LANKA Dissent

  • Home
  • LANKA Dissent

LANKA Dissent sri lankan political news & gossip web site for people
local news & gossips with photos Videos & features
local news from sri lanka peoples
better for

මහින්ද අගමැති කරන්න විශ්ව විද්‍යාල ආචාරවරු පිරිසකගෙන් අලුත් සංගමයක්රටේත් ජාතියේත් සුරක්ෂිතබව උදෙසා සහ දේශපාලන ස්ථාවරත්වය...
23/07/2015

මහින්ද අගමැති කරන්න විශ්ව විද්‍යාල ආචාරවරු පිරිසකගෙන් අලුත් සංගමයක්

රටේත් ජාතියේත් සුරක්ෂිතබව උදෙසා සහ දේශපාලන ස්ථාවරත්වය සදහා අගෝස්තු 17 දින මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්විය යතු බවත් ඒ සදහා සිය උපරිම දායකත්වය දැක්විය යුතු බවත් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වූ විශේෂ මහා සභා රැස්වීමේ දී ඒකමතිකව තීරණය කරනු ලැබීය. එම යෝජනාව මහාචාර්ය විශේෂඥ වෛද්‍ය සිසිර සිරිබද්ධන සභාවට ඉදිරිපත් කල අතර සියලු දෙනා අත් ඔසවා ඒ සදහා අනුමැතිය පල කරන්න ලදි.

එදින පැවති නිලවරනයේදී පහත නිලධාරී මණ්ඩලය තේරී පත් විය.

සභාපති මණ්ඩලය

මහාචාර්ය සුදන්ත ලියනගේ-ශ්‍රී ජයවර්ධනපුර වි.වි.
මහාචාර්ය විශේෂඥ වෛද්‍ය සිසිර සිරිබද්ධන- රජරට වි.වි.
ආචාර්ය ආරියරත්න හේරත්-පේරාදෙණි වි.වි.
මහාචාර්ය විශේෂඥ වෛද්‍ය එම්.ඩී. ලමාවංශ-පේරාදෙණි වි.වි.
ආචාර්ය ඉංජිනේරු ටී.ඩී .සී. පුෂ්පකුමාර-මොරටුව වි.වි.
විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි- රුහුණු වි.වි.
නීතීඥ රාජා ගුණරත්න- විවෘත වි.වි.
මහාචාර්ය මාලා අමරසිංහ-කැලණිය වි.වි.
ආචාර්ය කනේෂ් සුරේෂ් -නැගෙනහිර වි.වි.
මහාචාර්ය ලක්ෂ්මන් ජයරත්න -කොළඹ වි.වි.
ලේකම්- ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන-රජරට වි.වි.
උප ලේකම්- ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ- සබරගමුව වි.වි.
කැඳවුම්කරු- ජේෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන- පේරාදෙණි වි.වි.
භාණ්ඩාගාරික- විශේෂඥ වෛද්‍ය අචල ජයතිලක- වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය- කොළඹ වි.වි.

මහා සභාව අවසානයේ ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරු මාධ්‍ය හමුවකට සහභාගී වුහ.

මහින්ද පැරදුනේ ජනාධිපතිවරණයේදී තමන්ගේ ඡුන්දයත් මෛත‍්‍රීට දාපු නිසාද?මහින්ද  ප‍්‍රසිද්ධියේ මෛත‍්‍රීට තමාගේ  චන්දයත් දුන් ...
23/07/2015

මහින්ද පැරදුනේ ජනාධිපතිවරණයේදී තමන්ගේ ඡුන්දයත් මෛත‍්‍රීට දාපු නිසාද?
මහින්ද ප‍්‍රසිද්ධියේ මෛත‍්‍රීට තමාගේ චන්දයත් දුන් බව කියයි

පසුගියදා මැතිවරණ රැලියක් අමතමින් මහින්ද රාජපක්ෂ මහතා විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපති කරවීමට ඡන්දය පාවිච්චි කළ බව පවසා තිබේ.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ‘රනිල් හඳුන්වා දෙන්නේ මන්ද පෝෂණය ඉහළ යන ආර්ථිකයක්. මේකට ද අපි ඡන්දෙ දුන්නේ? මෙයාලට අපි ඡන්දෙ දුන්නෙත් නැහැනේ. අපි දුන්නේ මෛත්‍රීපාලට' යනුවෙනි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඉහත ප්‍රකාශය අනුව පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ තමාට ඡන්දය පාවිච්චි නොකර ඔහුගේ ප්‍රධාන විරුද්ධ වාදියාට ඡන්දය දී ඇත.

ජනාධිපති හා සුසිල් ප්‍රේමජයන්ත අතර දේශපාලන සම්මුතියක් !සුසිල්ට අගමැති හෝ නියෝජ්‍ය අගමැතිකම පොරොන්දුවේජනාධිපති මෛත්‍රීපා...
23/07/2015

ජනාධිපති හා සුසිල් ප්‍රේමජයන්ත අතර දේශපාලන සම්මුතියක් !
සුසිල්ට අගමැති හෝ නියෝජ්‍ය අගමැතිකම පොරොන්දුවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජනතා සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත අතර ඉදිරි පාර්ලිමේන්තුවේ අගමැතිධූරය සම්බන්ධයෙන් දේශපාලන සම්මුතියක් ඇති වී ඇති බව විශ්වාස කටයුතු දායක ආරංචි මාර්ග සඳහන් කර සිටී. එම දේශපාලන සම්මුතිය අනුව ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා සන්ධානය ජයග්‍රහණය කළ හොත් අගමැති ධූරය හිමිවනු ඇත්තේ එක්සත් ජනතා සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත වෙතය.

පසුගියදා සිරස නාලිකාව මෙහෙයවන ‘සටන' වැඩසටහනට පැමිණ ඇති සුසිල් ප්‍රේමජයන්තගෙන් අගමැති පත්කිරීම පිළිබඳ ප්‍රශ්නය සිරස නිවේදකයන් විසින් කෙලින්ම විමසූවත්, ඔහු ඊට පැහැදිලි පිලිතුරක් නොදී මගහැර ගොස් තිබේ. සිරස නිවේදකයන් පුන පුනා එම ප්‍රශ්නය සුසිල්ගෙන් ඇසුවද ඔහු කියා ඇත්තේ ‘තාම අපි දින්නෙ නෑනෙ. අපි ඒ වෙලාවට ඒක ගැන බලමුකො' කියාය.

ජනාධිපතිවරයා හා සුසිල් ප්‍රේමජයන්ත අතර ඇති වී තිබෙන දේශපාලන සම්මුතිය ප්‍රකාරව එක්සත් ජනතා සන්ධානය මැතිවරණයෙන් පරාජය වුවද ඉදිරියේදී ඇතිවන ජාතික ආණ්ඩුවක නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමට නියමිතව සිටින්නේ සුසිල් ප්‍රේමජයන්ත වෙතය. මෙවැනි තනතුරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවූවද ඉදිරියේදී පිහිටුවා ගනු ලබන ජාතික ආණ්ඩුවකදී අවශ්‍ය සංශෝධන සහිතව මෙකී නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධූරය පිහිටුවීමට නියමිතය.

මේ පිළිබඳව කලින්ම ඉව වැටී ඇති ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා තම නාම යෝජනා ඉල්ලා අස්කරගෙන එක්සත් ජාතික යහපාලන පෙරමුණට එක්වීම සඳහා තමාට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධූරය ලබාදිය යුතු බවට පූර්ව කොන්දේසියක් ඉදිරිපත් කොට ඇත. ඒ පිළිබඳව අගමැති හා ජනාධිපති සාකච්ඡා කිරීමෙන් අනතුරුව එසේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යධූරය ෆොන්සේකාට ලබා දිය නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇත්තේ ජනාධිපති හා සුසිල් ප්‍රේමජයන්ත අතර සම්මුතිය බිඳ දැමීමට නොහැකි නිසාවෙනි.

‘හොරා’ කියන්නේ ‘හොදම රාජ්‍ය නායකයාට’ යැයි මහින්ද කියයි.මේ දිනවල කැපී පෙනෙන පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂකයා වන මහින්ද රාජ...
23/07/2015

‘හොරා’ කියන්නේ ‘හොදම රාජ්‍ය නායකයාට’ යැයි මහින්ද කියයි.

මේ දිනවල කැපී පෙනෙන පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂකයා වන මහින්ද රාජපක්ෂත් රැස්වීමකදී මසුරං කතාවක් කියා තිබේ. ඒ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති රැස්වීමකදීය.

මහින්ද එහිදී හොරා යන්නට අලුත් නිර්වචනයක් හඳුන්වා දී තිබේ. ඔහු එය සොයාගෙන ඇත්තේ දික්වැල්ල ප්‍රදේශයෙන් හමුවී ඇති පුරාණ පොතකිනි. ඔහුට අනුව 'හොරා යනු හොඳම රාජ්‍ය නායකයා' ය.
මැකො යනු මැතිවරණ කොමසාරිස්වරයා මෙන්, ප්‍රාලේ යනු ප්‍රාදේශීය ලේකම් මෙන්, හොරා යනු හොඳම රාජ්‍ය නායකයාය.

ඒ අනුව හොරා යනු හොරකම් කරන පුද්ගලයා නොව හොඳම රාජ්‍ය නායකයාය.

විපක්ෂයද එම ප‍්‍රකාශයට අනුව අලුත් අදහසක් සෙමේ ඉදිරිපත් කරයි.

එනම් මහින්දට අනුව අපට හොඳම රාජ්‍ය නායකයන් අපට ඇතිපදම් සිටී. අමුතුවෙන් නිස්කාරණේ මැතිවරණ තියා තෝරාගැනීමට වුවමනා නැත. ඒ අනුව හොරා යනු හොරකම් කරන පුද්ගලයා නොව හොඳම රාජ්‍ය නායකයාය. ඒ අනුව මෙරට ඇති පදම් රාජ්‍ය නායකයන් සිටී. වැඩිපුරම රාජ්‍ය නායකයන් සිටින්නේ වැලිකඩ හිරගෙදරය. ඊට පසු මැගසින්, බෝගම්බර, අනුරාධපුර, මොනරාගල ආදී සිරගෙවල්වලය. මදාවි මහින්දට අනුව අපට හොඳම රාජ්‍ය නායකයන් අපට ඇතිපදම් සිටී. අමුතුවෙන් නිස්කාරණේ මැතිවරණ තියා තෝරාගැනීමට වුවමනා නැත.

අවසානයේ එක් දෙයක් කිවහැකිය. පසුගිය කාලයේ මදාවි මහින්ද සහ ඔහුගේ පවුල විසින් සිදුකළ දේවල්වල හැටියට හොඳම රාජ්‍ය නායකයා සහ හොඳම රාජ්‍ය නායකයාගේ පවුල වීමට තියා ඔවුන්ට ලංවීමටවත් මෙරට සිටින වෙනත් හොඳම රාජ්‍ය නායකයන් කිසිවෙකුට හෝ බැරිය. ඒ ඔහු හොරුන් අතර 'රජ හොරා' නිසාය. රජ හොරා යනුවෙන් යෙදුවේ අපහාසයට නොවේ, රජ හොරා යනු රටේ ජනතාව තේරූ හොඳම රාජ්‍ය නායකයා යන්නයි.

https://www.youtube.com/watch?v=P4MKH3QjGeo

වයඹ දී මහින්ද හා දයාසිරි අතර තියුණු මනාප පොරයක් !මහ මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගලට ඉදිරිපත්ව සිටි...
23/07/2015

වයඹ දී මහින්ද හා දයාසිරි අතර තියුණු මනාප පොරයක් !

මහ මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගලට ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා අතර තියුණු මනාප සටනක් ආරම්භවී ඇත.

පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී රාජපක්ෂවරුන්ගේ බාධක මධ්‍යයේ පවා, ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලබා ගත් දයාසිරි ජයසේකර මහතා, මෙවර ද තම මනාප සටන සාර්ථකව දියත්කර තිබේ.

'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වන පරිදි දයාසිරි ජයසේකර මහතාට හා ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ශ්‍රීලනිප නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද නොමසුරු අනුග්‍රහය ලැබී ඇත.

මහ මැතිවරණයෙන් පසු පිහිටුවන ජාතික ආණ්ඩුවේ ප්‍රබල ඇමතිධුර දෙකක් ඔවුන් දෙදෙනා වෙත ලබාදීමට ද ජනාධිපතිවරයා එකඟවී ඇතැයි ද පැවසේ.

කෙසේවුවද, කුරුණෑගල සන්ධාන ලයිස්තුවේ බොහෝ අපේක්ෂකයින්ගේ සහය හිමිවී ඇත්තේ, මන්ත්‍රී ධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා වෙතය. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහි පෙරමුණ ගෙන සිටියි.

පොලිසිය හා ගේම ඉල්ලූ  BMW සටන්කාරියව වීඩියෝ කළ පුද්ගලයාව පොලීසියෙන් හොයයිපසුගිය 13 වැනිදා රාත්‍රියේ මාලබේ, පිට්ටුගල ප්‍ර...
23/07/2015

පොලිසිය හා ගේම ඉල්ලූ BMW සටන්කාරියව වීඩියෝ කළ පුද්ගලයාව පොලීසියෙන් හොයයි

පසුගිය 13 වැනිදා රාත්‍රියේ මාලබේ, පිට්ටුගල ප්‍රදේශයේදී රථ වාහන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු සමඟ බහින්බස්වීමෙන් පසුව තලංගම පොලිසිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කාන්තාව ඊයේ (22) ඇප මත නිදහස් කෙරිණ.

ඒ ඊට අදාළ නඩුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී ය.

එහි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, අදාළ කාන්තාව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කරන ලෙස ය.

කිසියම් පුද්ගලයෙකු විසින් මෙම සිද්ධිය ජංගම දුරකතනයකින් රූගත කරනු ලැබ ඇති අතර පසුව එම වීඩියෝව සමාජ ජාල වෙඩ් අඩවිවලට මුදා හැර තිබිණ.

තුන්වැනි පාර්ශවයක් විසින් ඉදිරිපත් කර ඇති අදාල වීඩියෝව සාක්ෂි පනත අනුව වලංගු එක් නොවන බවට අධිකරණයට කරනු මතුවීමත් සමඟ අදාල වීඩියෝව ගන්නා ලද පුද්ගලයා සෙවීමට මෙවන විට පොලිසිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

https://www.youtube.com/watch?v=A3bNnvtVlEo

Woman fight with policemen

මහින්ද රාජපක්ෂ අකුරැුස්සේ දී පහරදීමට යෑම පිටරට නාලිකා පට්ට ගහයිඅකුරැස්ස බස්නැවතුම්පොළ අභියස පැවති එක්සත් ජනතා නිදහස් සන්...
23/07/2015

මහින්ද රාජපක්ෂ අකුරැුස්සේ දී පහරදීමට යෑම පිටරට නාලිකා පට්ට ගහයි

අකුරැස්ස බස්නැවතුම්පොළ අභියස පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලියට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැස්වීමට සහභාගි වී සිටි පාක්ෂිකයකුට පහරදීමට තැත් කිරීමේ සිද්ධියට දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද පුළුල් ප්‍රචාරයක් ලැබී ඇත.

හිටපු රාජ්‍ය නායකයෙක් ඒ ‍මොහොතේ හැසිරුණු ආකාරය ඇතුළත් වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේත්, ෆේස්බුක් ඔස්සේත් විසුරුවාහැර ඇති අතර සමහර රටවල රූපවාහිනී සේවාවන්වල සුවිශේෂී පුවතක් ලෙස එය වාර්තා කර ඇති බව වාර්තාවේ. ජාත්‍යන්තර නාලිකා රැුසක් මෙය නිතර නිතර ප‍්‍රචාරය කරමින් පට්ට ගහන බව වාර්තාවේ. එ් සදහා අප‍්‍රසාදය පලකරමින් ප‍්‍රතිචාර පැමිණෙන බවද වාර්ථාවේ.

මෙම රැස්වීම පෙරේදා (21) සවස 4.00ට ආරම්භවූ අතර එයට සහභාගිවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ ඇත්තේ සවස 5.30ට පමණය.

https://www.youtube.com/watch?v=RGWKAsPswFo

ජවිපෙ මැතිවරණ තේමා ගීතය එළියට එයි...පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙළ වූ ‘හෘද සාක්ෂි...
23/07/2015

ජවිපෙ මැතිවරණ තේමා ගීතය එළියට එයි...

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙළ වූ ‘හෘද සාක්ෂියේ සම්මුතිය’ එළිදැක්වීමේ විශේෂ මහා සමුළුව ඊයේ (22 දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති අවස්ථාවේදී, එම පක්ෂය විසින් මෙම මැතිවරණය වෙනුවෙන් තේමා ගීතයක් ද එළිදක්වනු ලැබිය.

මෙම අවස්ථාවට විද්වතුන්, බුද්ධිමතුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ හිටපු පරිපාලන නිලධාරින් රැසක් ද සහභාගි වී සිටියහ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සභාව ඇමතීමට පෙර හෘද සාක්ෂියේ සම්මුතිය ජාතික වැඩපිළිවෙළ එළිදක්වනු ලැබූ අතර එම අවස්ථාව සිංහල, දමිළ සංස්කෘතික උරුමය අනුව යමින් ජයබෙර හඬ මධ්‍යයේ සිදුකිරීම විශේෂත්වයක් විය.

මෙම සමුළුවට සමගාමීව ආරාධිත කතා තුනක් ද පැවැති අතර එම ආරාධිත කතා පිළිවෙළින් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන අබේරත්න, ආචාර්ය කේ. එස්. චන්ද්‍රබෝස්, ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර යන මහත්වරුන් පවත්වන ලදී.

පක්ෂයේ නායකයන් සහ දිස්ත්‍රික් නායකයන් වේදිකාවට කැඳවීමේදී නැඟුණු ඔල්වරසන් හඬින් මුළු ගෘහස්ථ ක්‍රීඩාගාරය ගිඟුම් දෙනු ලැබීය.

එයින් අනතුරුව පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සමුළුව ඇමතූ අතර සමුළුව නිමාවට පත්වූයේ ජාත්‍යන්තර ගීතය ගැයුමෙනි.


https://www.youtube.com/watch?v=8ykRzV25Wis =10

රංජන්ගෙන් ලන්සාට අභියෝගයක්මීගමුවේ කුඩු සදහා අත් අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලද පලාත් සභා මන්ත‍්‍රීවරයෙකු වූ නිමල් ලාන්ස...
23/07/2015

රංජන්ගෙන් ලන්සාට අභියෝගයක්

මීගමුවේ කුඩු සදහා අත් අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලද පලාත් සභා මන්ත‍්‍රීවරයෙකු වූ නිමල් ලාන්සා මීගමුව නගරය විනාශ කළ බවත්....

ඔහු හා ඔහුගේ පවුලේ අය කුඩු, ගංජා, හෙරොයින්, ගණිකා නිවාස, කුකුලන් කෙටවීම, කප්පම් ගැනීම වැනි සිද්දීන් ගණනාවකට සම්බන්ධ පවත්...

පාපැදියකින් ගමන් කරමින් ප‍්‍රාදේශීය සභාවට තරග කර ඔහුට අද වන විට මීගමුව වෙරලේ තට්ටු ගණනක හෝටලයක් ඇතුළු විශාල දේපොල ප‍්‍රමාණයක් හිමි වන්නේ කෙසේද කියාත් රංජන් ප‍්‍රශ්න කරයි...

එසේම කුඩු අත් අඩංගුවට ගැනීමට පැමිණි නිලධාරීන් පැමිණියේ බට් වාහන සෙවීමට බව නිමල් ලාන්සා මාධ්‍ය අමතමින් පැවසූවත්, බට් වාහන සෙවීමට එම නිලධාරීන් පැමිණියා නම් නිමල් ලාන්සාගේ නිවසේ අල්මාරි, ලාච්චු, කබඩ්, ඇද යට සොයා බැලුවේ වාහන ගැනද යන්වෙන් ප‍්‍රශ්න කරන රංජන්..

ලාච්චු අස්සේ වාහන දැමිය හැකිදැයි අසයි... එසේම ඉදිරියේදී මෙවැනි ජාවාරම්කරුවන් පැරදවීම වත්තල, මීගමුව හා ජා ඇල යහ පාලනය අගයන ජනතාවගේ වගකීම බවද ඔහු පවසයි...

වීඩියෝව පහතින් බලන්න....

https://youtu.be/vX8i6zHAs2U

Address


Alerts

Be the first to know and let us send you an email when LANKA Dissent posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share