03/10/2025
▶ බුදු රජාණන් වහන්සේ අපට දෙසූ, අදටත් වලංගු වන රහස් 10 ක්....
මුළු මහත් ලෝකයම විසඳුම් සොයන ප්රශ්නවලට, මීට වසර 2500කට පෙර බුදුන් වහන්සේ දේශනා කළ සදාතනික දහම තුළ සරල සහ ගැඹුරු රහස් බොහොමයක් අදටත් වලංගුයි. මේවා රහස් වෙන්නේ, අප ඒවාට නිසි අවධානයක් නොදෙන නිසා මිස, සැඟවී ඇති නිසා නොවෙයි. මේවා ඔබේ ජීවිතයට ආලෝකයක් ගෙන එන බව මම විශ්වාස කරනවා. අද ඒ උතුම් රහස් අතුරෙන් දහයක් ගැන අපි කතා කරමු.
1. ඔයා මතක තියාගන්න ඕනි පළවෙනි රහස තමයි, 'සෑම දෙයක්ම වෙනස් වෙන බව.'
කිසිම දෙයක් ස්ථිර නැහැ. සතුට, දුක, ලාභය, අලාභය මේ හැම දේම, සියල්ලම වෙනස් වෙනවා. මේ දහම තේරුම් ගත්තාම, ඔයාට දුකෙන් මිදෙන්න පුළුවන්.
2. දෙවන රහස, 'ඔයාට හැමෝම ආදරය කරන්නේ නැහැ.' ලෝකයේ ස්වභාවය එයයි. අන් අයගේ අදහස්වලට අනුව ජීවත් වීම අත්හැරියාම, ඔයාගේ හිත නිදහස් වෙනවා.
3. තුන්වෙනි රහස තමයි, 'සතුට පිට කොතැනකවත් නැහැ, සතුට තියෙන්නේ ඔයා තුළමයි.' ලෝකයේ දේවල් එකතු කරගැනීමෙන් සතුට සොයනවා වෙනුවට, ඔයාගේ හිත දියුණු කිරීමෙන් සැබෑ සතුට සොයාගන්න පුළුවන්.
4. හතරවනුව, 'ඔයාගේ තරඟකරු ඔයාමයි'.
අන්න ඒ නිසා අනුන් සමඟ තරඟ කර කර ඉන්නවට වඩා, තමන් සමඟ,තමන්ගේම සිත සමඟ හොඳින් කටයුතු කරන්න.
5. පස්වෙනි රහස.? , 'ඔයා දෙන තරමට ඔයාට ලැබෙනවා.'
මේ ලෝකය හේතුඵල ධර්මයට අනුව ක්රියා කරනවා. ඔයා අනුන්ට දෙන ආදරය, කරුණාව, සහ උපකාරය ඔයාටම නැවත ලැබෙනවා.
6. හයවෙනි රහස නම්, 'ඔයා අතහරින තරමට ඔයා සැහැල්ලු වෙනවා.'
භෞතික දේවලට ඇලී සිටින තරමට ඔයාගේ හිතට බරක් එකතු වෙනවා. අත්හැරීමේ පුරුද්ද ඔබේ සිතට සාමයක් සහ නිදහසක් ගෙන දෙනවා.
7. හත් වෙනි රහස තමයි, 'ඔයාගේ මනස ඔයාගේම සතුරෙක් වෙන්න පුළුවන්.'
සිත හොඳින් පාලනය කරන්න බැරි නම්, සිත ඔයාටම විරුද්ධව නැඟී සිටිනවා. ඒ නිසා, සිත කෙරෙහි අවධානය යොමු කරන්න.
8. අට වෙනියට, 'තණ්හාවෙන් කිසිම දෙයක් සුවපත් වෙන්නේ නැහැ.'
ඔයාට තියෙන දේ ප්රමාණවත් නැහැ කියලා හිතෙන තරමට, ඔයා දුකට පත් වෙනවා. ලැබෙන දේ ගැන සතුටු වෙන්න.
9. නවවෙනි රහස නම්, 'හොඳ කතා අහනවාට වඩා හොඳයි, හොඳ ජීවිතයක් ගත කිරීම.'
දැනුමෙන් විතරක් වැඩක් නැහැ. ඒ දැනුම ක්රියාවට නඟන්න.
10. දසවෙනි රහස තමයි, 'පින් කිරීමේ අවස්ථාව හැම මොහොතකම තියෙනවා.'
දාන, සීල, භාවනා වැනි දේවල්වලට අමතරව, අනුන්ට කරුණාවෙන් සැලකීම, හොඳ වචනයක් කතා කිරීම වැනි පුංචි පුංචි දේවල් පවා උදා වෙන්නේ මහත් වූ පිනක්.
මේ රහස් දහය කියවලා, අමතක කරලා දාන්න එපා. මේවා ඔබේ ජීවිතයේ පුරුදු කරගන්න. එතකොට, ඔයාට ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්.
තෙරුවන් සරණයි.!