
04/09/2025
ශ්‍රී ලංකාව ෆේස්බුක් මොනටයිසේශන් එලජිබල් කන්ට්‍රි ලිස්ට් එකේ ඉන්නවා කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. එහෙනම් මේ ලිපිය බිගිනස්ලා වෙනුවෙන්... ( ඔස්තාර්ලා වෙනුවෙන් නෙවෙයි 🫢 )
මේ දවස් වල හැමෝම මේකට උනන්දුයි නේ. ඉතින් ඇත්තටම මේක හොඳ අමතර ආදායම් මාර්ගයක්. මේ ෆීල්ඩ් එකේ පරණ අය නම් දරාපු අය එක එක කින්ඩි දාලා තියෙනවා මම දැක්කා. නමුත්, මම කියන්නේ අස්වැසුම බැංකු පොතට වැටෙනකල් බලන් ඉන්න එකෙක්ට වඩා ෆේස්බුක් පේ අවුට් වැටෙනකල් බලන් ඉන්න එකාට මම ආදරෙයි. රටට බරක් නැති උන්ට උතුරන්න හරියන්න ඕනේ.
මොනටයිසේශන් වලට කෝස් තියෙනවා දැක්කා. මම කියන්නේ කැමති නම් කරන්න අකමැති නම් එපා. නමුත් තාක්ෂණේ මේ තරම් දියුණු මේ කාලේ ඔය හැම විස්තරයක්ම Google එකේ Youtube එකේ තියෙනවා. ඊට අමතරව දන්න කෙනෙක්ගෙන් අහලා බලලා දැනගන්නත් පුලුවන්.
ඒ වගේම මේ මොනටයිසේශන් වලට කෙල හලන් ඉන්න ලංකාවේ බහුතරේකටම තියෙන්නේ සල්ලි හොයන ආසාව මිස කන්ටෙන්ට් ක්‍රියේට් කරන ආසාව නෙවෙයි. ඔන්න ඔය ට්‍රැක් එක වෙනස් නොකලොත් මේ වැඩේ ඔයාලා හා ගන්නවා ශුවර්. සල්ලි එයි, කොලිටි යුනික් කන්ටෙන් දාන්න ඒ නිසා.
මෙන්න මේ ස්පෙශල් ටිප්ස් ටිකට අවධානය යොමු කරන්න... 🤗🤗
* FB Monetisation ලැබෙන එක නෙවෙයි ගේම. Stars, Subscription වගේ උන්ටත් වැඩක් නැති අපටත් වැඩක් නැති ඒවා නෙවෙයි ඔයාලා ටාගට් කරන්න ඕනේ. Content Monetisation කියන එක. ඒක තමයි මේ ෆොටෝ එකේ උඩ තියෙන්නෙත්. මොකද අපි දාන කන්ටෙන්ට් වලට ගෙවන්නේ ඕකෙන් විතරයි. ඒ නිසා ස්ටාර්ස්, සබ්ස් වැඩක් නෑ. ඒකෙන් එන්නේ අපට කවුරුහරි දුන්නොත් විතරයි. ඒ නිසා කන්ටෙන්ට් දාන්න. තමන්ගේ ඔරිජිනල් ඒවාම...
* කලින් ඉඳන් පේජ් කරන් ආව අයට මොනටයිසේශන් ආවා නම් සෙටප් කරන්න කලින් ලැප් එකකින් ලොග් වෙලා පරණ පෝස්ට් ඔක්කොම ඩිලීට් කරන්න, තමන්ගේ නොවන වීඩියෝ ෆොටෝ, ඔක්කොම. මොකද ඔයා අද ඉඳන් තමන්ගේ කන්ටෙන්ට් දාගෙන ගියත් පරණ ඒවා අනුන්ගේ නම් මොනටයිසේශන් ගැලවෙන්න ලොකු ඉඩක් තියෙනවා. මගේ එහෙම ගැලවිලා ගියා. පස්සේ ආයේ හදාගත්තා. පෝස්ට් මකන්න ලැප් එකෙන්ම ලොග් වෙන්න කීවේ ඒකෙන් එකපාර 50 ගානේ මකන්න පුලුවන්. ඔන්න ඔහොම මම පෝස්ට් 11,000ක් මකලා තියෙනවා එක පේජ් එකක විතරක්. උවමනාව තියෙනවා නම් කැපවීම තමන්ට භාරයි.
* මගේ පෞද්ගලික මතය ලංකාවට ආව පලියට දැන්ම සෙටප් කරන්න එපා. ඉන්න පොඩ්ඩක්, Content Monetisation වල ක්‍රයිටීරියා ටික මොනවද කියන එක මම තවම දන්නෙ නෑ. සබ් සහ ස්ටාර්ස් දන්නවා ඒත් ඒක වැඩක් නෑ. මම නම් හැරිලා වත් බලන්නෙ නැති දෙකක් ඒක. මම එපා කීවේ තමන්ගෙ පරිස්සමට. මාසයක් දෙකක් ඉවසන්න, මොකද මේ මාසේ හොයන සල්ලි අතට එන්නේ එන මාසේ 20-25 දවස් දිහාට. ඒ නිසා ලංකාවට පේ අවුට් සෙටප් කරපු අය ගන්නවද බලලා ඉන්න එක ඔයාලාගෙ ඇඟට හොඳයි. ඩිරෙක්ට් බෑන්ක් ලින්ක් කලොත් ටැක්ස් ගැන දැනුවත් වෙන්න. ටැක්ස් ගෙවන රටක නම් ඉන්නේ ඒක ගෙවන්නම වෙනවා, නොගෙව්වොත් කේස්.
* මම ආයෙ ආයෙත් කියනවා, මතක ඇතිව තමන්ගේම ක්‍රියේශන්ස් දාන්න. අනුන්ගෙ ඒවා උස්සලා දාන්න එපා. ඒක fb එකට පේනවා. ඒකෙන් ඔයාගේ මොනටයිසේශන් ගැලවෙනවා. ඒ වගේම දැන් තමන්ගේ කන්ටෙන්ට් වලට සල්ලි එන නිසා කවුරුත් කැමති නැති වෙයි තමන්ගේ දේවල් වලින් වෙන උන් හම්බකරගන්නවට. ඒ නිසාම ඔයාලට කොපිරයිට් කන්නත් වෙයි. එහෙම වුනොත් මොනටයිසේශන් නැති වෙන්න පුලුවන්. සමහර විට පේජ් එකත් නැති වෙන්න පුලුවන්.
* ඔයාලාට සල්ලි හොයන්න ඕනි නම්, ලංකාව අතෑරලා ෆොරින් ඕඩියන්ස් ටාගට් කරන්න වැඩ පටන් ගන්න. ලංකාවට ගෙවනවා හෙනම අඩුයි. නිකන් තේරෙන්න කීවොත් ඒක හරියට ලංකාවේ වන් මිලියන් රීච් පෝස්ට් එකකට රුපියල් 1000ක් ලැබුණොත් US,UK වගේ ඕඩියන්ස් එකක ඒ රීච් එකට ලක්ෂයක් හොයන්න පුලුවන් ඔයාට එක පොස්ට් එකෙන් ( මේ ඇත්තම අගයන් නෙවෙයි, දළ අදහසක් ගන්න කීවේ ) ඒ නිසා කාට හරි ලංකාවේ පේජ් එකකට CM ( Content Monetisation ) ආවොත්, ඒකත් කරන්න. අත්දැකීම් ගන්න. හැබැයි ලංකාවෙන් එලියට යන්න. සල්ලි තියෙන්නේ එහෙ.
මමත් මේවා ගැන මහා ලොකු දෙයක් දන්නෙ නෑ. පොඩ්ඩ පොඩ්ඩ දැනගෙන හොයාගෙන තමයි කරන් යන්නේ. හැබැයි අර මම කලින් කීවා වගේ, කවුරු හරි ගේමක් ගහලා ගොඩ යන්න හදන එකෙක් ඉන්නවා නම් මම ඌට ආදරෙයි. රැකියා දියව් ගාන උපාධි ගත්ත කෙනෙක්ට වඩා, අස්වැසුම වැටෙනකල් උඩ බලන් ඉන්න එකෙක් ට වඩා මට ඌව වීරයෙක්. ඒ නිසා මහන්සි වෙන්න මේකෙන් ගොඩ යන්න පුලුවන්. හැබැයි එක පාර හඳ අල්ලන්න බෑ. ඒකත් මතක තියාගන්න. මම අද යම් තැනක ඉන්නවා නම් ඒ මගේ අවුරුදු 10ක අත්දැකීම්, දැණුම නිසායි. ඒ නිසා ඔයාලත් මහන්සි වෙන්න, මේවා ඉගෙනගන්න.
දන්න කියන උන් වගේම නොදන්න උන් පවා ලංකාවට සුපිරී කාර් එහෙම බස්සන, සැප ජීවිත ගෙවන ලස්සන අනාගතයක් වෙනුවෙන් අද කට්ට කන්න පටන් ගන්න. ඔයාලා දිනනවා මයි. මහන්සි වෙනවා නම් ඔයාලා දිනන්නත් ඕනේ මයි. සමාජෙට බම්බු ගහන්න කියලා හරි දේ කරන්න. තොපිට හරියන්නම ඕනේ. ආදරෙයි...
මම
ඉඳුවා
( ළඟකදි ඉඳන් වීඩීයෝ දාන්න අරන් මම අහන කතා දැකලා ඇති නේ 😂😂 මම පිට රටක ඉන්නෙ කියලා පෙන්නගන්න ලු ඒ රඟන්නේ, අනේ මට 🍑යෑ බැන්නත් සල්ලි නේ කියලා ඒ හැම විවේචනයක්ම සැහැල්ලුවෙන් අතෑරලා දානවා )