Sobhitha Thero

  • Home
  • Sobhitha Thero

Sobhitha Thero "I am responsible for what I say, not what you understand."

01/10/2024

World Children's Day and Elderly Day are today (01). The theme of this year's World Children's Day is "Save the children together". ... 💖💖💖

මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහෝපාධ්‍යාය ධූරයට ⁣පත් හටංගල ධම්මවංස නායක ස්වාමීන් වහන්සේට උතුම් වූ තෙ...
27/09/2024

මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහෝපාධ්‍යාය ධූරයට ⁣පත් හටංගල ධම්මවංස නායක ස්වාමීන් වහන්සේට උතුම් වූ තෙරුවනේ සරණින් ශත වර්ෂාධික කාලයක් සසුනඹරේ වැජඹීමට අවශ්‍ය ශක්තිය ලැබේවා. 🙏🙏🙏

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වෙවා !!!
21/06/2024

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වෙවා !!!

Beloved Father who bears the burden of the unseen heart, this is your day!🙏❤️ Happy Father's Day ! 💖 06/16/2024Sobhitha ...
16/06/2024

Beloved Father who bears the burden of the unseen heart, this is your day!🙏❤️

Happy Father's Day ! 💖

06/16/2024

Sobhitha Hamuduruwo
සබ්බේ සත්ථා භවන්තු සුඛ්තත්ථා
සදහම් මඟ
Sobhitha Hamuduruwo

බ්‍රාහ්මණ සමාජයේ ස්ත්‍රිය හා විවාහයපසුගියදා අපගේ අවධානය යොමු වූයේ භාරතීය හින්දු සංස්කෘතියෙහි විවාහය පිළිබඳ ආකල්පයන් බ්‍ර...
14/06/2024

බ්‍රාහ්මණ සමාජයේ ස්ත්‍රිය හා විවාහය

පසුගියදා අපගේ අවධානය යොමු වූයේ භාරතීය හින්දු සංස්කෘතියෙහි විවාහය පිළිබඳ ආකල්පයන් බ්‍රාහ්මණ ග්‍රන්ථයන්හි සඳහන්වන අයුරු විමසා බැලීමටයි. මෙවර ද අපගේ අවධානය යොමුවන්නේ භාරතීය සමාජයේ ස්ත්‍රිය හා විවාහය සම්බන්ධය භාරතීය උපදේශ සාහිත්‍යයෙහි සඳහන් කරුණු කිහිපයක් විස්තර කිරීමටයි.

භාරතීය උපදේශ සාහිත්‍ය කෘති අතර හිතෝපදේශය, පංචතන්ත්‍රය, ප්‍රත්‍යශතකය වැනි කෘතිවල ස්ත්‍රියට හිමිකර දී ඇත්තේ එතරම් සුබදායී තත්ත්වයක් නම් නොවේ. බමුණු සමාජය ස්ත්‍රිය දෙස බලා ඇත්තේ චපල ගති පැවැතුම් ඇති, වහා වරදෙහි බැඳෙන, විශ්වාස නොකොට පහත් අදහස් ඇති තැනැත්තියක් ලෙසය. ඇතැම් විට බමුණන් ස්ත්‍රිය පිළිබඳ දක්වා ඇත්තේ පිළිකුල් සහගත හැඟීමකි. එපමණක් නොව බ්‍රාහ්මණ සමාජය තුළ ස්ත්‍රිය තනිව නොහැසිරිය යුතු බව දක්වමින් තහංචි ද පනවා ඇත.

පිතා රක්‍ෂති කෞමාරේ
භාතා රක්‍ෂති යෞවනේ
ස්ථවිරේ පුත්‍රා රක්‍ෂන්ති
ස්ත්‍රී ස්වතන්ත්‍රමර්හති

ස්ත්‍රිය කුඩා කල පියා යටතේ ද විවාහයෙන් පසු ස්වාමියා යටතේ ද වයස්ගත වූ කල්හි වැඩිමහල් පුතා යටතේ ද විසිය යුතුය. ස්වතන්ත්‍රව හෙවත් තමාගේ හිතැඟි පරිදි කටයුතු නොකළ යුතුය. යනුවෙන් ස්ත්‍රියට ස්වාධීනව කටයුතු කිරීමට ඇති අයිතිය නැති කරමින් කටයුතු කොට ඇත. බමුණන් යාගහෝම පවත්වන අවස්ථාවන්ට හා ස්ථානයන්ට ස්ත්‍රියට ඇතුළුවීම තහනම් විය. ස්ත්‍රියට මෙවැනි තහංචි පනවා ඇය කෙරෙහි අවිශ්වාසයෙන් මෙන්ම ආදර ගෞරව රහිතව ගත කළ බමුණන්ගේ විවාහ ජීවිතය ද අසාර්ථක වන්නට ඇතැයි යන්න සිතිය හැකිය. මේ කරුණු විමසා බලන විට පෙනී යන්නේ බමුණන් ස්ත්‍රීන් කෙරෙහි ඇතැම් අවස්ථාවල ද්වේෂ සහගතව ද කටයුතු කොට ඇති බවයි. ඒ බව පහත සඳහන් ප්‍රත්‍ය ශතක ශ්ලෝකවලින් පැහැදිලි වෙයි.

ඖදුම්බර භවං පුෂ්පං
ශ්වේත වර්ණංච කාකයෝඞ
මත්ස්‍ය පාදං ජලේ පශ්‍යෙත්
නාරි චිත්තං න විශ්වසේත්
(ප්‍රත්‍ය ශතකය 16 වන පද්‍ය)

දිඹුල් ගසේ මල්ද, සුදු කපුටන් ද, ජලයෙහි ඇති මත්ස්‍ය පිය සටහන් ද, යමෙක් දුටුවේ යැයි කිවහොත් එය පිළිගන්න. එහෙත් ස්ත්‍රියගේ සිත විශ්වාස නොකට යුතුය.)

මෙයින් පෙනී යන්නේ බ්‍රාහ්මණ සමාජය තුළ ස්ත්‍රියට හිමිව තිබූ අවිශ්වාසවන්ත බවයි. සම්මත ලෝකයේ අසම්මත දෙයක් හෙවත් අස්වාභාවික දෙයක් යමෙක් පැවසුවහොත් එය ද පිළිගන්නා ලෙස සලකන බමුණන් කිසි දිනක ස්ත්‍රියකගේ සිත විශ්වාස නොකරන ලෙස උපදෙස් දෙයි. එහෙත් එය එසේ නොවේ. විශ්වාස කළයුතු ස්ත්‍රීන් කොතෙකුත් සමාජයේ ඇත. ඒ අතර බමුණන්ගේ ඉහත මතයට අනුව කටයුතු කරන ස්ත්‍රීන් ද සිටිය හැකිය. මෙම බමුණු මතයට අනුව කටයුතු කළහොත් කිසිදා විවාහ දිවිය සාර්ථක කරගත නොහැකිය. ස්වාමියාට නිතරම ස්ත්‍රීය පිළිබඳ සැකයෙන් හා අවිශ්වාසයෙන් කටයුතු කරන්නට වුවහොත් එය දෙදෙනා අතර ගොඩනැඟෙන සුහදතාවයට හා පවුලේ දියුණුවට මහත් බාධාවක් වෙයි.

දර්ශනං චිත්ත වෛකල්‍යං
ස්පර්ෂණං ධන නාශනං
ශයනං මරණං කුර්යාත්
ස්ත්‍රී ප්‍රත්‍යක්‍ෂ රාක්‍ෂසී
(ප්‍රත්‍ය ශතකය 35 වන පද්‍ය)

(ස්ත්‍රිය දැකීමෙන් සිත විකල් වීම ද, ස්පර්ශ කිරීමෙන් ධන හානියද, එක්ව සයනය කිරීමෙන් මරණය ද වන්නේ ය. එබැවින් ස්ත්‍රිය ඇසට පෙනෙන රාක්‍ෂියකි.)

ඉහතින් දැක්වෙන්නේ ද බමුණන් ස්ත්‍රිය පිළිබඳ දැක්වූ තවත් ආකල්පයකි. ස්ත්‍රිය දැකීමෙන් පුරුෂයාගේ සිත කැළඹීමද, ඇය සිප වැළඳ ගැනීමෙන් හෙවත් ස්පර්ශයෙන් ධන හානිය ද වන බව මෙයින් අදහස් කරන අතර ඇය මිහිපිට ඇසට පෙනෙන රාක්‍ෂියක් ලෙසද හොවා දක්වයි. දාර්ශනික වශයෙන් මෙහි යම් හරවත් දෙයක් ගැබ්ව ඇති අතර එය සාර්ථක විවාහ ජීවිතයකට බාධාවක් කර නොගත යුතු ය. සාමාන්‍ය ලෞකික ජීවිතයේ දී විවාහය අත්‍යවශ්‍ය අංගයකි. එහෙත් ස්ත්‍රීන්ට ලොල්ව ඔවුන් පසු පසම යමින් කටයුතු කරන පුද්ගලයන්ට ඉහත බමුණු මතය පොදු වේ. ව්‍යාකූල මනසින් යුතුව දකින දකින ස්ත්‍රීන් පසුපස යමින් ඔවුන් හා වාසයට කැමැතිව ධනය විනාශ කරගනිමින් අවසානයේ තම ජීවිතය ද නැති කරගන්නා පුද්ගලයන් අප ජීවත්වන අද සමාජයේ ද නැතිවා නොවේ. එබැවින් මෙහි දාර්ශනික වශයෙන් යම් සත්‍යතාවක් තිබුණ ද විවාහ ජීවිතයට එය බාධාවක් නොකොට ගත යුතුය.

ආවර්තස්සං ශි‍්‍රතානා මවිනය භවනම් පත්තනම් සාහසානං
දෝෂානං සන්නිපාතං කපට ශටමයං ක්‍ෂේත්‍රමප්‍රත්‍යයානාම්
ස්වර්ගද්වාරස්‍යවිඝ්නං කරකපුරමුඛං සර්වමායාකරණ්ඩං
ස්ත්‍රීයන්තං කේනසෘෂ්ටං වාසමමෘතසමං ජීවලෝකස්‍යපාසම් (ප්‍රත්‍ය ශතකය 95 වන පද්‍ය)

(ස්ත්‍රීහු තම තමන් හා සේවනය කළ අයට පෙරළා සතුරු වීම ද, නොහික්මීමට ස්ථානයක් ද, ලෝකයේ ඇති සියලු දෝෂයන් එක් වූ ස්ථානය ද, සියලු වංචා මායා ප්‍රයෝග උපදින ස්ථානය ද වන්නාහ. දිව්‍යපුරයට යන මග වසන දොරටුවක් වැනි ය. සියලු මායාවන් බහා තබන කරඬුවක් වැනිය. එබඳු ස්ත්‍රීන් සේවනය කිරීම අමා රස තිබිය දී විෂ අනුභව කිරීමක් වැනිය. දිව්‍ය ලෝකයට යා නොදී බැඳ තබන රැහැනක් වැනිය.)

ඉහත ශ්ලෝකයෙන් ඉදිරිපත් කරන්නේ ද බමුණන් ස්ත්‍රිය පිළිබඳ දැක්වූ තවත් ආකල්පයකි. එයද පොදු වන්නේ ජීවිතයේ අවසාන අපේක්‍ෂාව වන මිදීම හෙවත් ක්ලේශයන්ගෙන් වෙන්වීම සඳහා වන විරාගී ජීවිතයකටය. එය ද සාර්ථක විවාහ දිවියකට බාධාවක් කරගත යුතු නොවේ. මෙයින් අදහස් වන අයුරින් ස්ත්‍රිය තමා හා එක්ව වාසය කළ අයට පසුව සතුරු වෙයි. එමෙන්ම ඇය සියලු මායා ප්‍රයෝගයන්හි කෙලපැමිණියෙකි. දිව්‍ය පුරයට යන මඟ අහුරන්නියකි. මෙවැනි අදහස් සෑම ස්ත්‍රියකටම පොදු නොවේ. සාර්ථක විවාහ දිවියක් ගත කළහොත් අඹු සැමි දෙදෙනාටම දෙව් ලොවට යා හැකිය. එසේ නොවී ස්වාමියාට වංචා කරමින් විවිධ ප්‍රයෝගයන්හි යෙදෙමින් තම ස්වාමියාට වංචා කරන භාර්යාවන්ට ඉහත බමුණු මතය පොදු වේ. එපමණක් නොව තම බිරිඳට වංචා කරමින් කටයුතු කරන ස්වාමියන්ටද එම අදහස මනාව ගැළපේ.

විරාගී දිවියක් ගතකරන උතුමන් ස්ත්‍රී සේවනය දකින්නේ සාමාන්‍ය ජනයා දකින අයුරින් නොවේ. එහි ආදීනව සර්වකාරයෙන් දැන, දැක එහි කිසි දිනක නො ඇලෙන අදහසිනි. ‘ස්ත්‍රීන් සේවනය කිරීම අමා රස තිබිය දී විෂ අනුභව කිරීමක් වැනිය’ යන මේ කියමන ඒ උතුමන්ට පොදු වේ.

ආත්ම බුදධිර් සුඛං දේති
ගුරු බුද්ධිර් විශේෂතෝ
ස්ත්‍රී බුද්ධිර් විනාශාය බහු
බුද්ධිර් මරණං භවේත්
(ප්‍රත්‍ය ශතකය 43 වන පද්‍ය)

(තමාගේ බුද්ධිය මෙහෙයවා කළ දෙයින් සැප ගෙන දෙන්නේ ය. ගුරුවරයාගේ දැනුමෙන් කළ දෙයින් විශේෂයක් වන්නේ ය. ස්ත්‍රියගේ දැනුමෙන් කළ දෙයින් විනාශය ළඟා වන්නේ ය. බොහෝ දෙනාගේ දැනුමෙන් කළ දෙයින් මරණය වන්නේය.)

ස්ත්‍රියගේ බුද්ධිය පිළිබඳව ද බමුණන් දක්වා ඇත්තේ පහත් ආකල්පයකි. ස්ත්‍රිය යනු සමාජය හරිහැටි නොදකින යමක් නිසි අයුරින් තේරුම් ගැනීමට අපහසු, බුද්ධිහීන තැනැත්තියක් ලෙස සලකා ඇත. ස්ත්‍රියත්, පුරුෂයත් යන දෙදෙනාම බුද්ධියෙන් සම වන බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි. (ඉත්ථිපි පණ්ඩිතා හොන්ති තත්ථ තත්ථ විචක්ඛණා)

අතීතයේ ස්ත්‍රියට පුරුෂයාට මෙන් අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව නොවූ නිසා ස්ත්‍රියට වඩා පුරුෂයා දැනුවත් බවින් ඉහළ මට්ටමක සිට ඇත. එහෙත් නූතන සමාජයේ පුරුෂයාට මෙන්ම ස්ත්‍රියටද අධ්‍යාපනය සඳහා සම අයිතිවාසිකම් තිබීම තුළින් මේ දෙපිරිසටම එක හා සමාන දැනුවත් බවක් ඇති බව අපට තේරුම් ගත හැකිය. පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන් ද එකම තලයේ වෘත්තීන්ගේ යෙදෙමින් කටයුතු කිරීම මීට හොඳම උදාහරණයකි. ඇතැම්විට පුරුෂයන්ගේ දැනුම අභිභවා ස්ත්‍රිය කටයුතු කරන අවස්ථාද අපට දැකගත හැකිය.

යම් ස්ත්‍රියක් සැමියාට අනුකූලව කටයුතු නොකොට, තම ස්වාමියා කෙරෙහි නිසි චර්යාවන් නොපවත්වා ඔහු සමඟ අන් අය නිරන්තරයෙන් දබර කරන අයගේ කීම් අසමින් නිතර අන් අයගේ නිවෙස්වලට වදිමින්, අනිසි ලෙස කතා කරන්නේ ද එබඳු භාර්යාවන් පුත්‍රයන් දස දෙනෙක් ප්‍රසූත කළ ද අත් හළ යුතු බව තව දුරටත් බමුණු දර්ශනයේ උගන්වයි.

විවාදශීලි ස්වමුද්ධවාසිනී
පරානුකුලි පරවාද භාෂිණි
අත්‍යාශිනි අන්‍යගෘහප්‍රවේශනී
ත්‍යාජ්‍යාතු නාරී දස පුත්‍ර සූතඞ
(ප්‍රත්‍ය ශතකය 20 වන පද්‍ය)

(යම් ස්ත්‍රියක් නිතර දබර කෙරේ ද තම ස්වාමියාට උඩඟුව කටයුතු කරයි ද අනුන්ගේ කීමට අනුව වාසය කරයි ද අනුන් හා දබර කෙරේ ද බොහෝකොට අනුභව කරන්නේ ද නිතර නිතර අනුන්ගේ ගෘහයට වදින්නේ ද මෙබඳු ස්ත්‍රිය පුත්‍රයන් දසදෙනෙකු ප්‍රසූත කළ ද අත් හළ යුතුය.)

මේ ලෝකයේ නරක යැයි සම්මත කාරණා හයක් ඇති බව පවසන බමුණන් අමිහිරි තෙපුල් ඇති භාර්යාව ද එම නරක හය අතර එකක් බව පවසයි.

කුග්‍රාම වාසඞ කුලහීන සේවා
කුභෝජනං කෲර මුඛීච භාර්යා
පුත්‍රෝපි මූර්ඛෝ විධවාච කන්‍යා
ෂට්ජීවලෝකේ නරකං වදන්ති
(ප්‍රත්‍ය ශතකය 09 වන පද්‍ය)

(නපුරු ගමෙහි වාසය ද කුලහීනයන් සේවනය ද නපුරු ආහාර අනුභවය ද අමිහිර තෙපුල් ඇති භාර්යාවද අඥාන පුත්‍රයා ද වැන්ඳඹු කන්‍යාව ද යන මේ සය ඉහාත්මයෙහි වූ දුක් යැයි කියනු ලැබේ.

මතු සම්බන්ධයි

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sobhitha Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share