
09/03/2025
ගෑණු ලෝභ නෑ අතාරින්න...
අමාරුවෙන් නිදි මරලා ඉගෙනගෙන, ගත්ත ඩිග්‍රිය ගේඇතුලේ තියෙන ෆොටෝ එකක රාමුවකට සීමා වෙද්දී,
"ගෑණු ලෝභ නෑ අතාරින්න"
දරුවෙක් ලැබුන දා ඉදලා, ඒ පුංචි හීනය දිහා බලාගෙන, තමන් පුංචි කාලේ ඉදල දැක්ක හීනත් අමතක වෙලා ගෙදර වැඩත් වැඩි වෙද්දී,
"ගෑණු ලෝභ නෑ අතාරින්න"
තමන්ගේ කියලා අන්‍යනතාවයක් නැතිවෙලා අහවලාගේ wife, අර බබාගේ අම්මා කියන නම විතරක් ඉබේම තමන්ට ලැබෙද්දී,
"ගෑණු ලෝභ නෑ අතාරින්න"
උයලා පිහලා, ළමයි හදලා, නිදිමරලා, මහන්සිවෙලා,
තමන්ගේ උගත්කමයි, හැකියාවයි අමතක වෙද්දී,
"ගෑණු ලෝභ නෑ අතාරින්න"
දෝතින්ම අනුන්ගේ සතුට තමන්ගේ කරගෙන, තමන්ගේ හීන වෙනුවට අනුන්ගේ හීන වල ජිවත් වෙන්න ආස කරන,
ගැහැණියක්ටමයි පුළුවන් දුකක් නැතුව අතාරින්න, ලෝභ නැතුව අතාරින්න...
"ගෑණු ලෝභ නෑ අතාරින්න"
ජය ❤️❤️