Handhiya

Handhiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Handhiya, Digital creator, Dambulla Road, .

මේ දවස්වල දැක්ක හුඟක් 𝐩𝐨𝐬𝐭 වලට සහ දැක්ක 𝐜𝐨𝐦𝐦𝐞𝐧𝐭𝐬 වලට ලියමි .​1. මුස්ලිම් විවාහ නීතියේ අවුරුදු 12 අවම වයස් සීමාව ගැන ඇත්ත...
06/06/2026

මේ දවස්වල දැක්ක හුඟක් 𝐩𝐨𝐬𝐭 වලට සහ දැක්ක 𝐜𝐨𝐦𝐦𝐞𝐧𝐭𝐬 වලට ලියමි .

​1. මුස්ලිම් විවාහ නීතියේ අවුරුදු 12 අවම වයස් සීමාව ගැන ඇත්ත කතාව:

පළමුවෙන්ම කිව යුතු දෙයක් තිබෙනවා. ලංකාවේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA - Muslim Marriage and Divorce Act) යනු අද ඊයේ හැදුණු එකක් නෙවෙයි. මෙය 1951 වසරේදී එවකට ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කළ නීතියක් (ඊට පෙර බ්‍රිතාන්‍ය යුගයේ 1806 හඳුන්වා දුන් නීති මත පදනම් වූවක්). මේ නීතිය හැදුවේ මුස්ලිම් අපි නෙවෙයි.

​අපේ රටේ ඉතිහාසය පුරාවට කවදාවත් මුස්ලිම් ජනාධිපතිවරයෙක් ඉඳලා නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුව තුළ මුස්ලිම් ප්‍රජාවට තුනෙන් දෙකක බලයක් කවදාවත් තිබිලත් නැහැ අපිට ඕනෑ විදිහට නීති හදාගන්න හෝ වෙනස් කරගන්න. දැන් ඉන්න රජයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 159ක අතිවිශාල බලයක් තිබෙනවා. මේ නීතිය සංශෝධනය කරනවා නම්, ඒක ඔවුන්ට ඉතාමත් සරල වැඩක්.

​ඒ නිසා මේ සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාවට දොස් කියන එකේ තේරුමක් නැහැ. අපේ ප්‍රජාව පලි කරගෙන සමාජ මාධ්‍යවල වෛරය වපුරනවට වඩා, ඔබ ඇත්තටම වෙනසක් බලාපොරොත්තු වෙනවා නම් රජයට බලපෑම් කරන්න මේ නීතිය වෙනස් කරන්න කියලා. ඒ වෙනුවෙන් කරන සාධාරණ අරගලයකට/උද්ඝෝෂණයකට කතා කළොත්, අපිත් එන්නම් ඔබත් එක්ක හඬක් නගන්න. නිකම්ම key board එකෙන් වීරයෝ වෙලා සමාජය අවුලුවන එකෙන් වෙන්නේ ප්‍රශ්නය තවත් දුරදිග යන එක විතරයි.

​2. අද සමාජයේ අවුරුදු 12න් විවාහ වන ළමයින් කොහෙද ඉන්නේ?

​මඳක් ප්‍රායෝගිකව හිතලා බලන්න. අද ලංකාවේ කොහේද අවුරුදු 12 ළමයින්ව දෙමව්පියන් විසින් කසාද බන්දලා දෙන්නේ? එහෙම මෑතකදී වෙච්ච එකම එක සිද්ධියක් හෝ ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්ද?

​යොවුන් වියේ ප්‍රේම සම්බන්ධතා නිසා ගෙවල්වලින් පැනලා යන අවස්ථා ඕනෑම ආගමක, ජාතියක දකින්න ලැබෙනවා. ඒක සමාජ ඛේදවාචකයක් මිසක් ආගමික කාරණයක් නෙවෙයි. එහෙම නැතුව මුස්ලිම් දෙමව්පියන් විසින් තමන්ගේ 12 හැවිරිදි දැරියන්ව බලෙන් විවාහ කර දෙන සංස්කෘතියක් අද නැහැ. මටත් දුවෙක් ඉන්නවා. මගේ එකම අරමුණ ඇයට හොඳම අධ්‍යාපනයක් ලබා දෙන එක. ඇයට අවුරුදු 22-25ක් වෙනකම් මම කසාදයක් ගැන කතා කරන්නේවත් නැහැ. අද ඉන්න බහුතරයක් මුස්ලිම් දෙමව්පියන්ගේ මානසිකත්වයත් ඕකම තමයි.

​ඕනෑම සමාජයක යම් යම් නූගත් පිරිස් ඉන්නවා තමයි. නමුත් ඒ සුළුතරයේ ක්‍රියාකලාපය මුළු මුස්ලිම් සමාජයේම බහුතරයේ මතය හැටියට හංවඩු ගහන එක සම්පූර්ණයෙන්ම වැරදියි.

​3. නබිතුමාගේ විවාහය සහ ඉස්ලාමයේ විවාහ වයස පිළිබඳ මතය:

​සමහරු මේ කතාව අස්සේ මූහම්මද් නබිතුමාගේ විවාහයක් ගැන කතා කරනවා. සහෝදරයිනි, ඒ දේවල් සිද්ධ වුණේ අදින් අවුරුදු 1400කටත් වඩා පෙර කාලයක. ඒ කාලයේ පැවති සමාජ ක්‍රමය, දේශගුණය සහ මිනිසුන්ගේ කායික වර්ධනය අදට වඩා හාත්පසින්ම වෙනස්. ඔබ අපේ රටේ ඉතිහාසය හෝ ලෝක ඉතිහාසය අරගෙන බැලුවත්, මීට වඩා බොහෝ අන්ත දේවල් සිදුවෙලා තියෙනවා. අතීතයේ සිදුවූ දේවල් වර්තමාන කණ්ණාඩියෙන් බලලා මනින්න බැහැ.

​අනෙක, විවාහය සම්බන්ධයෙන් ඉස්ලාමය අපිට උගන්වා ඇති පැහැදිලි නීති තිබෙනවා. කුර්ආනයේ 4:6 ආයතයේ දේපළ පවරා දීම ගැන කතා කිරීමේදී "විවාහ විය හැකි වයස" (Baligh) සහ "පරිණතභාවය/හරි වැරදි තේරුම් ගැනීමේ බුද්ධිය" (Rushd) යන කාරණා දෙකම අනිවාර්ය කර තිබෙනවා. ඒ වගේම සහීහ් අල්-බුහාරි හදීස් ග්‍රන්ථයේ පැහැදිලිව සඳහන් වෙනවා, "කිසිදු කාන්තාවක් ඇයගේ පැහැදිලි අවසරයකින් සහ කැමැත්තකින් තොරව විවාහ කර නොදිය යුතුයි" කියලා. අවුරුදු 12ක කුඩා දරුවෙකුට විවාහයක් ගැන තීරණය කරන්න හෝ කැමැත්ත ප්‍රකාශ කරන්න බුද්ධියක් නැහැනේ. ලෝකය දියුණු වෙද්දී අපිත් ඒ එක්කම බුද්ධිමත්ව යාවත්කාලීන වෙලා තියෙනවා. අපි තවමත් ඉන්නේ ගල් යුගයේ නෙවෙයි; අපේ ආගමික හා සංස්කෘතික රාමුව ඇතුළේ අපිත් කාලයට ගැලපෙන විදිහට ජීවත් වෙනවා.

​4. "අරාබියට පලයන්" කියන අයට දෙන පිළිතුර:

​බොහෝ දෙනෙක්ට තරහ ගියාම කියන කතාවක් තමයි "උඹලට මේක හරියන්නේ නැත්නම් මුස්ලිම් රටකට පලයන්" කියන එක. ඇයි අපි එහෙම යන්නේ?

​අපි මේ රටට ආවේ අද වගේ යුද්ධවලින් බේරෙන්න ආපු සරණාගතයෝ විදිහට නෙවෙයි. ඉතිහාසය කියවලා බලන්න. ඈත අතීතයේ අරාබියේ ඉඳන් මේ රටට ආපු වෙළෙන්දෝ, මේ රටේ හිටපු සිංහල කාන්තාවන්ව විවාහ කරගෙන තමයි පවුල් සංස්ථාවන් ගොඩනගා ගත්තේ. ඒ පරම්පරාවලින් පැවත එන අය තමයි අද මේ ලංකාවේ ඉන්න මුස්ලිම් ජනතාව කියන්නේ. එදා ඔබේ මුතුන්මිත්තන් තමන්ගේ කාන්තාවන්ව ඒ විදිහට විවාහ කරලා දුන්නේ නැත්නම්, හෝ ඒ කාන්තාවන් තමන්ගේ කැමැත්තෙන් ඉස්ලාම් ආගම වැළඳගත්තේ නැත්නම්, අද ලංකාවේ මෙහෙම මුස්ලිම් සමාජයක් නැහැ. එහෙනම් අපිත් අද සිංහල.

​අපේ මව්වරුන් මේ රටේ සිංහල කාන්තාවන්. අපේ ලේ වල තියෙන්නෙත් මේ මහ පොළොවේම උරුමය. ඒ නිසා ඔයාලට මේ රට ගැන තියෙන අයිතිය, කැක්කුම සහ ආදරය ඒ විදිහටම අපිටත් තියෙනවා. අපි කවදාවත් මේ රට බෙදලා වෙනම රාජ්‍යයන් ඉල්ලුවේ නැහැ. අපි ලංකාවේ හැමතැනම ඔබත් එක්ක සහජීවනයෙන් ජීවත් වෙනවා. ආගම කියන්නේ තමන්ගේ පෞද්ගලික විශ්වාසය සහ කැමැත්ත. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ආගම වෙනස් වුණා කියලා අපේ ශ්‍රී ලාංකික පුරවැසිභාවයවත්, අපිට තියෙන සම අයිතිවාසිකම්වත් නැති වෙන්නේ නැහැ. අපි ග්‍රහලෝකෙකින් පාත් වෙච්ච මිනිස්සු නෙවෙයි සහෝදරයා.

​5. ආගමක් ගැන කතා කිරීමේදී සහ සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීම:

​කිසිම ආගමක් ගැන හරිහැටි අවබෝධයක් නැතුව කතා කරන්න එපා. අද බොහෝ page Admin ලා කරන්නේ සමාජය අවුස්සලා, ආගම්වාදය පතුරවලා තමන්ගේ මඩිය තරකර ගන්න එකයි. ඔබ දාන පෝස්ට්වලින් ඇත්තටම ඔබ බලාපොරොත්තු වෙන්නේ රටේ සාමය සහ සංහිඳියාව නම්, මේ විදිහට මිනිස්සුන්ගේ සිත් රිදවන්න එපා.

​ආගම කියන්නේ මනුස්සයෙක්ව ඉතාම ඉක්මනින් කෝපයට පත් කරන්න පුළුවන් සංවේදී මාතෘකාවක්. මේක තමයි ලංකාවේ දේශපාලඥයොත් මෙච්චර කල් තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කළේ. කෙනෙක් පුද්ගලිකව කරන වැරැද්දකට ඒ මනුස්සයා අදහන ආගම පළි නැහැ. අටමස්ථානයේ හාමුදුරුවෝ කෙනෙක් වැරැද්දක් කළා කියලා, ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදු දහම කවදාවත් වැරදි වෙන්නේ නැහැ වගේම තමයි මේකත්. මේ ධර්මතාවය හැම ආගමකටම පොදුයි. අපි හැමෝම තම තමන්ගේ ආගම්වලට ගරු කරමු. නිසි අවබෝධයක් නැතුව අසත්‍ය කරුණු සමාජගත කිරීමෙන් වෙන්නේ අපේ රටේ තියෙන සාමය කඩවෙන එක විතරයි.

​6. අවසාන වශයෙන්: ෆේස්බුක් එකේ වැලපෙනවට වඩා ප්‍රායෝගික වෙමු:

​අවසන් වශයෙන් කියන්න තියෙන්නේ, ඔය විවාහ නීතියේ වයස වෙනස් කළා කියලා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් අපිට අහිමි වෙන දෙයකුත් නැහැ. මොකද අවුරුදු 12න් බන්දලා දෙන්න අපි ගාව දරුවෝ නැති නිසා.

​ඒ නිසා මේ ගැන Facebook එකේ මරාගන්නවා වෙනුවට, මේක වෙනස් කරන්න බලපෑම් කරන්න පුළුවන් තැන්වලට (පාර්ලිමේන්තුවට, නීති සම්පාදකයින්ට) ලිඛිතව දැනුම් දෙන්න. ඒ වෙනුවෙන් හඬක් නගන්න. ලංකාවේ මුස්ලිම් සමාජයේ බහුතරයකුත් ඔබත් එක්ක ඒ තීරණයට සහයෝගය දේවි.

​මං ලියපු මේ දීර්ඝ සටහන නිසා කාගේ හෝ හිතක් රිදුණා නම් මට සමාවෙන්න. මේ දේවල් ලිව්වේ කාටවත් රිද්දන්න හෝ පහත් කරන්න නෙවෙයි, සමාජයේ පැතිරෙන වැරදි මතය ගැන ඇත්ත තත්ත්වය පැහැදිලි කරලා දැනුවත් කරන්නයි.

​හැමෝටම සර්වබලධාරී අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි! ශ්‍රී ලංකා මාතාවට ජයවේවා!

#සංහිඳියාව

අලුත් අවුරුද්ද සහ පාර අයිනේ නැවතුනු ජීවිත...අද පාරේ යද්දී දැක්ක දෙයක් හිතට හරි අමුතු දුකක් ගෙනාවා. ලොකු ලොකු වාහන පෙළක් ...
15/04/2026

අලුත් අවුරුද්ද සහ පාර අයිනේ නැවතුනු ජීවිත...

අද පාරේ යද්දී දැක්ක දෙයක් හිතට හරි අමුතු දුකක් ගෙනාවා. ලොකු ලොකු වාහන පෙළක් එකම තැනක නතර කරලා, ඇඳ පැළඳ ගත්ත මිනිස්සු සෙට් වෙලා, සතුටින් හිනාවෙලා 'ට්‍රිප්' යන ගමන් ඉන්නවා. එතනම, ඊට අඩි කිහිපයක් එහායින්, තවත් කොට්ටාසයක් ඉන්නවා. අව්වට පිච්චිලා, කටු වැටක් යට ඉරිඟු විකුණනවා, ප්ලේන් ටී එකක් දානවා, රොටී දාලා හරි දවස් කිහිපයක් කන්න හම්බ කරගන්න මහන්සි වෙනවා. එයාලටත් අද අවුරුදු.

අපේ රටේ අවුරුදු කියන්නේ කොට්ටාස දෙකකට බෙදිලා වගේ.
එක කොට්ටාසයක් ඉන්නවා, සල්ලි තියෙන අය. එයාලා ජයටම සමරනවා. හොඳ කෑම බීම, විනෝද චාරිකා, අලුත් ඇඳුම්. එයාලගේ හිතේ සතුට තියෙනවා.
අනිත් කොට්ටාසය ඉන්නේ නමට විතරක් අවුරුදු කියලා හිතාගෙන ඉන්න අය. ණය වෙලා හරි ළමයින්ට ඇඳුමක් අරන් දෙනවා. ගෙදර තියෙන හාල් ටික පිස්සත් එක්ක අලුත් අවුරුද්ද කියලා කටක් හපනවා. අතේ කීයක් හරි ඉතුරු වෙනවා නම් ගල් බෝතලයක්‌ නැත්නම් කසිප්පු කට්ටක් බීලා දවස ගෙවනවා. අහල පහළ ගෙවල් වලින් "මොකවත් හැදුවේ නැද්ද?" කියලා අහන කතාවලට බයේ සමහරු බඩගින්නේ ඉඳලා හරි බොරු සිනාවක් පාන්නේ ලෝකයාට පේන්න විතරයි.

එක දවසක් වැඩ කළේ නැත්නම්, පහුවදාට කන්න දෙයක් නැති බව දන්නා මිනිහාට අද දවස 'නිවාඩු දවසක්' නෙමෙයි. ඒක 'අපතේ යන දවසක්'.
අවුරුද්ද පුරා කුලී වැඩ කරලා, අතුරු සෙවනැලි අස්සෙන් දුවලා, අඩියක් නොනැවතී මහන්සි වුණත්, අවුරුද්දට එන ඒ දවස් දෙකට ගෙදර කට්ටිය එක්ක ගමනක් යන්න හීනයක්වත් දකින්න බැරි නම්... මොකක්ද මේ ජීවිතේ?

අපි අහලා තියෙනවා ඇමරිකාවේ පාරේ ඉන්න හිඟන්නෙකුට අවුරුද්දකට සැරයක් පිටරට සංචාරයක් කරන්න පුළුවන් රටක සමාජ ආරක්ෂණ ක්‍රමයක් තියෙද්දී, අපේ රටේ රජයේ ලිපිකරුවෙකුටවත් ඒක කරගන්න බැරි ඇයි? කාගේ වරදක්ද? ඒ ගැන ලොකු දේශපාලන කතා නැතත්, අපේ අසල්වැසියා ගැන හිතන්නකෝ.

උඹලා ජයටම අවුරුදු සමරද්දී, අල්ලපු ගෙදර එකාගේ ළමයින්ට අවුරුද්දට ඇඳුමක් තිබුණාද කියලා උඹ හිතුවාද? එයාලගේ ගෙදර උදේට කිරිබත් හැදුවාද? නැත්නම් හුළං අහුලන්න කියලා ගියාද? කවදාවත් නැති එකාට අද වගේ දවසක් හිතට දැනෙන වේදනාව මොන තරම් ඇද්ද?

තමන්ගේ අඟ හිඟකම් පිරෙව්වට පස්සේ, අහල පහල ඉන්න නැති බැරි කෙනාගේ පිඟානට බත් හැන්දක් එකතු කරලා බලපන්. ඒ ඇස් දෙකේ තියෙන සන්තෝසේ තරම් ලොකු සම්පතක් මේ සංසාරේ නෑ.
මැරෙනකොට අපි කිසිම දෙයක් අරගෙන යන්නේ නෑ. තියෙන දේ බෙදාගෙන කාලා, අනුන්ගෙත් හිත සනසලා බලන්න.

ඔය හැමෝටම හෘදයාංගම සුබ අලුත් අවුරුද්දක්! හැබැයි අමතක කරන්න එපා, ලබන අවුරුද්දේ හරි, ඔයාගේ සතුට අනුන්ගේ කඳුළු උඩ පාවෙන සතුටක් නොවෙන්න ඉඩ දෙන්න.

#අලුත්අවුරුද්ද #ජීවිතය

ලෝකේ කොහේ යුද්ධ තිබ්බත් අපිට මොකද? අපේ Strategic Location එකේ හැටියට අපිත් ගේමට බැස්සොත් ලෝකෙම හිරවෙනවා. හෝමුස් වැහුවට ව...
23/03/2026

ලෝකේ කොහේ යුද්ධ තිබ්බත් අපිට මොකද? අපේ Strategic Location එකේ හැටියට අපිත් ගේමට බැස්සොත් ලෝකෙම හිරවෙනවා. හෝමුස් වැහුවට වඩා සද්දයක් අපි පෝක් සමුද්‍ර සන්ධිය වැහුවොත් එයි. 😅🇱🇰

🌸 කුරීරු මිනිසුන්ගෙන් ඔබේ මානසික නිදහස රැකගන්නේ කෙසේද? 🌸​ජීවිතයේ සමහර අවස්ථාවලදී අපට ඉතා දුෂ්කර, කුරීරු හැසිරීම් ඇති පුද...
23/03/2026

🌸 කුරීරු මිනිසුන්ගෙන් ඔබේ මානසික නිදහස රැකගන්නේ කෙසේද? 🌸

​ජීවිතයේ සමහර අවස්ථාවලදී අපට ඉතා දුෂ්කර, කුරීරු හැසිරීම් ඇති පුද්ගලයින් (Toxic People) හමුවීමට පුළුවන. ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් අපේ සතුට, සාමය සහ මානසික සෞඛ්‍යය පවා විනාශ විය හැක.

​අපි කොහොමද ඔවුන් සමඟ බුද්ධිමත්ව හැසිරෙන්න ඕන?

​1️⃣ සීමාවන් පනවා ගන්න: ඔබේ රතු ඉරි කොතැනදැයි ඔවුන්ට දැනුම් දෙන්න.

2️⃣ නිශ්ශබ්දතාවය රකින්න: ඔවුන්ගේ ප්‍රකෝප කිරීම්වලට ප්‍රතිචාර නොදක්වා කල්පනාකාරී වන්න.

3️⃣ වගකීම භාර නොගන්න: ඔවුන්ගේ නරක හැසිරීම ඔවුන්ගේම ප්‍රශ්නයක් මිස ඔබේ වරදක් නොවන බව තේරුම් ගන්න.

4️⃣ දුරස්ථ වන්න: හැකිතාක් ඔබේ කාලය සහ අවධානය ඔවුන්ගෙන් ඉවත් කරගන්න.

​මතක තබා ගන්න, ඔබේ මානසික නිදහස සහ සාමය සියල්ලටම වඩා වැදගත්ය. එය ආරක්ෂා කර ගැනීම ඔබේ වගකීමකි. 💖

​ඔබත් මෙවැනි පුද්ගලයින්ට මුහුණ දී තිබේද? ඔබ භාවිතා කළ උපක්‍රම මොනවාදැයි පහතින් කමෙන්ට් කරන්න. 👇

Step into 2025 with hope in your heart, dreams in your mind, and courage in your soul. Wishing you a year full of happin...
31/12/2024

Step into 2025 with hope in your heart, dreams in your mind, and courage in your soul. Wishing you a year full of happiness and success!

කියපන්කො දැන්......
03/07/2024

කියපන්කො දැන්......

Address

Dambulla Road

Website

Alerts

Be the first to know and let us send you an email when Handhiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share