Ethics Eye

Ethics Eye We monitor violations of media ethics in the Sinhala press.

ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය ආචාර ධර්මයන් සම්බන්ධව සාකච්ඡා කරනා සහ ඒ සම්බන්ධව පර්යේෂණ මත පදනම්ව දැනුවත් කරනා පර්යන්තයක් ලෙස Ethics Eye හැඳින්විය හැක. ඒ අනුව, ශ්‍රී ලංකාවේ එදිනෙදා පුවත් වාර්තාකරණය තුළ දක්නට ලැබෙන මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනයන් හා ගැටළුකාරී මාධ්‍ය හැසිරීම් පිළිබඳව දැනුවත් කිරීම Ethics Eye හරහා සිදු කරනු ලබයි.

මෙම පර්යන්තය 2016 මාර්තුවල්දී වෙරිටේ රිසර්ච් විසින් ආරම්භ කෙරූ අතර ඒ සඳහා මූල්‍ය

සහයෝගය ඉන්ටර්නිව්ස් ආයතනය විසින් ලබා දෙන ලදී. ඉන් පසුව, මූල්‍යමය දායකත්වය ඉන්ටර්නිව්ස් ඇතුළු මාර්ග කිහිපයක් ඔස්සේ ලැබුනු අතර වෙරිටේ රිසර්ච් අභ්‍යන්තර සම්පත් දායකත්වයෙන් මගින් මෙය මූලිකව පවත්වා ගෙන යනු ලබයි. Ethics Eye ක්‍රියාත්මක වන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක් සමඟිනි. එනිසාම, එහි නිරීක්ෂණ පරාසය ද සීමිත වී තිබේ. එනිසා, ප්‍රධාන වශයෙන්, ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම භාවිතා වන සිංහල භාෂාවෙන් සිදුවන පුවත් වාර්තාකරණය සඳහා Ethics Eye සිය අවධානය යොමු කරයි.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආචාර ධර්මයන්ට අනුකූල වූ මාධ්‍ය සංස්කෘතියක් දියුණු කිරීමේ වටිනාකම දකිනා ඔබ සැමටම, Ethics Eye වෙත සහාය දැක්වීමටත්, Ethics Eye හා සම්බන්ධ වීමට මෙන්ම, මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනයන් නිරීක්ෂණයෙන් දායකත්වය දැක්වීමටත්, අපි ආරාධනා කරන්නෙමු.

'දිට්වා'හමුවේ වගකීමෙන් යුතුව තොරතුරු හුවමාරු කරගනිමු!එක්ව නිවැරැදිව දැනුවත් වෙමු!
30/11/2025

'දිට්වා'හමුවේ වගකීමෙන් යුතුව තොරතුරු හුවමාරු කරගනිමු!

එක්ව නිවැරැදිව දැනුවත් වෙමු!

ජාතික වගකීමක්: 'දිට්වා' අතරතුර වගකීමෙන් තොරතුරු බෙදාහැරීම!සැමවිටම  #දිට්වා ගැන තොරතුරු තහවුරු කරන්න. සෑම විටම:🔴Stop - නව...
28/11/2025

ජාතික වගකීමක්: 'දිට්වා' අතරතුර වගකීමෙන් තොරතුරු බෙදාහැරීම!

සැමවිටම #දිට්වා ගැන තොරතුරු තහවුරු කරන්න. සෑම විටම:

🔴Stop - නවතින්න
🟡Trace - සොයන්න
🟢Check - පරික්ෂා කරන්න

දැනුවත්ව සහ ආරක්ෂිතව සිටිමින්, අපි ආචාරධර්ම ආරක්ෂා කරමු!

ඇමති සුනිල් හඳුන්නෙත්තිගේ සහ ව්‍යාපාරිකයෙකුගේ යැයි පැවසෙන සමාජමාධ්‍ය හරහා පැතිරෙන හඬපටය සම්බන්ධ පුවත 2025 නොවැම්බර් 26 ව...
27/11/2025

ඇමති සුනිල් හඳුන්නෙත්තිගේ සහ ව්‍යාපාරිකයෙකුගේ යැයි පැවසෙන සමාජමාධ්‍ය හරහා පැතිරෙන හඬපටය සම්බන්ධ පුවත 2025 නොවැම්බර් 26 වන දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

(YouTube වෙත එක්කොට තිබූ 2025 නොවැම්බර් 26 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

තම අස්වණු වලට නිසි මිලක් නැති බව පවසා ලොකු ලූනු ගොවීන්ගෙන් චෝදනා. මෙම පුවත 2025 නොවැම්බර් 25 දින රූපවාහිනී රාත්‍රී සිංහල...
26/11/2025

තම අස්වණු වලට නිසි මිලක් නැති බව පවසා ලොකු ලූනු ගොවීන්ගෙන් චෝදනා. මෙම පුවත 2025 නොවැම්බර් 25 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

(YouTube වෙත එක්කොට තිබූ 2025 නොවැම්බර් 25 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

2011 වර්ෂයේදී තරුණයෙකු ඝාතනය කිරීමේ චෝදනාව යටතේ 2025.11.24 වන දින ඇඹිලිපිටිය මහාධිකරණය විසින් දස දෙනෙකුට මරණ දණ්ඩනය නියම...
26/11/2025

2011 වර්ෂයේදී තරුණයෙකු ඝාතනය කිරීමේ චෝදනාව යටතේ 2025.11.24 වන දින ඇඹිලිපිටිය මහාධිකරණය විසින් දස දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීමේ පුවත 2025.11.25 වන දින සිංහල භාෂා පුවත්පත් සිරස්තල ඔස්සේ වාර්තා වූයේ පහත පරිදිය.

එකම වරදකට කාන්තාවන් හා පිරිමි දෙපාර්ශවයම වැරදිකරුවන් වූ අවස්ථාවකදී, මෙසේ කාන්තාව පමණක් විශේෂ කොට ඉස්මතු කර දක්වන්නේ ඇයි?

වගකීම් සහගත වාර්තාකරණයක නියැලෙමු!

2011 වර්ෂයේදී තරුණයෙකු ඝාතනය කිරීමේ චෝදනාව යටතේ 2025.11.24 වන දින ඇඹිලිපිටිය මහාධිකරණය විසින් දස දෙනෙකුට මරණ දණ්ඩනය නියම...
25/11/2025

2011 වර්ෂයේදී තරුණයෙකු ඝාතනය කිරීමේ චෝදනාව යටතේ 2025.11.24 වන දින ඇඹිලිපිටිය මහාධිකරණය විසින් දස දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීමේ පුවත රූපවාහිනී ප්‍රධාන පුවත් විකාශයන්ගේ සිරස්තල ඔස්සේ පහත පරිදි වාර්තා කරයි.

1) එකම සිදුවීමක් සඳහා දස දෙනෙකු වරදකරුවන් වී තිබෙන පසුබිමක, එම වැරදිකරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයන් මෙම පුවතට අදාළ වන්නේ කෙසේ ද?

2) ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයන් මෙම පුවතට අදාළ නොවන්නේ නම්, එක් රූපවාහිනි නාලිකාවක් කාන්තාවන් පමණක් ඉස්මතු කොට දැක්වීමේ පදනම කුමක්ද?

මෙම පුවතේ වැදගත් කරුණ වන්නේ

*මනුෂ්‍ය ඝාතනයකට දස දෙනෙකුට මරණ දණ්ඩනය නියම වීම නම්,

*නීතිය ඉදිරියේ උක්ත වරදට ස්ත්‍රී පුරුෂ භාවය මත වෙනසක් නොමැති නම්,

වරදකරුවන් වූ පිරිස අතර කාන්තාවන් සිටී යන්න පුවතේ සිරස්තල තුල ඉස්මතු කරන්නේ ඇයි?

(YouTube වෙත එක් කොට ඇති නොවැ. 24, 2025 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ පක්ෂ කිහිපයක් නොවැම්බර් 21 පැවැත්වූ රැලිය හේතුවෙන් එදින පැවැත්වූ උසස් පෙළ විභාගයට බාධා ඇතිවූ බවට...
25/11/2025

ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ පක්ෂ කිහිපයක් නොවැම්බර් 21 පැවැත්වූ රැලිය හේතුවෙන් එදින පැවැත්වූ උසස් පෙළ විභාගයට බාධා ඇතිවූ බවට විවිධ පාර්ශව අදහස් ප්‍රකාශ කරයි. මෙය 2025 නොවැම්බර් 21 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

(YouTube වෙත එක්කොට තිබූ 2025 නොවැම්බර් 21 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

පොහොර සහනාධාරය ගැන ගොවීන්ගේ  චෝදනා පිළිබඳ රූපවාහිනී පුවත් ඔස්සේ වාර්තා කර තිබුණේ පහත පරිදිය. YouTube වෙත එක් කොට ඇති 202...
24/11/2025

පොහොර සහනාධාරය ගැන ගොවීන්ගේ චෝදනා පිළිබඳ රූපවාහිනී පුවත් ඔස්සේ වාර්තා කර තිබුණේ පහත පරිදිය.

YouTube වෙත එක් කොට ඇති 2025, නොවැම්බර් 23 දින වල තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.

රජය විසින් අනුරාධපුර නුවර වැව රක්ෂිතයේ සීමා මායිම් සලකුණු කිරීමේ නව වැඩපිළිවෙළට ප්‍රදේශවාසීන්ගේ විරෝධය. මෙම පුවත නොවැම්බ...
24/11/2025

රජය විසින් අනුරාධපුර නුවර වැව රක්ෂිතයේ සීමා මායිම් සලකුණු කිරීමේ නව වැඩපිළිවෙළට ප්‍රදේශවාසීන්ගේ විරෝධය. මෙම පුවත නොවැම්බර් 02, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

(YouTube වෙත එක්කොට තිබූ නොවැම්බර් 23, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

'අරුණ'කර්තෘ සී.අයි.ඩී.යට කැඳවීම පිළිබඳ විරෝධය පළ කරමින් ශ්‍රි ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉදිරිපත් කළ නිවේදනය වා...
24/11/2025

'අරුණ'කර්තෘ සී.අයි.ඩී.යට කැඳවීම පිළිබඳ විරෝධය පළ කරමින් ශ්‍රි ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉදිරිපත් කළ නිවේදනය වාර්තා කර තිබුණේ පහත පරිදිය.

2025 නොවැම්බර් මස 24 දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරෙන්.

සභාපති ධූර තිබුණද බහුතරය බලය මදි සභාවල මාලිමාවේ අයවැය පරාජය වූ හැටි ප්‍රධාන පුවත් ඔස්සේ
21/11/2025

සභාපති ධූර තිබුණද බහුතරය බලය මදි සභාවල මාලිමාවේ අයවැය පරාජය වූ හැටි ප්‍රධාන පුවත් ඔස්සේ

‘රටම එකට’ තංගල්ලේදීප්‍රධාන පුවත් සිරස්තල ඔස්සේ:
21/11/2025

‘රටම එකට’ තංගල්ලේදී

ප්‍රධාන පුවත් සිරස්තල ඔස්සේ:

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ethics Eye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ethics Eye:

  • Want your business to be the top-listed Media Company?

Share

About us

Ethics Eye is a research-based public education platform that serves to foster ethical journalism in Sri Lanka. The platform engages both the public and journalists on current ethical concerns that arise from daily reportage.

Ethics Eye operates with limited resources, and its scope of monitoring is thereby limited, mainly to press reportage with a high reach in Sinhala – the most spoken language in Sri Lanka.

The Ethics Eye platform is maintained by Verité Research. If you are able to contribute to the sustainability of this public education platform, please contact at [email protected]

Ethics Eye was conceptualised and launched by Verité Research in 2016 with financial support from Internews. Over the years, the platform has received intermittent financial contributions from a few sources, including a further six months of support in 2020 from Internews. The platform is otherwise sustained by the internal resources of Verité Research. Ethics Eye invites support, engagement and monitoring contributions from all those who value the advancement of media ethics in Sri Lanka.