Gossip Kade News - ගොසිප් කඩේ

Gossip Kade News - ගොසිප් කඩේ සයිබර් අවකාශයේ ජනතා හඬ..!

🔴පක්ෂයේ නිර්ණායක වලට පිටින් යමින් චමින්ද විජේසිරි පැරදුන සහෝදරයට මන්ත්‍රීකමක් ඉල්ලලා.දෙන්න බෑ කියපු නිසා සංවිධායකකමින් ඉ...
28/05/2025

🔴පක්ෂයේ නිර්ණායක වලට පිටින් යමින් චමින්ද විජේසිරි පැරදුන සහෝදරයට මන්ත්‍රීකමක් ඉල්ලලා.
දෙන්න බෑ කියපු නිසා සංවිධායකකමින් ඉල්ලා අස්වෙලා............................

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තමන් දැරූ ආසන සංවිධායකධූරයෙන් ඉල්ලා අස්වීමට හේතු වුයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවට සමගි ජනබලවේගයෙන් තරඟ කල ඔහුගේ සහෝදරයාට ලැයිස්තු මන්ත්‍රීධූරයක් නොලැබීම නිසා බව වාර්ථා වේ.

බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවට තරඟ කල චමින්ද විජේසිරිගේ සහෝදරයා වන ලක්ශ්මන් විජේසිරි ඔහුගේ කොට්ඨාෂය පරාජයට පත්ව ඇති අතර ඔහු ලබාගත් ප්‍රතිශතය අනුව සිටින්නේ දෙවන ස්ථානයෙයි.

ප්‍රතිශතය අනුව ප්‍රථම ස්ථානය නලින්ද විජේරත්න මහතා ලබාගෙන ඇති අතර චමින්ද විජේසිරිව දේශපාලනයට ගෙනඒමට මූලිකව ක්‍රීයාකර ඇත්තේද විජේරත්න මහතා බව වාර්ථා වේ.

බණ්ඩාරවෙල නගර සභාවේ සමගි ජන බලවේගයට ලැයිස්තු මන්ත්‍රීධූර 3ක් පමණක් ලැබී ඇති අතර එයින් කාන්තා නියෝජනය හා තරුණ නියෝජනය සැලකිල්ලට ගත්විට පරාජයට පත්වූ අපේක්ෂකයන්ට ලබාදීමට හැකිව තිබෙන්නේ එක් මන්ත්‍රීධූරයක් පමණි.

මෙහිදී සමගි ජනබලවේගය තීරණය කර ඇත්තේ ප්‍රතිශතය අනුව මන්ත්‍රීධූර ලබාදීමට බැවින් වැඩිම ප්‍රතිශතයට හිමි මන්ත්‍රීධූරය හිමිවීමට අවස්ථාව ඇත්තේ නලින්ද විජයරත්න මහතාටය.කෙසේවෙතත් ඒ මහතාට මන්ත්‍රීධූරය නොදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ සහෝදරයාට එම මන්ත්‍රීධූරය ලබාදෙන ලෙස දිගින් දිගටම පක්ෂ නායකත්වයට විජේසිරි මහතා බලකරමින් සිටින බව අපට වාර්ථා වී තිබේ.

ජාතික ජනබලවේගය මන්ත්‍රී ආසන 6ක් ලබා ගනිමින් වැඩි මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ලබාගන ඇති අතර ස්වාධීන කණ්ඩායම් අංක1 මන්ත්‍රී ආසන 5ක් ලබා ගනිමින් දෙවන ස්ථානය හිමිකරගෙන ඇත. චමින්ද විජේසිරිගෙ මෙහෙයවීමෙන් සමගි ජනබලවේගයට බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි. ඔවුනට ලැබී ඇත්තේ මන්ත්‍රී ආසන 3ක් පමණක් වන අතර එකදු කොට්ඨාෂයක ජයක්වත් ඔවුන්ට ලබාගැනීමට නොහැකි විය. ශ්‍රීලංකා පොදුජන පෙරමුණ හා ස්වාධීන කණ්ඩායම් අංක 2 මන්ත්‍රී ආසන එක බැගින් හිමිකරගෙන ඇත.

තමන්ගේ සහෝදරයාද තරඟ කල සංවිධායකධූරය දරණ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවෙ බලය ලබාගැනීමට තියා විපක්ෂයේ ප්‍රධාන පක්ෂය බවට පත්වීමටද නොහැකි සංවිධායකවරයෙක් පක්ෂයේ නිර්ණායකවලට පිටින් යමින් තම සහෝදරයාට මන්ත්‍රීධූර ඉල්ලීමට යෑම ඉතා අසෝබන හා අසාධාරණ ඉල්ලීමක් බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකු අප සමඟ ප්‍රකාශ කලේය.

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහයටත් එහා ගිය ගෞර්වයක් රජය දැක්ව...
27/05/2025

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහයටත් එහා ගිය ගෞර්වයක් රජය දැක්වූ බව කැබිනම් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

රාජ්‍ය අනුග‍්‍රහය දැක්වීම ඒ ආකායෙන් සිදු කලේ ඇයගේ පවුලේ අයගේ කැමැත්ත මත බවත් ඒ මහතා පැවසුවේය.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මෙම මෙම අදහස් පළ කළේය.

“රාජ්‍ය ගෞරවය, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සඳහා වන නිර්නායකයන් කිහිපයක් පවතිනවා. පූර්ණ රාජ්‍ය ගෞරව, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය, රාජ්‍ය ගෞරව, වෙනත් ආදි ලෙස මෙවැනි අවස්ථාවලදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව ක්‍රමවේදය සකස් කරලා තියෙන්නේ…

ඒ අනුව පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා ඒ වගේම රාජ්‍ය ගෞරව සහිතව සිදුකළ යුතු කටයුතුවලදී ලබාදිය යුතුයම් පහසුකම්ද සහිතව. පූර්ණ රාජ්‍ය අනුග්‍රහයකටත් වඩා රාජ්‍ය ගෞරවයකදී ලබාදිය යුතු දේවලුත් ඇතුළත් කරලා තමයි අපි මේ කටයුතු සිදුකළේ. ඊටත් වඩා මෙතනදි වැදගත් වෙන්නේ මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ සාමාජිකයින්ගේ කැමැත්ත අකමැත්ත. ඒ අයත් සමග සාකච්ඡා කරලා තමයි මේ තීන්දුව ගත්තේ. වෙන ක්‍රමවේදයන් ඔස්සේ පමණක්ම නෙමෙයි අපි මේ ක්‍රමවේද ඉදිරිපත් කරලා කැමැත්ත අකමැත්ත විමසලා බැලුවා. ඒ අයගේ කැමැත්ත අකමැත්ත මත තමයි සමහර දේවල් අපි කළේ…

ඒ නිසා මම හිතනවා රජයක් හැටියට ඇයට ලබා දිය හැකි ඉහළම ගෞරවය පවුලේ කැමැත්ත අනුව අපි ලබා දුන්නා. ඒ අය මේකෙන් සෑහීමකට පත්වෙනවා…”

මාලනී ෆොන්සේකා මහත්මියට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධවද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.

“මම පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති අරමුදලින් ලබා ගත් අරමුදල් සම්බන්ධව තොරතුරු. එතන මිලියන 1,220ක් සම්බන්ධයෙන් ඒ තොරතුරු. එතන කෙහෙළිය රඹුක්වැල්ල, රාජිත සේනාරත්න, දිමු ජයරත්න, දයාසිරි ජයසේකර, ඇතුළු මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් ලබා ගත් අරමුදල් සම්බන්ධව තමයි මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.

ප්‍රශ්නය – ගොඩක් අධ්‍යක්ෂවරු පවා දුක හිතිලා හිටියේ සිද්ධිය සම්බන්ධයෙන්. නමුත් ඔබතුමා තාමත් සමාව ගන්නවත්, කණගාටුව පළ කරන්නවත් මැලිවෙනවා ?

“මම හිතන්නේ මේක විකෘති කරලා පසුගිය දවස් කීපයේ තමයි මේක වාර්තා කරලා තිබුණේ. අපි ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත අය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක ඉතිං තව කලාකරුවන්ට ලබා දීලා තියෙනවා, ලබා දෙන්න පුළුවන්. කලාකරුවන්ට ලබා දුන් වාර්තාවක් අපි ඉදිරිපත් කළේ නැහැ. ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍ය නෑ. මාලනී ෆොන්සේකා මහත්මිය සම්බන්ධයෙන් අපිට නිසි ගෞරවය තියෙනවා. සිනමාවට කරන ලද ඉතා ඉහළ කැප කිරීම සම්බන්ධව රටක් විදිහට අපේ ඇගයීමක් තියෙනවා…..”

🔴පැලවත්ත හා සෙවනගල සමාගම් වලින් නිෂ්පාදිත සීනි මෙට්‍රික් ටොන් 1500 සදහා22.05.2025 උදේ ටෙන්ඩර් කැඳවා සවස එම ටෙන්ඩරය නිමා ...
26/05/2025

🔴පැලවත්ත හා සෙවනගල සමාගම් වලින් නිෂ්පාදිත සීනි මෙට්‍රික් ටොන් 1500 සදහා22.05.2025 උදේ ටෙන්ඩර් කැඳවා සවස එම ටෙන්ඩරය නිමා කර ඇත.අනතුරුව ඔවුනට අවශ්‍ය ටෙන්ඩර්කරු පැමිණෙන තෙක් නැවත ටෙන්ඩරය 23.05.2025 මධ්‍යම රාත්‍රිය වනතුරු නැවත විවෘත කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරු සැමරුවක් පැවැත්වීමට අවසර දෙන්නයි කළ ඉල්ලීමක් ආරක්ෂක අමාත්‍යංශ...
18/05/2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරු සැමරුවක් පැවැත්වීමට අවසර දෙන්නයි කළ ඉල්ලීමක් ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කරන ලද බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික යුතුකමක් ලෙස සලකා මේ මස 20 වන දින පස්වරුවේ යුධ ස්මාරකය අසල රණවිරු සමරුවක් පැවැත්වීමට තීරණය කර ඇති බව ඒ මහතා පැවසීය.

හෙට දිනයේ පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය සඳහා සහභාගී වන්නයි ජනාධිපති අනුර දිසානායක මහතාගෙනුත් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගෙනුත් ඉල්ලා සිටින බවත් ඒ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මෙම අවස්ථාවට සහභාගී නොවන බවට මුලින් වාර්තා වූ බවත් එය එසේ වන්නේ නම් ජීවිත පරිත්‍යාග කර රණවිරුවන් වෙනුවෙන් සිදු කරන විශාල වරදක් බවත් හෙතෙම කියා සිටියේය.

ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ධුරයෙන් සිසිර විජේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.ඒ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය වැවිලි කර්මාන්ත...
16/05/2025

ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ධුරයෙන් සිසිර විජේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය වැවිලි කර්මාන්ත අමාත්‍යංශ වෙත යොමු කර ඇත.

ඉන් ඔහු සඳහන් කර ඇත්තේ තමන් පෞද්ගලික හේතුවක් මස සිය ධුරයෙන් ඉල්ලා අස් වන බවයි.

ඇල්කඩුව වැවිලා සමාගමේ සභාපති ධුරයට ඒ මහතා පත් කරන ලද්දේ ජාතික ජනපද වේග ආ නව රජය පත්වීමෙන් පසුවය.

15/05/2025
අපි කරන හැටි දැකලා ලෝකෙටම පුදුමයි... IMF ලොක්කාත් ජනපතිට "නියමයි මචං" කීවා...! - චතුරංග අබේසිංහ....ජාතික ජන බලවේග ආණ්ඩුව...
05/05/2025

අපි කරන හැටි දැකලා ලෝකෙටම පුදුමයි... IMF ලොක්කාත් ජනපතිට "නියමයි මචං" කීවා...! - චතුරංග අබේසිංහ....

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම ලෝක බැංකුව ද කළමනාකරණය කළ බව නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

IMF ප්‍රධානියා ජනාධිපතිවරයා හමු වී යන විට "නියමයි මචං" යනුවෙන් ප්‍රකාශ කොට ගිය ද ඔහු සඳහන් කරයි.

ඊට හේතුව එම ආයතන බව සිය හැකියාව පිළිබඳ පුදුම වීම බව ද නි. අමාත්‍ය චතුරංග අබේසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේග පළාත් පාලන ආයතන ජන හමුවක් අමතමිනි.

🔻පසුගිය මැතිවරණයෙන් ජාතික ජන බලවේගය දිනුවේ ජනතාවට පැරණි පක්‍ෂ දෙක එපා වුණ නිසා මිස අපි හොඳවෙලා නොවන බව නියෝජ්‍ය ඇමති ට...
04/05/2025

🔻පසුගිය මැතිවරණයෙන් ජාතික ජන බලවේගය දිනුවේ ජනතාවට පැරණි පක්‍ෂ දෙක එපා වුණ නිසා මිස අපි හොඳවෙලා නොවන බව නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා පවසයි.

ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කලේය.

‘දැන් ඕගොල්ලන්ට කියන්න අනේ මේ වතාවේ අපි දිනුවේ ජනතාවට අර දෙක එපා වුන හින්ද නේද. අප්පිරිය වුන හින්ද නේද. නැත්තං අපි හොද වෙලා නෙමේනෙ. වෛරය තමයි ඡන්දයක් බවට පත්වුණේ ආදරේ කරුණාව ඡන්දයක් බවට පත්වුණේ නෑ’

🔻පළාත් පාලන මැතිවරණයට පෙර ජනාධිපති අනුර කුමාර මහතා සිරස සටන දේශපාලන වැඩසටහනට සහභාගීවන බව එම මාධ්‍ය ආයතනය ප්‍රකාශ කර සිටී...
01/05/2025

🔻පළාත් පාලන මැතිවරණයට පෙර ජනාධිපති අනුර කුමාර මහතා සිරස සටන දේශපාලන වැඩසටහනට සහභාගීවන බව එම මාධ්‍ය ආයතනය ප්‍රකාශ කර සිටී.

පළාත් පාලන ඡන්ද විමසීම මෙම මස 6වනදා පැවත්වීමට නියමිත අතර සියලුම ප්‍රචාරන කටයුතු 03වනදායින් අවසන් කරන ලෙස මැතිවරණ කොමිසම අපේක්ෂකයන්ට දැනුම් දී තිබේ.

තමන් වැටුප් නොගන්නා බව කිසිදු තැනක ප්‍රකාශ කොට නැතැයි ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පවස...
30/04/2025

තමන් වැටුප් නොගන්නා බව කිසිදු තැනක ප්‍රකාශ කොට නැතැයි ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.

ඇය පෙන්වා දෙන්නේ තමන්ට අදාළ වැටුප සිය ගිණුමට වැටෙන බවයි.

කෙසේ වුව ද විපක්ෂය තමන් ප්‍රකාශ කළේ යැයි බොරු කියන බවට ද ලක්මාලි හේමචන්ද්‍ර චෝදනා කරයි.

මන්ත්‍රීවරිය මේ බව ප්‍රකාශ කළේ දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමිනි.

🔻අපේ රටේ වටිනම සම්පත මානව සම්පත බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් මානව සම්පත ඵලදායී ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වන බව...
27/04/2025

🔻අපේ රටේ වටිනම සම්පත මානව සම්පත බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් මානව සම්පත ඵලදායී ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කුරුණෑගල පොල්ගොල්ල දේවපාල විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවති එම විද්‍යාලයේ 30වන සංවත්සර සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

“අපේ රට අධ්‍යාපනයට ඉහළ තැනක් දුන්නා. ඒ නිසා තමයි අපි දුප්පත් වුණත් මානව සංවර්ධනය අතින් ඉහළින් ඉන්න හැකියාව ලැබිලා තියෙන්නේ. මානව සම්පත දියුණු කරන්න අධ්‍යාපනය දියුණු විය යුතුයි.

අපේ රටේ හොඳ පාසල් නරක පාසල් කියල තියෙන්න බෑ. ප්‍රසිද්ධ පාසල් අප්‍රසිද්ධ පාසල් කියලා තියෙන්න බෑ. අපේ රටේ සියලුම දරුවන්ට හොඳ පාසලක් උරුම කරදීම අපේ සියලු දෙනාගේ වගකීමක්.

සාමූහිකත්වය, අන්‍යයන් කෙරෙහි පවතින කරුණාව වැනි ගුණධර්මවලින් පිරිපුන් සමාජයක් බිහිකිරීමට නම් අපේ අධ්‍යාපනය තවදුරටත් ප්‍රතිසංස්කරණය විය යුතුයි. ජනාධිපතිතුමා නිතරම කියන දෙයක් තමා අපිට පස්සේ මේක බාරගන්න අපිට වඩා දක්ෂ පිරිසක් ඉන්න ඕනේ කියලා. මේ පරම්පරාවේ අපි හරියට වගකීම ඉෂ්ට කරනවා. මේ රට යම් තත්ත්වයකට ගේන්න උත්සාහ කරනවා වගේම ඊළඟ පියවර ගන්න අපිට වඩා දක්ෂ පරම්පරාවක් හැදිලා තියෙන්නේ ඕන.

එවැනි පරම්පරාවක් බිහි කළහැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට රජය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය චන්දන අබේරත්න, කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශණ, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණසූරිය යන මහත්වරුන්, සම්භාවනීය අමුත්තන්, ගුරුවරුන් හා පාසල් සිසුන් සහභාගී විය.

– Media unit

🔴මැතිසබේ ලොක්කෝ සේවක දීමනාවටත් විදලා@විගණන අංශය බුදි @ සුපිරි වාහන වෙන්දේසියත්  නැවතිලාපාර්ලිමේන්තුවේ රැස්වීම්  සවස 5.30...
08/04/2025

🔴මැතිසබේ ලොක්කෝ සේවක දීමනාවටත් විදලා

@විගණන අංශය බුදි

@ සුපිරි වාහන වෙන්දේසියත් නැවතිලා

පාර්ලිමේන්තුවේ රැස්වීම් සවස 5.30න් පසු පැවැත්වෙන අවස්ථාවලදී සාමාන්‍ය සේවක සේවිකාවන්ට හිමිවන රුපියල් 750 ප්‍රවාහන දීමනාව (Transport Allowance) පාර්ලිමේන්තුවෙන් වාහන ලබාගෙන ඇති සහ වාහන දීමනාවට හිමිකම් කියන ප්‍රධානීන්ද කාලයක සිට ගැනීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවන බව පාර්ලිමේන්තු සේවකයෝ චෝදනා කරති.

පාර්ලිමේන්තු රැස්වීම් සවස 5.30න් පසු පැවැත්වෙන අවස්ථාවල සාමාන්‍ය සේවක සේවිකාවන්ට ඈත දුර බැහැර ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී පෞද්ගලිකවම මුදල් වැය කරමින් ගමන් කිරීමට සිදුවන හෙයින් ඒ වියදම සැලකිල්ලට ගෙන ඔවුනට මෙම ප්‍රවාහන දීමනාව කාලයක සිට මෙසේ ගෙවනු ලබන්නේය.

සාමාන්‍ය සේවක සේවිකාවන්ට මෙම දීමනාව මෙසේ හිමිවී ඇත්තේ වෘත්තීය සමිති කලකට පෙර ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් ලෙසය.

කෙසේ වෙතත් සාමාන්‍ය සේවක සේවිකාවන්ට හිමිවන එම ප්‍රවාහන දීමනාව පාර්ලිමේන්තුවෙන් වාහන හෝ රුපියල් 25000ක වාහන දීමනාව භුක්ති විඳින ඉහළ නිලධාරීන්ද ලබා ගන්නා බවට සේවකයෝ තවදුරටත් චෝදනා කරති.

මේ කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විගණන අංශ පවා මෙතෙක් අවධානය යොමුකර කරුණු පෙන්වා නොදීම කණගාටුවට කරුණක් බව අවධාරණය කරන
සේවකයෝ මේ මුදල් නාස්තිය පිළිබඳව කතානායකවරයාටද පැමිණිලි කිරීමට සූදානම් වෙති.

මේ අතර සියලුම සුපිරි වාහන වෙන්දේසි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී පාර්ලිමේන්තුවේ ප්‍රධානීන්ගේ සුපිරි වාහන තවමත් වෙන්දේසි කර නැතැයි එහි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

Address

Caroline Springs, VIC

Alerts

Be the first to know and let us send you an email when Gossip Kade News - ගොසිප් කඩේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gossip Kade News - ගොසිප් කඩේ:

Share