20/03/2024
මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 2022 ජුලි මාසයේ එළිදැක්වූ The Mahindian ඊ පුවත්පතේ අභිප්‍රාය වූයේ පාසලේත් ආදි ශිෂ්‍යන්ගේත් ප්‍රමුඛ පුවත්වලට මහින්ද ප්‍රජාව අතරේ මාසිකව අවධානයක් ඇති කිරීමයි.
ඒ තුළින් තමන්ගේ පාසල පිළිබඳව තිබෙන අවබෝධය තවත් තීව්‍ර කිරීමත්, සන්නිවේදන හිඩැස් පිරවීමත් මූලික අරමුණකි. ඒ නිසා පාසල ගැන තැන තැන කට වහරේ කතාවන දෑ ට වැඩියමක් ඊ පුවත්පතක් තුළින් ලබා දීම මහින්ද ආදි ශිෂ්‍ය සංගමයේ ඉලක්කය විය.
මේ සංකල්පය පිළිබඳව බොහෝ හොඳ ප්‍රතිචාර පැමිණියද, විද්‍යාලයේ පරිපාලනය සමඟ ඇතැම් කාලවල මෙය ගැලපීම සුළුපටු නොවීය. ඒ කෙසේ වුවද The Mahindian ඊ පුවත්පත මෙවර මහින්ද-රිච්මන්ඩ් 119 වැනි ආදරවන්තයන්ගේ සටනට සමඟාමීව ද එළිදැක්විණි.
එහි ඇති ආකර්ශනීයම අදහස පළ වී ඇත්තේ මහින්ද පිලේ නායකයා වූ දිනුර කළුපහනගේය. ඔහු ආදරවනත්යන්ගේ සටන ගැන කීවේ අපි හොඳ තරගයක් දෙනවා කියාය. පළමු දිනය අවසානයේ මහින්දය හොඳ තරගයක් දුන් බවක් එළිපිට නොපෙනුන ද, දෙවැනි දිනය අවසන් වූයේ මහින්දය රිච්මන්ඩ් පිළට හොඳ තරගයක් ලබා දෙමිනි.
The Mahindian ප්‍රධාන සිරස්තලය ඇත්තක් කළ දිනුර කළුපහන තරගයේ වැඩිම ලකුණු ලාභියා (124) වෙමින් ඇත්තටම හොඳ තරගයක් දුන්නේය. දැන් ඒ කතාව අවසන්ය. මේ තවත් හොඳ තරගයක් දෙන රිච්මන්ඩ්වරු ගැනය.
රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය සංගමය ද මෙවර රිච්මන්ඩ් පුවත් නමන් ඊ පුවත්පතක් එළි දැක්වුයේය. එහි මෙවර ප්‍රධාන සිරස්තලය වූයේ ටීම් එකේ එකොළහයි රිච්මන්ඩ්ලම හතර දෙනයි යනුවෙනි. එහි අන්තර්ගතය ද මැනවින් සැකසී තිබිණි.
Nalaka Jayasena අපේ සහෘදයා රිච්මන්ඩ් පුවත් ගැන පළ කළ අදහස කියවන විට ඊට සංස්කරණයෙන් දායක වූ පිරිස අතරේ Mihiri Fonseka/Bakthi Mendis/මාධ්‍ය සහෘදයන්ගේ නම් තිබීමෙන් මම වඩාත් සතුටට පත්වූයෙමි. එකම කන්තෝරුවේ අයියලා මල්ලිලා වූ අපි මහින්ද රිච්මන්ඩ් මහා ක්‍රිකට් තරගය නැරඹීමට කන්තෝරුවේ සිට ලක ලෑස්ති වී පැමිණි අතීතයක් අපට තිබිණි. ඒ උණ තාමත් අපට හොඳ කරන්න බැරි ය.
අවසානයේ මහින්ද රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය සංගම් දෙකටම දැන් නිල ඊ පුවත්පතක් පළ වීම ද ස්ථීර වී තිබේ. මා සමඟ මෙවර Ruwan Windsor, Dananjaya Panditha Sajith Anuranga Suranga Jayaweera සංස්කරණයෙන් දායක වූ අතර විද්‍යාලයේ විවාද කණ්ඩායම භාර ආචාර්ය නුවන් චතුරංග මහතා තොරතුරු සම්බන්ධීකරණයෙන් පූර්ණ සහයෝගය දැක්වී්‍ය.
ඉදිරියේ දී තවත් සංස්කාරක මඩුල්ලක් මෙම ඊ පුවත්පත ඉදිරියට ගෙනියනු ඇතැයි පුංචි බලාපොරොත්තුවක් තිබේ.
මහින්ද විද්‍යාලයීය ජනමාධ්‍ය කවයේ සහස පුවත්පතට අවුරුදු 25 වනවිට මෙවර රිච්මන්ඩ් විද්‍යාලයීය මාධ්‍ය ඒකකය රාජාලි සදෙස ද එළි දැක්වුයේය.
ඉතිං මහින්ද-රිච්මන්ඩ් සැමදා සැරදේ!