Ethics Eye

Ethics Eye We monitor violations of media ethics in the Sinhala press.

ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය ආචාර ධර්මයන් සම්බන්ධව සාකච්ඡා කරනා සහ ඒ සම්බන්ධව පර්යේෂණ මත පදනම්ව දැනුවත් කරනා පර්යන්තයක් ලෙස Ethics Eye හැඳින්විය හැක. ඒ අනුව, ශ්‍රී ලංකාවේ එදිනෙදා පුවත් වාර්තාකරණය තුළ දක්නට ලැබෙන මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනයන් හා ගැටළුකාරී මාධ්‍ය හැසිරීම් පිළිබඳව දැනුවත් කිරීම Ethics Eye හරහා සිදු කරනු ලබයි.

මෙම පර්යන්තය 2016 මාර්තුවල්දී වෙරිටේ රිසර්ච් විසින් ආරම්භ කෙරූ අතර ඒ සඳහා මූල්‍ය

සහයෝගය ඉන්ටර්නිව්ස් ආයතනය විසින් ලබා දෙන ලදී. ඉන් පසුව, මූල්‍යමය දායකත්වය ඉන්ටර්නිව්ස් ඇතුළු මාර්ග කිහිපයක් ඔස්සේ ලැබුනු අතර වෙරිටේ රිසර්ච් අභ්‍යන්තර සම්පත් දායකත්වයෙන් මගින් මෙය මූලිකව පවත්වා ගෙන යනු ලබයි. Ethics Eye ක්‍රියාත්මක වන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක් සමඟිනි. එනිසාම, එහි නිරීක්ෂණ පරාසය ද සීමිත වී තිබේ. එනිසා, ප්‍රධාන වශයෙන්, ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම භාවිතා වන සිංහල භාෂාවෙන් සිදුවන පුවත් වාර්තාකරණය සඳහා Ethics Eye සිය අවධානය යොමු කරයි.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආචාර ධර්මයන්ට අනුකූල වූ මාධ්‍ය සංස්කෘතියක් දියුණු කිරීමේ වටිනාකම දකිනා ඔබ සැමටම, Ethics Eye වෙත සහාය දැක්වීමටත්, Ethics Eye හා සම්බන්ධ වීමට මෙන්ම, මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනයන් නිරීක්ෂණයෙන් දායකත්වය දැක්වීමටත්, අපි ආරාධනා කරන්නෙමු.

10/08/2026

දැනගන්න ලංකාවේ හැමෝගෙන්ම අහන්න ඕනෙමද? 👀

ඇත්තටම, නැහැ.

නියැදි සමීක්ෂණයක් හරහා, තෝරාගත් පිරිසකගෙන් අදහස් විමසීමෙන් රටේ ජනමතය ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්.

ඒක කොහොමද වෙන්නේ?

අපි ලතාගේ කොකිස් ආසාවෙන් පටන් ගනිමු. 😌

දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු! සිරස්තලයේ දිවි තොර කර ගැනීමක් ලෙස වාර්තා නොකළ යුත්තේ ඇයි?   එම පුවතට ප්‍රමුඛතාවය...
10/08/2026

දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

සිරස්තලයේ දිවි තොර කර ගැනීමක් ලෙස වාර්තා නොකළ යුත්තේ ඇයි?

එම පුවතට ප්‍රමුඛතාවයක් හිමිවන අතර එමඟින් දිවිතොර කරගැනීමේ නැඹුරුතාවයක් ඇති අයෙකුට එය උත්ප්‍රේරකයක් විය හැකිය. පර්යේෂණවලට අනුව, මෙවැනි පුවත් නිරන්තරයෙන් දැකීමෙන් මානසිකව පීඩාවට පත් වූවන් එම ක්‍රියාවන්ට පෙළඹීමට දැඩි අවදානමක් (Su***de Contagion) ඇති කළ හැක.

දිවි තොර කරගත් ආකාරය වාර්තා නොකළ යුත්තේ ඇයි?

මෙමඟින් දිවි තොර කර ගැනීමට හෝ දිවි තොර කරගැනීමට තැත් කිරීමේ නැඹුරුතාවයක් ඇති පුද්ගලයන්ට එය අනුකරණය කිරීමට පෙළඹිය හැක.

උපකාරක අංක පළ කළ යුත්තේ ඇයි?

මෙමඟින් පීඩාවට පත් අයෙකුට ක්ෂණිකව සහාය වීමටත්, අවදානම් සිතුවිලි වෙනතකට යොමු කර ජීවිත රැක ගැනීමටත් සෘජුවම හැකියාව ලැබේ.

මූලාශ්‍ර:

https://www.datocms-assets.com/.../1669653344-13763...

http://who.int/.../men.../suicide-prevention-journalists.pdf

https://www.sactrc.org/wp-content/uploads/2019/07/NEW-1.pdf

මාධ්‍ය න්‍යායන් තුනක වෙනස හඳුනාගනිමු
09/08/2026

මාධ්‍ය න්‍යායන් තුනක වෙනස හඳුනාගනිමු

ඔබට දකින්න ලැබෙන පුවත් මොනවාද කියලා තීරණය කරන්නේ කවුද? 🤔
09/08/2026

ඔබට දකින්න ලැබෙන පුවත් මොනවාද කියලා තීරණය කරන්නේ කවුද? 🤔

08/08/2026

මාධ්‍ය රාමුගතකරණය කියන්නේ මොකක්ද?

ඔබ දකින්නේ ඇත්තද? නැතහොත් මාධ්‍ය පෙන්වන "කෝණය" ද? 👀
08/08/2026

ඔබ දකින්නේ ඇත්තද? නැතහොත් මාධ්‍ය පෙන්වන "කෝණය" ද? 👀

ඔබ අද වැඩියෙන්ම කතා කරන පුවත මොකක්ද? 📰 ඔබ නොදැනුවත්වම එය බොහෝ අවස්ථාවලදී තීරණය කරන්නේ මාධ්‍යයයි.
08/08/2026

ඔබ අද වැඩියෙන්ම කතා කරන පුවත මොකක්ද? 📰

ඔබ නොදැනුවත්වම එය බොහෝ අවස්ථාවලදී තීරණය කරන්නේ මාධ්‍යයයි.

දූෂණ විරෝධී පනත සහ වත්කම් බැරකම්. 2026, අගෝස්තු 06 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ. (YouTube වෙත...
07/08/2026

දූෂණ විරෝධී පනත සහ වත්කම් බැරකම්.

2026, අගෝස්තු 06 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ.

(YouTube වෙත එක් කොට ඇති 2026, අගෝස්තු 06 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)

චෙම්මනි සමූහ මිනීවළෙන් සොයාගත් මිනිස් ඇටසැකිලි සංඛ්‍යාව 499 දක්වා ඉහළට. (2026 අගෝස්තු 07 දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්...
07/08/2026

චෙම්මනි සමූහ මිනීවළෙන් සොයාගත් මිනිස් ඇටසැකිලි සංඛ්‍යාව 499 දක්වා ඉහළට.

(2026 අගෝස්තු 07 දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.)

2026.08.06 දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්."ජාවාරමෙක්" ගැටලුකාරී වන්නේ ඇයි? යම් සැකකරුවෙකු "ජාවාරමා" ලෙස හැඳින්වීම මඟ...
07/08/2026

2026.08.06 දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්.

"ජාවාරමෙක්" ගැටලුකාරී වන්නේ ඇයි?

යම් සැකකරුවෙකු "ජාවාරමා" ලෙස හැඳින්වීම මඟින් සිදුවන්නේ (සැක කටයුතු) ක්‍රියාව විස්තර කරනවා වෙනුවට, පුද්ගලයාගේ චරිතය පාදක කරගනිමින් පූර්ව විනිශ්චයක් ලබා දීමයි. එමනිසා ''ජාවාරමෙක්'' වෙනුවට ''සැකකරුවෙක්'' ලෙස භාවිත කරමු!

''මාට්ටු'' ගැටලුකාරී වන්නේ ඇයි?

මෙවැනි යෙදුම් මඟින් නීතිමය ක්‍රියාදාමය පසෙක ලා ප්‍රවෘත්තියකට අනවශ්‍ය නාටකීය බවක් එක්විය හැකි‍ අතර අදාළ සැකකරුවන් දැනටමත් වරදකරුවන් ලෙස සිතීමට පාඨකයා තුළ පෙළඹවීමක් ඇති විය හැක. එමනිසා "මාට්ටු" වෙනුවට "අත්අඩංගුවට ගෙන ඇත" ලෙස භාවිතා කරමු.

පූර්ව විනිශ්චය ඇති නොකරමින් අදාළ පුවත පමණක් වාර්තා කරමු!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ethics Eye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ethics Eye:

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share