Lanka Chat News

  • Home
  • Lanka Chat News

Lanka Chat News රටේ තොටේ සියලු පුවත්, විනෝදාත්මක දේවල? රටේ තොටේ සියලු පුවත්, විනෝදාත්මක දේවල් එකම තැනකට.. Page එක Like කරලා අපිත් එක්ක Set වෙන්න බ්‍රෝ..

18/05/2025

හිරු නැගී එන මොහොතේදීත්
හිරු බැස යන මොහොතේදීත්
අප ඔබව සදා සිහිපත් කරන්නෙමු...!

බිහිකළ මවටද , දිනූ දේශයටද
අභිමානවත් වූ ඔබේ නාමයෙන්
කල සේවය සදා අමරණීයයි...!

රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලු රණවිරුවන්ට උපහාරයක් වේවා !

💐🤍"

Tribute to the Sri Lankan War Heroes🇱🇰

We bow our heads in deep respect and eternal gratitude to the brave sons and daughters of Sri Lanka—our war heroes—who stood as the shield between our nation and chaos. Their courage lit the path to peace, their sacrifice carved the future of a free and united motherland.

You fought not for glory, but for the love of your country. You gave your today for our tomorrow. From the silent jungles to the raging seas, your valor echoes in every corner of our land.

Though you may rest in silence, your legacy speaks louder than words. We remember you. We honor you. We live because of you.

May your memory live on forever in the heart of Sri Lanka.❤️

17/05/2025

ගෝඨා ❤️

❤️🙏
31/08/2024

❤️🙏

නැගෙනහිර මුහුදු තීරයේ සිටි 'ලොඩියා' නැමති මත්ස්‍ය විශේෂය දකුණු මුහුදු තීරය දක්වා ව්‍යාප්ත වී ඇති බව ජාතික විෂ තොරතුරු මධ...
15/07/2023

නැගෙනහිර මුහුදු තීරයේ සිටි 'ලොඩියා' නැමති මත්ස්‍ය විශේෂය දකුණු මුහුදු තීරය දක්වා ව්‍යාප්ත වී ඇති බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය කරයි.

එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා සඳහන් කළේ, මෙම ජීවියා මිනිස් සිරුරේ දැවටීම හේතුවෙන් මාරාන්තික තත්ත්වයන් ඇති විය හැකි බවය.

වසරේ ජූලි මස සිට සැප්තැම්බර් දක්වා මුහුදේ මෙම සත්ත්වයා දැකගත හැකි බව වෛද්‍ය රවී ජයවර්ධන සඳහන් කරයි.

මෙම සත්ත්වයා කුඩා බැලුනයක් ආකාරයට දිස්වන බවත් උදර ප්‍රදේශයේ දිගු නූලක් වැනි ග්‍රාහිකා පවතින බවත් වෛද්‍යවරයා සඳහන් කරයි.

යම් ලෙසකින් මිනිසාට මෙම සත්ත්වයා සපර්ශ වීමෙන් ආසාත්මිකතාවක සිට කම්පන තත්ත්වයක් කරා යා හැකි අතර, ඒ හරහා ස්නායු පද්ධතිය, හෘදය වස්තුව හා ශ්වසන පද්ධතිය බලපෑමකට ලක් විය හැකි බවත් වෛද්‍යවරයාගේ අදහසයි.

පුද්ගලයන් 5 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා අත්ලාන්තික් සාගර පතුලේදී පිපිරී ගිය OceanGate Titan යාත්‍රාවේ කොටස් කිහිපයක් අ...
29/06/2023

පුද්ගලයන් 5 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා අත්ලාන්තික් සාගර පතුලේදී පිපිරී ගිය OceanGate Titan යාත්‍රාවේ කොටස් කිහිපයක් අද ගොඩගනු ලැබුවා. ගිලී ගිය ටයිටැනික් නෞකාව ආසන්නයේ විසිරී තිබූ Titan යාත්‍රාවේ කොටස් හොරයිසන් ආක්ටික් නෞකාව මගින් කැනඩාවේ ශාන්ත ජෝන් වරායට ගොඩ බාන ආකාරය අද මාධ්‍ය වාර්තා කර තිබුනා.

එක්සත් ජනපද වෙරළාරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කර තිබුනේ සොයාගත් කොටස් අතර යාත්‍රාවට සවිකර තිබූ ගොඩබෑමේ රාමුව සහ එහි පසුපස ආවරණය සුන්බුන් අතර තිබී සොයාගත් බවයි. ඒ අතර වෙරළ ආරක්ෂක ඒජන්සිය ප්‍රකාශ කරන්නේ ටයිටන් ව්‍යසනයට හේතුව පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර තවමත් එය එහි මූලික අදියරේ පවතින බවයි. පරීක්ෂණය තුලින් පිපිරීමට හේතුව කුමක්ද යන්න තහවුරු කිරීමට සහ අනාගත ඛේදවාචක වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට උත්සාහ කරන බව එම නිලධාරීන් ප්‍රකාශ කරනවා.

ඊයේ (28) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළින් (CMB) ජපානයේ, නරිටා (NRT) බලා රාත්‍රී 0750 ට පිටත්වූ ශ්‍රීලංකන් ගුවන්...
29/06/2023

ඊයේ (28) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළින් (CMB) ජපානයේ, නරිටා (NRT) බලා රාත්‍රී 0750 ට පිටත්වූ ශ්‍රීලංකන් ගුවන්සේවයට අයත් (UL454) එයාර්බස් A330-300 (4R-ALR) ගුවන්යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රාත්‍රී 11ට පමණ යලි කටුනායක ගුවන්තොටුපළට ගොඩබැස්සවීමට ගුවන්නියමුවන් තීරණය කළා.

මෙයට හේතුව වශයෙන් සඳහන් වුණේ ගුවන්යානයේ ඉදිරිපස රෝද පද්ධතිය (Landing Gears) නිසි පරිදි ක්‍රියාත්මක නොවීමයි. ගුවන්යානය සුරක්ෂිතව ගොඩබැස්සවීම සඳහා තාක්ෂණික වශයෙන් සූදානම් කිරීම වෙනුවෙන් පැය 2කට අධික කාලයක් ගුවනේ පියාසර කර තිබුණා..

එහිදි මෙම ගුවන්යානා මාදිලියේ ඉන්ධන ඉවත් කිරීමේ (fuel dumping/ fuel jettison) හැකියාවක් නොතිබූ බැවින් ඉන්ධන දහනය (burn) කිරීම සඳහා මෙතරම් දීර්ඝ කාලයක් ගතවූ බවයි වාර්තා වුණේ.

මෙසේ ඉන්ධන ප්‍රමාණයක් ඉවත්කිරීම හෝ දහනය කිරීමට සිදුවන්නේ සාමාන්‍යයෙන් නරීටා (NRT) වැනි දිගුදුර ගුවන්ගමනකට (long haul flight) ඉන්ධන ලීටර/ කිලෝග්රෑම් 50,000කට අධික ප්‍රමාණයක් රැගෙන යන නිසා එතරම් අධික බරක් සමග එකවර ගොඩබැස්සවීමට නොහැකි වීම හේතුවෙන්.. එවැනි ගොඩබෑමකදී ගුවන්යානයේ රෝද පද්ධතිවලට දරාගත හැකි නිශ්චිත බර ප්‍රමාණයක් පවතින නිසා සියලු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඒ මොහොතට අදාළ සුදුසුම සහ සුරක්ෂිතම විසඳුම දෙනු ලබන්නේ ගුවන්නියමුවන් විසින්.. (මීට ආසන්නම සිදුවීමකට ඊයේ (28) ඇමරිකා එකසත් ජනපදයේ, Delta ගුවන්සේවයට අයත් බෝයිං 717 ගුවන්යානයක් මුහුණ දුන්නා ලින්ක් එක කමෙන්ට් කරනවා කැමති අයට බලන්න)

මෙවැනි තාක්ෂණික කරුණු මත සිදුකරන ගොඩබැස්සවීම් ගුවන්සේවා ක්ෂේත්‍රයට අලුත් දේවල් නොවන බව මතක් කළ යුතු අතර ගුවන්සේවා කර්මාන්තය මෙතරම් සුරක්ෂිත වන්නේද මෙසේ කල්තියා අනතුරු හඳුනාගෙන ඒවාට ඉක්මන් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන්..

අපේ ගුවන් සමාගම් සැලකිල්ලට ගත් විට මෑත ඉතිහාසයේ කිසියම් හෝ මතකයේ රැඳෙන අනතුරක් සිදුනොවීමට ඔවුන් වග බලාගෙන තිබෙනවා. එය අප අගය කළ යුතුය! ආර්ථික අපහසුතා මත රටක් ලෙස යම් යම් සිදුවීම් වලට මුහුණ දුන්නද ගුවන් සුරක්ෂිතතාවය අතින් අප ආසියානු කලාපයේ ප්‍රමුඛ ස්ථානයක තවමත් රැඳී සිටියි. එය අපගේ ගුවන්නියමුවන්ට, ගුවන් තාක්ෂණික ශිල්පීන්ට, ගුවන් ඉංජිනේරුවන්, ගුවන්ගමන් පාලකවරු ඇතුලු ගුවන් කර්මාන්තයේ නියැලෙන බොහෝ දෙනාට මේ වන විට විදෙස් රටවලින් ඇති ඉල්ලුම සම්බන්ධයෙන් අධ්‍යයනය කර බැලුවොත් ඔබට සිතා ගත හැක.. Let's rise together!

Accidents are rare in aviation. There were five fatal accidents on 32.2 million flights in 2022. That tells us that flying is among the safest activities in which a person can engage - IATA

Dev Kowsala Samarajeewa
29th June 2023

මේ දවස්වල සබ්මැරීන් ගැන කතා කරන හින්දා මේ ටිකත් ලියන්න හිතුණා. මීට අවුරුදු 15 කට 20 කට විතර ඉස්සර LTTE කියලා ත්‍රස්තවාදී...
23/06/2023

මේ දවස්වල සබ්මැරීන් ගැන කතා කරන හින්දා මේ ටිකත් ලියන්න හිතුණා.
මීට අවුරුදු 15 කට 20 කට විතර ඉස්සර LTTE කියලා ත්‍රස්තවාදී සංවිධානයක් තිබුණා ලංකාවේ. ඒ අය ලංකාවේ උතුරයි නැගෙනහිරයි, වයඹ පලාතේ කොටසකුයි අල්ල ගන්න කියලා යුද්ධ කලා...
එයාලට හිටියා මුහුදු කොටි කියල බලකායක්. ඒ මුහුදු කොටි බලකායට තිබුණු සබ්මැරීන් කිහිපයක් තමයි ඔය මුල් පිංතුරේ තියෙන්නේ.
යුද්ධයේ උච්චතම අවස්ථාවේදී දැවැන්ත සබ්මැරීනයක් හදන්න ඒ අය උත්සාහ කලා. ශ්‍රී ලංකා හමුදාව ගිහිල්ලා ඒ සබ්මැරීන් අංගනය අල්ල ගත්තේ නැත්තම් වෙන්න තිබ්බ විනාශය අති මහත්ය.
ඔය දෙවැනි පිංතුරයේ තියෙන්නේ කොටි ත්‍රස්තවාදීන් හදමින් තිබ්බ විශාල සබ්මැරීන් එක.

ටයිටැනික් නෞකාව අසල ROV යානයක් මගින් සෝදිසි කිරීමේදී හමුවී ඇති සුන්බුන් Titan සබ්මැරීනයේ බව තහවුරු කර තිබෙනවා.😶මෙලෙස තහව...
23/06/2023

ටයිටැනික් නෞකාව අසල ROV යානයක් මගින් සෝදිසි කිරීමේදී හමුවී ඇති සුන්බුන් Titan සබ්මැරීනයේ බව තහවුරු කර තිබෙනවා.😶

මෙලෙස තහවුරු කර ඇත්තේ Titan සබ්මැරීනයේ ගමන් ගත් මගීන්ගේ මිතුරෙකු වන ඩේවිඩ් මර්න්ස් විසින්.

ඔහු මේ බව බීබීසීය වෙත පවසා තිබෙනවා.

ඒ අනුව එහි තිබී ගොඩබෑමේ රාමුවක් සහ ගිල්විය හැකි පසුපස ආවරණයක් (landing frame and a rear cover)දක්නට ලැබුණු බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය නිවේදනය කළා.

22/06/2023

Breking News
සුළු මොහොතකට පෙර Taitan සබ්මැරීනයේ කොටස් හමුවූ බව ඇමරිකා වෙරලාරක්ෂක අංශ නිවේදනය කරයි. 😢

සාගර පුරාවිද්‍යාව (Maritime Archeology) සහ සාගර ජීව විද්‍යාව (Marine Biology) කියන විෂය ක්ෂේත්‍ර දෙකම එකතු කරවන හොඳම තෝත...
22/06/2023

සාගර පුරාවිද්‍යාව (Maritime Archeology) සහ සාගර ජීව විද්‍යාව (Marine Biology) කියන විෂය ක්ෂේත්‍ර දෙකම එකතු කරවන හොඳම තෝතැන්නක් තමයි වසර ගණනාවකට කලින් මුහුදුබත් වූ නෞකා කියලා කියන්නේ. මේ නිසා ඒවා නැරඹීමත් ඒවා පිළිබඳ පර්යේෂණ පැවැත්වීමත් වගේ දේවල් ආරම්භ වුණේ අද ඊයේ නෙවෙයි. ශ්‍රී ලංකාව අවට මුහුදේ පවා මෙම ගවේෂණ සිදු වෙනවා.

Ocean Gate කියන්නේ එවැනි ගවේෂණ (Expedition) සඳහා පහසුකම් සපයන පුද්ගලික ආයතනයක්. ඔවුන් නිර්මාණය කරපු Titan කියන කුඩා සබ්මැරීනය (ඇත්තෙන්ම මේවා හඳුන්වන්නේ Submersible කියලා) මේ වෙද්දි පුද්ගලයන් 5 දෙනෙකු සමග ගොඩබිම සමග කිසිදු සබඳතාවයක් නොමැතිව ගැඹුරු මුහුදේ අතුරුදන් වෙලා තියෙනවා. ඔවුන් 1912 දී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගිය කණ්ඩායමක්. උතුරු අත්ලාන්තික් සාගරයේ Newfoundland වෙරළේ ඉඳන් සැතපුම් 400ක් විතර දුරින් අඩි 13,000ක පමණ ගැඹුරු මුහුදේ තමයි මේ වෙද්දි සුප්‍රකට ටයිටැනික් නෞකාව තියෙන්නේ. ඒ කියන්නේ මුහුදේ කිලෝමීටර 4ක් විතර ගැඹුරින්.

ටයිටන් සබ්මැරීනය ප්‍රමාණයෙන් අඩි 22ක් විතර දිග Vessel එකක්. ඒකෙ නියමුවත් එක්ක උපරිම පුද්ගලයින් 5ක් විතරක් වරකට රැගෙන යන්න පුළුවන්. පැයට කිලෝමීටර් 5.6ක උපරිම වේගයක් තියෙනවා. බැටරි බලයෙන් ක්‍රියාත්මක වෙන විදුලි තෙරපුම් (Electric Thrusters) 4කින් තමයි ගමන් කෙරෙන්නේ. ඒවා පාලනය කරන්න පාලක පුවරුවක් සුක්කානමක් මුකුත් නෑ. ඒ වෙනුවට තියන්නෙ බ්ලූටූත් කන්ට්‍රෝලර් එකක්. (ඒක ඇත්තටම පරණ Logitech gaming controller එකක්) මේවා කීපයක්ම තියෙනවා. Ocen Gate ලා කියන්නේ සංචාරකයින්ට තමන් කැමති කෝණයකින් මුහුද යට නැරඹීමේ අවස්ථාව ඒකෙන් හම්බෙනවා කියලා.

පාලන පුවරුවක් නෑ වගේම මේක ඇතුලේ ගමන් ගන්න කාටවත් ආසන පහසුකම් නෑ. බිම වාඩි වෙලා යන්න තියෙන්නේ. කුඩා ප්‍රමාණයේ වෑන් එකක (Mini Van) සීට් අයින් කරලා බිම ඉඳගත්තා වගේ තමයි. 5 දෙනා ඉඳගත්තාම ඉඩ ඉවරයි. තියෙන එකම සීට් එක ටොයිලට් සීට් එක විතරයි. ඒකත් කුඩාම ප්‍රමාණයේ එකක්.

ඝනකම් කාබන් ෆයිබර් වලින් තමයි සබ්මැරීනයේ පිටත ආවරණය හදලා තියෙන්නේ. දෙපැත්තේ අර්ධ ගෝලාකාර කොටස් විතරක් ටයිටේනියම් වලින් හදලා තියෙනවා. මීටර 4000ක් ජලය යටදී එන තෙරපුමට ඔරොත්තු දෙන්න මේ බිත්ති වලට පුළුවන්. සෝනාර් සහ රේඩාර් සංවේදක තියෙනවා. ඒ නිසා අඳුරේ උනත් බාධක මග හැරගන්න පුළුවන්. එළියේ කැමරා සවිකරලා තියෙනවා සහ ගැඹුරු මුහුද වුණත් හොඳින් ආලෝකමත් වෙන විදියේ විදුලි පහන් තියෙනවා. සංචාරකයින්ට පිටත නරඹන්න අඩියක විෂ්කම්භයක් සහිත ඝනකම් වෘත්තාකාර වීදුරුවකුත් සපයලා තියෙනවා.

මේ නිර්මාණයට අවශ්‍ය වගකීම් සහතික ඒවා නිකුත් කරන සමාගම් වලින් ලබා දීලා නැහැ. හේතුව ඒවා ලබාගැනීමේ ක්‍රියාවලියට Ocean Gate සමාගම උනන්දු නොවීම. ඔවුන් කියන විදිහට එවැනි වගකීම් සහතික වලින් සබ්මැරීනයක ගමන් කරන්නන්ගේ ආරක්ෂාව පිළිබඳ තහවුරුවක් දෙන්න බැහැලු. ඒවායෙන් ලබාදෙන්නෙ සබ්මැරීනයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ මිනුම් ලකුණු (benchmarks) විතරයි කියන එකයි ඔවුන්ගේ මතය. කොහොමහරි මේ ටයිටන් සබ්මැරීනයෙන් ටයිටැනික් නරඹන්න යනවා නම් එක්කෙනෙක් ගෙන් $250,000ක් අය කරනවා. Ocean Gate සමාගම නම් කියන්නේ ඩොලර් මිලියනයකට වඩා වැඩි මුදලක් එක ගමනකට වැය වෙනවා කියලයි. කොහොම වුණත් ඒ ගෙවීමට අමතරව ගිවිසුමකට අත්සන් තියන්නත් ඕන. ඒ ගිවිසුමේ පළමු පිටුවේ තැන් 3කම "මරණය" වචනය සඳහන් වෙනවා කියලයි කියන්නේ.

මුදලත් ගෙවලා ගිවිසුමත් අත්සන් කරාම නැවකින් ටයිටැනික් නෞකාව මුහුදුබත් වූ උතුරු අත්ලාන්තික් සාගරයේ අදාළ ප්‍රාදේශයට රැගෙන යනවා. එතනින් සබ්මැරීනයට ගොඩවෙන්නයි තියෙන්නේ. මගීන් 5 දෙනාම ගොඩවුණාට පස්සේ නැවේ ඉන්න කාර්ය මණ්ඩලය සබ්මැරීනය වහලා පිටතින් බෝල්ට් ඇණ යොදනවා. ඒ කියන්නේ ඇතුළත ඉන්න අයට චාරිකාව නිමා කරලා මුහුද මතුපිටට ඇවිත් පිටත කාර්ය මණ්ඩලය දොරටුව විවෘත කරනකන් පිටතට එන්න බැහැ.

දොරටු සීල් කරාම ඇතුළේ ඔක්සිජන් ප්‍රමාණවත් වෙන්නේ පුද්ගලයින් 5 දෙනාට පැය 96කට විතරයි. අකරතැබ්බයකට මුහුණ පාන්න වුණොත් මුහුද මතුපිට තියෙන නෞකාවට පණිවිඩ යවන්න පුළුවන්. පණිවිඩ හුවමාරුව සිදුකෙරෙන්නෙ සෝනාර් සංඥා වලිනුයි. Transponder සහ Transceiver අධාරයෙන් SMS ආකාරයට පණිවිඩ හුවමාරුව සිදුවෙනවා. මේවායේ සබ්මැරීනයේ පිහිටුම සහ දැනට පවතින තත්වය විතරයි සඳහන් කරන්න පුළුවන් ඉඩ තියෙන්න.

ඊට අමතරව සබ්මැරීනයේ පිටත බිත්ති වලට සුළු හෝ හානියක් සිදු වුණොත් ඒ පිළිබඳව සංවේදක මගින් නෞකාව දැනුවත් කෙරෙනවා. එතකොට ස්වයංක්‍රීයව සබ්මැරීනය මුහුද මතුපිටට එන විදිහටයි හදලා තියෙන්නේ. ඒ සඳහා සබ්මැරීනය නිර්මාණය කරද්දී ඒකෙ උත්ප්ලාවකතාව (buoynce) පිළිබඳව සැලකිලිමත් වෙලා තියෙනවා. අමතර භාරයන් නිදහස් කරලා මේ ඉපිලීම ලබාගන්න එතකොට පුළුවන්.

හැබැයි පසුගිය 18 වෙනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 5.30ට විතර ටයිටැනික් නෞකාව නැරඹීමට පුද්ගලයින් 5 දෙනෙකු සමග දියත් කෙරුණු ටයිටන් සබ්මැරීනය දියත් කිරීමෙන් පැයකුත් විනාඩි 45කට පස්සේ ඉඳන් මේ වෙද්දිත් කිසිදු සංඥාවක් නිකුත් කරලා නැහැ. සංවේදක මගින්වත් සබ්මැරීනය තිබෙන ස්ථානය හොයාගන්න Ocean Gate මෙහෙයුම් කරුවන්ට බැරි වෙලා තියෙනවා. ඔවුන් එයින් පැය 6කට පස්සේ කැනේඩියානු වෙරළ ආරක්ෂක බළකාය ඇතුළු බලධාරීන් දැනුවත් කරන්න පියවර ගත්තා. ඔවුන් සහ ඇමරිකානු නාවික හමුදාව සමග රාජ්‍ය නොවන සංවිධාන කීපයක්ම මේ වෙද්දි සෙවුම් කටයුතු ආරම්භ කරලා තිබෙනවා.

මුහුද මතුපිට වර්ග සැතපුම් 10,000කට වැඩි වපසරියක සෙවීමේ මෙහෙයුම් දැනට ක්‍රියාත්මක කරලා ඉවරයි. මොකද යම් විදිහකින් පණිවිඩ හුවමාරු වලට බාධා ඇති වුණත් සබ්මැරීනය මුහුද මතුපිටට එන්න ඉඩ තියෙන නිසා මුහුද මතුපිට පරික්ෂවත් වැදගත් වෙනවා. ඊට අමතරව සෝනාර් බෝයාවන් යොදා ගෙන සබ්මැරීනයෙන් මොනයම් හෝ සංඥාවක් නිකුත් කෙරෙයි කියන අපේක්ෂාවෙන් මුදවාගැනීමේ කණ්ඩායම් සීරුවෙන් ඉන්නවා. සබ්මැරීනයෙන් එන සංඥාවක් මිසක මුහුද මතුපිටින් යවන සෝනාර් හෝ රේඩාර් සංඥාවක පරාවර්තනයක් නම් ලැබීමට ඉඩකඩ ඉතාම අඩුයි. ඒකට එක හේතුවක් තමයි සබ්මැරීනය තියෙන ගැඹුර. අනෙක් අතට මුහුදේ මිලියන ගාණක් මුහුදුබත් වුණ නෞකා කොටස්, අපද්‍රව්‍ය, ජීවින් මැරුණු ජීවින් කොටස් තියෙනවා. ඒවා අතරින් ටයිටන් සබ්මැරීනයෙන් පරාවර්තනය වුණ සංඥාවක් ලබාගන්න තරම් තාක්ෂණයක් තියෙන්න විදියක් නෑ.

ඒ වගේම අඩි 13,000ක් ගැඹුරු මුහුදට මිනිසුන්ම ගිහින් ගවේෂණය කරලා සබ්මැරීනය හොයන්න බැරි බව නම් අපි තේරුම් ගන්න ඕන. හරියටම සබ්මැරීනය තියෙන තැන නොදැන එහෙම මෙහෙයුමක් ක්‍රියාත්මක කරන එක ඉතාම අවදානම් වැඩක්. ඒ නිසා දැනට රොබෝ යන්ත්‍රයක් ගවේෂණයට යොදවලා තියෙනවාලු. එයිනුත් මේ දක්වා සුබදායී තොරතුරක් ලැබිලා නැහැ. නමුත් ඇමෙරිකානු නාවික හමුදාවට අයත් Boeing P-8 Poseidon (දැනට ලොව ඇති ඉහළම තාක්ෂණයෙන් හෙබි මුහුදු මුර සංචාරක ගුවන් යානය) මගින් මිනිත්තු 30කට වරක් නිකුත් වූ සංඥා කීපයක් හඳුනාගෙන තියෙනවා. මේවා බොහෝ විට සබ්මැරීනය ඇතුළත සිට එහි බිත්තියට පහර දෙන ශබ්ද සංඥාවක් වෙන්න පුළුවන් කියලා සැක කරනවා. ඔක්සිජන් ඉතිරි කරගන්න මේ වගේ සැරෙන් සැරේ සංඥා නිකුත් කරනවා වෙන්න පුළුවන් කියලයි මුදවාගැනීමේ කණ්ඩායම් කියන්නේ.

සංඥාව අනුව නම් සබ්මැරීනය මේ වෙද්දි ටයිටැනික් රැඳී තිබෙන මුහුදු පතුලේම නැවතිලා තියෙන බවයි කියන්නේ. ඒ කියන්නේ අඩි 13000ක මුහුදු පතුලේ. (එහෙම කට්ටියක් හිරවෙලා සබ්මැරීනයේ බිත්ති වලට ගහනවා කියලා හිතද්දීම කොහොමද 🤐)

සමහර විශ්ලේෂකයින් නම් ඒක නිවැරදි සංඥාවක් නෙවෙයි කියලයි කියන්නේ. ඒත් ඒක නිවැරදි වුණත් ඉතිහාසයේ මේ වෙනකං මුහුදු පතුලේ ක්‍රියාත්මක කරපු සාර්ථකම මුදවාගැනීමේ මෙහෙයුම සිදු කරලා තියෙන්නේ අඩි 1575ක් ගැඹුරින් විතරයි. ඒ 1973 කැනේඩියානු සබ්මැරීනයක් මුදවාගැනීමේ මෙහෙයුම. කිලෝමීටර් 4ක් දුර ශක්තිමත් කේබල් සහ ටොන් 10ක බරින් යුතු ටයිටන් සබ්මැරීනය එසවීමට හැකි නෞකාවක් හෝ තවත් සබ්මැරීනයක් නොමැති බව තමයි බොහෝ දෙනාගේ මතය. ඉහළම හැකියාවෙන් යුතු NATO's Submarine Rescue System (NSRS) සතුව තියෙන්නත් අඩි 2037ක දුරක් දුරස්ථ පාලනයෙන් ගමන් කරන්න පුළුවන් කුඩා සබ්මැරීන විතරයි.

මුදවාගැනීමේ කණ්ඩායම් කියන විදිහට වෙන්න පුළුවන් නරකම දේ තමයි මුහුද යට අධික පීඩනය හින්දා සබ්මැරීනයේ සැකිල්ලට හානි වෙලා විනාශ වෙලා ඇති කියන එක. නැතිනම් සබ්මැරීනය පාලනය කරන්න බැරිව නිසල ටයිටැනික් නෞකාවේම හැප්පුනා වෙන්නත් පුළුවන් බව ඔවුන් කියනවා.

ටයිටන් සබ්මැරීනය පරීක්ෂණ කිමිදුම් 50ක් විතර කරලා තිබෙනවා. පසුගිය වසරේත් සංචාරකයින් එක්ක බාධක මැද්දේ වුණත් ටයිටැනික් සංචාරයක් සිදු කරලා තිබුණා.හැබැයි සබ්මැරීනයේ විදුලි පද්ධතියට හානි වීම් ඒ පර්යේෂණ චාරිකා වලදි වාර්තා වෙලා තිබුණා. එහෙම වෙලත් ඔවුන් නැවත මුහුද මතුපිටට එන්න සමත්වුණා. ටයිටැනික් නෞකාවට මුළු ගමන් කාලය පැය 2කුත් විනාඩි 30ක් විතරයි. ඒ නිසා ලැබුණු සංඥාවලට අනුව ඔවුන් බොහෝ දුරක් නිරුපද්‍රිතව ගිහින් තියෙනවා. ඒ හින්දා බැටරි බලය අවසන් වෙලා නම් හරි විදුලි පද්ධතියට හානි වෙලා නම් හරි ඔවුන්ම උත්ප්ලාවකතා භාර නිදහස් කරලා බාගයක දුරක් වත් මුහුද මතුපිටට නොආවොත් ඔවුන්ව බේර ගන්න එතරම් දුරක් ගමන් කරන්න පුළුවන් සබ්මැරීන හෝ උපකරණ කිසිවෙක් සතුව නෑ.

ඒ කොහොම වුණත් අද සවස 5.30 වෙද්දි ඔවුන්ගේ පැය 96 අවසන් වේවි. ඊට කලින් මොකක් හෝ දෙයක් සිදු නොවුනොත් බොහෝ විට ටයිටැනික් වගේම අඳුරු මතකයක් විදිහට ටයිටන් සබ්මැරීනයේ කතාවත් ලෝක ඉතිහාසයට එකතු වේවි.

හිරවෙලා ඉන්න 5 දෙනා වෙන්නේ Ocean Gate එකේ ප්‍රධාන විධායක නිලධාරියා Stockton Rush, බ්‍රිතාන්‍ය බිලියනපතියෙක් වන Hamish Harding, ප්‍රංශ කිමිදුම් ශිල්පී Henry Nargeolet, පාකිස්තාන ව්‍යාපාරික Shahzada Dawood සහ ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයා Suleman යන අය.

උපුටා ගැනීම - Janaka Rathnayaka

21/06/2023

දයානි ගිනිගනිද්දි හිස හැරුණු අතේ බිමට පැනපු මිනිස්සු 😟

❤️
21/06/2023

❤️

Address


Alerts

Be the first to know and let us send you an email when Lanka Chat News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Chat News:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share