Gaiya News

Gaiya News Breaking News
Trending News
Gossip News

10/07/2025



ජනාධිපති ඩොනල්ඩ්  ශ්‍රි ලංකාව ඇතුළු රටවල් හතකට  නව තීරුබදු පනවා තිබෙනවා.     ඒ අනුව ශ්‍රි ලංකාවට සියයට 30ක ආනයන බදු පැනව...
10/07/2025

ජනාධිපති ඩොනල්ඩ් ශ්‍රි ලංකාව ඇතුළු රටවල් හතකට නව තීරුබදු පනවා තිබෙනවා.
ඒ අනුව ශ්‍රි ලංකාවට සියයට 30ක ආනයන බදු පැනවෙනු ඇති.
ජනාධිපතිවරයා මෙලෙස එක්සත් ජනපදයේ කුඩා වෙළඳ හවුල්කරුවන් හත් දෙනෙකුට තීරුබදු ලිපි යවා ඇති අතර, ඒ අනුව අනෙකුත් රටවල් සඳහා ආනයන බදු ප්‍රකාශයට පත් කිරීමට පොරොන්දු වී තිබෙනවා.
ට්‍රම්ප්ගේ නව බදුවලට අනුව, ලිබියාව, ඉරාකය, ඇල්ජීරියාව සහ ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 30% ක බදු ද, මෝල්ඩෝවා සහ බෲනායි වලින් ආනයනය කරන භාණ්ඩ සඳහා 25% ක බදු ද, පිලිපීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 20% ක බදු ද අය කෙරේ.
තීරුබදු අගෝස්තු 1 වන දින ආරම්භ වීමට නියමිතයි. ආමරිකානු සංගණන කාර්යාංශය වාර්තා කළේ පසුගිය වසරේ එක්සත් ජනපදය ඇල්ජීරියාව සමඟ ඩොලර් බිලියන 1.4 ක, ඉරාකය සමඟ ඩොලර් බිලියන 5.9 ක, ලිබියාව සමඟ ඩොලර් මිලියන 900 ක, පිලිපීනය සමඟ ඩොලර් බිලියන 4.9 ක, ශ්‍රී ලංකාව සමඟ ඩොලර් බිලියන 2.6 ක, බෲනායි සමඟ ඩොලර් මිලියන 111 ක සහ මෝල්ඩෝවා සමඟ ඩොලර් මිලියන 85 ක භාණ්ඩ සඳහා වෙළඳ පරතරයක් ඇති බවයි.
මේ අනුව පිලිපීනය, බෲනායි, මෝල්ඩෝවා, ඇල්ජීරියාව, ලිබියාව, ඉරාකය සහ ශ්‍රී ලංකාව යන රටවලට තීරුබදු පනවා තිබෙනවා. මෙම රටවල් කිසිවක් අමෙරිකාවේ ප්‍රධාන කාර්මික ප්‍රතිවාදියෙකු නොවේ.
බොහෝ ආර්ථික විශ්ලේෂණ පවසන්නේ මෙම තීරුබදු පැනවීම මගින් අමෙරිකාවේ උද්ධමනය තවත් නරක අතට හැරෙන අතර ආර්ථික වර්ධනයෙන් අඩු කරන බවයි.
ජනාධිපතිවරයා පසුගිය සඳුදා තීරුබදු අනුපාත ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේ එක්සත් ජනපදයේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් දෙදෙනෙකු වන ජපානය සහ දකුණු කොරියාවට 25% ක ආනයන බදු පැනවීමෙනි.




2017 වසරේ සිට 2020 වසර දක්වා කාලසීමාව තුළ ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මූල්‍ය සහාය ලබා...
09/07/2025

2017 වසරේ සිට 2020 වසර දක්වා කාලසීමාව තුළ ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මූල්‍ය සහාය ලබා දීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එම්.ඩබ්ලිව් ප්‍රදීප් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව එම කමිටුව පත්කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

පසුගිය මැයි 17 වනදා පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223 වන පාලක මණ්ඩල රැස්වීමේදී මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.



නවතම ODI පිතිකරන ශ්‍රේනිගත කිරීම් වලට අනුව කුසල් මෙන්ඩිස් ප්‍රථම වරට පලමු 10 ඇතුලට. 🇱🇰🇱🇰🇱🇰No : 6 : 🇱🇰 Charith AsalankaNo...
09/07/2025

නවතම ODI පිතිකරන ශ්‍රේනිගත කිරීම් වලට අනුව කුසල් මෙන්ඩිස් ප්‍රථම වරට පලමු 10 ඇතුලට. 🇱🇰🇱🇰🇱🇰

No : 6 : 🇱🇰 Charith Asalanka
No : 10 : 🇱🇰 Kusal Mendis



🚨 News Alert 🚨According to reports, India and Sri Lanka could face off in mid-August for a limited-overs series featurin...
09/07/2025

🚨 News Alert 🚨
According to reports, India and Sri Lanka could face off in mid-August for a limited-overs series featuring 03 ODIs and 03 T20Is. 🤯💥




Address


Website

Alerts

Be the first to know and let us send you an email when Gaiya News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share