
16/08/2024
හිත රිදුනම දුක හිතුනම
Face book , whatsapp status දාගෙන
අවදානය හොයන්නෙ නැති මිනිස්සු ❤
තනිකමක් දැනුනම "අනේ මට තනියි නොකියා "
සිංදුවක් අහගෙන පාඩුවේ ඉන්න මිනිස්සු ❤
තමන් කවුද කියලා පෙන්නන්න ඕනි තරම් සාක්ශි තිබිලත් ...
" කව්රු මොනා හිතුවත් මට මොකද " කියලා
පැත්තකට උන මිනිස්සු 🥺
ලෝකේ හැල්මේ දුවද්දි ..
තමන්ගේ ගමන හේමීට තනියම යන මිනිස්සු ❤️
කාලයත් එක්ක වෙනස් උන
මිනිස්සු අතරේ
කාලයට වෙනස් වෙන්න දීලා
ඒ වෙනසට හැඩගැහුනු මිනිස්සු ..❤
අනුන්ගේ සතුට වෙනුවෙන්
පුලුවන් තරම් මහන්සි වෙලා
ස්තූතියක්වත් නැතුව පිටවුනු මිනිස්සු 💜️
ඕන තරම් අවස්ථාව තිබිලත්
"කමක් නෑ මේ ඇති" කියලා
හිත හදාගත්ත මිනිස්සු ❤
ලෝකෙටම කෑ ගහලා කියන්න ඕනි දේවල්
"වතුර කරාමයක් ඉස්සරහා
ඉකි ගගහා පිට කරපු මිනිස්සු .... 🥺
නිදහසට කරුනු එකට සීයක් කියන්න තරම්
අවස්ථාව තිබිලත්
වැරදිකාරයා වෙලා නිහඩ උන මිනිස්සු ....
💔
දන්නවා ද..
ගතින් මැරෙන්නත් කලින් හිතින් මැරිච්ච ඒ මිනිස්සු ...
ඕනි තරම් අපි අතර ඉන්නවා
හරි අපූරුවට හුස්ම ගන්න ...... !!!!!💜️💜️
KriZteena