Bauddaya sinhala

  • Home
  • Bauddaya sinhala

Bauddaya sinhala Bauddaya sinhala is dedicated to distributing the Thripitaka dharma around the world in Sinhala Language.

මේ දුෂ්කර පන්සලට මේ බුදු ගේ හදලා පිළිම වහන්සේ නමක් තැන්පත් කොට දෙන්න පුළුවන් නම් 8 මහා කුසල් පින් කමකි වදින ගානේ පුජාවන්...
25/04/2024

මේ දුෂ්කර පන්සලට මේ බුදු ගේ හදලා පිළිම වහන්සේ නමක් තැන්පත් කොට දෙන්න පුළුවන් නම් 8 මහා කුසල් පින් කමකි වදින ගානේ පුජාවන් පවත් වන ගානේ..පින් රෑස් වෙන උතුම් දෙයකි... ශ්‍රී සෝම රතන රමේ රළපනාව ගල්කඩවල අනුරාධපුර....0770471962... දක්ෂිණ හිමි. සියළුම පින් වත් පිරිස ට පැමින බලන්න පුළුවන්.... දක්ෂිණ හිමි.. විහාරධිපති හිමි....0770471962

මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රාදේශීය ලේ බැංකුවට පරිත්‍යාග කිරීම සඳහා පවත්වනු ලබන ලේ දන් දීමේ වැඩසටහන...අගෝස්තු 15 වන දින උදෑස...
12/08/2023

මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රාදේශීය ලේ බැංකුවට පරිත්‍යාග කිරීම සඳහා පවත්වනු ලබන ලේ දන් දීමේ වැඩසටහන...

අගෝස්තු 15 වන දින උදෑසන 9 සිට හවස 3 දක්වා

පන්නිපිටිය Smashy Design ආයතනයේදී

Location : https://goo.gl/maps/a9DJGCr4gE3RvYCo6

Uditha : 075 745 7791

අද දින ☸️🙏☸️
23/07/2023

අද දින ☸️🙏☸️

ඉස්ලාමිකයෙකු මියගිය විට ආදාහනය නොකොට මිහිදන් කරන්නේ ඇයි? 👇1. ආදාහනය ඉස්ලාමීය ඉගැන්වීම් අනුව අනුමත පිළිවෙතක් නොවේ. ඉස්ලාම...
21/07/2023

ඉස්ලාමිකයෙකු මියගිය විට ආදාහනය නොකොට මිහිදන් කරන්නේ ඇයි? 👇

1. ආදාහනය ඉස්ලාමීය ඉගැන්වීම් අනුව අනුමත පිළිවෙතක් නොවේ. ඉස්ලාමීය පිළිවෙත වන්නේ මිහිදන් කිරීමයි.

2. මිනිස් ශරීරයේ අඩංගු සියළුම රසායානික ද්‍රව්‍ය අඩු වැඩි ප්‍රමාණයන්ගෙන් පොළොවේ පාෂාණ සංයුතියේ අන්තර්ගතය. මිනිස් ශරීරය වියෝජනය වී එම පාෂාණ සංයුතියට එකතුවීම ඉතා පහසුවෙන් සිදුවේ.

3. ආදාහනය කිරීම තුළින් සිදුවන වායුගෝලීය දුෂණය පරිසරයට මෙන්ම සෞඛ්‍යට හානිකරය. මිහිදන් කිරීම තුළින් මෙවැනි හානිකර දෑ සිදුවීමට ඉඩකඩ නොමැත.

4. ආදාහන කටයුතු බොහෝ විට දෙආකාරයකින් සිදු කරනු දැකිය හැක. ආදාහනාගාරයක මෙන්ම විශාල ආදාහන චිතකයක් සාදා මෙය කරනු ලැබේ. ආදාහන චිතකය සඳහා දැව විශාල ප්‍රමාණයක් යොදා ගැනීමට සිදුවේ. මෙය ඉතා විශාල වියදමක් දරා කළ යුතුව ඇත. මේ සඳහා යොදා ගන්නා දැව සඳහා ගස් කැපීමක් සිදුකළ යුතුව ඇති හෙයින් මෙයින් ද පරිසර හානියකට මුලපුරනු ලැබේ. මිහිදන් කිරීම මගින් මෙම හානිකර අතුරු ඵල සියල්ල මඟ හරවා ගත හැක. මිහිදන් කිරීම පසේ සශ්‍රීකත්වයට ද උපකාරී වෙයි.

5. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව මිහිදන් කළ ස්ථානය මත කිසිවක් ගොඩනැඟීම අනුමත නොවන හෙයින් එකම භුමි ප්‍රමාණය තුළ කාලය අනුව නැවත නැවත මිහිදන් කටයුතු කළ හැකිය.

අවමඟුලක් සිදු වූ විට අනුගමනය කළ යුතු පොදු ඉස්ලාමේය පිළිවෙත පහතින් දක්වා ඇත්තෙමු.

මරණය ශෝක ජනක සිදුවීමක් ලෙස දක්වා ඇතිමුත් එම ශෝකය සඳහා ද සීමාවන් ඉස්ලාමීය ඉගැන්වීමෙහි අන්තර්ගතය. හිසකෙස් කඩා දමමින්, ලතෝනි දෙමින් හඬා වැළපීම ඉස්ලාමය අනුමත නොකරයි. පොදුවේ ශෝකය සඳහා දින තුනක කාලයක් ලබා දී ඇත. ස්වාමි පුරුෂයා අහිමි වූ බිරිඳක් වෙනුවෙන් මෙම කාලය දීර්ඝ කොට ඇත. තම ස්වාමි පුරුෂයා අහිමි වූ ස්ත්‍රියක් පත් වන්නේ ඉතාම අසරණ හා මානසික වශයෙන් බිඳ වැටුණු තත්ත්වයකට. මෙම තත්ත්වයෙන් මිදී ප්‍රකෘති තත්ත්වයට පත් වීමට ඇයට කාලය අවශ්‍ය වෙයි. අය ගැබ් ගෙන ඇති දැයි දැනගැනීමට ද කාලය අවශ්‍ය වෙයි. මේ නිසා ඇයට චන්ද්‍ර මාස හතරක් හා දින දහයක ශෝක කාලයක් ලබා දී ඇත. මෙම කාලය තුළ අඳුරු කාමරයක ජීවත් වීමට සලසා ඇතැයි ඇති මතයන් සම්පුර්ණයෙන් ම අසත්‍යයකි. රැකියා කරන ස්ත්‍රියක් නම් රැකියාවට යෑමට හා අසනීප සඳහා ප්‍රතිකාර ගැනීමට යෑම වැනි අත්‍යාවශ්‍ය කරුණු සඳහා ඇයට අවස්ථා ඇත. මෙම කාලය තුළ විවාහ යෝජනා පිළිබඳ සාකච්ඡා කරනු නොලැබේ.

මරණයක් සිදුවුවායින් පසු කළ යුතු කාර්යයන් පහතින් දක්වා ඇත.

1. ප්‍රාණය සම්පුර්ණයෙන් නිරුද්‍ර වූ බව දැනගැනීමෙන් පසු දෑස වැසීම

2. මියගිය අයගේ නය හා අනෙකුත් පොරොන්දු ඉටු කිරීමට සමීප ඥාතීන් වගකීම් භාර ගනී.

3. ඉස්ලාමීය පිළිවෙත් අනුව මෘතදේහය නෑවීම සිදු කරනු ලැබේ.

4. මෘතදේහය සඳහා සකස් කරන ඇඳුම ‘කෆන්’ නමින් හැඳින් වේ. මේ සඳහා මිල අධික නැති සුදු රෙදි භාවිතා කිරීම සම්ප්‍රදාය වේ.

5. මෘතදේහය සඳහා විශේෂිත මිනී පෙට්ටියක් නොමැත. සැමට ඇත්තේ එක් පොදු මිනී පෙට්ටියකි. මෙහි තබා මෘතදේහය මස්ජිදයට හෝ පොදු ස්ථානයකට රැගෙන යාමෙන් පසු ‘සලාතුල් ජනාසා’ නමින් හැඳින්වෙන මෘත දේහය සඳහා වූ සලාතය සාමුහික ව ඉටු කරනු ලැබේ.

6. මෙම සලාතයෙන් පසු මෘතදේහය මිහිදන් කිරීම සඳහා සුසාන භුමිය කරා ගෙන ගොස් ඉස්ලාමීය පිළිවෙතට සකස් කළ මිනී වලෙහි දේහය තැන්පත් කොට එය වසා දැමීම සිදු කරනු ලැබේ. එම මිනීවල මත ගොඩනැඟීම් කිසිවක් කිරීම තහනම් වේ.

7. ඉහත සියලු කටයුතු හැකි පමණ ඉක්මණින් අවසන් කිරීම ඉස්ලාමීය සම්ප්‍රදායයි. නිවසෙහි දින ගණන් මෘත දේහය තබා ගැනීම සිදු කරනු නොලැබේ. මෘතදේහය කල් තබා ගැනීමේ ක්‍රමයන් අනුගමනය කරමින් කටයුතු කරනු නොලැබේ.

8. ඉහත කරුණු හැරෙන්නට මරණයෙන් පසු තුන්වැනි දින, මාසයකදී, දින හතලිහෙදී වැනි කාල නිර්ණායකයන් තුළ කිසිදු කටයුත්තක් කිරීම ඉස්ලාමීය සම්ප්‍රදාය නොවේ.

By: එම්.අහ්මද් දහ්ලාන්

21/05/2022
14/04/2022

අප මව්බිමේ ගම්මාන 250 ක වාසය කරනා 500,000 පමණ ජනතාවක් මාරන්තික වකුගඩු රෝගයෙන් ගලවා ගනිමින් ක්‍රියාවට නැංවූ පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ සියවැනි ජල පිරිපහදු මධ්‍යස්ථානය ද ජාතියට දායාද වූ වගයි.

දස දහස් ගණනක් මිනිස් ජීවිත සුරකිමින් මේ තාක් පිරිසිදු පානීය ජලය ලීටර් මිලියන 110 ක් පමණ එමගින් දන් දීමට හැකි විය.

රැස් වූ පින සියල්ලෝ අනුමෝදන් වෙත්වා!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Bauddaya sinhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share