Bihidora

Bihidora Sinhala Knowledge Portal In Internet

01/04/2022

සමාජීය සහ ආර්ථික ප්‍රවෘත්ති වාර්තාකරනයට පිවිසෙමින් ලබන අප්‍රේල් තුන්වෙනිදා සිට දිවයින පුරා ප්‍රදේශ වල සිදුවන වැදගත් සිදුවීම් සමග බිහිදොර සිංහල නව මුහුනුවරකින් ඔබ වෙතට ගෙන ඒමට අප සූදානම්

අභව්‍යකාශයට යන වයස්ගතම පුද්ගලයාගේ, අභව්‍යකාශයට යන තරුණම පුද්ගලයාගේ සහ ලොව අංක එකේ ධන⁣වතෙකුගේ අභව්‍යකාශ ගමන සනිටුහන් වන B...
20/07/2021

අභව්‍යකාශයට යන වයස්ගතම පුද්ගලයාගේ, අභව්‍යකාශයට යන තරුණම පුද්ගලයාගේ සහ ලොව අංක එකේ ධන⁣වතෙකුගේ අභව්‍යකාශ ගමන සනිටුහන් වන Blue Origin NS-16 මෙහෙයුම අද සවස 6.30 සිට Blue Origin නිල යූටියුබ් නාලිකාව හරහා සජීවීව විකාශය කෙරේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රතම වරට සිංහලෙන් රොකට් දියත්කිරීමක සජීවී විකාශයක් ලෙස SEDS Mora විසින් විසින් NS-16 දියත්කිරීමේ සජීවී විකාශය සිදුකරයි. Bihidora අපිත් මෙම අභව්‍යකාශ ගමන පිළිබඳ සම්පූර්න විස්තරයක් ලබාදෙන දේශනයක් සහ Watch Party එකක් සිදුකරන අතර එය අද සවස හයේ සිට ක්ලබ්හවුස් අවකාශයේදී ආරම්භ කිරීමට සැලසුම් යොදා ඇත.

❤️🚀🇱🇰

ජෙෆ්ගේ අභව්‍යකාශ ගමනට අඩහෝරවකට පෙර ආරම්භය සිදුවන අතර Blue Origin සමාගමේ අනාගතය, Blue Origin HLS වැනි දෑ කතාකිරීමට බලාපොර...
17/07/2021

ජෙෆ්ගේ අභව්‍යකාශ ගමනට අඩහෝරවකට පෙර ආරම්භය සිදුවන අතර Blue Origin සමාගමේ අනාගතය, Blue Origin HLS වැනි දෑ කතාකිරීමට බලාපොරොත්තු වෙමු ❤️✌️

Inspiration4Inspiration4 යනු මෙම වසරේ සැප්තැම්බර් මස දියත් කිරීමට නියමිත Dragon මෙහෙයුමකි. SpaceX ආයතනයෙන් දියත් කරන මෙම...
15/07/2021

Inspiration4

Inspiration4 යනු මෙම වසරේ සැප්තැම්බර් මස දියත් කිරීමට නියමිත Dragon මෙහෙයුමකි. SpaceX ආයතනයෙන් දියත් කරන මෙම මෙහෙයුමට සහබාගී වන්නන් සියල්ල සිවිල් පුද්ගලයන්ය. මෙම මෙහෙයුම සඳහා ගගනගාමීන් තෝරාගනු ලැබුවේ දිනුම් ඇදීමකින් වන අතර මෙහෙයුමේ නායකයා වන ජෙරඩ් අයිසැක්මන් විසින් මෙම මෙහෙයුම සඳහා සිදුවන වියදම් දරයි. Hayley Arceneaux, Christopher Sembroski සහ Sian Proctor යන අය දිනුම් ඇදීම මගින් මෙම මෙහෙයුම සඳහා තේරීපත්වී ඇති අතර ඔවුන් මාස කිහිපයක සිට මෙම මෙහෙයුම සඳහා පුහුණුවීම් කටයුතු සිදුකර ඇත. මෙහෙයුම සිදුකරන Crew Dragon Resilience යානයේ Docking Port එක ඉවත්කොට වීදුරු කවුලුවක් සවිකොට මෙම අත්දැකීම නවතම මානයකට ⁣ගෙනයාමටද SpaceX ඉංජිනේරු කණ්ඩායම සමත් වී ඇත. Dragon යානය Low Earth Orbit එකකට පිවිස දින තුනක කාලයක් ගතකොට නැවත පෘතුවියට ඇතුල් වී ගොඩබෑමට නියමිතය.

CS50 යනු හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් එහි ශිෂ්‍යන්ට සිදුකරන පරිගණක විද්‍යාව පිළිබඳ වැඩසටහනකි. මෙහිදී පරිගණක විද්‍යාවේ ම...
14/07/2021

CS50 යනු හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් එහි ශිෂ්‍යන්ට සිදුකරන පරිගණක විද්‍යාව පිළිබඳ වැඩසටහනකි. මෙහිදී පරිගණක විද්‍යාවේ මූලික සංකල්ප වල සිට සංකීර්ණ පරිගණක වැඩසටහන් නිපදවන ආකාරය දක්වා ඉගැන්වීම් සිදුකරයි.
කොරෝනා වෛර⁣සයේ ආරම්භයත් සමග එම විශ්ව විද්‍යාලය විසින් මෙම වැඩසටහන ලොව ඕනෑම අයෙකුට නැරඹිය හැකි ලෙස සකස් කර ඇත. Youtube මගින් සහ EDX වෙබ්අඩවිය මගින් මෙම CS50 වැඩසටහන නොමිලේ විකාශය කරන අතර EDX.ORG වෙබ් අඩවිය මගින් අමතර ඩොලර් 200ක මුදලක් ගෙවා වැඩසටහන අවසානයේදී පිළිගත් සහතික පත්‍රයක් ලබාගත හැක.

Tesla සමාගමේ මීළඟ පරපුරේ Model X සහ S මෝටර් රථ සඳහා AMD Ryzen APUs භාවිත කරන බව AMD සමාගම විසින් Computex21 ප්‍රදර්ශනයේද...
01/06/2021

Tesla සමාගමේ මීළඟ පරපුරේ Model X සහ S මෝටර් රථ සඳහා AMD Ryzen APUs භාවිත කරන බව AMD සමාගම විසින් Computex21 ප්‍රදර්ශනයේදී හෙලිකලා.

මැයි 26 වැනිදා සුපිරි සඳ අවස්ථාවේදී අන්තර්ජාතික අභව්‍යකාශ මධ්‍යස්ථානයේ සිට ගන්නා ලද ඡායාරූපයක්
30/05/2021

මැයි 26 වැනිදා සුපිරි සඳ අවස්ථාවේදී අන්තර්ජාතික අභව්‍යකාශ මධ්‍යස්ථානයේ සිට ගන්නා ලද ඡායාරූපයක්

චීන අභව්‍යකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වන තවත් කොටසක් අද චීනය විසින් දියත් කල අතර එය දියත් කලේ Long March 7 රොකට්ටුවකයි. අදි...
29/05/2021

චීන අභව්‍යකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වන තවත් කොටසක් අද චීනය විසින් දියත් කල අතර එය දියත් කලේ Long March 7 රොකට්ටුවකයි. අදියර දෙකකින් සමන්විත රොකට්ටුව මගින් පෙර සිදුවූවාක් මෙන් ප්‍රශ්නයක් ලෝක ප්‍රජාවට සිදුනොවනු ඇත.

The Grand Final2017 දී නාසා ආයතනය විසින් දියත් කල Cassini අභව්‍යකාශ යානාවේ ඉන්ධන අවසන් වූ පසු සෙනසුරුගේ Orbit එකෙන් Deor...
29/05/2021

The Grand Final

2017 දී නාසා ආයතනය විසින් දියත් කල Cassini අභව්‍යකාශ යානාවේ ඉන්ධන අවසන් වූ පසු සෙනසුරුගේ Orbit එකෙන් Deorbit වීම ඩිජිටල් සිත්තරෙකුගේ ඇසින්

Astronaut In The OceanSpaceX Crew-2 මෙහෙයුමේ නියමු මේගන් මැක්ආතර් මූලිකව හදාරා ඇත්තේ සාගර විද්‍යාව වේ. එමෙන්ම Crew Demo-...
27/05/2021

Astronaut In The Ocean

SpaceX Crew-2 මෙහෙයුමේ නියමු මේගන් මැක්ආතර් මූලිකව හදාරා ඇත්තේ සාගර විද්‍යාව වේ. එමෙන්ම Crew Demo-2 මෙහෙයුමේ නියමු බොබ් බැන්කන්ගේ බිරිඳ වන්නේද මේගන්ය.

A-76 අයිස් කුට්ටියඇන්ටාක්ටිකාව පෘථිවිය මත පිහිටා ඇති පාවෙන අයිස් කුට්ටි වලින් විශාල ප්‍රතිශතයකට නිවහන වෙයි. මුහුදු ජලය ම...
20/05/2021

A-76 අයිස් කුට්ටිය

ඇන්ටාක්ටිකාව පෘථිවිය මත පිහිටා ඇති පාවෙන අයිස් කුට්ටි වලින් විශාල ප්‍රතිශතයකට නිවහන වෙයි. මුහුදු ජලය මත පාවෙන දූපත් මෙන් වූ විශාල භූමියක මෙම අයිස් පර්වත පැතිරී ඇත. වෙඩල් මුහුද ආශ්‍රිතව පිහිටා ඇති ronne ice shelf යනු වර්ග කිලෝමීටර් 430000ක් විශාල පාවෙන අයිස් කුට්ටියකි. මෙම ice shelf නිර්මාණය වන්නේ ගොඩබිමක ඇති ග්ලැසියර් මුහුදට තල්ලු වී ඒමෙනි. රොන් ඇන්ටාක්ටිකා කලාපයේ ඇති දෙවෙනි විශාලතම අයිස් භූමියයි.

මෙම විශාල අයිස් පර්වත මඟින් කුඩා(සාපේක්ෂව) ප්‍රමාණයේ අයිස් කුට්ටි කැඩී මුහුදට එක් වීම සිදු වේ. මෙය චක්‍රීය ක්‍රියාවලියක් ලෙස නොනවත්වාම සිදුවන්නකි. මෙසේ වෙන්වීම සිදුවූ ආසන්නතම අයිස් කුට්ටිය A-76 යි. A යනුවෙන් හැඳින්වෙන්නෙ antarctica යන්නයි. මෙම අයිස් කුට්ටිය දිගින් කිලෝමීටර් 170 හා පළලින් කිලෝමීටර් 25 පමණ යෝධ අයිස් කුට්ටියකි. වාර්තාවලට අනුව එසේ වෙන්වීම සිදුවූ විශාලතම අයිස් කුට්ටියද මෙයයි.

මෙම අයිස් වෙන්වී ගොස් දියවීමෙන් මුහුදු ජල මට්ටමේ ඉහළ යෑමක් අපේක්ෂා නොකරයි. මන්ද මෙම අයිස් වෙන්වීමට පෙරද මුහුදේ පාවෙමින් තිබුණු නිසාවෙනි. නමුත් ග්ලැසියර් හා අනෙකුත් ගොඩබිම් අයිස් දියවීම ඍජුවම සාගර ජල මට්ටම ඉහළ යෑමට බලපායි.

- Seniru Bandara ( )

අභව්‍යකාශ ඉතිහාසෙදි ගත්තු වාසනාවන්තම ඡායාරූප වලින් එකක්මේ තියෙන්නේ UP Aerospace Inc. සමාගම විසින් 2015 දි දියත් කරපු SL-...
20/05/2021

අභව්‍යකාශ ඉතිහාසෙදි ගත්තු වාසනාවන්තම ඡායාරූප වලින් එකක්

මේ තියෙන්නේ UP Aerospace Inc. සමාගම විසින් 2015 දි දියත් කරපු SL-10 කියන සබ්ඔර්බිටල් රොකට්ටුවෙන් ගත්තු ඡායාරූපයක්. ඡායාරූපයක් කීවට මේක රොකට්ටුවට සම්බන්ධ කරල තිබ්බ High Frame Rate එකක් තියෙන GoPro කැමරාවකින් ලබාගත්තු වීඩියෝවක Frame එකක්. මේක CGI වගේ පෙනුනට මේක ඇත්තටම වෙච්ච දෙයක්. කිසිම භාහිර බලයක් නොමැතිව චලනය වන කැමරාවක් හරිම වෙලාවට හරිම Frame එකට එකතු උන එක පුදුම සහගත දෙයක්. රොකට්ටුවේ ස්ටේජ් කිහිපයක GoPro කැමරා සවිකරල තිබ්බ නිසා බොහොම අපූරු වීඩියෝ එකක් ලබාගන්න රොකට් එක අයිති සමාගමට පුලුවන් උනා. ඒ වගේම මේ වීඩියෝ එක GoPro සමාගම මගින් GoPro Award එක සඳහාත් තෝරගෙන තිබනා

Address


Alerts

Be the first to know and let us send you an email when Bihidora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share