Lanka Herald

Lanka Herald Lanka Herald A website that follows ethical journalism

New post added at sinhala.lankaherald.com - දංකොටුවේ වාහනයක පස්දෙනෙක් පිලිස්සී මියයයි
12/03/2016

New post added at sinhala.lankaherald.com - දංකොටුවේ වාහනයක පස්දෙනෙක් පිලිස්සී මියයයි

දංකොටුව, ඉරබඩගම ප්‍රදේශයේදී ඇතුලත මාර්ගයක වෑන් රථයක් තුළ පිළිස්සී ගිය මළ සිරුරු කිහිපයක් තිබී දංකොටුව පොලීසිය සොයාගෙන ඇත.
වෑන් රථය ගිනිගෙන ඇති අතර එහි තිබූ මළ සිරුරු හදුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බව පොලීසිය පවසයි.
දංකොටුව පොලීසිය අද(11) උදෑසන සිද්ධිය වූ ස්ථානයට ගොස් තිබේ.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙය සොයාගත් අතර මේ වන විට දංකොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් විමර්ශන සිදුකරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි..
මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව පස් දෙනෙකු පමණ විය හැකි බව ද අප වාර්තාකරු පවසයි.
මෙම වෑන් රථය කොල්ලුපිටිය ප්‍රදේශයේ කාන්තාවකගේ නමට ලියාපදිංචි කළ එකක් බව සොයාගෙන ඇත.මෙම ඝාතනය සිදුවූ ස්ථානයේ මීට පෙරද මෙම ඝාතන සුදුවී ඇත.

New post added at sinhala.lankaherald.com - ඔෟෂධ හිඟයට විසඳුමක්?
12/03/2016

New post added at sinhala.lankaherald.com - ඔෟෂධ හිඟයට විසඳුමක්?

ඖෂධ ගබඩාවල හා රෝහල්වල ඖෂධ හිඟයක් ඇති නොවී පවත්වාගෙන යෑමට ඖෂධ ප්‍රගතිය පිළිබඳව සමාලෝචන කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කර ඇත.
ඖෂධ හිඟයක් ඇතිවීම වැළැක්වීම, ටෙන්ඩර් ගැටළු නිරාකරණය කිරීම, ඖෂධ බෙදාහැරීම විධිමත් කිරීම ආදී කරුණු පිළිබඳ කමිටුව මගින් විශේෂ අවධානයට යොමුකිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වසරකට ප්‍රමිතියෙන් තොර ඖෂධ විශාල ප්‍රමාණයක් විනාශ කරන බැවින් එම තත්ත්වය අවම කර ගැනීමේ අරමුණින් ඉදිරියේ දී ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා නව රසායනාගාරයක් ඉදිකිරීමට නියමිත බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉදිරි මාස 03ක කාලයක් සඳහා ඖෂධ තොග රැස්කර තබා ගැනීම පිළිබඳව ද කමිටුවේ දී අවදානය යොමුවනු ඇති.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මෙලෙස පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
අදාළ කමිටුවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, වෛද්‍ය සැපයුම් අංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතන වල නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද ඇතුළත් වෙයි.
ප්‍රමිතියෙන් තොර ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයට ලබාදී ඇත්නම් එම අලාභය අදාළ සැපයුම්කරුගෙන් ලබා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

New post added at sinhala.lankaherald.com - උඩුවේ හිමි 17 දක්වා රිමාන්ඩ්
10/03/2016

New post added at sinhala.lankaherald.com - උඩුවේ හිමි 17 දක්වා රිමාන්ඩ්

නීති විරෝධි ලෙස අලි පැටවකු ළඟ තබා ගත් බවට චෝදනා ලැබු උඩුවේ ධම්මාලෝක හිමියන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් අතර මාර්තු මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා විසින් මෙම නියෝගය කර තිබේ.

New post added at sinhala.lankaherald.com - අස්ගිරි මහනායක හිමියෝ අපවත් වෙති!
10/03/2016

New post added at sinhala.lankaherald.com - අස්ගිරි මහනායක හිමියෝ අපවත් වෙති!

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගලගම අත්තදස්සි නාහිමියෝ අපවත්වූහ.
මහනුවර ශික්ෂණ රෝහල් හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (09) සවස උන්වහන්සේ මෙලෙස අපවත් වූහ.
2015 වසරේ මැයි මස අස්ගිරි පාර්ශ්වයේ මහනායක ධුරයට පත් උන්වහන්සේ අපවත්වන විට 95වන වියේ පසුවූහ.

New post added at sinhala.lankaherald.com - ඩී.වී. උපුල් යළිත් අත්අඩංගුවට
08/03/2016

New post added at sinhala.lankaherald.com - ඩී.වී. උපුල් යළිත් අත්අඩංගුවට

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩී.වී උපුල් තිස්සමහරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර අමාත්‍යවරයා අද පෙරවරුවේ පොලිසියට බාර‍වීමෙන් පසු පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
පසුගිය 5 වැනිදා පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් ඒ මහතාට චෝදනා එල්ල වූ අතර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පැවසේ.
ඉදිරි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගල් ගසා මරන බවට පසුගිය වසරේ තිස්සමහරාමයේ පැවැති රැස්වීමකදී ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද රහස් පොලීසිය විමර්ශන ආරම්භ කර ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් දැනටමත් ගෙන තිබේ.

New post added at sinhala.lankaherald.com - ලෝක කාන්තා දිනය අදයි!
08/03/2016

New post added at sinhala.lankaherald.com - ලෝක කාන්තා දිනය අදයි!

විශ්ව කාන්තා දිනය අදයි. 2030 දී කාන්තාවන්ට සම අයිතීන් ලබාගැනීම තේමා කරගනිමින් ලොව පුරා කාන්තාවෝ මෙවර කාන්තා දිනය සමරති.
සවිබල රටක් තිරසර හෙටත් මැයින් ශ්‍රී ලංකාවද අද විශ්ව කාන්තා දිනය සැමරීමට එක් වේ. එහි ජාතික උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අම්පාර වීරසිංහ නගරසභා ක්‍රීඩාංගනයේ දී අද පෙරවරුවේ ඇරඹේ.

New post added at sinhala.lankaherald.com - ඊමේල් නිර්මාතෘ රේ මියයයි
08/03/2016

New post added at sinhala.lankaherald.com - ඊමේල් නිර්මාතෘ රේ මියයයි

විද්‍යුත් ලිපිනයේ (ඊමේල්) නිර්මාතෘ රේ ටොම්ලින්සන් ජිවිතක්ෂයට පත් වී ඇත
මිය යන විට 74 වැනි වියේ පසුවූ ටොම්ලින්සන් ඊමේල් නිර්මාතෘවරයා මෙන්ම ඊමේල් ලිපින සඳහා @ සලකුණ යෙදීමේ මූලිකයාය.
කේම්බ්‍රිජ්හි මැසචුසෙට්ස් හි කාර්යාලයේ සේවය කරමින් සිට ඇති රේ ටොම්ලින්සන් පසුගිය දා හෘදයාබාධයකින් පසුගිය සෙනසුරාදා මිය ගිය බව ස්ථිර ලෙසම තහවුරු කරගෙන ඇත්තේ අද (7) ය.
1971 දී වසරේදී ආපනෙට් නමින් ඊමේල් වැඩසටහන් ආරම්භ වූ ටොම්ලින්සන් ඔහුගේය.ඇමරිකන් ජාතිකයකු වන රේ මහතා නිව්යෝක් නුවර ඇම්ස්ටඩ්‍රෑම් හි උපත ලබා ඇත. වෘත්තියෙන් ඔහු ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයෙක් විය.

New post added at sinhala.lankaherald.com - නිදහස් චතුරස්‍රයේ ආරක්ෂකයන් ඉවත්කරයි
07/03/2016

New post added at sinhala.lankaherald.com - නිදහස් චතුරස්‍රයේ ආරක්ෂකයන් ඉවත්කරයි

පසුගියදා සිදුවූ සිදුවීමත් සමඟ ජාතික නිදහස් චතුරස්‍රයේ ආරක්ෂාවට තිබෙන ආරක්ෂක සේවය ඉවත්කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට නියෝග කර ඇත..
පසුගිය දාක නිදහස් චතුරස්‍රයේ සිටි තරුණ යුවළක් ඉවත් කිරීමට කටයුතු කළේ යුවලකට එකට හිදගෙන සිටීමට අවසර නොමැති බව පවසමිනි .එසේ පවසා ඇත්තේ එහි සේවයේ යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු විසිනි.
මෙම තරුණ යුවළ විසින් මෙම සිදුවීම වීඩියෝ ගතකළ අතර දිගින් දිගටම ඉල්ලා තිබුණේ තමා ඉවත් කිරීමට හේතුවූ කුමක්ද යන්නයි.එලෙස එළවීමට තමන්ට බලය පවරා ඇතැයි කියමින් එහි ආරක්ෂක නිලධාරීන් විසින් මෙම තරුණ යුවළට බැණ වදින අයුරු වීඩියෝ මගින් ෆේස්බුක් සමාජ ජාලය තුළ ව්‍යාප්ත විය.එසේම ඊයේ දිනයේ තරුණ පිරිසක් නිදහස් චතුරස්‍රයට පැමිණ එහි ආරක්ෂක සේවයට එරෙහිව විරෝධතාවක් ද පවත්වන ලදී.
ඒ වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍ය,ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ,නිදහස් චතුරස්‍රයේ සිටින තරුණ ජෝඩු ඉවත්කිරීමට නීතිමය හැකියාවක් එහි ආරක්ෂක අංශයට නොමැති බවයි.
පසුව ඊයේ සවස අග්‍රාමාත්‍යවරයා විසින් මෙම ආරක්ෂක සේවය වහාම නිදහස් චතුරස්‍රයේ සේවයෙන් ඉවත් කර වෙනත් ආරක්ෂක සේවයකට බාරදෙන ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට උපදෙස් ලබාදී තිබේ.

New post added at sinhala.lankaherald.com - පුංචි ඡන්දය ඉල්ලා ජවිපෙ අධිකරණයට
07/03/2016

New post added at sinhala.lankaherald.com - පුංචි ඡන්දය ඉල්ලා ජවිපෙ අධිකරණයට

ආණ්ඩුව විසින් පළාත් පාලන ආයතන මැතිවරණය දිගින් දිගටම කල්දැමීමෙන් ජනතාවට නොයෙකුත් අපහසුතාවනට මුහුණ දීමට සිදුව ඇති නිසා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනනේ පළාත් පාලන ආයතනයක් යනු ජනතාවට සමීපතම සේවා සපයන ආයතනයක් බැවින් ඒවාට නියෝජිතයන් පත්කරගැනීම ඉතා කඩිනමින් සිදු කළ යුතු අත්‍යාවශ්‍ය කාරණක් බවයි.
නව ක්‍රමයට මැතිවරණ පැවැත්විය නොහැක්කේ සීමානිර්ණ ගැටලු හේතුවෙන් බව පවසමින් මැතිවරණය තව තවත් කල් නොදමා එහි ගැටළු පවතීනම් ආණ්ඩු කළ යුතුතේ පැරණි ක්‍රමයට මෙවර මැතිවරණය පැවැත්වීම බවයි ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙන්නේ.

New post added at sinhala.lankaherald.com - රජය වී ආනයනය කිරීමේ සූදානමක්
05/03/2016

New post added at sinhala.lankaherald.com - රජය වී ආනයනය කිරීමේ සූදානමක්

වත්මන් රජය වී ආනයනය කිරීමට සූදානම් වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
ඔහු පවසන්නේ පොහොර සහනාධාරය ලබාදී වී මිලදී ගැනීම පාඩු ලබන බව පවසමින් ආණ්ඩුව මෙම පියවර ගැනීමට සැලසුම් කරන බවයි.
ඊයේ දින නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ලාල්කාන්ත මහතා මේ බව පැවසීය.
එසේම මෙම රජයේ ඇතැම් ඇමතිවරු වර්තමානයේ මාධ්‍ය නිදහසට සීමා පැනවෙමින් ඇති බවද කේ.ඩී ලාල්කාන්ත මහතා එහිදී පැවසා ඇත.

New post added at sinhala.lankaherald.com - තුර්කියේ ප්‍රධානම පුවත්පත රජයට පවරාගනියි
05/03/2016

New post added at sinhala.lankaherald.com - තුර්කියේ ප්‍රධානම පුවත්පත රජයට පවරාගනියි

තුර්කිය තුල වැඩියෙන්ම අලෙවි වන පුවත්පත වන සැ(z)මන් පුවත්පත උසාවි නියෝගයකින් රජයට පවරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. මෙලෙස පවරා ගැනීමෙන් පසු පුවත්පත් කාර්යාලයට ඇතුළු වූ තුර්කි පොළීසිය මෙම තීරණයට එරෙහිව විරෝධතා කළ එම පුවත් පත් කාර්යාලයේ සේවකයින්ට හා දහස් ගනනක් ජනතාවට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
මෙම මාධ්‍ය වේදීන් ඇතුළු විරෝධතාකරුවන් පවසන්නේ තමන් මාධ්‍ය නිදහස ස්ථාපනය කරන ලෙස ඉල්ලමින් සටන් කරන බවයි.
පසුගිය කාලය තුළ තුර්කිය තුළ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම්, පුවත්පත් හා රූපවාහිනී ආයතන රජයට පවරා ගැනීම් මෙන්ම මාධය නිදහසට බාධා වන සිද්ධීන් වාර්ථාවූ බව විචාරකයන් පවසයි.

New post added at sinhala.lankaherald.com - මේ රොබරෝසියා මල් වාරේ
05/03/2016

New post added at sinhala.lankaherald.com - මේ රොබරෝසියා මල් වාරේ

මේ දවස්වල ලංකාව හරියට ජපානෙ වගේ.ටොරිංටන් වලින් වාහනේ හරවනකොටම කවුදෝ කිවුව. එකදිගටම රොබරෝසියා ගස් .ඒවායේ රෝස පාට මල් පිරිලා. ළා දම් පාටකට හුරු රෝස පැහැති මල් වැස්ම දිහා බලන් ඉන්නකොට මට මතක් වෙන්නෙම සුරංගනා කතන්දර.ඇත්තටම රොබරෝසියා කියල ගහක් තියෙනවද? සාමාන්‍ය දැනුම පිටුවක කවුද අහල තිබුනා.මම ඔවු කිවුවා.ඒකට විවිධ තර්ක තිබුණා.ඇත්තටම මේ ගහේ විද්‍යාත්මක නාමය Tabebuia rosea .නමුත් හැම දෙනාම මේ ගහ හදුන්වන්නෙ රොබරෝසියා නමින්.මේ මල හා බැදිච්ච ගීත ,කවි බොහොමයි.විශේෂයෙන්ම විශ්වවිද්යාලය එක්ක බැදිච්ච සුවද මතකයක් තියෙනවනම් ඒ කොතනකට හරි රොබරෝසියා මලක් සම්බන්ධයි
මලෙහි වගේම එයට පටබැදුණු නමෙහි පවතින සෞන්දර්යයත් එයට හේතුවක් වෙන්න ඇති. මාර්තු මාසෙට පේරාදෙණියෙ වළ ගාව තියෙන රොබරෝසියා ගහේ මල් සිමෙන්ති පඩිපේලි දිගේ වැටිලා දම් පැහැති වැස්මක් බවට පත්වෙනවා.ජයවර්ධන පුර සරසවියෙත් එහෙමයි.මේ කාලෙට හරිම ලස්සනයි.නමුත් කැම්පස් අලයෙක් නම දාන්න ඇති කියල ශාප කරන උදවිය මේ ගහේ අනන්යතාවය පිළිබද කිසියම් ගැටලුවක පැටලිලා. ඔවුන් ගහේ විද්යාඇත්මක නම භාවිත නම යුතුයයි තර්කයක පැටලිලා. ඒත් සෞන්දර්යාත්මකව මතක තියාගන්න දේවල් වලට සෞන්දර්යාත්මක නමක් ආරෝපණය කරන එක පාපයක්ද? ගෙදර දරුවෙක් උපන්නම අකුරු බලලා ඝන පිහිටුවල කියාගන්න බැරි නමක් දානවා.ඒත් ආදරය ප්රකාශ කරද්දි ‘බබා‘ ‘බේබි“ ‘සිගිති‘ සුදූ‘ වගේ කෙට් නමක් ආරෝපනය කරගන්නවා.ඉතින් සමහර බේබිලා, බේබි මාමලා ,බේබි සීයලා වෙලා මිය යනවා.මොකද සම්බන්ධතා වලදි බරපතල නාමයන් හැගීම් එක්ක ගලපගන්න බැහැ.
Tabebuia rosea කිවුවම කිසිම සෞන්දර්යක් හිතට එන්නෙ නැහැ.හරියට ෆාමසියකින් ලියල දෙන බෙහෙතක් වගේ.නම පටබැදිච්ච විදිහ කුමක් වුණත් මේ නම යෙදුව කෙනා සෞන්දර්යවාදියෙක් වෙන්න ඕන. .ඔය විදිහට බලනව නම් ලංකාවෙ භාවිතා වෙන නම් වලින් කිසිම ගහක් තියෙන්න විදිහක් නැහැ. නා මලේ නියම නම මෙසුවා ෆෙරියා.ඒත් ඔය සියුමැලි දෙතොල් මෙසුවා ෆෙරියා වගේ කියන්න පුලුවන්ද? නා දලු වැනි සිනිදු දෙතොල්.. නා මලට වඩා ඇත්තටම සෞන්දර්යයක් තියෙන්නෙ නා දළු වල…ඒ වගේම නිල් මහනෙල් මලේ නියම නම Nymphaea nouchali . පිච්ච මලට කියන්නෙ Jasminum officinale . මේක හරියට අර කලින් කිවුවා වගේ ළමයෙක්ට නමක් දානකොට කරන වැඩේමයි.ලියාපදිංචියට බරපතල නමකුත් භාවිතයේ පහසුවට සුන්දර හා කෙටි නමකුත් යොදා ගන්නවා.ගොඩක් වෙලාවට සත්ය නමට වඩා ප්‍රචලිත වන්නෙ ආරෝපිත නාමය.ඇල්බට් පෙරේරා ,ඩබ්. ඩී අමරදේව වන්නෙත්,ඩේසි ඩැනියල්ස් රැක්මනී දේවි වෙන්නෙත් , ඒ විදියටමයි. ඒ වගේම වසන්ති චතුරානි සහ රවින්ද්‍ර රන්දෙණිය කියන්නෙ ඇත්තටම කවුද කියල ගොඩක් අය නොදන්නෙ ඒ නම් දෙකත් ආරෝපිත ඒවා වීම නිසයි.. කලාත්මක වටිනාකමක් ඇති දෙයකට සුන්දර නමක් පටබැදෙන එක සාමාන්ය දෙයක්. කවුරු හරි කිවුවොත් රුක්මනී දේවි කියල කෙනෙක් නැහැ. ඒක අලයෙක් දාපු නමක් විතරයි.ඇත්ත නම ඩේසි ඩැනියල්ස් කියලා. ඒකට දෙන උත්තරය මොකක්ද ? අනෙක් මල් හා සියළු පැළෑට් සම්බන්ධ තත්වයත් මෙසේ කොට රොබරෝසියා ගහ ද්වේශසහගතව නම පිළිබදව විවේචනයට ලක්වුනේ විශ්ව විද්යාල ජිවිතයේ සෞන්දර්ය වටහා ගන්න බැරි පිරිසක් නිසාද කියලත් මට හිතුනා.ඇත්තටම රොබරෝසියා යනුවෙන් ගහක් තිබේද? කියන ප්‍රශ්නයට මට දෙන්න තියෙන උත්තරේ මේක.ඔවු. එහෙම කෙනෙක් ලංකාවෙ ඉන්නවා.එයාගේ උද්භිද නම Tabebuia rosea .ඒත් අපි ආදරේට කියන්නෙ රොබරෝසියා.
(උපුටාගැනීම) Fb උපේක්ෂා නුවන්ශ්‍රීනි.

Address


Alerts

Be the first to know and let us send you an email when Lanka Herald posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share