The News Plus

The News Plus Your trusted news reporter
(3)

🔴 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය විසින් ලබන (12) වෙනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත දැවැන්ත ජනරැලියට හිටපු ජනපති...
05/09/2026

🔴 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය විසින් ලබන (12) වෙනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත දැවැන්ත ජනරැලියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ පැමිණීමට නියමිත බව වාර්තා වේ.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (18) වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රධාන වේදිකාවට ගොඩ නොවී, වේදිකාව ඉදිරිපිට ජනතාව අතර හෝ පහළ විශේෂ කුටියක සිට රැස්වීමට එක්වීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

ජනතාවගේ අවධානය දිනා ගැනීම සඳහා නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ ප්‍රධාන වේදිකාවට පැමිණ පළමු වතාවට ජනතාව ඇමතීමට නියමිත බව වාර්තා වේ.

නාමල් රාජපක්ෂ ගමින් ගමට ගොස් ⁣ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කළ නිසා ලබන (12) වැනිදා අනුරාධපුරයේදි පැවැත්වෙන රැළියට ජන සුනාමියක් පැමිණෙන බව හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.

එනිසා එකා පිට එකා බන්ධනාගාරගත කළත් අනුරාධපුරයේදි පැවැත්වීමට නියමිත ජන රැළිය නවත්වන්නට නොහැකි බවත් එය කිසිම අවස්තාවක නවත්වන්නේ නැති බවද තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.

🔴 පසුගියදා අඟුලාන මුහුදේදී සිදුවූ නාවික යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිටින නාවික හමුදා නිලධාරියාගේ බවට සැක කෙරෙන දේහය අද (...
04/09/2026

🔴 පසුගියදා අඟුලාන මුහුදේදී සිදුවූ නාවික යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිටින නාවික හමුදා නිලධාරියාගේ බවට සැක කෙරෙන දේහය අද (04) දින සොයාගෙන ඇත.

පසුගිය අගෝස්තු මස (15) වන දින නාවික වේග ප්‍රහාරක යාත්‍රාව අඟුලාන මුහුදු ප්‍රදේශයේදී නාවිකයින් 12 දෙනෙකු සමග අනතුරට ලක්විය.

එම අවස්ථාවේදී එහි සිටි නාවික නිලධාරීන් 11 දෙනෙකු අඟුලාන පොලිසියේ සහ දේශීය ධීවර ප්‍රජාවේ සහාය ඇතිව බේරාගත් අතර එහි එක් නිලධාරියෙකු අතුරුදන් වී සිටියේය.

අනතුරුව එම අතුරුදන් නිලධාරියා සොයා අවට මුහුදු ප්‍රදේශවල සහ වෙරළ තීරයේ, පානදුර සිට කොළඹ හරහා හලාවත දක්වා විහිදෙන පුළුල් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කළ බව නාවික හමුදාව සඳහන් කරයි.

🔴 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත.ප්‍රකාශයක් ලබාදීම සඳහා...
04/09/2026

🔴 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රකාශයක් ලබාදීම සඳහා නාමල් රාජපක්ෂ අද (04) දින අල්ලස් කොමිසම වෙත පැමිණි අතර එහිදී පැය කිහිපයක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා බලඇණියක් ස්ථාපිත කිරීමේදී සිදුවූ බව කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දූෂණ විරෝධී පනත යටතේ ආරම්භ කළ විමර්ශනයකට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන පසුගිය මාර්තු (12) වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී අතර පසුව ඇපමත මුදා හැරුණි.

එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවේ දෙවන සැකකරු ලෙස නම්කර සිටින කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වැනි සැකකරු වශයෙන් නම්කර සිටින ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

🔴 හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකුට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇත.වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදා...
04/09/2026

🔴 හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකුට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇත.

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මාතර මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇත.

2023 දෙසැම්බර් (30) වැනිදා රාත්‍රි කාලයේ විශේෂ මෙහෙයුමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන් 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් වෑන් රථයකින් වැලිගම දක්වා ගොස් මෙම වෙඩි තැබීම කර තිබුණි.

වැලිගම හෝටලයට වෙඩි තබා පලායමින් සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගමන් ගත් ව්‍යාජ අංක සවිකළ වෑන් රථයට නතර කරන ලෙස වැලිගම පොලීසියේ කැබ් රථයේ සිටි නිලධාරීන් අණ කළද එම වෑන් රථය නොනවත්වා ධාවනය කර තිබුණි.

එහිදී වැලිගම පොලීසියේ නිලධාරීන් සමඟ කැබ් රථයේ රාජකාරියේ සිටි හමුදා නිලධාරියකු සැකකටයුතු වෑන් රථයට වෙඩි තබා ඇති අතර එහිදී වෑන් රථයේ සිටි පොලිස් නිලධාරියකු වෙඩි වැදී මියගොස් තිබුණි.

🔴 හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැ...
04/09/2026

🔴 හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණීමෙන් අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇත.

පොල්ගොල්ල පිහිටි මහින්ද රාජපක්ෂ රගහලට පුටු මිලදී ගැනීමේදී නියමිත ක්‍රියාවලියට පටහැනිව කටයුතු කිරීමෙන් රජයට රුපියල් හැත්තෑ නව ලක්ෂ හැත්තෑ තුන්දහස් එකසිය දාහතරක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් එම විමර්ශනය ක්‍රියාත්මකයි.

🔴 සිදුකරන විමර්ශන වේගවත් කළ යුතු බවත් අධිකරණ ක්‍රියාවලිය වේගවත් කර අපරාධකරුවන්ට දඬුවම් හිමිවිය යුතු බව ජනාධිපති අනුර කුම...
04/09/2026

🔴 සිදුකරන විමර්ශන වේගවත් කළ යුතු බවත් අධිකරණ ක්‍රියාවලිය වේගවත් කර අපරාධකරුවන්ට දඬුවම් හිමිවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ වැළැක්වීම වේගවත් කර නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීමට කිසිසේත්ම නොපැකිළෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“විමර්ශන වේගවත් විය යුතුයි වගේම අධිකරණ ක්‍රියාවලිය වේගවත් කර අපරාධකරුවන්ට දඬුවම් හිමිවිය යුතුයි. ඒ නිසා මීට අදාළ සෑම ආයතනයක්ම ශක්තිමත් විය යුතුයි. අපරාධයට නිසි දඬුවම නිසි වේලාවේදී ලබා නොදීම අපරාධයට උත්තේජනයක් වෙනවා. ඒ නිසා අපි ඒ සියලු ක්‍රියාදාමයන් කාර්යක්ෂම කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවෙන් අවශ්‍ය නීති සම්පාදනය කිරීමට සහ අවශ්‍ය යටිතල පහසුකම් උපරිම ලෙස ලබා දීමට කටයුතු කරනවා. ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නම් මේ රටේ පොදු ජනතාවගේ සහ රටේ සුබ සිද්ධිය මෙන්ම තරුණ පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු පැකිළීමකින් තොරව එම ව්‍යවස්ථා සංශෝධන පවා සිදු කරනවා.

මේ රට අපරාධ රාජ්‍යයක සිට සාමකාමී රාජ්‍යයක් දක්වා පරිවර්තනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන පවා සිදු කිරීමට කිසිසේත් පැකිළෙන්නේ නැති බව ඔබට සහතික වෙනවා.”

ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සංවත්සර සැමරුමට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

🔴 රාජ්‍ය සේවකයන් සඳහා තුන්වන වැටුප් වර්ධකය ලබන ජනවාරි මාසයේදී ලබාදෙන බවත් ඊට අමතරව පොලීසියේ සියලුම නිලධාරීන්ට අවධානම් දී...
04/09/2026

🔴 රාජ්‍ය සේවකයන් සඳහා තුන්වන වැටුප් වර්ධකය ලබන ජනවාරි මාසයේදී ලබාදෙන බවත් ඊට අමතරව පොලීසියේ සියලුම නිලධාරීන්ට අවධානම් දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේදී විශාල උසස්වීම් ප්‍රමාණයක් ගොඩගැසී තිබෙන බැවින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා කර උසස්වීම් නිසි පරිදි ලබාදීමට පියවර ගන්නා බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“පොලිස් නිලධාරීන්ගේ විශාල හිඟයක් තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසියට 10,000ක් අලුතින් බඳවා ගැනීමට අපි දැනටමත් අනුමැතිය ලබා දී තිබෙනවා. ඔබ ඉතා අසීරු රාජකාරියක නිරත වෙනවා.

රාජ්‍ය සේවකයන් සඳහා තුන්වන වැටුප් වර්ධකය ලබන ජනවාරි මාසයේදී ලැබෙනවා. ඊට අමතරව පොලීසියේ සියලු නිලධාරීන්ට අවධානම් දීමනාවක් ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම පොලිස් නිලධාරීන්ට තම උසස්වීම් පිළිබඳ විශාල පසුතැවීමක් තිබෙනවා. මා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව සිටියදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා “පොලීසියට බැදෙනකොටත් කොස්තාපල්, බඳිනකොටත් කොස්තාපල්, විශ්‍රාම යන විටත් කොස්තාපල්” කියලා.

මම දැන් ජනාධිපතිවරයා. ඒ නිසා නිසි පරිදි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කොට අවශ්‍ය මානව සම්පත දිරි ගැන්වීම සහ ඇගයීමක් සිදු කිරීම මගේ වගකීමයි. අද ජ්‍යෙෂ්ඨත්වය මත උසස්වීම් ලබා දෙනවා වගේම කුසලතා සහ විභාග මත උසස්වීම් ලබා දිය යුතුයි.

අපි ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා. උසස්වීම් ලබා දීමේදී විශාල උසස්වීම් ප්‍රමාණයක් ගොඩගැසී තිබෙන නිසා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා කර උසස්වීම් නිසි පරිදි ලබා දීම සඳහාත්, උසස්වීම් නොලැබී සිටින අය එම තනතුරේම අතිරේක ලෙස පිහිටුවීම සඳහාත් අපි කටයුතු කරනවා.”

🔴 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (04) දින පෙනී සිටීමට නියමිතව ඇ...
04/09/2026

🔴 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (04) දින පෙනී සිටීමට නියමිතව ඇත.

ඒ අනුව අද දින පෙරවරු 9.00ට නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා බලඇණියක් ස්ථාපිත කිරීමේදී සිදුවූ බව කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව මෙම කැඳවීම සිදුකර ඇත.

මේ අතර ලබන (12) වැනිදා අනුරාධපුරයේදි පැවැත්වීමට නියමිත රැස්වීමට පෙර තමන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කිරීමට ඉඩ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීම හේතුවෙන් ආණ්ඩුව දැඩි කලබලයකට පත්ව ඇති බවත් මර්දනය මගින් විපක්ෂයේ හඬ යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

🔴 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් අඩු කිරීමට පියර ගෙන ඇත.ඒ අනුව නැප්තා ලීටරයක මිල...
04/09/2026

🔴 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් අඩු කිරීමට පියර ගෙන ඇත.

ඒ අනුව නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වා රුපියල් 35කින් මිල අඩු කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

තවද දැවිතෙල් ලීටරයක මිල රුපියල් 248 සිට රුපියල් 210 දක්වා රුපියල් 38කින් අඩු කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

අද (04) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් අඩු කරන බව සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.

🔴 මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කරන පොලිස් නිලධාරීන් ඉතා අතළොස්සක් සිටින බවට වාර්තා වී තිබෙන බව ජනාධිපති අනුර කු...
04/09/2026

🔴 මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කරන පොලිස් නිලධාරීන් ඉතා අතළොස්සක් සිටින බවට වාර්තා වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එනිසා වහාම ජාවාරම්කරුවන්ට මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් බවට පත් වෙන ලෙසට ආරාධනා කරන බවත් එසේ නොමැති නම් වහාම නිල ඇඳුම අත්හරින ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එසේත් නැත්නම් නිසි විමර්ශන, පරීක්ෂණ සහ සාධක මත නිලඇඳුම් ඉවත් කිරිමේ වගකීම ශ්‍රී ලංකා පොලීසියේ විනයභාර නිලධාරීන් වෙත පැවරී තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

Address

Brisbane, QLD

Alerts

Be the first to know and let us send you an email when The News Plus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share