Ceylon News Press

Ceylon News Press Welcome to Official fan page of Ceylon News Press Underground News from Sri Lanka

මුලින්ම සාදරෙන් පිළිගන්නවා අපගේ වෙබ් අඩවියට පැමිණීම පිළිබදව.අපගේ වෙබ් අඩවියෙන් මුලිකව කාලින සිදුවීම් හා සමාජීය අදහස් අධ්‍යාපන,නව තාක්ෂනය,සෞඛ්‍ය පිළිබද තව බොහෝ දෑ අඩංගු ලිපි මාලාවන් පලකිරීමේ අරමුණින් පටන් ගත්ත කර්තව්‍යක්.ඉතින් අපිත් එක්ක එකට දැනුම බෙදාගනිමින් අප හා සම්බන්දව සිටින්න...ඔබට ජය

02/05/2013

Free Download Tv Series And Latest Movies

මීට වසර කීපයකට පෙර අප මුහුණ දුන්න සුනාමි ව්‍යසනය අපි කාටවත්  අමතක වෙන්නනේ නෑ. ඒ සුනාමිය අපරට ඇතුළුව ආසියාවේ බොහෝ රටවල් ව...
24/01/2013

මීට වසර කීපයකට පෙර අප මුහුණ දුන්න සුනාමි ව්‍යසනය අපි කාටවත් අමතක වෙන්නනේ නෑ. ඒ සුනාමිය අපරට ඇතුළුව ආසියාවේ බොහෝ රටවල් වලට බලපෑවනේ. ඉතින් මේ දරුණු කේදවාචකයටපසුව එය පාදක කරගෙන චිත්‍රපට බොහොමයක් හැදුනනේ. මේ ඒ සුනාමිය පාදක කරගෙන හැදුනු නවතම හොලිවුඩ් නිර්මාණය තමයි ද ඉම්පොසිබල් කියල කියන්නේ . මාරියා, හෙන්රි සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනා සමග දෙසැම්බර් මාසේදී තායිලන්තය බලා යන්නේ නිවාඩුවක් ගත කරන්න. නමුත් ඔවුන් නොහිතපු විදියට දෙසැම්බර් මාසේ 26 වෙනිදට උදාවෙන්නේ අදුරු දවසක්. ඉතින් ඊට පස්සේ කතාව ගැන ඒ තරම් දෙයක් කියන්න නම් නැහැ බලන්න තමයි තියෙන්නේ.මෙහි මාරියා ගේ චරිතය රගපාන නයෝමි වොට්ස් මෙවර හොදම නිළිය සදහා වන ඔස්කාර් සම්මානයට නිර්දේශ වෙලා තියනවා .ඉතින් මේ කතාව බලලම හොඳ නරක කියන්නකෝ.................

http://www.moviehutlk.com/2013/01/impossible-2012.html

Free Download Tv Series And Latest Movies

2013.01.14 දින පැවති තරඟ වනුයේ :වෙඩ් බැරට් සහ රැන්ඩ් ඔර්ටන් අතර තරඟයකේන් සහ ඩේමියන් සැන්ඩෝ අතර තරඟයකැත්ලින් සහ එවී අතර ත...
16/01/2013

2013.01.14 දින පැවති තරඟ වනුයේ :

වෙඩ් බැරට් සහ රැන්ඩ් ඔර්ටන් අතර තරඟය
කේන් සහ ඩේමියන් සැන්ඩෝ අතර තරඟය
කැත්ලින් සහ එවී අතර තරඟය
සී එම් පන්ක් බොර්දස් ක්ලේ අතර තරඟය
3 එම් බී සහ ශේමස් අතර තරඟය
ඩැනියෙල් බ්‍රයන් සහ කෝඩි රෝඩ්ස් අතර තරඟය
ජෝන් සීනා සහ ඩොල්ෆ් සිගර් අතර තරඟය

http://www.moviehutlk.com/2013/01/wwe-monday-night-raw-14012013.html

Free Download Tv Series And Latest Movies

යුනිවර්සල් සෝල්ජර් නම් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටි කතා මාලාවේ අලුත්ම චිත්‍රපටිය තමයි මේ.වෑන් ඩෑම් ,ස්කොට් අඩ්කින්ස් හා ඩ...
26/10/2012

යුනිවර්සල් සෝල්ජර් නම් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටි කතා මාලාවේ අලුත්ම චිත්‍රපටිය තමයි මේ.වෑන් ඩෑම් ,ස්කොට් අඩ්කින්ස් හා ඩොල්ෆ් ලන්ග්රෙන්ඩ් යන ක්‍රියාදාම නළුවන් තමයි ප්‍රදාන චරිත රඟපාන්නේ .ජෝන් කෝමා තත්වයක සිට නැවත සිහිය ලැබීමෙන් පසු ලුහුබැඳ යන්නේ ඔහුගේ බිරිඳ සහ දරුවන් අමානුෂික අන්දමින් මරාදැමූ ඝාතකයන්ය.මෙහෙදී ඔහුගේ ප්‍රධාන සැකකරු වන්නේ ලුක් දිවරෂ් (වෑන් ඩෑම්)ය.ජෝන් තම සැකකරු ග්‍රහණය කරගැනීමට සැරසෙද්දී තවත් කෲර හමුදා කණ්ඩායමක් ජෝන් පසුපස ලුහුබදින්නේ සිදුවන දෙය සිතාගනීමටත් නොහැකිව පරිදිය.ඉන්පසු ජෝන් තම බිරිඳ සහ දරුවන් ඝාතනය වූ දිනයේ සිදුවීම් නැවත මතකයට නංවා ගැනීමට උත්සහ දරන අතර ඔහුගේ නියම සතුරා කවුරුන් විය හැකිද

http://www.moviehutlk.com/2012/10/universal-soldier-day-of-reckoning-2012.html

Your Blog Description here!

ජනප්‍රිය රුපවාහිනි කතා මාලාවක් වුන ස්මොල්විල් කතාව ඔයාලට මතක ඇති. ඒඑයින් බිහි වුන තවත් සුපර් මෑන් වගේම සුපරි වීරයෙක් තමය...
25/10/2012

ජනප්‍රිය රුපවාහිනි කතා මාලාවක් වුන ස්මොල්විල් කතාව ඔයාලට මතක ඇති. ඒඑයින් බිහි වුන තවත් සුපර් මෑන් වගේම සුපරි වීරයෙක් තමයි ඇරෝ කියන්නේ. එහි එන ග්‍රීන් ඇරෝ නැත්නම් ඔලිවර් ක්වින් චරිතය තමයි ඇරෝ හරහා දිග හැරෙන්නේ. හැබැයි කලින් චරිතය පන පොවපු කෙනා නම් නෙමෙයි මෙහි ඒ චරිතය රගපාන්නේ. කොහොම නමුත් කතාවේ හැටියට ඔලිවර් ධනවත් ව්‍යාපාරිකයෙකුගේ පුතෙක්. මුහුදේ සිදුවන හදිසි අනතුරක් හේතුවෙන් ඔහු දුපතක අතරමන් වෙනවා. ඔහුගේ පවුල් උදවිය හිතන්නේ ඔහු ඇතුළු ඔහුගේ පියා මිය ගොස් ඇති බවට. නමුත් අවුරුදු 5 කට පසු ඔලිවර් ගෙදර එන්න තරම් වාසනා වන්ත වෙනවා. නමුත් නැවත එන ඔලිවර් අර සෙල්ලකාර, ව්ගකිම්රහිත පුතා නම් නෙවෙයි. ඉතින් ඔලිවර් ග්‍රීන් ඇරෝ බවට පත් වෙන කතාව තමයි මේ. මේ එහි තුන්වන කොටස

http://www.moviehutlk.com/2012/10/13-arrow-s01-e03-tv.html

Your Blog Description here!

වර්ෂ 2149 අවුරුද්දේ පෘතුවියේ සිදුවන කතාවක් තමයි මෙහි තියෙන්නේ. මේ වෙනකොට පෘතුවිය විනාශ මුඛයට යමින් තමයි තියෙන්නේ. පෘතුවි...
24/10/2012

වර්ෂ 2149 අවුරුද්දේ පෘතුවියේ සිදුවන කතාවක් තමයි මෙහි තියෙන්නේ. මේ වෙනකොට පෘතුවිය විනාශ මුඛයට යමින් තමයි තියෙන්නේ. පෘතුවියෙන් බොහෝ සතුන් වදවී ගිහින්. විද්‍යාඥයින්ට සිදුවෙලා තියෙන දේ නැවතත් හදන්නත් බැරි තත්වයක් තමයි තියෙන්නේ. නමුත් ඔවුන් හොයා ගන්නවා නැවතත් ප්‍රාග් ඓතිහාසික යුගයට කාලය හරහා යා හැකි ක්‍රමයක්. මේ ආකාරයක කාලය හරහා ගිහිල්ලා මනුෂ්‍යවර්ගයා බේරා ගැනීම තමයි ඔවුන්ගේ අදහස. මෙහෙම අතීතයට යන දහවන කණඩායමට අයත් එක පවුලක් තමයි ෂැනන් පවුල. ප්‍රධාන වශයෙන් මේ පවුල වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. ඩයිනොසරයන් රජ කරන මේ කාලයේ අපේ කාලයේ මිනිසුන් ඔවුන් සමග ජිවත් වෙන්නේ කොහොමද කියල බලන්නකෝ.

සාමාන්‍යයෙන් රුපවාහිනී කතා මාලාවකට නොකරන ලොකු වියදමක් දරල තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙහි අධ්‍යක්ෂණය සහ නිර්මාණය කරලා තියෙන්නේ ස්ටීවන් ස්පිල්බර්ග් ඇතුළු කණඩායමක් විසින්. මේකට සිංහල උපසිරසි දෙන්න කියලා ඉල්ලමක් තිබුන නිසා අපි මේකට උපසිරසි දුන්නොත් හොදයි කියලා හිතුවා. මේ එහි පළමුවන කොටස.

http://www.moviehutlk.com/2012/10/11-terra-nova-s01-e01-tv.html

Your Blog Description here!

2012.10.23 දින පැවති රෙස්ලින් තරඟ වනුයේ :    රේ මිස්ටීරියෝ ,සින් කාරා සහ ටීම් රෝඩ්ස් ස්කොලර්ස්  අතර තරඟය    මයිකල් මැක්ග...
24/10/2012

2012.10.23 දින පැවති රෙස්ලින් තරඟ වනුයේ :

රේ මිස්ටීරියෝ ,සින් කාරා සහ ටීම් රෝඩ්ස් ස්කොලර්ස් අතර තරඟය
මයිකල් මැක්ගිල්කාටි සහ කෝෆි කිංග්ස්ටන් අතර තරඟය
ඇන්ටෝනියෝ සොසරෝ හා ජස්ටින් ගේබ්බ්‍රියේල් අතර තරඟය
ද මිස් හා රේ බැක් අතර තරඟය
ඩොල්ෆ් සිගර් හා ඩැනියෙල් බ්‍රයන් අතර තරඟය
බිග් ෂෝ හා කේන් අතර තරඟය
ඇල්බ්‍ර්ටෝ ඩෙල් රිඕ හා සැක් රයිඩර් අතර තරඟය
සී එම් පන්ක් හා ශේමස් අතර තරඟය

Your Blog Description here!

ක්‍රිස් මත්ද්‍රවය ජාවාරමේ යෙදෙන තරුණයෙක්. ඔහු විසින් සගවා තබන ලද මත්ද්‍රවය තොගයක් ඔහුගේ මව විසින් හොරකම් කරනවා. මේ වන වි...
24/10/2012

ක්‍රිස් මත්ද්‍රවය ජාවාරමේ යෙදෙන තරුණයෙක්. ඔහු විසින් සගවා තබන ලද මත්ද්‍රවය තොගයක් ඔහුගේ මව විසින් හොරකම් කරනවා. මේ වන විට ඔහුට ගෙවීමට නියමිතව තිබුන ඩොලර් 6000 ක මුදල ඔහුට පියවා ගැනීමට නොහැකි වුවහොත් ඔහුව මරණ බවට ජිවිත තර්ජන එල්ල වෙලා. ඉතින් මුකුත් හිතා ගන්න බැරි තැන ඔහු තමන්ගේ පියාව සොයා ගෙන යනවා උදව් වක් බලාපොරොත්තුවෙන්. පියා හමු වන ක්‍රිස් ඔහු සමග එකතු වෙලා සැලසුමක් හදනවා. ඒ ඔහුගේ මව ගේ රක්ෂණ වන්දි මුදල ලබා ගැනීම සදහා මව ඝාතනය කිරීමට. මේ සදහා ඔවුන් දෙදෙනා කුලියට මිනි මරණ ජෝ කුපර් නම් පොලිස් නිලධාරියෙක් යොදා ගන්නවා. ඔවුන්ගේ සැලසුම සාර්ථක වේද? කැමති කට්ටිය බලන්නකෝ එහෙනම්.

http://www.moviehutlk.com/2012/10/killer-joe-2012.html

Your Blog Description here!

මේක ඉන්දියාවේ මේ අවුරුද්දේ ඉතාම හොදින් තිරගතවුණු තෙලිගු චිත්‍රපටියක්. තෙලිගු භාෂාවෙන් ඊගා කියන්නේ මස්සාට. ඉතින් මේක ඇත්ත...
23/10/2012

මේක ඉන්දියාවේ මේ අවුරුද්දේ ඉතාම හොදින් තිරගතවුණු තෙලිගු චිත්‍රපටියක්. තෙලිගු භාෂාවෙන් ඊගා කියන්නේ මස්සාට. ඉතින් මේක ඇත්තටම මැස්සෙක් සම්බන්ධ කතාවක්. නානි ගිනිකෙළි නිෂ්පාදනයේ යෙදී ඉන්න තරුණයෙක්. නානි අසලවැසියෙක් වන බින්දු නම් තරුණියට ආදරය කරනවා. බින්දුත් නානි ට ආදරය කලාට ඇය ඔහුගෙන් එය සගවාගෙන තමා ඉන්නේ. මේ අතර සන්දීප් නම් ඉහල පෙලේ ව්‍යාපාරිකයෙක් බින්දුට ආදරය කරන්න පටන් ගන්නවා. සන්දීප් නම් එතරම් හොද පුද්ගලයෙක් නෙමෙයි. බින්දු නානිට ආදරය කරන බව දැන ගන්න සන්දීප් නානිව ඝාතනය කරනවා. නමුත් නානි මැස්සෙක් විදියට යලි ඉපදිලා සන්දීප් ගෙන් පලි ගන්නවා.

http://www.moviehutlk.com/2012/10/eega-2012.html

Your Blog Description here!

22/10/2012

සුනිල් ෂෙට්ටි, රාජ්පාල් යාදෙව්, ඔම් පුරි සහ උදිතා ගෝස්වාමි ඇතුළු නළු නිලියන් පිරිසක් තමයි මෙහි ප්‍රධාන චරිත රගපාන්නේ. සුනිල් ෂෙට්ටි චිත්‍රපටියේ හැටියට නම් අමාර් ජෝෂි බනරස් වල චිත්‍රපට අලෙවි සැලක් පවත්වාගෙන යන කෙනෙක්. ඔහුට ගේ චිත්‍රපට ගැන තියන උනන්දුව නිසාම පියාගේ විරුද්ධත්වය මද එය විකුණා දමන්න තීරණය කරන්නේ චිත්‍රපට ගැන වැඩිදුර අධ්‍යාපනය සහ ලන්ඩන් බලා යන්න. ඉතින් ඔහුගේ පුහුණුව සහ අධ්‍යාපනය නිම කිරීමෙන් පසුව නැවත මව් රට බලා එන්නේ ඔහුගේ සිහිනය වන චිත්‍රපටයක් කිරීමේ බලාපොරොත්තුවෙන්. නමුත් ඔහු අපේක්ෂා කල ආකාරයට නම් කිසි දෙයක් සිදුවෙන්නේ නෑ. ඉතින් ඔහු තමන්ගේ සිහිනය ඇත්ත කරගන්න දරන උත්සාහය තමයි කතාවේ තියෙන්නේ. ඇත්තටම ලස්සන බොලිවුඩ් වල ඇතුළු පැත්ත ගැන කියන චිත්‍රපටයක් විදියට මෙය හදුන්වන්න පුළුවන්.

http://www.moviehutlk.com/2012/10/mere-dost-picture-abhi-baki-hai-2012.html

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

මේක ගොඩක් අය අතර ජනප්‍රිය ඇලිස් ගේ රෙසිඩන්ට් ඊවීල් චිත්‍රපට මාලවේ අළුත් ඒක නම් නෙවේ. මෙය රෙසිඩන්ට් ඊවීල් ජපන් සජීවිකරණ ච...
21/10/2012

මේක ගොඩක් අය අතර ජනප්‍රිය ඇලිස් ගේ රෙසිඩන්ට් ඊවීල් චිත්‍රපට මාලවේ අළුත් ඒක නම් නෙවේ. මෙය රෙසිඩන්ට් ඊවීල් ජපන් සජීවිකරණ චිත්‍රපට මාලවේ අළුත් එක. ඇත්තටම මේ චිත්‍රපට අතර ලොකු වෙනසක් නෑ. ඒ හින්ද ත්‍රාසජනක චිත්‍රපට වලට කැමති කට්ටිය මේක බලන්න කැමති වේවි. ජපන් සජීවිකරණ චිත්‍රපටයක් නිසා ගොඩක් උසස් මට්ටමේ සජීවිකරණ චිත්‍රපටියක් ලෙස හදුන්වන්න පුළුවන්. ඇමෙරිකානු විශේෂ නියෝජිතයෙක් වන ලියොන් එස්.කෙනඩි යුරෝපයට යන්නේ එහි සිවිල් යුද්ධයක් නිරීක්ෂණය කරන්න. ඒ ජීව විද්‍යාත්මක අවි යුද්ධයේදී යොදා ගන්නා බවට ලැබුණු තොරතුරු නිසා. නමුත් එහි යන ඔහුට නැවත ඇමෙරිකාව බලා පැමිණෙන ලෙස රජය නියෝග කරනවා. නමුත් ඔහුට උවමනා වෙනවා මෙහි සත්‍ය සොයා බලන්න. ඉතින් නියෝග වලට පිටුපා යන ඔහුට යද්ධය මධ්‍යයේ මුහුණ දෙන්න වෙන්නේ ඉතා බිහිසුණු සිදුවීම් වලට. මෙය සජීවිකරණ චිත්‍රපටියක් වුනාට කුඩා ළමයින්ට නම් ඒ තරම් සුදුසු නෑ.

http://www.moviehutlk.com/2012/10/resident-evil-damnation-2012.html

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

Address

3 Northleigh Avenue
Craigieburn, VIC
3064

Alerts

Be the first to know and let us send you an email when Ceylon News Press posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share