Just Smile

Just Smile Share your smile with the world. It’s a symbol of friendship and peace.

සිරගෙයි තාප්පය උසට පිනුම් ගැසූ මලකටුවා ගුරුන්නාන්සේ.මුලු කළුතර දිස්ත්‍රික්කය පුරාම නම රැන්දූ ප්‍රසිද්ධ පිනුම් ශිල්පියෙක්...
01/09/2025

සිරගෙයි තාප්පය උසට පිනුම් ගැසූ මලකටුවා ගුරුන්නාන්සේ.

මුලු කළුතර දිස්ත්‍රික්කය පුරාම නම රැන්දූ ප්‍රසිද්ධ පිනුම් ශිල්පියෙක්, වස්කඩුවේ මලකටුවා ගුරුන්නාන්සෙ. මල්කටුවා ගුරුන්නාසේ කිව්වට ඔහුගේ නියම නම කවුරුත් දන්නෙ නැතිලු. මල්කටුවා ගුරුන්නාන්සෙගෙ ඉතා විශිෂ්ඨ නැටුම් ශිල්පියෙක්. ගම්මඩුවල නටන්න දක්ෂයෙක් හැටියට ඔහු ගැන නොදන්න කෙනෙක් නැ කියලා තමයි සඳහන් වෙන්නෙ. කුඩා කල සිටම නැටුම් ශිල්පිය පුරුදු පුහුණු වුනු මොහු වැඩියෙන්ම ප්‍රසිද්ධ පිනුම් ශිල්පියෙක් හැටියට.

නමුත් මොහු තරුණ වයසෙ සිටම "නාහෙට අහන්නෙ නැති" දඩබ්බර චරිතයක්. රණ්ඩුවක් කොතැනද මලකටුවා එතැනලු. කොහොම නමුත් ලොකු රණ්ඩුවකට මැදිහත් වෙලා හිරේට නියම වෙලා තියෙනවා. නමුත් ඔහු හොඳ කල්ක්‍රියාවෙන් හිරගෙදර කාලය ගතකරලා තියෙනවා. අනිත් හිරකරුවන් එක්කත් හොඳ සමගියෙන් ඉඳලා තියෙනවා.

දිනක් හිරගෙදර ලොක්කා සිරකරුවන්ගේ දුක සැප විමසන්නට ඇවිල්ලා. මලකටුවා එක්කත් කතා කරලා තියෙනවා. පැමිණිලි තියෙනවද කියලා ඇහුවම කිව්වලු පැමිණිලි තිබුණානම් මෙලහකට හිරෙන් පැනලා කියලා. මෙයාගෙ කතාව අහපු ලොක්කා සමච්චලයට ඇහුවලු මෙච්චර උස තාප්ප දාලා ආරක්ෂාව තර කරලා තියෙන හිරගෙදරකින් කොහොමද පනින්නෙ කියලා. උත්තරය දුන්නලු තාප්පෙට පිම්මක් ගහලා කියලා. ලොක්කා හිතලා තියෙන්නෙ මුන්දැ කයිවාරු ගහනවා කියලා. "හා එහෙනම් පිම්ම ගහලා පෙන්නනවකො" කියලා ලොක්කා අවසර දීලා.

මලකඩුවා ගුරුන්නාන්සෙ නර්තන විලාශයෙන් දුවගෙන ඇවිත් ශරීරය උඩට උස්සලා වට දෙකක් කැරකිලා ගැහුවලු පිනුමක් තාප්පෙ උඩට. දැන් සියල්ලොම පුදුම වෙලා කතාකරගන්නවත් බැරිව බලාගෙන ඉන්නවා. මලකඩුවා ලොක්කාගෙන් අහනවලු ඊළඟ පිනුම ගහන්න ඕනෙ තාප්පෙන් එළියටද, ඇතුලටද කියලා අන්දුන් කුන්දුන් වුන ලොක්කා කිව්වලු "ගහපන් පුතා ඇතුලට" කියලා. ලොක්කා කොච්චර පුදුමයට පත්වුනාද කිව්වොත්, "උඹ නම් නියම මලකටුවෙක්" කියලා ගුරුන්නාන්සෙව බදාගත්තලු. මලකටුවා කියන නම පටබැඳුනේ ඊට පසුවලු.

ඉන්පසු හිරෙන් නිදහස්ව ආ ඔහු ගම්මඩු, දෙවොල් මඩුවල පිනුම් ශිල්පියෙක් හැටියට වැඩ කටයුතු කරාලු. ලංකාවේ හිටිය දක්ෂතම පිනුම් ශිල්පියා ලෙස ඔහු ප්‍රසිද්ධ වුනාලු.

අන්තර්ජාලයේ පලවුනු
දිසාපති පන්හිඳ - සුනිල් කන්නන්ගර මහතාගේ ලිපිය ඇසුරින් මෙය සකස් කරන ලදි.

Chandaranayana Soysa ✍️
________________________
(උපුටා ගැනීමක්)

මේ  කාන්තාව  විවාහ  වෙනකොට මේ පුද්ගලයට  රැකියාවක්  තිබිලා නැහැ....නමුත් මේ කාන්තාව තමයි  අවුරුදු පහළොවක් තිස්සෙ මේ  සියල...
31/08/2025

මේ කාන්තාව විවාහ වෙනකොට මේ පුද්ගලයට රැකියාවක් තිබිලා නැහැ....නමුත් මේ කාන්තාව තමයි අවුරුදු පහළොවක් තිස්සෙ මේ සියල්ලම විඳ දරාගෙන වියපැහැදම් කරලා තියෙන්නේ......
හැබැයි බැරිම තැන ඇය දික්කසාද වෙලා තියෙනවා ඔහුගෙන්...

හැබැයි දික්කසාදයෙන් මාසයක් ගතවෙන කොට මේ පුද්ගලයා ඩොලර් මිලියන 273ක ලොතරැයි ත්‍යාගයක් දිනාගන්නවා....😁

දැන් කොහොම දැනෙනවා ඇද්ද වයිෆ්ට...😊හිටපු වයිෆ්...🥴
බලාගෙන ගියාම හෙනේට හිටලා තියෙන්නෙ ගෑනිම තමයි..🙆😇

😁😁😁😁😁

Copied

31/08/2025

මම ඉස්සර වැඩකරපු ඔෆිස් එහෙකට අලුත් කෙනෙක් ආවා. අපේ position එකටම.

අපි වැඩ පටන් ගන්නේ 9.00 ට. කලින් ආවොත් පහල cafe එකේ කතා කර කර ඉන්නවා මිසක් seat එකට එන්නේ නෑ.
නමුත් මෙයා 8.00 ට වැඩට ඇවිල්ල වැඩ කරන්න පටන් ගත්තා. සමහර දවස් වලට ඊටත් කලින් එනවා.

අපි 12.30 ට lunch එකට යනකොට, මෙයා.. ඔයාල යන්න මම තව වැඩ ටිකක් තියෙනවා ඉවර කරලා එන්නම් කියල ලන්ච් වෙලාවෙත් වැඩ කරනවා.
එයා ලංච් එක skip කරලා වැඩ කරන වග අපිට පෙනුනා.

ඊට පස්සේ අපි 5.00 ට ඔෆ් වෙලා යනකොටත් මෙයා වැඩ
අරෙහෙ දුවනවා මෙහෙ දුවනවා. බොස් අද මේ වැඩේ ඉවර කරන්න කිව්වා අනේ . ඔයාල යන්න මම මේක කරලා දාලම එන්නම් කියල.

ඊට පස්සේ මෙයා වැඩ ගෙදර ගෙනියන්නත් පටන් ගත්තා
සෙනසුරාදා වැඩ කරලා සෙනසුරාදා හවස email එවන්න පටන් ගත්තා (ඕස්ට්‍රේලියාවේ ඔෆිස් වල සතිඅන්තයේ වැඩ කරන්නේ නෑ)
ඉස්සර මැනේජර් ල කාර්යාල වේලාවෙන් පිටත එවන email වලට අපි reply කරන්නේ පහුවෙනිදා වැඩට ගියාම
මෙයා මහ රෑත් email වලට reply කරන්න පටන් ගත්තා

ඔය අස්සේ ඔෆිස් move එකක් තිබ්බා. අපි මේක කරමු අනේ කියල මෙයා පැනලා පුටු මේස පෙට්ටි උස්සන්න ගත්තා
සාමාන්‍යයෙන් ඒවා කරන්නේ movers ල. අපි කරන්න ඕන අපේ දේ pack කර තැබීම පමණයි. ඊට පස්සේ ඔෆිස් ටයිම් එකෙන් පස්සේ movers ල ඇවිල්ල ඒවා අලුත් තැනට ගෙනියනවා.

ඊට පස්සේ මෙයා තමන්ගේ PD එකේ නැති අනුන්ගේ වැඩත් කරන්න පටන් ගත්තා. කෙනෙක් දවසකට දෙකකට නිවාඩු ගිහිල්ල නම් මෙයා පැනලා ඒවා කරන්න ගත්තා. කරනවා විතරක් නෙවෙයි. ඔන්න බොස් මම පැයෙන් වැඩේ ඉවර කළා. මොකද දන්නේ නෑ Emily මේකට දවසක් ගත්තේ කියල පාරම් බාන්නත් පටන් ගත්තා.

ක්‍රමයෙන් රැකියා ස්ථානය වෙනස් වෙමින් යන වග අපිට තේරුනා.
ඉස්සර 8-9 දක්වා මිටිං schedule නොකරපු බොස් ල දැන් දැන් එහෙම කරන්න පටන් ගත්තා.
Sorry මම 9.00 ට වැඩ පටන් ගන්නේ කිව්වොත් ඔවුන්ගේ මුහුණු නරක් වෙන වග අපිට පෙනුනා.

ඉස්සර පහුවෙනිදට email එකකට reply කිරීම acceptable උනාට දැන් දැන් රෑ උනත් ඔවුන් reply එකක් බලා පොරොත්තු වන වග තේරුනා.

වැඩ වැඩියෙන් දීලා , අපි ඒවා ගෙදර ගිහිල්ල , නැතිනම් සති අන්තයේ කරලා ඉවර කරයි කියන බලාපොරොත්තුවක් ඔවුන්ට ඇති වී තියෙන වග පෙනුනා.
එහෙම නොකර Sorry boss , වෙලාවක් තිබ්බේ නෑ කිව්වම බොස් ගේ මුහුණේ ඇඳෙන අසතුටුදායක බැල්ම වැඩි වුනා.

12.30 ට කෑමට යෑම ත් නතර වුනා . බොස් ලා ඒ වෙලාවෙත් මිටින් schedule කරන්න පටන් ගත්තා. 1.30 ට විතර ඒවා ඉවර උනාම ඇතිවෙන කාර්යබහුල තත්වය යටතේ ඊට පසුවත් ලන්ච් එක skip කරලා වැඩ කරන්න බොහෝ අයට සිදු උනා.

ඊළඟ move එකේදී මේස , පුටු , පෙට්ටි අදින්න උනේ අපිටමයි. ඒ සඳහා මුදල් වැය කර movers ලා ගැනීම රැකියා ස්ථානය ප්‍රතික්ෂේප කළා. ගිය සැරේ ඔයාල කරා නම් මේ සැරේ බැරි මොකද කියා ඇහුවම කියන්න දෙයක් අපිට තිබ්බේ නෑ.

Emily කලේ රිපෝර්ට් හදන එක. databases අටෝරාසියක් query කරලා රිපෝර්ට් එක generate වෙන්න යන්නේ පැයයි තමා. නමුත් ඉන්පසු ඇය එහි දත්ත නිවැරදි දැයි වෙනත් sources සමග සංසන්දනය කරමින් පරික්ෂා කළා . අවශ්‍ය නිවැරදි කිරීම් කළා. ඒකයි ඇයට සැහෙන වෙලාවක් ගියේ. නමුත් අලුත් කෙනා ඒක දැනසිටියේ නෑ. එයා තමන් පැයෙන් generate කරපු රීපෝර්ට් එක පෙන්නලා Emily slacker කෙනෙක් විදියට ප්‍රතිරූපයක් මැනේජ්මන්ට් එක ඉස්සරහ පෙන්නපු නිසා ඊළඟ corporate restructure එකේදී Emily ගේ රස්සාව නැති උනා. Emily වාද විවාද කරන්න ගියේ නෑ. ලැබුන හොඳ වන්දියත් අරගෙන හිනා වේවි වෙන තැනක හොඳ පඩියට වැඩට ගියා.

කලින් හොඳට තිබ්බ , අපි වැඩ කරන්න ආසා කරපු වැඩ පොළ ටික කාලයකින් ම toxic he*l hole එකක් උනේ අපිටත් නොදැනී. කලින් තිබ්බ වැඩ කිරීම සහ personal entitlement සම්බන්ධ status quo එක සම්පුර්ණයෙන් විනාශ කරලා දාන්න එක මුග්ධ පුද්ගලයෙක් ගේ ක්‍රියා කලාපයට හැකි උනා. එයා කරපු දේවල් නිසා ඒවා සම්බන්ධව precedence එකක් ඇති උනා. ඊට පස්සේ අපිටත් එකට අනුගත වෙන්න සිදු උනා.

එයා හිතන්න ඇති මම වැඩියෙන් වැඩ කලාම , මහන්සි වෙලා වැඩ කලාම පරාර්ථකාමී විදියට වැඩ කලාම එයාට ලොකු ගෞරවයක් පිලි ගැනීමක් ලැබෙයි. බොස්ල හොඳට සලකයි. පඩි වැඩි කරයි අරකයි මේකයි කියල. නමුත් බොස්ල එයාගේ මෝඩ කමින් ප්‍රයෝජන අරගත්ත තව තව වැඩ දුන්නා එයාට. අන්තිමේදී වැඩ වැඩි වෙලා burn out වෙලා ඉඳිද්දී Emily කර කර හිටපු රිපෝර්ට් එක එයා කරලා වැරදි data එක්ක submit කරලා තිබ්බා. බොස් මේක board මිටින් එකේ present කරලා ඔක්කොම board members ල ඉදිරියේ ජන්මාන්තර විදියට පච උනා.

එදාම අපේ වීරයාට රස්සාව නැති උනා. එයා අකුලාගෙන ගියා. නමුත් එයා ඇතිකරලා ගිය toxic work culture එක නැති උනේ නෑ. ඊට පස්සේ ටික දවසකින් මාත් අස් වෙලා වෙන හොඳ තැනකට ගියා.

අනුන්ට සමාජයට සහ coworkers ලට කරුමයක් නොවී , ඔවුන්ගේ ජිවිත විනාශ නොකර තමන්ගේ රැකියාව ගෙවන වැටුපට සහ ප්‍රතිලාභ වලට ගැලපෙන විදියට සාර්ථකව කරගෙන තමන්ගේ සිමාවේ ඉන්න එකත් එක්තරා ස්කිල් එකක්. එක හැමෝටම නෑ. පරාර්ථකාමී කම නිසා හෝ මෝඩ කම නිසා ඕනවට වඩා වැඩ කරලා තමනුත් විනාශ වෙලා අනිකුත් coworkers ලගේ රැකියා ජිවිතත් විනාශ කරන පුද්ගලයෙක් වෙන්න එපා.

In Summary:
• ලැබෙන වැටුපට සාපේක්ෂව වැඩ කරන්න
• තමන්ගේ PD එකේ ඇති දේ පමණක් කරන්න
• අනුන්ගේ වැඩ වලට ඇඟිලි ගහන්න එපා
• රැකියාව සහ පර්සනල් life එක අතර සීමාව ලකුණු කරගන්න
• තමන්ට එහෙම සීමාවක් නැත්නම් අනිකුත් coworkers ල දිහා බලල ඒක සලකුණු කරගන්න
• තමන් අමතර යමක් කලොත් ඊට පස්සේ ඒක new norm වෙන වග මතක තියා ගන්න
• ඊට පස්සේ අලේ අපි රැකියාව වෙනුවෙන් අතින් කයිට් කරගෙන අච්චර කළා මෙච්චර කළා. ඒත් අපිට සැලකිල්ලක් ගෞරවයක් ලෑ ලේ ගගා අඬන්න එපා.

ලංකාවේ රජයේ දොස්තරලටත් මේක අදාලයි. මේ අත්දැකීම ලියන්න පාදක වෙච්ච ලිපිය 1 වෙනි කොමෙන්ට් එකේ ඇති .

✍️- Shani 🙂

Copied
Credit goes to respective owners

“හිස් සාක්කුවෙන් බිලියන ගණන් හෙව්වේ මෙහෙමයි!” සාමාන්‍ය මිනිසුන්ට අසාමාන්‍ය ලෙස සාර්ථක විය හැකිද?“ව්‍යාපාරයක් පටන් ගන්න න...
27/08/2025

“හිස් සාක්කුවෙන් බිලියන ගණන් හෙව්වේ මෙහෙමයි!” සාමාන්‍ය මිනිසුන්ට අසාමාන්‍ය ලෙස සාර්ථක විය හැකිද?

“ව්‍යාපාරයක් පටන් ගන්න නම් ගොඩක් සල්ලි තියෙන්න ඕනී නැත්නම් ලොකු ණයක් ගන්න ඕනී! අවදානම් ගන්න බය වෙන්න හොඳ නෑ.” මේවා තමයි සමාජය අපිට උගන්නලා තියෙන්නේ..

ඒත් ලෝකයේ සාර්ථකම මිනිස්සු මේ නීතියට සෙල්ලම් කළේ නෑ. ඔවුන් හිතුවේ වෙනස් විදියකට. ඔවුන්ගේ රහස, "දණ්ඩෝ" Dhando කියන දර්ශනය. සරලවම කිව්වොත්, “අපි දිනුවොත් ලොකුවට දිනනවා, පැරදුණොත් පොඩියට පරාද වෙනවා.”

ඉතින් අපි අද බලමු, ඒ දර්ශනය ජීවත් කරවපු අපුරු කතන්දර තුනක්. මේ පුංචි මිනිස්සු ලොකු සිහින හැබෑ කරගත් කතායි.

▪️රිචඩ් බ්‍රැන්සන්, දුරකථනයෙන් මිලදී ගත් ගුවන් යානය.

1980 දශකය. එංගලන්තයේ තරුණ රිචඩ් බ්‍රැන්සන්, ලොකු සිහිනයක් දකිමින් සිටියා. ඒ, තමන්ටම කියලා ගුවන් සේවාවක් පටන් ගන්න. සාමාන්‍යයෙන් ඒකට ඩොලර් මිලියන ගණනක මුදල් අවශ්‍යයි. බ්‍රැන්සන්ට එහෙම මුදලක් තිබුණේ නෑ. ඔහුගේ සාක්කුවේ තිබුණේ සිහිනයක් විතරයි.

ඔහු කළේ පුදුම දෙයක්. ඔහු බෝයින් (Boeing) සමාගමට දුරකථන ඇමතුම් දෙන්න පටන් ගත්තා. එක වරක්, දෙක වරක් නෙවෙයි. දින ගණනාවක් තිස්සේ ඔහු උදේ, දවල්, රෑ ඇමතුම් ලබා දුන්නා. එහා කෙළවරේ සිටි කෙනා හැමදාම කිව්වේ,

“මිස්ටර් බ්‍රැන්සන්, අපිට ඔබත් එක්ක මේ වගේ ගනුදෙනුවක් කරන්න බෑ. ගුවන් යානයක් ගන්න සල්ලි නැතුව ගුවන් සේවාවක් පටන් ගන්න බෑ..” කියලයි. ඒත් ඒ වචන බ්‍රැන්සන්ව නැවැත්තුවේ නෑ.

අන්තිමට, ඔහුගේ නොපසුබට උත්සාහය නිසා බෝයින් සමාගමේ නිලධාරියෙක් ඔහුට සවන් දෙන්න එකඟ වුණා..

“මට ඕනෙ නෑ, යානයක් මිල දී ගන්න,” බ්‍රැන්සන් කිව්වා. “මට ඕනී භාවිතයට නොගත් පරණ යානයක් බදු ගන්න විතරයි.”

ඒක සාමාන්‍යයෙන් ගුවන් සමාගමකින් කරන ඉල්ලීමක් නෙවෙයි. බ්‍රැන්සන් ඔහුට ජයග්‍රාහී යෝජනාවක් ඉදිරිපත් කළා. “මම යානය මිල දී ගන්නේ නැති නිසා ඔයාලට කිසිම අවදානමක් නෑ. ඒ වෙනුවට, ඔයාලට භාවිතයට නොගත් යානයක් බදු දීලා, ලාභයක් ගන්න පුළුවන්.”

අවසානයේදී බෝයින් සමාගම ඊට එකඟ වුණා. බ්‍රැන්සන් කිසිම මුදලක් ආයෝජනය නොකර වර්ජින් ඇට්ලැන්ටික් ගුවන් සේවය පටන් ගත්තා.. ඔහු ටිකට්පත් විකුණලා ලැබෙන මුදල් වලින් ගාස්තු ගෙවන්න සැලසුම් කළා. මේ නිසා ඔහුට අවදානමක් තිබුණේම නෑ. ඔහුගේ සිහිනය අවදානමක් රහිතව යථාර්ථයක් බවට පත් වුණා..

▪️පටෙල්වරු, අද ඇමරිකාවේ හෝටල් වලින් 80%ක හිමිකරුවෝ..

ඒ 1970 දශකය. ඉන්දියාවෙන් පැමිණි පටෙල්වරුන්ට ඇමරිකාවේ රැකියා කිරීමට අවශ්‍ය කුසලතා තිබුණේ නෑ. ඒත් ඔවුන්ගේ ඇස්වල දිලිසුණේ ලොකු සිහිනයක්. ඔවුන් "දණ්ඩෝ" දර්ශනය අනුව වැඩ කළා.

විශාල, සුඛෝපබෝගී හෝටල් වලට යොමු වෙනවා වෙනුවට, ඔවුන් කළේ කුඩා පරණ හෝටල් බදු ගන්න එකයි. ඔවුන් සේවකයින් වෙනුවෙන් සල්ලි නාස්ති කළේ නෑ. පවුලේ සාමාජිකයන්ම හෝටලයේ ජීවත් වෙමින්, පිරිසිදු කිරීම්, පිළිගැනීමේ කටයුතු සහ නඩත්තුව වගේ හැම දෙයක්ම කළා..

මේ අඩු වියදම නිසා, ඔවුන්ට ඔවුන්ගේ තරඟකරුවන්ට වඩා අඩු මිලකට කාමර ලබා දෙන්න හැකි වුණා. පාරිභෝගිකයෝ පුදුම වුණා. “මේක නම් හරිම මිල අඩුයි” කියලා ඔවුන් හිතුවා. ඒ නිසා ඔවුන් දිගින් දිගටම පටෙල්වරුන්ගේ හෝටල් වලට ආවා.

දන්නවද අද වන විට ඇමරිකාවේ හෝටල් වලින් 80%ක් පමණ පටෙල්වරුන් සතුයි. එය "දණ්ඩෝ" සංකල්පයේ සාර්ථකත්වය ලෝකයටම පෙන්වනවා..

▪️සටහනකින් ලැබුණු රැකියාව

මොනීෂ් පැබ්රායිගේ දියණියට ව්‍යාපාර උපාධියක් හෝ ආයෝජන ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබුණේ නෑ. ඒ නිසා ඇයට හොඳ රැකියාවක් සොයා ගැනීම අසීරු වුණා..

ඒ අවස්ථාවේදී පැබ්රායි ඇයට කිව්වේ, “සාමාන්‍ය අයදුම්පත් යවලා වැඩක් නෑ. ඒ වෙනුවට අසාමාන්‍ය දෙයක් කරන්න!” කියලයි. ඔහු ඇයට ආයෝජන අරමුදල් සමාගම් 1200කට ඊමේල් යවන්න උපදෙස් දුන්නා..

ඒ සෑම ඊමේල් එකක් සමඟම, ඇය තමන් විසින්ම සිදු කළ මූලික විශ්ලේෂණයකින් එනම් යම් සමාගමක කොටසක් මිලදී ගැනීම හෝ විකිණීම පිළිබඳව ඇයගේම අදහසක්, ඉතා කෙටි සහ පැහැදිලි 'සටහනක්' ලෙස එකතු කළා..

ආයෝජන අරමුදල් සමාගම් දිනකට සිය ගණනක් අයදුම්පත් ලබා ගත්තත්, ඇයගේ ලිපිය අනෙක් ඒවාට වඩා වෙනස් වුණා. එය හුදෙක් රැකියාවක් ඉල්ලන ලිපියක් නෙවෙයි. එය ආයෝජන පිළිබඳ අදහස් බෙදා හදාගන්නා ලිපියක් බවට පත් වුණා..

බොහෝ සමාගම් වලින් ප්‍රතිචාර නොලැබුණත්, එක් ලිපියක් 85 හැවිරිදි විශ්‍රාමික අරමුදල් කළමනාකරුවෙකු අතට පත් වුණා. ඔහු ඇයගේ නිර්මාණශීලීත්වයට සහ උත්සාහයට කැමති වුණා. ඔහු ඇයට හොඳ රැකියාවක් ලබාගැනීමට උදව් කළා..

මේ කතා වලින් පෙනෙන්නේ, ඔබ සතුව මුදල් හෝ සම්පත් නොමැති වුනත්, ඔබ ඔබේ සිහින අත්නොහැරිය යුතු බවයි. ඒ වෙනුවට, ඔබේ නිර්මාණශීලීත්වය සහ කැපවීම භාවිතා කරමින්, ඔබට ඔබේ සිහින කරා ගමන් කළ හැකියි.

© සාගර දියගම

මේක ඇත්තම බයිට් එකක්, අවුරුදු 20 - 25 කට කලින් බෙල්------- පන්සලේ දායක මහත්තයෙකුට දීපු. (හැබැයි මම දීපු එකක් නෙමෙයි. මගෙ...
21/08/2025

මේක ඇත්තම බයිට් එකක්, අවුරුදු 20 - 25 කට කලින් බෙල්------- පන්සලේ දායක මහත්තයෙකුට දීපු. (හැබැයි මම දීපු එකක් නෙමෙයි. මගෙ කිසි සම්භන්දෙකුත් නෑ)😁
***********
වෙලාව රෑ 11 හමාරට විතර ඇති. දායක මහත්තය සැපනින්දේ. කොල් එකක් එනවා.
"හලෝ මේ ------------ මහත්තයලගෙ ගෙදර නේද?"

දායක මහතා: "ඔව් එහෙන් තමයි"

කෝල්: "මේ කතා කරන්නෙ බෙල්------- පන්සලේ නායක හාමුදුරුවො. මහත්තයා නිදාගෙනද මන්ද හිටියෙ"

දා.ම: "ආ ඒකට කමක් නෑ හාමුදුරුවනේ කියන්න"

කෝල්: "මේ අපේ අලියයි ඇත්ගොව්වයි එහෙම දැක්කද? උන් දෙන්න කොහෙද කියල නෑනෙ."

දා.ම.: "අනේ දැක්කෙ නෑනෙ හාමුදුරුවනේ"

කෝල්: "හදිස්සියෙවත් ඔය පැත්තෙ ආවොත් මට නොවරදීම කෝල් එකක් දෙන්න"

දා.ම.: එහෙමයි හාමුදුරුවනේ.
*********
දැන් වෙලාව 12 පහු වෙලා. දායක මහත්තයට ආපහු යන්තම් නින්ද ගියා විතරයි.කෝල් එකක්
"හලෝ මේ --------- මහත්තය නේද?."

දා.ම.: "ඔව්. ඔව්."

කෝල්: "මම මේ සිරිපාල බෙල්------ පන්සලේ ඇත්ගොව්ව කතා කරන්නෙ. මතකද දන්නෙ නෑ මාව."

දා.ම.: මතකයි. ඇයි මේ?"

කෝල්: "අනේ මහත්තය අපේ අලිය එහෙම ඔය පැත්තෙ ආවද?. මේ ගෙරිය කඩා ගෙන ගිහින් නෙ"

දා.ම.: "මෙහෙ ආපු අලියෙක් නෑ. නායක හාමුදුරුවොත් ඉස්සෙල්ල කොල් කලා"

කෝල්: "අනේ මහත්තය. හාමුදුරුවන්ට කියන්න එපා මම කෝල් කලා කියල. නැත්තම් බැනුම් කෝටියයි අලියට යන්න ඇරිය කියල."
***********
දැන් වෙලාව රෑ එක පහුවෙලා. දායක මහත්තයට සැපටම නින්ද ගිහින්. කෝල් එකක් එනවා.
"හලෝ මේ ---------- මහත්තය නේද?."

දා.ම.: "ඔව් ඔව්. කවුද මේ මහරෑ?"

කෝල්: "නායක හාමුදුරුවො හරි ඇත් ගොව්ව හරි කතා කලාද?"

දා.ම." ඔව් හලෝ. මෙහෙ ආපු අලියෙක් නෑ. කව්ද මේ?"😡

කෝල්: "මම මේ පන්සලේ අලිය කතා කරන්නෙ. පොඩි රවුමක් ගහන්න යනව. මේ මහත්තයලගෙ ගෙවල් ගාව ඉන්නෙ. ඒ දෙන්න කතා කලොත් මාව දැක්කෙවත් කතාකලේවත් නෑ කියන්න. මම ෂේප් එකේ උදේ වෙනකොට ආපහු යන්නම්."

ෆෝන් එක දඩාස් ගාල තියන හඬ......🤬

Copied

18/08/2025

අම්මාට නම් විස්තරේ කියන්න එපා අයියේ . මං ගම වටේ දිව්වා කියලා....

කැරපොත්තන්ගෙන් ඉගෙන ගන්න.ඔබට කිසිදා අමතක නොවන කතාවක් 🌟වරෙක, කුසගින්නෙන් පෙළෙන කැරපොත්තන් තිදෙනෙකුට කරුණාවන්ත ගොවියෙකු වි...
17/08/2025

කැරපොත්තන්ගෙන් ඉගෙන ගන්න.
ඔබට කිසිදා අමතක නොවන කතාවක් 🌟

වරෙක, කුසගින්නෙන් පෙළෙන කැරපොත්තන් තිදෙනෙකුට කරුණාවන්ත ගොවියෙකු විසින් ආහාර ලබා දෙන ලදී. නමුත් ඔවුන් පිටව යාමට සූදානම් වන විට, ගොවියා ඔවුන්ට රසවත් දීමනාවක් ඉදිරිපත් කළා. එය තවත් ආහාර පමණක් නොව, ඔහුගේ ගොවිපලේ රැකියාවක් සදහා අවස්තාවක්.
එවා රැකියා පමණක් නොවේ, හොඳ වැටුප්, ආහාර සහ ඔවුන්ගේ පවුල් සඳහා ආරක්ෂාව ද සමඟ එම යෝජනාව ගොවියා කලේ.

මෙම දීමනා ඕනෑම කෙනේක පෙළඹවිය හැකියි.

💰 සුදුළූණු ලෙලි ගැලවීමට රුපියල් 5,000
💰 කටුස්සන් එළවා දැමීමට රුපියල් 4,000
💰 කුකුළන්ට දැනුම් දීමට රපියල් 3,000
💸 සහ එළුවන් සඳහා ගායනා කිරීමට සහ නටන්නට රුපියල් 250 ක්.

ස්වභාවිකවම, පළමු කැරපොත්තන් දෙදෙනා ඉහළම වැටුප් ලබන රැකියාවලට කැමැත්ත පලකලා. නමුත් තුන්වැන්නා... විරාමයක් තැබීය. සිතුවා. ඒ වෙනුවට අඩුම වැටුප් සහිත රැකියාව තෝරා ගත්තා.

ඇයි..දන්නවද..?
මොකද අනිත් අය නොකළ දෙයක් ඇය තේරුම් ගත් නිසා.

කුකුළන් කැරපොත්තන් අනුභව කරන බව ඇය දැන සිටියාය.
සුදුළූණු දුම ඇගේ වර්ගයට මාරාන්තික බව ඇය දැන සිටියාය.
කටුස්සන් කැරපොත්තන් දඩයම් කරන බව ඇය දැන සිටියාය.
නමුත් එළුවන්..? ඔවුන්ට අවශ්‍ය වූයේ ප්‍රීතිය සහ සංගීතය පමණි. ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න රැකියාවක් බව ඇය තේරුම් ගත් ඇය පඩියට වඩා එයට කැමති විය.

🌿 රුකියාවන් තිදෙනාම බාරගත් අතර පසුදා උදෑසනම, ඉහළ වැටුප් සහිත රැකියා තෝරා ගත් කැරපොත්තන් දෙදෙනා... මිය ගොස් තිබුනි.
වැටුපට වඩා ආරක්ෂාව තෝරා ගත් බුද්ධිමත් තැනැත්තා පමණක් ජීවතුන් අතර සිටියේය.

💡 දැන් තේරෙනවද..,
ජීවිතයේ, සෑම දිලිසෙන දීමනාවක්ම ආශීර්වාදයක් නොවන බව.
සෑම විශාල වැටුපක්ම බුද්ධිමත් තීරණයක් නොවේ.
ලැබෙන නිසා සෑම අවස්තාවක්ම ගැනීම ද යහපත් නෑ.
සමහර විට, එය වඩාත්ම ලැබෙන දේ ගැන විතරක් නොවේ - ඉන් ඔබේ සාමයට, ඔබේ සෞඛ්‍යයට, ඔබේ සිහිබුද්ධිය සහ ඔබේ ආත්මය ආරක්ෂා කරන දේ ගැනත් හොදට බලා සිහියෙන් තෝරා ගත යුතුයි.

📌 ද්‍රව්‍යමය දේවලින් අන්ධ නොවන්න.
📌 ප්‍රශ්න අසන්න. ගැඹුරින් සිතන්න.
📌 කෑදර ලෙස නොව, ඥානවන්තව තෝරා ගන්න.

ලෝකය මතුපිටින් හොඳ පෙනුමක් ඇති දීමනා වලින් පිරී ඇත, නමුත් යටින් ඉන් ඔබව විනාශ කළ හැකිය.
ඥානවන්ත කැරපොත්තෙකු වන්න.

මුල් අයිතිකරුට ස්තූතියි 🙏

ලාභ ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට උපදෙස් 7ක් 1. අඟහරුවාදා සහ බදාදා වෙන්කරවා ගන්න. අඟහරුවාදා සහ බදාදා ගුවන් ටිකට්පත් මිලදී ...
17/08/2025

ලාභ ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට උපදෙස් 7ක්

1. අඟහරුවාදා සහ බදාදා වෙන්කරවා ගන්න.

අඟහරුවාදා සහ බදාදා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට හොඳම දින අතර වේ. බොහෝ ගුවන් සමාගම් සාමාන්‍යයෙන් අඟහරුවාදා රාත්‍රී 7:00 ට ඔවුන්ගේ වෙන් කිරීම් පද්ධති සකසයි. මෙයට හේතුව බොහෝ මගීන්ට ටිකට්පත් වෙන්කරවා ගැනීමට කාලය ඇත්තේ සතියේ දිනවල පමණක් බව ගුවන් සමාගම් දන්නා බැවිනි. සංඛ්‍යාලේඛනවලට අනුව, අපගෙන් බොහෝ දෙනෙක් ප්‍රවේශපත්‍ර මිල පිරික්සන්නේ සිකුරාදා, සෙනසුරාදා හෝ ඉරිදා දිනවල පමණක් බව ඔප්පු වී ඇත.

2. කලින් වෙන්කරවා ගන්න, නමුත් ඉතා ඉක්මනින් නොවේ.

අත්දැකීම් මත පදනම්ව, ඔබ ඔබගේ ගමන් දිනට අවම වශයෙන් දින 21කට පෙර ටිකට්පත් වෙන්කරවා ගත යුතුය. බොහෝ ගුවන් සමාගම් හැකි තරම් ප්‍රවේශපත්‍ර අලෙවිය ලබා ගැනීම සඳහා ඔවුන්ගේ පද්ධති සකසා ඇත. එබැවින්, පද්ධතියට ඉතා ලාභ ප්රවේශපත් සඳහා යම් කෝටාවක් ඇත. උදාහරණයක් ලෙස, පද්ධතිය තුළ, ක්වාලාලම්පූර් සිට ලන්ඩන් දක්වා ගුවන් ගමන් සඳහා අඩුම මිල ලැබෙන්නේ පළමු මගීන් 20 දෙනාට පමණක් බව තීරණය වේ. ඊළඟ මගීන් 200 සඳහා මධ්යම මිලක් ලැබෙනු ඇත, ඉතිරිය වඩා මිල අධික විය හැකිය. කෙටියෙන් කිවහොත්, ගුවන් සේවයේ පද්ධතිය ක්වාලාලම්පූර් සිට ලන්ඩන් දක්වා පියාසර කරන විට ඔවුන්ට අවශ්‍ය ආන්තිකය මත ප්‍රවේශපත්‍ර මිල නියම කරනු ඇත.

3. සුදුසු පියාසර දින.

අඟහරුවාදා හෝ බදාදා පියාසර කිරීමට ටිකට්පත් වෙන්කර ගැනීමට උත්සාහ කරන්න. බොහෝ ගුවන් සමාගම් මෙම දින දෙක වෙන් කිරීමේ පද්ධති සඳහා 'අඩු කාර්ය බහුල දින' ලෙස සකසයි. වෙන්කරවා ගැනීමේ පද්ධතිය සහ ගුවන් තොටුපළ ඉතා කාර්යබහුල වන විට සිකුරාදා සහ ඉරිදා දිනවලට සාපේක්ෂව මෙම දින දෙකේදී ගුවන් තොටුපලවල් සාමාන්‍යයෙන් අඩු කාර්යබහුල වේ.

4. ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා 'හොඳම ගනුදෙනුව' සොයන්න.

බොහෝ ගුවන් සමාගම් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා සති 11 සිට 12 දක්වා පෙර 'හොඳම ගනුදෙනුව' ලබා දෙනු ඇත. එමනිසා, මෙම කාල සීමාව තුළ ඔබ ප්රවේශපත්ර මිල නිතිපතා පරීක්ෂා කළ යුතුය.

5. කුඩා ගුවන් තොටුපලවල ගොඩබෑම සඳහා තෝරන්න.

එම ගමනාන්තය සඳහා 'ප්‍රධාන ගුවන් තොටුපල' නොවන ගුවන් තොටුපලකට ගොඩබසින මෙම තාක්ෂණය ඔබට අත්හදා බැලිය හැකිය. උදාහරණයක් ලෙස, ඔබට ලන්ඩනයට යාමට අවශ්‍ය නම්, බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් හීත්‍රෝ වෙත ගොඩබෑමට තෝරා ගනු ඇත. ඊළඟ වතාවේ, හීත්‍රෝ වෙත ගොඩ නොයන්න, නමුත් මැන්චෙස්ටර්හි ගුවන් තොටුපළ වැනි හීත්‍රෝ අසල 'කුඩා' ගුවන් තොටුපළකට ගොඩ බැසීමට උත්සාහ කරන්න. එවිට, මැන්චෙස්ටර් සිට, ඔබට ලන්ඩනයට දුම්රියෙන් යා හැකිය. මෙම ක්රමය උත්සාහ කරන්න. එය මිළ අඩු විය යුතුය!

6. Cookies''කුකීස්' හිස් කරන්න

මේක ගොඩක් අය දන්නේ නැහැ. ඔබ දින 30කට පෙර ගුවන් සමාගමේ වෙබ් අඩවියට පිවිසී ඇත්නම් ඔබේ ලැප්ටොප්, ස්මාර්ට් ජංගම දුරකථනය සහ පරිගණකයේ ඇති කුකීස් ඉවත් කරන්න. මක්නිසාද යත්, මෙම කුකීස් හරහා, ඔබ ඔවුන්ගේ වෙබ් අඩවියට නැවත නැවත පැමිණ ඇති බව ගුවන් සමාගමේ වෙන්කිරීමේ පද්ධතිය උපකල්පනය කරනු ඇත. එබැවින්, ඔබ වෙබ් අඩවියට කිහිප වතාවක් පිවිසුනද, වෙන්කරවා ගැනීමේ පද්ධතිය එකම මිල නියම කරයි. සමහර විට, මිල පවා වැඩි විය හැක! එමනිසා, ඔබගේ අන්තර්ජාල බ්‍රවුසරයේ කුකීස් ඉවත් කිරීමේ පුරුද්ද පුරුදු කරන්න. ඔබ ඒවා මකා දැමිය යුතු ආකාරය නොදන්නේ නම්, Google මහතාගෙන් විමසන්න!

7. මිල ගණන් සසඳන්න.

ගූගල් කිරීමට කම්මැලි නොවන්න සහ වෙනත් වෙබ් අඩවි වල ඔබට අවශ්‍ය ටිකට් මිල සංසන්දනය කරන්න. එක් වෙබ් අඩවියකට පමණක් අවධානය යොමු නොකරන්න. ඔබ පුදුමයට පත් වනු ඇත, මන්ද සමහර විට ඔබට එකම ගුවන් සමාගමෙන් මිල අඩු ප්‍රවේශ පත්‍ර මිලක් ලැබෙනු ඇත. මම සංචාරය සඳහා නිතර භාවිතා කරන සෙවුම් යන්ත්‍ර කිහිපයක් මෙන්න:

1. Skyscanner
2. CheapFlight
3. Momondo
4. Kayak
5. Google Flight
6. Ita Software

Copied
Ruwan Nishshanka

“මට හුස්ම තියෙන තුරා මම ඔයාව සොයනවා.”සෑම සතියකම, දශකයකට වැඩි කාලයක්, යසුඕ ටකමාට්සු (Yasuo Takamatsu) සිය කිමිදුම් ඇඳුම ඇ...
17/08/2025

“මට හුස්ම තියෙන තුරා මම ඔයාව සොයනවා.”

සෑම සතියකම, දශකයකට වැඩි කාලයක්, යසුඕ ටකමාට්සු (Yasuo Takamatsu) සිය කිමිදුම් ඇඳුම ඇඳගෙන, ස්ථාවර දෑතින් සිය උපකරණ සකස් කරගෙන, ජපානයේ ඔනගාවා (Onagawa) වෙරළට ඔබ්බෙන් වූ අයිස් සහිත ජලයට කිමිදෙයි. ඔහු සෙමින්, සුන්බුන් සහ වැලි අතර, නිහඬ මුහුදු පැලෑටි සහ ඔහු දෙස හුරුපුරුදු රූපයක් මෙන් බලා සිටින මසුන් අතරින් පහළට බසි. ඔහු වෘත්තීය කිමිදුම්කරුවෙක් නොවේ. ඔහු මීට පෙර කිසි දිනෙක මෙය කර නැත. නමුත් ඔහු ඉගෙන ගත්තේය. මක්නිසාද යත්, එතැන, රළ යට සහ අඳුරු මුහුදු පතුල යට, ඇය තවමත් සිටිය හැකි බැවිනි.

ඔහුගේ බිරිඳ, යුකෝ (Yuko).
2011 මාර්තු 11 වන දින, රික්ටර් මාපකයේ 9.0ක භූමිකම්පාවක් නිසා ඇති වූ විනාශකාරී සුනාමියක් ජපානයේ ඊසානදිග වෙරළ තීරය හරහා ගසාගෙන ගියේය. මිනිත්තු කිහිපයක් ඇතුළත, මුළු නගර මුහුදට ගිලී ගියේය. ජලය නිවාස, පාසල්, රෝහල් සහ 15,000 කට අධික ජීවිත රැගෙන ගියේය. දහස් ගණනක් මිනිසුන් අතුරුදහන් විය. යුකෝ ද ඔවුන්ගෙන් කෙනෙකි.

ඒ දවස, වෙනදා මෙන්, ඇය රැකියාවට ගොස් සිටියාය. සුනාමිය ළඟා වන විට, ඇය තම ස්වාමිපුරුෂයාට අවසන් පණිවිඩයක් යැවීමට සමත් විය: “මට ඕන ඔයා හොඳින් ඉන්නවා දකින්න. මට ගෙදර එන්න ඕන.”
ඉන්පසු, නිහඬතාවය.

යුකෝගේ සිරුර කිසිදා හමු නොවීය.
කම්පාවට හා සිත් තැවුලට පත් යසුඕ බලා සිටියේය. ඔහු සුන්බුන් අතර, දිවි ගලවා ගත් අයගේ ලැයිස්තු අතර, ඡායාරූප අතර සෙව්වේය. නමුත් කිසිවක් හමු නොවීය.
එබැවින්, ඇය වෙනුවෙන් වෙන කිසිවෙකු සොයන්නේ නැති බව පැහැදිලි වූ විට, ඔහුම එය කිරීමට තීරණය කළේය.
ඔහු තම ජීවිතයේ කිසි දිනෙක කිමිදී නැත. නමුත් 56 හැවිරිදි ඔහු කිමිදීම පිලිබඳව පාඩම් ඉගෙන ගෙන, සහතික ලබාගෙන, උපකරණ මිලදී ගත්තේය. ඒ වගේම ඔහු පටන් ගත්තා.
එතැන් සිට, ඔහු කිමිදුම් 600 කට වඩා කර ඇත.
සෑම කිමිදීමක්ම යාච්ඤාවකි. සෑම මුහුදු පතුලක්ම, අවස්ථාවකි.

යසුඕ වරක් ඔනගාවා හි ඉතිරිව තිබූ දේ ගවේෂණය කරයි: ලී බාල්ක, වහල කෑලි, මලකඩ කෑලි, සමහර විට මැකී ගිය ඡායාරූප. සමහර වෙලාවට ඔහුට යමක් හමු වේ, සමහර වෙලාවට කිසිවක් හමු වෙන්නේ නැත. නමුත් ඔහු කිසි විටෙකත් තම ධෛර්‍යය අත්හරින්නේ නැත.
“මම දන්නවා ඇය එහි කොහේ හරි ඉන්නවා කියලා,” ඔහු කියයි. “මට ඇයව තනි කරලා යන්න බැහැ. මට ඇයව ගෙදර ගෙන එන්න ඕන.”

ඔහුගේ කතාව ජපානයට ගැඹුරින් බලපෑවේය. තම වේදනාව පොරොන්දුවක් බවට පත් කළ, නිහඬ හා කාරුණික සාමාන්‍ය මිනිසෙකි. කාලයෙහි තර්කයට හෝ සාගරයේ දරුණුකමට යටත් නොවී, අමතක නොකිරීමට තෝරා ගත් මිනිසෙකි.
ඔහුට, මුහුද තවදුරටත් සීමාවක් පමණක් නොවේ: එය අභයභූමියක් බවට පත්ව ඇත. මතකය, රැඳී සිටීම, ආදරය සඳහා වූ ස්ථානයකි.

යසුඕ තමා රවටා ගන්නේ නැත. යුකෝ සොයා ගැනීමේ අවස්ථා අඩු බව ඔහු දනී. එහෙත් සෑම කිමිදීමක්ම විශ්වාසවන්තකමේ ක්‍රියාවක් වන අතර, එය ඔහුට ඇය සමඟ සම්බන්ධතාව තබා ගන්නා තුනී නූලකි.

ඔහුගේ නොපසුබට උත්සාහය පාරාශුද්ධ වූවකි .
සාගරයේ ගැඹුරේ නිශ්ශබ්දතාවයේ, කාලය නිශ්චලව පවතින බව පෙනෙන තැන, යසුඕ ගෞරවයෙන් හා බලාපොරොත්තුවෙන් පිහිනයි. ඔහු තම බිරිඳගේ ශරීරය පමණක් සොයන්නේ නැත: ඔහු ඔවුන්ගේ ආදරයේ කොටසක්, ඔවුන්ගේ ජීවිතයේ කොටසක්, ඛේදවාචකය මකා දැමීමට උත්සාහ කළ සෑම දෙයකම කොටසක් සොයයි.

ඇයි මෙච්චර කාලයක් ගියාට පස්සෙත් ඔබ දිගටම ඇයව සෙවීමට උත්සාහ කරන්නෙ කියලා ඇහුවම ඔහු සරලවම මෙහෙම උත්තර දෙනවා:
“මොකද ඇය මගේ බිරිඳ. ඉතින් මම තවමත් ඇයට ආදරෙයි.”

සෑම දෙයක්ම වේගවත්ව අමතක කළ හැකි හා ආදේශ කළ හැකි, යුගයක, යසුඕ ටකමාට්සුගේ කතාව ආදරය කිරීමේ සැබෑ අරුත අපට මතක් කර දෙයි. ඉවසීමෙන්. ධෛර්යයෙන්. නිමක් නැති කැපවීමෙන්.

තවද සාගරය එහි තුල රහස් තබා ගන්නා විට පවා ඔහු කිමිදීම දිගටම කරගෙන යනු ඇත. මක්නිසාද යත්, සමහර ආදරයන්ට, මුහුදට පවා සමුදීමට නොහැකි බැවිනි.

Copied

කිලිනොච්චි ටවුමෙන් ටිකක් දුරට යනකොට ට්‍රැෆික් එකෙන් නතර කලා...වාහනේ ලගට ආපු පොලිසියේ නිළධාරියා කිවුවේ "මහත්තයා වේගේ වැඩී...
16/08/2025

කිලිනොච්චි ටවුමෙන් ටිකක් දුරට යනකොට ට්‍රැෆික් එකෙන් නතර කලා...

වාහනේ ලගට ආපු පොලිසියේ නිළධාරියා කිවුවේ "මහත්තයා වේගේ වැඩී ඩොකියුමන්ට් ටික අරන් බැහැලා එන්න කියලා.."

කොහෙද යන්නේ...??
යාපනේ යනවා මහත්තයා...
මේ හරියේ උපරිම වේගේ 50 යි..ඔයා 60 ට ඇවිත් තියෙන්නේ..බෝඩ් ගහලා තියෙන්නේ දැක්කේ නැද්ද..?

UP නේද..? බදුල්ලේද..??

ඔව්...

මහත්තයා ආපු වේගේ වැඩී..බෝඩ් වල දාලා තියන වේගේට වඩා ස්පීඩ් කරන්න එපා..ඔයාලගේ ආරක්ශාවට..නැත්තම් පිස්සො වගේ හැමෝම වේගෙන් යනවා..

ආහ්...පරිස්සමෙන් යන්න..ස්පීඩ් යන්න එපා..

බොහොම ස්තුතියි මහත්තයා...මම හිතුවෙම ලියයි කියලා..

මම ඇත්තටම බෝඩ් එක දැක්කේ නෑ..දැක්කේ නෑ නෙවෙයි අවධානයක් නැති කම..ආගන්තුක පරිසරයක් නිසා වට පිටාව ගැන තමයි අවධානය තිබුනේ..

මට ලයිසන් එක දෙන ගමන් විස්තර අහලා මේ පොලිස් නිළධාරියා මාර කතාවක් කිවුවා..

අපි ගිය අවුරුද්දේ බණ්ඩාරවෙල ආවා මහත්තයා..මගේ නෝනගේ පොඩිම නංගි බැන්දේ එහෙට...අපි දවස් තුනක් නතර වෙලා හිටියා ගෙදරක...

කලින් කිවුවටත් වැඩිය පොඩි ගානක් ගෙදරට ගත්තේ දවස් තුනටම..කෑම ඔක්කොම නිකන් හදලා දුන්නේ අපිට කන්න..කෑමට සල්ලි සත පහක් ගත්තේ නෑ..එක දවසක් අල්ලපු ගෙදර කට්ටිය අපිට කෑම හදලත් දුන්නා..

අපි එන දවසේ අපිට කෑම ඔක්කොම ඔතලා දුන්නා..මම යාපනේ..මගේ නෝනා කිලිනොච්චියේ කිවුවම ගොඩාක් අය ඇවිත් විස්තර ඇහුවා..හොද මිනිස්සු.
ගොඩාක් හොද මිනිස්සු.. අපිට හොදට සැලකුවා..අපිට අරන් එන්නත් ගොඩාක් කෑම ජාති හදලා දුන්නා..
ත්‍රීවිල් එකෙන් බස් එකට ගෙනත් දැම්මා..
එහෙ මිනිස්සු හරිම හොදයි..
ඇත්තම කිවොත් අපි ගියේත් බයෙන්..

මහත්තයා මගේ නොම්බරේ ගහ ගන්න..ඕනී වෙලාවක කතා කරන්න..

මෙහෙ ආවත් අපි උදව් කරන්න ඕනී..

අපි යාපනේ හිටපු දවස් දෙකේම මේ මනුස්සයා දෙතුන් පාරක් කෝල් කරලා දුක සැපත් බැලුවා..

ඒත් එක්කම යාපනේ ටවුන් එකේ රෑ වන් වේ දාගෙන පාරවල් හොයා ගන්න බැරිව චාටර් වෙනකොට UP දැකලා ලගට ඇවිත් උදව් කරපු මිනිස්සු හිටියා...

නොලියා නොබැන පාර හදලා දුන්න පොලිස් නිළධාරීන් හිටියා..

නතර වෙලා හිටපු හෝටලේ චෙක් අවුට් ටයිම් එක පැය දෙක තුනක් ප්‍රමාද උනත් ,ප්‍රමාද ගාස්තු අය නොකරම හිනා වෙලා බදුල්ලේ ගැන කතා කරලා එහෙ හරි හොදයි..ඔයාලා පරිස්සමෙන් යන්න ආයේ එන්න කියපු මිනිස්සුත් හිටියා..

නාගදීපෙට යන්න ජැටියට ඇවිත් ATM ඒකක් හොයනකොට ATM එක තියෙන්නේ නාගදීපේ සල්ලි නැත්තම් දෙන්නද...?ආපහු එනකොට ගෙනත් දෙන්න කියපු අපූරු මිනිස්සුත් හිටියා...

යාපනේදි UP අකුරු දෙක දැකලා ලගට ඇවිත් කතා කරපු හොයලා බලපු UP මිනිස්සුත් හිටියා..

UP කියන්නේ අකුරු දෙකක්ම නෙවෙයි..ඌවේ මිනිස්සු අහින්සකව උපයගත්ත බොහෝමයක් දේවල් ඒ අස්සේ තියනවා..
ආගන්තුක සත්කාර,ආදරය වගේ දේවල් ඒ අකුරු වල පිරිලා ඉතිරිලා තියනවා..

අතීතයේ හිටපු,වර්ථ්මානයේ ඉන්න මිනිස්සු උපයපු වටිනාකම් අපිට මුණගැහුනේ අන්න ඒ විදිහටයි...❤️

Prasad Lanka

Copied

එක්දිනක්,එක් කාන්තාවක් දකිනවා තමන්ගෙ නිවස ඉදිරිපිට ඉන්න හැඩකාර, බළලෙක්ව 🐱. ඉතින් ඒ කාන්තාව බලාගෙන ඉද්දිම ඒ බළලා ඇවිත් කා...
10/08/2025

එක්දිනක්,එක් කාන්තාවක් දකිනවා තමන්ගෙ නිවස ඉදිරිපිට ඉන්න හැඩකාර, බළලෙක්ව 🐱. ඉතින් ඒ කාන්තාව බලාගෙන ඉද්දිම ඒ බළලා ඇවිත් කාන්තාව එක්ක හුරතල් වෙලා ඉක්මනින්ම යාලු වෙනවා ❤️. දිවා කාලයේ නිවසේ තනිවම ඉන්න නිසා,ඇයත් එම ආගන්තුක බළලාට නිවස ඇතුලට එන්න ඉඩ දෙනවා 🥰. බළලාගේ බෙල්ලෙ කොලර් එකකුත් තියෙන නිසා අසල්වාසී නිවසක බළලෙක් වෙන්න ඇති කියලා ඇය අනුමාන කරනවා. ☘️

•ගෙදරට ආව පූස් තඩියා මේ විදියටම පැය 6ක් විතර එකදිගට නිදාගන්නවා 😴 . ඇය ඒකට පොඩ්ඩක්වත් බාධා කරේ නෑ 🤫. ඊට පස්සෙ අවදි වෙන ඒ බළලා, නිවසින් එළියට ගිහින් යන්නම යනවා 🥰

•ඉතින් පසුදා උදෑසනත් මේ විදියටම මේ බළලා එනවා. ❤️ පොඩි වෙලාවක් හුරතල් වෙලා ඉක්මනින්ම සෝෆා එකක් උඩ සැපට නිදාගන්නවා. 😴 එදාත් හවස් උනාම මේ බළලා කලින් දවසේ වගේම යන්න යනවා 🤭.

•පසුවදාත් උදෑසන කලින් වගේම මේ බළලා මේ ගෙදරට එනවා. 🐱 ඇවිත් නිදාගෙන ඉන්න අතරේ මේ නිවෙස් හිමි කාන්තාව කල්පනා කරලා පුංචි ලියුම් කැබැල්ලක් මේ බළලාගෙ කොලර් එකට සම්බන්ධ කරනවා.📄 ඒ ලියුම් කැබැල්ලෙ ඇය ලියන්නෙ මෙහෙම 👇,

" ඔබේ සුරතල් බළලා හැම උදෑසනකම අපේ නිවසට එනවා. ඇවිත් වෙන කිසිදෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. එයා ගොඩක් වෙලා නිදාගෙන ඉඳලා ආපහු යනවා. ඒක අපිට කරදරයක් නම් නෙවේ.ඒත් එයා ඇයි එහෙම එන්නෙ කියල බලන්න හිතුනා. ස්තූතියි! 🙂 "

ඉතින් මෙන්න මෙහෙම ලියලා, ඒක කොලර් එකට සම්බන්ධ කරලා, මේ බළලට යන්න දෙනවා. 🤗

•පසුවදාත් උදෑසනම මේ බළලා ආපසු එනවා. ❤️. කාන්තාව දකිනවා බළලගෙ කොලර් එකේ යමක් ඇති බව. 🧐 ඇය විසින් බලද්දි ඒ තිබුනේ බළලාගෙ හිමිකරු එවූ පිළිතුරු ලිපියක් 🤣 .ඒකෙ තිබුනෙ මෙහෙම👇

" ස්තූතියි ඔබට. ඔබ එවූ ලියුම මම දුටුවා. මෙයාගෙ නම ටොම්.අපේ සුරතල් බළලා. ටොම් ඉන්නෙ තොරතෝංචියක් නැතුව කියවන මගේ බිරිඳ සහ ළමයි තුන්දෙනා ඉන්න ගෙදර. ඉතින් එයා ඔබේ නිවසට එන්නෙ නිදහසේ නිදාගන්න.😊 ඔබට කරදරයක් නැත්තම් මමත් එන්නද ? "

Mr Meow

Copied

Address

Brisbane, QLD

Website

Alerts

Be the first to know and let us send you an email when Just Smile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share