Choco Heal by Sanch

Choco Heal by Sanch Choco Heal by Sanch✨
හිත සුවපත් කරන පුංචි මොහොතක්..🌸🎀
මිහිරි චොකලට් එක්ක🍫, උණුසුම් ආදරයත් අරන්..💞
එන්න, නිවෙන්න… ♡

චොකලට් වලින් ඇත්තටම අපේ හිතට සතුටක් සුවයක් දැනෙනවද..අපි චොකලට් කෑවම දැනෙන්නේ රසයක් විතරක්ද? 🍫🧐නැහැ…ඒ පුංචි චොකලට් කැබැල්...
21/08/2026

චොකලට් වලින් ඇත්තටම අපේ හිතට සතුටක් සුවයක් දැනෙනවද..

අපි චොකලට් කෑවම දැනෙන්නේ රසයක් විතරක්ද? 🍫🧐

නැහැ…
ඒ පුංචි චොකලට් කැබැල්ල අපේ රස, සුවඳ, මතක සහ මොළයේ reward system එක සමඟත් සම්බන්ධ වෙනවා.💫🌸

විශේෂයෙන් cocoa වල ඇති flavanols වැනි ස්වභාවික සංයෝග, මොළයේ ක්‍රියාකාරීත්වය සහ රුධිර ප්‍රවාහය සම්බන්ධයෙන් අධ්‍යයනය කර තිබෙනවා. සමහර පර්යේෂණවල cocoa-rich foods mood එකටත් positive effects පෙන්වා තිබෙනවා.

ඒත් චොකලට් කියන්නේ ඖෂධයක් නෙවෙයි.

සමහරවිට එහි ලස්සනම දේ තමයි…
අපිට විනාඩි කිහිපයකට නවතින්න,ඇස් වහගෙන රසවිඳින්න, හුස්මක් ගන්න ඉඩක් දෙන එක…🤎🍂

ඒ පුංචි මොහොත තුළින් හිතට ලැබෙන සැනසීම, උණුසුම සහ සතුට ගැන හිතද්දී තමයි “Choco Heal” කියන නම අපේ හිතට ආවේ.

Choco — අපි ආදරයෙන් රසවිඳින chocolate එක. 🍫✨
Heal — අපේ හිතට පුංචි නිවීමක්, සැනසීමක් සහ සතුටක් ගෙන එන ඒ මොහොත. 🍃✨

අපි පොරොන්දු වෙන්නේ
චොකලට් එකකින් ඔබේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න නෙවෙයි…

ඒ හැමදේම අතරින්,
ඔබට මොහොතකට නවතින්න පුළුවන් තැනක් වෙන්නයි. 🤎

ඒ නිසයි අපි එයට “Choco Heal” කියලා නම තැබුවේ.

Chocolate for a little moment of comfort.

Choco Heal by Sanch
එන්න, නිවෙන්න… ♡

Choco Heal by Sanch අපේ පුංචි වෙනස💫✨වෙළඳසැලකින් මිලදී ගන්නා chocolate එකක් සාමාන්‍යයෙන් විශාල පරිමාණයෙන්, දිගු shelf lif...
18/08/2026

Choco Heal by Sanch අපේ පුංචි වෙනස💫✨

වෙළඳසැලකින් මිලදී ගන්නා chocolate එකක් සාමාන්‍යයෙන් විශාල පරිමාණයෙන්, දිගු shelf life එකක් සහ consistent production එකක් අරමුණු කරගෙන නිෂ්පාදනය කරනවා.

නමුත් අපගේසෑම Handmade chocolate එකක්ම රසවත් බව පමණක් නොව, එය ඔබ වෙත පැමිණෙන ආකාරය පිළිබඳවත් අපි සැලකිලිමත් වෙමු.

හෙද වෘත්තියේදී මට ඉගෙනගන්න ලැබුණු පිරිසිදුකම, සනීපාරක්ෂාව, වගකීම සහ සැලකිල්ල මගේ chocolate සැකසීමේදීත් මම එකතු කරගෙන යනවා.

ඒ නිසා විශේෂත්වය වන්නේ

🤎 තෝරාගන්නා අමුද්‍රව්‍ය
භාවිත කරන chocolate, nuts, flavours සහ අනෙකුත් ingredients ගැන වැඩි අවධානයක් ලබා දීම.

🤎 අලුත් බව
කුඩා batch වලින් නිෂ්පාදනය කරන විට, දිගු කාලයක් ගබඩා කර තැබීම වෙනුවට නැවුම්ව ලබාදීමට හැකියාව තිබීම.

🤎 අමුද්‍රව්‍ය පිළිබඳ පැහැදිලි බව
අප විසින් භාවිත කරන ingredients සහ recipe එක පිළිබඳව පාරිභෝගිකයාට වඩාත් පැහැදිලිව දැනගත හැකියි.

🤎 පුද්ගලික අවධානය
සෑම chocolate එකක්ම අතින් නිමවන නිසා, හැඩය, filling, decoration සහ packaging වැනි දේවල් සඳහා වැඩි අවධානයක් ලබාදිය හැකියි.

🤎 Hygiene & Safety
Handmade කියන වචනයෙන්ම ආහාරය ආරක්ෂිතයි කියලා අදහස් වෙන්නේ නැහැ. පිරිසිදු උපකරණ, පිරිසිදු වැඩ පරිසරය, නිසි අත් සනීපාරක්ෂාව, නිවැරදි storage සහ food-safe ingredients භාවිත කිරීම තමයි ආරක්ෂාව තීරණය කරන්නේ.



🌿 එහෙනම් Choco Heal අපිට අනුව handmade කියන්නේ “අතින් හදපු නිසා හොඳයි” කියන්න විතරක් නෙවෙයි.

handmade කියන්නේ
තෝරාගැනීමේදී අවධානය,
නිම කිරීමේදී සැලකිල්ල,
සහ ඔබ වෙත ලබාදීමේදී ආදරය ද
එකතු කල නිසා..🎁

Choco Heal by Sanch 🍫🤍
Made with care✨Shared with love.💕

පොඩ්ඩක් ඉන්න❗️චොකලට් කනවා නේද? දන්නවාද මොනවාද ඒවා ඇතුලේ තියෙන්නේ කියලා...ඉතිං අද ඒ ගැන කතා කරමු.🤍 White Chocolate*අන්තර්...
18/08/2026

පොඩ්ඩක් ඉන්න❗️
චොකලට් කනවා නේද? දන්නවාද මොනවාද ඒවා ඇතුලේ තියෙන්නේ කියලා...
ඉතිං අද ඒ ගැන කතා කරමු.

🤍 White Chocolate

*අන්තර්ගතය:
•Cocoa butter – කොකෝවා බීජයෙන් ලබාගන්නා ස්වභාවික මේදය
•Milk solids / Milk powder – කිරිවලින් ලැබෙන කොටස්
•Sugar – සීනි
•Milk fat – කිරි මේදය
•Vanilla / vanilla flavouring – රසය සහ සුවඳ සඳහා
•සමහර නිෂ්පාදනවල lecithin වැනි emulsifier එකක්
* ඒ නිසා dark chocolate වල තියෙන cocoa flavanols (කොකෝවා වල ස්වභාවිකව ඇති ශාක සංයෝග,antioxidant ගුණ ඇති සංයෝග වගේ සංයෝග)ඉතා අඩුයි.
* රසය මෘදුයි, creamy, sweet.
* අවාසිය: සාමාන්‍යයෙන් sugar වැඩියි, ඒ නිසා එක්වරකදී ආහාරයට ගන්නා ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම වැදගත්.

🤎 Milk Chocolate

* අන්තර්ගතය:
•Cocoa solids – කොකෝවා බීජයේ ඝන කොටස
•Cocoa butter – කොකෝවා මේදය
•Milk powder / milk solids – කිරි කොටස්
•Sugar – සීනි
•Lecithin – මිශ්‍රණය හොඳින් එකට තබා ගැනීමට භාවිත කරන emulsifier
•Vanilla / flavouring – සමහර වර්ගවල

* මෙහි රසය මෘදු නිසා ගොඩක් අයට පහසුවෙන් රසවිඳින්න පුළුවන්.
* අවාසිය: added sugar (ආහාරය නිෂ්පාදනය කරන විට අමතරව එකතු කරන සීනි )ප්‍රමාණය වැඩි විය හැකි අතර, cocoa ප්‍රමාණය dark chocolate වලට වඩා අඩුයි.

🖤 Dark Chocolate

*අන්තර්ගතය:
•Cocoa solids – ප්‍රධාන cocoa කොටස
•Cocoa butter – කොකෝවා මේදය
•Sugar – ප්‍රමාණය brand එක සහ cocoa percentage එක අනුව වෙනස් වෙනවා
•Vanilla / flavouring – සමහර වර්ගවල
•Lecithin – සමහර නිෂ්පාදනවල

* Cocoa ප්‍රතිශතය වැඩි වන විට සාමාන්‍යයෙන් sugar අඩු වේ (නමුත් හැම brand එකකම එහෙමම නොවන නිසා label එක බලන්න.)
* සාමාන්‍යයෙන් milk solids නොමැති හෝ ඉතා අඩු නිසා cocoa රසය තදයි.
* අවාසිය: calories/fat තවමත් සැලකිය යුතුයි. ඒ වගේම cocoa වල caffeine සහ theobromine තිබෙන නිසා වැඩිපුර කෑම හෝ රෑට කෑම සමහර අයට නින්දට බලපාන්න පුළුවන්.

(මෙම තොරතුරු handmade chocolate සැදීමේදී මා පරිශීලනය කොට ලබාගත් දැනුම ඇසුරින් බවත් යම් යම් වෙනස්කම් පැවතිය හැක් බවත් කරුණාවෙන් සලකන්න)

ඉතිං ඔයාගේ අරමුණ රසය නම් → White ,Milk 🤍🤎
ඔයාට වැඩි cocoa සහ සාමාන්‍යයෙන් අඩු sugar option එකක් ඕනේ නම් → Dark 🖤

රසවිඳින්න…
දැනුවත්ව තෝරගන්න…
Choco heal by Sanch✨💫

ඇත්තටම මොනවද මේ චොකලට්...🍫🍃අපි අද දන්නා චොකලට් කියන්නේ කකාවෝ (Cacao) ගසේ බීජවලින් නිපදවන මිහිරි ආහාරයක්.වසර 3,000කටත් පෙ...
01/08/2026

ඇත්තටම මොනවද මේ චොකලට්...🍫🍃

අපි අද දන්නා චොකලට් කියන්නේ කකාවෝ (Cacao) ගසේ බීජවලින් නිපදවන මිහිරි ආහාරයක්.

වසර 3,000කටත් පෙර, මධ්‍යම ඇමරිකාවේ මායා සහ ඇස්ටෙක් ශිෂ්ටාචාරවල මිනිසුන් කකාවෝ ඉතා වටිනා දෙයක් ලෙස සැලකූ අතර, එය උත්සවවලදී සහ විශේෂ අවස්ථාවලදී භාවිත කළා. එදා ඔවුන් පානය කළේ අද වගේ මිහිරි චොකලට් එකක් නොවෙයි. එය කටුක රසැති පානයක්.

පසුව කකාවෝ යුරෝපයට පැමිණි අතර, සීනි සහ කිරි එකතු කිරීමත් සමඟ අද අපි ආදරයෙන් රසවිඳින චොකලට් බිහි වුණා.

අද චොකලට් කියන්නේ රසවත් ආහාරයක් විතරක් නොවෙයි…
ආදරය, සතුට, සැමරුම් සහ පුංචි සැනසීමක සංකේතයක් බවටත් පත් වෙලා.💞💫

මේ නිසාම Choco Heal හි අපි චොකලට් දකින්නේ කෑමක් විතරක් ලෙස නොව,
හැඟීම් බෙදාගන්න පුංචි මාර්ගයක් ලෙසයි. 🎀🤍

එන්න, නිවෙන්න… ♡

🍫 Welcome to Choco Heal by Sanch 🤍✨”ඔබ මෙහි පැමිණියේ චොකලට් සොයාගෙන විය හැකිය.නමුත්, ඔබ පිටව යන විට ඔබේ හිතට පුංචි නිවීම...
30/07/2026

🍫 Welcome to Choco Heal by Sanch 🤍

✨”ඔබ මෙහි පැමිණියේ චොකලට් සොයාගෙන විය හැකිය.
නමුත්, ඔබ පිටව යන විට ඔබේ හිතට පුංචි නිවීමක්ද රැගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු"✨

ඉතින් ඔව්,
Choco Heal කියන්නේ තවත් එක් චොකලට් වෙළඳ නාමයක් පමණක් නොවෙයි..

අපි දන්නවා
සමහර දවස්වල ජීවිතය ටිකක් බර වැඩියි.💫
ඒ වෙලාවට අපි හැමෝටම අවශ්‍ය වෙන්නේ ලොකු විසඳුමක් නෙවෙයි…

නිහඬ මොහොතක්,
උණුසුම් පානයක්,
මිහිරි චොකලට් කෑල්ලක්,
ඒ වගේම අපිව තේරුම් ගන්න පුංචි වචන කිහිපයක්..

ඒ හැඟීමෙන් තමයි Choco Heal උපත ලැබුවේ.

මෙතැන ඔබට හමුවෙන්නේ,
🍫 ආදරයෙන් නිමවූ චොකලට්,
🌿 හිත සනසන වචන,
☕ සාමකාමී මොහොතක්,
🤍 ඔබ වෙනුවෙන්ම වෙන් කළ පුංචි නිවීමක්.

ඉතින්…
චොකලට් රසවිඳින්න විතරක් නොවෙයි,

ටිකක් හෙමින් ජීවත් වෙන්නත්,
මනස සැහැල්ලු කරගන්නත්,
ඔබ ඔබටම ආදරය කරන්නත්…

මේ පුංචි ඉඩ ඔබ වෙනුවෙන්.

Choco Heal by Sanch 🤍🧚🏻‍♀️

එන්න, නිවෙන්න… ♡

Welcome to Choco Heal by Sanch.🍫💫

You may have come here looking for chocolate…

But we hope you leave with a little more peace than you arrived with.

Choco Heal is more than handmade chocolates.
It’s a gentle space filled with warmth, kind words, cozy moments, and little reminders to slow down.🌸✨

A place where sweetness isn’t only in the chocolate…
but also in the feelings we share.🍃☕️

Come, pause for a while. 🤍🧚🏻‍♀️

Come to heal..♡

ඔබ මෙහි පැමිණියේ චොකලට් සොයාගෙන විය හැකිය. නමුත්, ඔබ පිටව යන විට ඔබේ හිතට පුංචි නිවීමක්ද රැගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු...
30/07/2026

ඔබ මෙහි පැමිණියේ චොකලට් සොයාගෙන විය හැකිය. නමුත්, ඔබ පිටව යන විට ඔබේ හිතට පුංචි නිවීමක්ද රැගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු..💫✨

- Choco Heal by Sanch -🧚🏻‍♀️

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Choco Heal by Sanch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share