග්‍රෑම් 2.3 - රු.48 කින් (නව මිල: රු.800)

මුහුණුපොතේ කාන්තාවන් 300ක් නිරුවත් කළ 18 කොල්ලා
18/09/2022

මුහුණුපොතේ කාන්තාවන් 300ක් නිරුවත් කළ 18 කොල්ලා

ඔයාගේ හොඳ හොඳ ෆොටෝ මා ගාව තියෙනවා. ඔය එකක් විතරයි එළියට දැම්මේ. මම කියන විදිහට වැඩ කළේ නැත්තම් හැමෝටම පේන්න හැම ෆොට....

31/08/2022

ආණ්ඩුවේ පිරිසක් විපක්‍ෂයේ අසුන් ගනී.. අද සිට විපක්‍ෂයේ..‼️

30/08/2022

රජයේ කාර්යයන් සඳහා මින් මතු පොසිල ඉන්ධන පාදක කරගෙන ධාවනය කරන වාහන මිලදී ගැනීම අත්හිටුවන බව ජනපතිවරයා සිය අයවැය කථාවෙන් පැවැසීය.

30/08/2022

පාසල් ළමුන් ප්‍රවාහනය කරන්න තෙල් නෑ..
හෙට සිට සේවයෙන් ඉවත් වනවා..
-සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමය‼️

30/08/2022

ජොන්ස්ටන් ඇප මත නිදහස්. විදෙස් ගමන් තහනම් ‼️

30/08/2022

බිත්තරයකට දැමූ උපරිම මිල ඉවතට‼️
රටේ පවතින වත්මන් තත්වය හමුවේ බිත්තරයක් රුපියල් 50 කට අලෙවි කිරීමට වෙළඳ අමාත්‍යවරයා අවසර ලබාදී ඇති බවත් ඒ හේතුවෙන් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා කළ වැටලීම් අත්හිටුවීමට පියවර ගත් බවයි පාරිභෝගික සේවා කටයුතු අධිකාරිය පැවසුවේ.
සුදු බිත්තරයක් රුපියල් 43 ක සහ රතු හෝ දුඹුරු බිත්තරයක් රුපියල් 45 ක උපරිම සිල්ලර මිල නියමකරමින් වෙළඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. කෙසේ වෙතත් ගැසට් නිවේදනයක් මඟින් බිත්තරයක උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර බිත්තරයක් රුපියල් 60ත් 70ත් අතර මිලකට අලෙවි විය.
මේ හේතුවෙන් බිත්තර නිෂ්පාදකයන් එම ගැසට් නිවේදනය අනුව බිත්තර අලෙවි කළ නොහැකි බවට අඛණ්ඩව කළ ඉල්ලීම් සලකා බලා බිත්තරයක මිල රුපියල් 50 දක්වා වැඩි කිරීමට තීරණය කළ බවත් හැකි ඉක්මනින් ස්ථාවර මිලක් නියම කරන බවත් වෙළද අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය.

03/08/2022

QR ක්‍රමයට බෙදන්නත් ඉන්ධන නෑ ‼️

02/08/2022

රැට්ටා ඇප මත මුදාහැරේ... ‼️ පැය 03ක පමණ ප්‍රකාශයක් ලබාගනි ‼️

30/07/2022

ලබන මාසේ තෙල් ගේන්න සල්ලි දෙන්න බෑ කියලා ‼️ අගෝස්තු මැද වනවිට තෙල් නැති වෙයි ද?

Address


Alerts

Be the first to know and let us send you an email when Sri Lanka News Alert posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

WIRELANKA

එකතුවෙන්න අපිත් සමග ...................