LK Gossip

LK Gossip Sri Lanka 's number one gossip & news website.

11/02/2024

මහජන බැංකුවේ බොල් ණය බිලියන 54
Exclusive Interview

ලංකාවේ ප්‍රධානම ගුවන්තොටුපල 03 පරිපාලනය අදානිට දෙන්න සූදානම්… ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි…..ඉන්දියාවේ ප්‍රධානම ව්‍යාපාර සම...
11/02/2024

ලංකාවේ ප්‍රධානම ගුවන්තොටුපල 03 පරිපාලනය අදානිට දෙන්න සූදානම්… ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි…..

ඉන්දියාවේ ප්‍රධානම ව්‍යාපාර සමාගමක් මෙන්ම නරෙන්ද්‍ර මෝදිගේ සමීපතම ව්‍යාපාරික සගයාගේ හිමිකාරිත්වය සහති අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර දොරටුව වන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළුව දිවයිනේ ගුවන් තොටුපළ තුනක් කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව හින්දු පුවත්පත වාර්තා කරයි.

පිරිනමනු ලබන අනෙකුත් ගුවන් තොටුපළ වන්නේ කොළඹ රත්මලාන ගුවන් තොටුපළ සහ මත්තල ගුවන් තොටුපළ බව විදෙස් මාධ්‍ය කියයි. කළමනාකරණ ක්‍රමවේද ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳව දෙපාර්ශවය අතර සාකච්ඡා කරමින් පවතින බවත් කළමනාකරණ කොන්ත්‍රාත්තු ද ඊට ඇතුළත් විය හැකි බවත් ශ්‍රී ලංකාවේ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිකුරාදා ප්‍රකාශ කළ බව හින්දු පුවත්පතේ ව්‍යාපාර අතිරේකය විශේෂ පුවතක් ලෙස පල කර තිබේ.

ගුවන් තොටුපල කළමනාකරණය සඳහා අදානි සමූහ ව්‍යාපාරය සමඟ වැඩ කිරීමට සැලසුම් කර ඇති බවට හරින් ප්‍රනාන්දු මුම්බායි හි OTM සංචාරක ප්‍රදර්ශනයට සමගාමීව ව්‍යාපාරික ප්‍රජාව වෙතත් පවසා තිබේ.

ගුවන් තොටුපළ කළමනාකරණය කිරීම සඳහා පුද්ගලික හවුල්කරුවෙකු සම්බන්ධ කර ගැනීමේ සැලසුම සංචාරක ව්‍යාපාරයේ පුනර්ජීවනයක් මධ්‍යයේ පැමිණෙන බව හින්දු පුවත්පත් වාර්තාවේ දැක්වේ. වර්ෂ 2023 දී ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයින් පැමිණීම මිලියන 1.48 දක්වා දෙගුණයක් වී ඇති බවත්, මෙය රටේ ගුවන් තොටුපල යටිතල පහසුකම් මත පීඩනයක් ඇති කර ඇති කර ඇති නිසා පහසුකම් පුළුල් කිරීමට සහ මගී අත්දැකීම වැඩිදියුණු කිරීමට පෞද්ගලික හවුල්කරුවෙකුගේ සහාය ශ්‍රි ලංකාව අපේක්ෂා කරන බවත් එම වාර්තාවේ ප්‍රකාශ වේ.

මේ පිළිබඳ හින්දු පුවත්පත කළ ඊමේල් විමසුමකට අදානි සමූහය ප්‍රතිචාර දක්වා නැත.

අදානි සමූහ ව්‍යාපාරය මේ වනවිටත් ශ්‍රී ලංකාවේ වරාය සහ පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍ර වෙත ප්‍රවේශ වී ඇති ඇත. පසුගිය නොවැම්බරයේ දී සමූහය විසින් කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් ඩොලර් මිලියන 553 ක අරමුදල් ලබා ගන්නා ලදී. මෙයට එක්සත් ජනපදය සම්බන්ධ වන්නේ කලාපය තුළ චීන බලපෑම මැඩලීමේ පියවරක් වශයෙන් බව හින්දු පුවත්පත් වාර්තාව පෙන්වා දෙයි.

ගෝටා දිනෙවුවාට ජාතියෙන් සමාව ඉල්ලනවා.. සජිත් ජනාධිපති කර මාත් පාර්ලිමේන්තු යනවා..හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ...
11/02/2024

ගෝටා දිනෙවුවාට ජාතියෙන් සමාව ඉල්ලනවා.. සජිත් ජනාධිපති කර මාත් පාර්ලිමේන්තු යනවා..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදුන් පුද්ගලයකු ලෙස තමන් ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව හිටපු යුද හමුදාපති සමගි ජන බලවේගය ප්‍රතිපත්ති සම්පාදක ප්‍රධානී ජනරාල් දයා රත්නායක මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා අතීතයේ දී දක්ෂයකු බව ඔප්පු කර තිබුණද ජනාධිපති වූ පසු අඩුපාඩු සිදුවූ බවද හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා හොරෙක් හෝ වංචාකාරයෙකු යයි තමන් කිසිසේත්ම විශ්වාස නොකරන බවද හෙතෙම පැවසුවේය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්කොට පැත්තකට වී නොසිට පාර්ලිමේන්තු ගොස් වගකීම් දරමින් රට නිවැරදි මාවකට යොමු කරන බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

රූපවාහිනී නාලිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

ලංකාවේ ජනමත විමසුමකට ඇමරිකානු කොංග්‍රසයට යෝජනා..දෙමළ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව හා සාධාරණ ලෙස කටයුතු කිරීමට සහ කල්පවත්නා...
11/02/2024

ලංකාවේ ජනමත විමසුමකට ඇමරිකානු කොංග්‍රසයට යෝජනා..

දෙමළ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව හා සාධාරණ ලෙස කටයුතු කිරීමට සහ කල්පවත්නා සාමකාමී දේශපාලන විසඳුමක් සඳහා ජනමත විචාරණයක් ලබා දිය යුතු බවට එක්සත් ජනපද කොංග්‍රසය විසින් ඉදිරිපත් කරන ලද ද්විපාර්ශවික යෝජනාවක් සලකා බැලෙමින් පවතින්නේ යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ප්‍රකාශ කර ඇතැයි ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය සඳහන් කරයි.

මහජන බැංකුව විසින් බිලියන 54ක මුදලක් බොල් ණය ලෙස කපා හරිමින් ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරිකයින් සහ දේශපාලකයින් කිහිපදෙනෙකුට ...
03/02/2024

මහජන බැංකුව විසින් බිලියන 54ක මුදලක් බොල් ණය ලෙස කපා හරිමින් ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරිකයින් සහ දේශපාලකයින් කිහිපදෙනෙකුට අයුතු වාසියක් සපයා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මෙම චෝදනාව එල්ල වීමත් සමඟ ගනුදෙනුකරුවන් පවා දැඩි කණස්සල්ලට පත් ඇති බව එම බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අය කිරීම්) ඒ.යූ.එල්.ඒ.අන්සාර් මහතා පවසනවා.

මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය කරුණු මත පදනම්ව සමාජ මාධ්‍යය ඔස්සේ ගොතන ලද පුවතක් බවයි ඔහු සඳහන් කරන්නේ.

පසුගිය සමය තුළ ඇතිවූ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුධය සමයේ ඇතැම් ණය හිමියන් පැමිණ බැංකුව සමග සාකච්ඡා කර ගෙවීමට ඇති ණය, පොළී වාරිකයන් ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගත් බවත් එය පොදුවේ සියලු ගණුදෙනු කරුවන්ට ලබා දුන් අවස්ථාවක් බවත් සඳහන් කළ වික්‍රම නාරායන මහතා ( නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ව්‍යවසායකත්ව බැංකු කටයුතු)ඇතැම් පිරිස් මෙම කරුණු පවා විකෘති කරමින් කටයුතු කිරීම පිළිබඳ දේශීය බැංකුවක් ලෙස මහජන බැංකුව දැඩි කණස්සල්ල සහ අප්‍රසාදය පළකරන බව අවධාරණය කර තිබෙනවා.

කෙහෙලිය රිමාන්ඩ් කළ සැණින් ලෙඩවෙයි-----------------------------------අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැ...
03/02/2024

කෙහෙලිය රිමාන්ඩ් කළ සැණින් ලෙඩවෙයි
-----------------------------------

අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 15වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයක් මතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අද පෙරවරුවේ මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රෝහල්ගත කර තිබෙනවා.

වෛද්‍ය උපදෙස් මත ඔහු බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මහජන බැංකුව විසින් බිලියන 54ක මුදලක් බොල් ණය ලෙස කපා හරිමින් ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරිකයින් සහ දේශපාලකයින් කිහිපදෙනෙකුට ...
03/02/2024

මහජන බැංකුව විසින් බිලියන 54ක මුදලක් බොල් ණය ලෙස කපා හරිමින් ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරිකයින් සහ දේශපාලකයින් කිහිපදෙනෙකුට අයුතු වාසියක් සපයා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මහජන බැංකුව විසින් නිකුත් කර ඇති මාධ්‍ය ප්‍රකාශනය.

02/02/2024

මහජන බැංකුව බිලියන 54 ණය කපන්නේ නැහැ කියන කතාවේ ඇත්ත එළියට
-------------------------------------------------------------------

මහජන බැංකුව විසින් බිලියන 54ක මුදල් බොල් ණය ලෙස කපා හැරීමක් සම්බන්ධයෙන් කතිකාවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වෙනවා.

දේශපාලනඥයින් ඇතුළු ඉහළ පෙළේ අයට සහන සැලසීම සදහා මෙලෙස කටයුතු කරන බවයි සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්මතු කරනු ලබන්නේ.

මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අය කිරීම්) ඒ.යූ.එල්.ඒ.අන්සාර් මහතා සහ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( ව්‍යවසායකත්ව බැංකු කටයුතු) වික්‍රම නාරායන මහතා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

එහිදී ඒ ඔවුන් සදහන් කළේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවයි.

ණය ලබා ගැනීමේදී ඔවුන්ද ගිවිසුම් අත්සන් කරන බවත් ඔවුන්ද ණය නොගෙවන්නේ නම් ඔවුන්ට විරුද්ධව සියලු ක්‍රියාමාර්ග ලබා ගන්නා බවද සදහන් කර සිටියා.

සමහර ණය හිමියන් පැමිණ බැංකුව සමග කතා බහ කර reschedule කර ඇති බවද සදහන් කළා.

ඔවුන් සිය ණය නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ලබා ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියා.

5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා කඩඉම් ලකුණු2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ...
02/02/2024

5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා කඩඉම් ලකුණු

2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) දින නිකුත් කර තිබෙනවා.

බෙලිඅත්ත පිවිසුමේ ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු ඩුබායි පනී..දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී පුද්ගලයන් පස් දෙනෙ...
02/02/2024

බෙලිඅත්ත පිවිසුමේ ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු ඩුබායි පනී..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී පුද්ගලයන් පස් දෙනෙකු ඝාතනය කළ ප්‍රධාන වෙඩික්කරු සහ තවත් වෙඩික්කරැවන් දෙදෙනකු ඩුබායි වෙත පලා ගොස් ඇති බවට පොලිසියට සාක්ෂියක් ලැබී ඇත.

ඒ අදාළ සිදුවීමට සැකපිට කාන්තාවක සහ ඇයගේ පියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදීය.

පොලිසිය සඳහන් කරන්නේ මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු වන දැනට

නාවික හමුදාවේ විශ්‍රාම ගොස් සිටින හිටපු නාවික හමුදා සෙබළෙකුගේ බිරිඳ හා එයට අනුබල දුන් ඇයගේ පියා මත්ද්‍රව්‍ය සමඟ පල්ලේවලදී අත්අඩංගුවට ගත් බවයි.

ඔවුනගෙන් තව ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටී.

කෙහෙලිය ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්..හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්කැල්ල මහතා රටින් පිටව යාමට පැමිණියහ...
02/02/2024

කෙහෙලිය ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්..

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්කැල්ල මහතා රටින් පිටව යාමට පැමිණියහොත් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.

මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික‍්‍රමය මහත්මිය ඊයේ දිනයේ මෙම නියෝගය නිකුත් කර ඇත.

ඉන්දියානු ණය වේදනා ක්‍රමය යටතේ ප්‍රශ්නගත එන්නත් තොගයක් රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් වන නීති කෘත්‍ය අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ඇය මෙම නියෝගය නිකුත් කළාය.

එමෙන්ම අද පෙරවරු නවයට රහස් පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසද ඇමතිවරයාට කර ඇති නියෝගය අනුව ඔහු මේ වන විට එහි පැමිණ සිටී.

ඔහුට රටෙන් පිටව යාම තහනම් කර ඇති නියෝගය ආගමන විගමන පාලකවරයාටද යොමු කර ඇති අතර රටින් පිටවීමට පැමිණියහොත් කටුනායක ගුවන්තොටු‍පොළේදී අත්අඩංගුවට ගන්නා ලෙසද දැනුම් දී තිබේ.

රුපියල් කෝටි 150 ක ලාභාංශ යළිත් ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට අපි සමත් වූ වෙමු.
02/02/2024

රුපියල් කෝටි 150 ක ලාභාංශ යළිත් ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට අපි සමත් වූ වෙමු.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when LK Gossip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share