Sri Lanka Traditional Medicine පාරම්පරික සිංහල වෙදකම

  • Home
  • Sri Lanka Traditional Medicine පාරම්පරික සිංහල වෙදකම

Sri Lanka Traditional Medicine  පාරම්පරික සිංහල වෙදකම D.A. Wahalatantri Memorial Traditional Hospital
We give u Health Wealth and Wisdom !!

04/08/2024

දශකයෙන් දශකයට වර්ෂාපතනය ඉහළ ගිහින්
_____________________________
නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙන පරිදි ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම හේතුවෙන් පෘථිවියේ භූමි කලාප වෙත ඇදහැලෙන වර්ෂාව 75%කින් ඉහළ ගොස් තිබෙනවා. චීන පර්යේෂකයන් පිරිසක් සහ එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලය එක් ව සිදු කරන ලද මේ අධ්‍යයනය් වාර්තාව ඉකුත් දා Science ජර්නලයේ පළ වී තිබුණා. මෙහි දී දේශගුණ විපර්යාසය හේතුවෙන් ගෝලීය වර්ෂාපතන රටාවන් ව්‍යාකූල කර ඇති බවට නිරීක්ෂණෘත්මක සාධක මුල් වරට ඉදිරිපත් කරනු ලැබුණා.

දේශගුණ ආකෘතීන් විසින් මේ විචල්‍යය දේශගුණ විපර්යාසයත් සමඟ නරක අතට හැරෙනු ඇති බවට කල් තියා ම පුරෝකථනය කර තිබුණා. නව සොයාගැනීමෙන් පෙනෙන්නට තිබෙන්නේ වර්ෂාපතනයේ අගය පසුගිය වසර 100ක කාලය ඇතුළත නරක අතට හැරෙමින් තිබී ඇති බවයි. ඔස්ට්‍රේලියාව මේ විපර්යාසය වඩාත් තදින් ඉස්මතු කරන භූමි ස්කන්ධයක්.

1900 සිට වර්ෂාපතනයේ ක්‍රමික ඉහළ යාම මේ පර්යේෂණයෙන් සවිස්තරාත්මක ව දැක්වෙනවා. එදිනෙදා ඇද හැළෙන වර්ෂාව සෑම දශකයකට වරක් ගෝලීය වශයෙන් 1.2% කින් ඉහළ ගොස් ඇති බව ඉන් පෙනී යනවා. අධ්‍යයනයට අනුව මේ තත්ත්වය වඩාත් කැපී පෙනෙන ලෙස දැකගත හැකි වන්නේ 1950ට පසු දශකවලයි.

නිසි කලට වැසි වැටීම හොඳ ලක්ෂණයක් වන නමුත්, මෙහි දී වැසි වැටීම වඩාත් ව්‍යාකූල ලෙස සිදු වන බව පෙනෙන්නට තිබෙනවා. උදාහරණයක් ලෙස යම් කිසි ප්‍රදේශයකට වසරක් තුළ දී පතිත විය යුතු වර්ෂාව දින කිහිපයක් තුළ දී ඇද හැළීම සිදු විය හැකියි. එවැනි අවස්ථා ව්‍යසනකාරී ගංවතුර තත්ත්වයන්ට අත වනනවා.

Phys.org ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත් - විදුසර

12/09/2023

> ලොව මුල්ම ඇස් කණ්ණාඩි ලෙස ඇතමුන් හදුන්වන දියතරිප්පු ඇස් කණ්ණාඩි නිෂ්පාදනය කරන ලද්දේ ලක්දිව ගඟසිරිපුර ගම්පොල රාජධානි සමයේදීය.

> ගම්පොල රාජධානිය කරගත් හතරවෙනි බුවනෙකබාහු රජුට ඇස් නොපෙනීමේ දෝෂයක් ඇති වී දියතරිප්පු ගලින් ඇස් කන්ණඩියක් නිර්මාණය කෙරුණු බව ඉතිහාසයේ සඳහන් වෙයි. එය දියතරිප්පු ඇස්කණ්නාඩි නිෂ්පාදන ආරම්භය වූ මුල්ම සිදුවීම ලෙස ඉතිහාසයේ සඳහන් වේ.

> දියතරිප්පු ගලින් නිෂ්පාදන කෙරුනු මෙම දේශීය ඇස් කණ්නාඩිවලට ගම්පොල රාජධානී සමයේ සිටම ඉහළ ඉල්ලුමක් පැවතුනු බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ.

> දියතරිප්පු කන්ණාඩි නිෂ්පාදනයට අවශ්‍ය පළිඟු ගල්, අඹතෙස් පාෂාණ සහ දියමන්ති ගල් ලබාගනු ලබන්නේ මැණික් පතල්වලිනි.

> කණ්ණාඩි නිෂ්පාදනයේ යෙදෙන ශිල්පීන් විසින් එසේ පතල්වලින් ගෙන එන ගල්, වර්ගකර පලා සකස් කර ගන්නා අතර, පලිඟු ගල් පලා කපා ගන්නා කොටස් බට්ටුගලේ අල්ලා මැණික් පතල්වලින් හමුවන කට්ටා ගල් කැට කුඩු කර පෙරා භාජනයේ අඩියේ මිදෙන මන්ඩි කොටස (කුරුදුමැට්ට) ඒ සදහා සකස් කරගත් තිරුවානා ගලේ දමා වීදුරුවක් මෙන් වනතුරු ඔපමට්ටම් කර ගනී. |

> අනතුරුව ඒ සඳහාම නිර්මාණය කළ ලීයක ආධාරයෙන් තවදුරටත් මැදගන්නා පලිඟු කැබැල්ල කන්ණාඩියක් බවට හැරෙන තුරුම මැද ගැනීම සිදු වෙයි. වීදුරුව කන්ණාඩියට අවශ්‍ය පරිදි උත්තල හෝ අවතල කරගන්නේ ඉන් අනතුරුව ය. ඒ රිදී තිරුවානාව නම් උපකරණයේ අල්ලා ගැනීමෙනි.
මෙසේ දියතරිප්පු කණ්නාඩියක් නිපදවීම සඳහා දින දහයකට වැඩි කාලයක් ගත වේ.

> දියතරිප්පු කණ්නාඩි නිපදවන ශිල්පීන් කිසි විටක දී දොස්තර වට්ටෝරුවලට කන්ණාඩි නිපදවන්නේ නැත. කන්ණාඩිය අවශ්‍ය තැනැත්තාගේ පෙනීමේ දුර්වලතාව මත ඔවුන් විසින්ම කන්ණාඩි නිර්මාණය කරනු ලබයි.

> දැනට වෙළඳපළේ පවතින සාමාන්‍ය කණ්ණාඩි මෙන් වසරකට හෝ වසර දෙකකට වරක් වෙනස් කිරීමට අවශ්‍ය නොවන අතර, වසර 15ක් 20ක් පමණ කාලයක් පාවිච්චි කළ හැකිය.

> මෙම කන්ණාඩිවල ඇති සුවිශේෂීයම ගුණය වන්නේ ඇසට ලැබෙන සිසිල යි. එමෙන්ම හිස කැක්කුම නොසෑදෙන බවද කියවෙයි. එයට හේතු වන්නේ පතල්වල අඩි 400ක් 500ක් පමණ ගැඹුරින් හමුවන මෙම පාෂාණ අධික සීතලකින් යුතුවීම බවයි පැවසෙන්නේ.

> දියතරිප්පු කන්ණාඩි පළදින අයෙකුට කිසිදා ඇසේ සුද මතු නොවන බව ද ප්‍රකට කරුණකි.
දිය තරිප්පු ශිල්පී පරම්පරාව කණ්ණාඩි නිර්මාණය කිරීමට සේම, චූඩා මාණික්‍ය නිර්මාණය කිරීමටද සැබෑ දක්ෂයෝය. ලොව පළමු චූඩා මාණික්‍ය මෙන්ම මෙරට බොහොමයක් ඓතිහාසික විහාරස්ථානවල ඇති චෛත්‍ය වහන්සේලාගේ කොත සරසන චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේද දිය තරිප්පු පරපුර බවද සඳහන්ය.

> පෘතුගීසී සමයේදී ජේසුයිට් නිකායික පාදිලිවරු මෙම ඉපැරණි තාක්ෂණයෙන් විශ්මයට පත්ව කෙසේ හෝ මෙම තාක්ෂණය ඉගෙනීමට දැඩි පරිශ්‍රමයක් දරා ඇති අතර, පසු කලක දී එම තාක්ෂණය ඔවුන් යුරෝපයට රැගෙන ගොස් තිබේ.

> දිය තරිප්පු ලෝකයේ මුල්ම ඇස් කණ්ණාඩිද නැද්ද යන මතය තරමක් විවාදාත්මක විය හැකි වුවද යුරෝපයේ මේ පිළිබ‍ද අසන්නට ලැබෙන බොහෝ වාර්තා සමග සැසදීමේදී දිය තරිප්පු කණ්ණාඩිවලට සැලකිය යුතු වැදගත්කමක් හිමිවන බව නම් අවිවාදිතය.

> කෙසේ වෙතත් මෙරට දියතරිප්පු ඇස් කණ්නාඩි තාක්ෂණය යුරෝපයට ඉල්ලමක් වූව ද අපේ රටට එය එසේ වූයේ නැත. අදටත් පිටරටින් එන කණ්ණාඩි හා ප්ලාස්ටික් කණ්නාඩි ඉහළ මිල ගණන් යටතේ මිලදී ගන්නා මෙරට ජනයා ලංකාවේ මෙබඳු තාක්ෂණයක් තිබූ බව පවා දන්නේ නැත.

> නූතන දෘෂ්ටි වෛද්‍යවරුන්ද මේ තාක්ෂණය ගැන සත පහක තැකීමක් කරන බවක් පෙනෙන්නට නැත. පාරම්පරිකව පැවතෙගෙන ආ මෙම දුලභ තාක්ෂණය තවමත් පවත්වගෙන යන්නේ ගඩලාදෙණිය හා කිරිවවුළ යන ගම්වල ජීවත් වෙන අතලොස්සක් වූ පවුල් කිහිපයක් පමණකි.

( මේ ලිපියේ අරමුණ අතීතයේ පැවති තාක්ෂණය ගැන දැනුවත් කිරීම මිස වාණිජ වශයෙන් දිය තරිප්පු කණ්ණාඩි ප්‍රවර්ධනය කිරීම නොවේ. ඒවායේ සෞඛ්‍යමය යෝග්‍යතාව පිළිබද සහතික දීම අපට කළ නොහැක්කක් වන අතර ලිපියේ සිදු කර ඇත්තේ ඒ පිළිබද පළවන විවිධ මත සැකෙවින් ඔබට ඉදිරිපත් කිරීම පමණි.)

අර්ජුන බද්දෙවිතාන

Address


Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Traditional Medicine පාරම්පරික සිංහල වෙදකම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share